Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

3/5

Toppgun Burgers

112 A Thimbirigasyaya Road Colombo 05


A new burger joint with tall, tower-like burgers.



Topgun Burgers එක අපේ ඇහැ ගැටුණේ වෙන මොනවත් නිසා නෙවෙයි, එයාලගේ social mediaවල post කරලා තිබුණු, මස් පුරවපු තඩි කුළුණු වගේ බර්ගර්වල පින්තූර නිසා. ඉතින් තිඹිරිගස්යාය පැත්තෙන් ගිය වෙලාවක අපි මේ බර්ගර් කඩේට ගොඩ වැදුණා.

කෑම බීම 

චිකන් සහ බීෆ් බර්ගර්ස් තමයි මෙයාල ළඟ තියෙන්නේ. ඒ හැරුණා ම ෆ්‍රෙන්ච් ෆ්රයිස් වගේ සයිඩ්ස් කීපයකුත් තියෙනවා. බීමට තියෙන්නේ කෝපි වර්ග සහ එක එක රහට හදපු මොහීටෝ.

මේකේ නම Hurricane (රු. 675). සුපිරි චිකන් බර්ගර් එකක් මේක. රන්වන් පාට වෙන්න බැදපු ෆ්‍රයිඩ් චිකන් ස්ට්‍රිප්ස් හතරයි, චෙඩාර් චීස් පෙති දෙකයි, ලෙටියුස්, තක්කාලි පෙති, ලූනු, හීනියට කපපු ගෝවා, කොච්චි මිරිස්, සහ හෝම්මේඩ් සෝස් වර්ග දාලා තමයි මේක හදලා තිබුණේ. එක බනිසක් ඇතුළට ඔය සේරම ඔබන්න බැරි නිසාම දෝ කොහේදෝ, ටෝස්ට් කරපු බර්ගර් බනිස් දෙකක් කපලා තමයි මේකේ ලේයර්ස් හදලා තිබුණේ.

ස්පයිසි ගතියට බර්ගර් කන්න කැමති අයට කියාපු බර්ගර් එක. වැඩේ කියන්නේ මේකේ සෝස් වැඩි නිසා චිකන් රස කිසිම දෙයක් එන්නේ නැති එකනේ. අනික බනිසත් පෙඟිලා හොඳටෝම. අපි අන්තිමට සේරම එක සැරේ කටට දාගන්න ට්‍රයි කරන එක නවත්තලා, ලේයරෙන් ලේයරේ ගලවල කන්න පටන්ගත්තා.

Flying Zone (රු. 1000) බර්ගර් එකට වෙලා තිබුණෙත් ඒ සෙතේ ම තමයි. පේනවනේ පින්තූරේ වුණත්. පුදුම සෝස් තොගයක් දාලා තියෙන්නේ. මේකේ තියෙන අනිත් ජාති වෙන්නේ ෆ්‍රයිඩ් චිකන් ස්ට්‍රිප්ස්, බීෆ් බේකන්, බීෆ් පැටී, මොසරෙල්ලා චීස්, ලූනු, තක්කාලි සහ ලෙටියුස්. අපරාදේ ඉතින්, සෝස් වැඩිය නොදා හිටියා නම් මේකත් හොඳ බීෆ් බර්ගර් එකක්. බීෆ් පැටී එක හොඳට සීසන් කරලයි හදලා තිබුණෙත්.

අපි Cheese Fries With Beef Bacon (රු. 550) එකකුත් ගත්තා. ක්‍රිස්පි වෙන්න හදපු ෆ්‍රෙන්ච් ෆ්රයිස් ටිකකට උඩින් යහමින් බීෆ් බේකන්, චීස් සහ ලූනු කොළ කෑලි කපලා දාලා තමයි මේක හදලා තිබුණේ. කියන්න තරම් ලොකු අරුමයක් නැතත්, වරදක් නෑ ඉතින් මේකත්. 

Watermelon Mojito (රු. 350) එක නම් හරි නෑ. තනිකර පැණි රසයි. කොමඩු රහක් ගෑවිලාවත් නැහැ. සිරප්වලින් නේ හදල තිබුණේ.

තැන සහ සර්විස් එක

බොහොම පොඩියට තියෙන බර්ගර් ජොයින්ට් එකක් මේක. ඇතුළේ බංකු තුනක් දාලා තිබුණට, එතන හැරෙන්නවත් ඉඩ නැහැ. අපි නම් කියන්නේ ටේක්අවේ හෝ ඩිලිවරි ගන්නයි කියලා. 

සර්විස් එක නම් හොඳයි. ස්ටාෆ් එකේ අය ගොඩක් සුහදයි. බර්ගර්ස් ටික දාලා දුන්නේ සටපට ගාලා. 

අවසාන වශයෙන් 

ෆ්‍රෙෂ් අඩුමකුඩුම දාලා හදන නිසා මෙයාලගේ බර්ගර්වලට එක විදියක කොලිටියක් ලැබිලා තියෙනවා. හැබැයි ඒ දාන අඩුමකුඩුම හරි ප්‍රමාණවලින් ගළපලා දැම්මා නම් කාට කාටත් කන්න ලේසි වෙයි කියලා අපි හිතනවා.

Address

112 A Thimbirigasyaya Road Colombo 05

Contacts

Website Facebook Instagram

Report Inaccuracy

Open until 10:00 AM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Beef Chicken Burgers

Cuisine

American

Ratings Breakdown

Overall Rating
3
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment