Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

2/5

Trainspotter (Global Towers Hotel)

11, Global Towers Hotel, Marine Drive, Wellawatta, Colombo 06


Trainspotter at Global Towers is one of the few restaurants that's open 24 hours a day. Unfortunately, the entire experience is mediocre at best.



මේ දවස්වල අපේ සාරාගේ වෙලාව හොඳ නෑ; යනයන තැන් එයා යන වෙලාවට වහලා. ඉතිං ගිය සතියේ එයත් එක්ක දවල්ට කන්න සිස්ලර් එකට ගිය අපටත් සාරාගේ නරක වෙලාව සෙට් වුණා. එයාලා එදා කඩේ අරින්නේ හවස 3න් පස්සෙ ලු. ඉතිං මොනා කරන්නද, දෙහිවලට ම ගිය එකේ දැන් බඩගින්නෙම ආපහු එන එක තේරුමක් නෑනේ. ඒ නිසා අපි පොඩ්ඩක් යමු ඇප් එක ඕපන් කරලා බැලුවා ළගපාත කන්න තැන් මොනවද තියෙන්නෙ කියල. ඔන්න ඔය විදියට තමයි අපි ග්ලෝබල් ටවර් එකේ තියෙන ට්‍රේන්ස්පොටර් එකට සෙට් වුණේ.

ග්ලෝබර් ටවර් එකේ පහළම තට්ටුවේ තමයි ට්‍රේන්ස්පොටර් රෙස්ටූරන්ට් එක තියෙන්නේ. මෙතන ඉඳගත්තම පාරෙන් එහා පැත්තේ පේන්නෙ රේල් පාර. අපි මැරයින් ඩ්‍රයිව් එක දිගේ ඇවිදන් එද්දි, රේල් පාර අයින දිගට ම වගේ සිලින්ජර්. කවුරුත් මේ පාර අයිනේ ඉඳගෙන පිස්සුබලු බේත් හරි සරම්ප එන්නත් හරි ගහනවා වෙන්න බෑනේ. ෂුවර් එකට ම ඕව කට්ටිය හෙරොයින් ඉන්ජෙක්ට් කරගන්න පාවිච්චි කරපුව වෙන්න ඕන. කුඩුකාරයන්ටත් ඉංග්‍රීසියෙන් ට්‍රේන්ස්පොටර් කියල කියන නිසා මොන තේරුමෙන් මෙතනට ඒ නම් දැම්මද කියන්න නම් අපි දන්නෙ නෑ.

කෑම බීම

පැයක් විතර ගිනි අව්වේ පාරෙ රස්තියාදු වෙලා ගිය වැඩෙක් කෙළවෙලා දිවගිලෙන ඇල්කොහොල් තිබහකින් හිටපු අපි ගිය ගමන් මුලින් ම කොක්ටේල් තමයි ඕඩර් කළේ.

සාරා ගත්ත ඇරැක් කොක්ටේල් එකේ හොඳට අරක්කු දාලා තිබුණට පැෂන් ෆෘට් එකෙන් (මම හිතන්නෙ සන්ක්වික්, ඒත් රසේ ලොකු අවුලක් නෑ) අරක්කු රස සෑහෙන දුරට හංගලා තිබුණු නිසා රහට බොන්න පුළුවන්. හැබැයි ඒකත් එක්ක බලද්දි දිලීගේ ටිකිලා සන්රයිස් එකේ ටිකිලා රස නම් ටිකක් දිවට දැනෙනවා වැඩියි. ඒකේ ඔරෙන්ජ් ජූස් එකත් නිකං අර පොඩි කාලෙ බිපු කෝල්මන්ස් රසයි. මම ගත්ත කොස්මොපොලිටන් එකෙත් හොඳට වොඩ්කා දාලා තිබුණට දෙහි ලෙල්ලෙන් එන පොඩි තිත්ත රසක් එක්ක ඒකත් මරු. හැබැයි පෙනුම වගේ ම රසත් මරු ම සරිත්ගේ බ්ලූ ලැගූන් එක. වොඩ්කා, නිල් පාට කුරසෝත් එක්ක ස්ප්‍රයිට් එකතු වුණාම මුහුදු වෙරළක තියෙන ලල් එකක් තමයි මට නම් එන්නේ.

මේ හැම එකටම වගේ ලෝබ නැතුව හොඳට ඇල්කොහොල් නම් දාල තියෙනවා. ඉතිං මේක දිවගාලා ටිකක් කූල් වුණාට පස්සේ දිලි ගියා බුෆේ එකට. ඉතුරු අපි කට්ටිය මෙනු එකෙන් ඕඩර් කළා.

බුෆේ එක නම් තනිකර ම වංචාවක්. බත්/ පාස්තා එක්ක ග්‍රීන්පීස් කරියක්, අල කරියක් සහ මස් මාළු වර්ග කීපයක් එක්ක පපඩම්! බත් (නැත්නම් පාස්තා) එක්ක ඒ තරම් ගැළපෙන්නෙ නැති මේවා වෙන වෙන ම කැවත් කියන්න තරම් රසක් තිබුණේ ග්‍රීන්පීස් කරියේ විතරයි. ඩෙවල් චිකන් එකෙත් රස නම් අවුලක් නෑ, කටු පොඩ්ඩක් අඩුවෙන් තිබුණ නම්.

බුෆේ එකේ තිබුණ ඩෙසර්ට් ටිකත් නිකං ඇපෙන් බේරෙන්න වගේ. චීස් කේක් එක ඇරෙන්න අනිත් දේවල් නම් ගන්න දෙයක් නෑ. ටොෆි රස, සහ මාළු රස (!!) කේක් වගේ කෑලි කීපයක් එක්ක ජෙලි.

බීෆ් ස්ටේක් සැන්ඩ්විච් එකට නම් සෑහෙන බීෆ් තොගයක් දාලා තිබුණා. රසත් හොඳයි. හැබැයි බීෆ් කෑලි නම් රබර් වගේ හයියයි.

ඉස්සෝ දෙතුන්දෙනෙක් සහ දැල්ලෝ කෑලි කීපයක් ඇරෙන්න එච්චර සී ෆුඩ් නොතිබුණාට කේජන් සී ෆුඩ් පාස්තා එක රසයි. තක්කාලි සහ ක්‍රීම් සෝස් දෙකම කලවම් වෙලා එන රස නරක ම නෑ. හැබැයි කේජන් රසක් නම් ගෑවිලා වත් නෑ. සෝස්, පාස්තා සහ පොඩියට කපපු බෝංචි කෑලි ටිකක් ඇරෙන්න වෙන මුකුත් වැඩිය නැති නිසා ටිකක් වෙලා කද්දි ටිකක් බෝරිං වෙනවා.

‍සර්විස් එක

එක වචනයකින් කියනව නම්, අන්තිමයි! මම හිතන්නේ අපේ වේටර් මෙතන කන්න එන අයත් එක්ක තරහද කොහෙද. වීදුරුවලට වතුර ටිකක් ආවෙත් පැයකට විතර පස්සේ. ස්ටාටර් එකට අපි ඕඩර් කරපු ටොම් යම් සුප් එක අපි කාලා ඉවර වෙනකලුත් ආවේ නෑ. හැබැයි බිලට නම් ඒකත් දාලා තිබුණා.

අවසාන වශයෙන්

කෑම අවුල් වුණාට මෙතන කොක්ටේල් නම් ගාණේ හැටියට හොඳ මට්ටමකට තියෙනවා. කෑමවලත් ගාණ නම් සෑහෙන්න අඩුයි. ඒත් නිකං දුන්නත් මොකටද මෙලෝ රහක් නැත්නම්?

ට්‍රේන්ස්පොටර් කියන්නෙ කොළඹ 24 ම ඇරලා තියෙන රෙස්ටෝරන්ට් කීපයෙන් එකක් නිසා පාන්දර 3-4ට විතර බඩගිනි වුණොත් නම් මේ වගේ තැනක් තියෙන එක වටිනවා. ඒ ඇරෙන්න වෙන වෙලාවක නම් කෑම කන්න මෙතනට එන එක තේරුමක් නෑ ඉතිං.

 

Address

11, Global Towers Hotel, Marine Drive, Wellawatta, Colombo 06

Directions

Global Towers is on Marine Drive, just a few meters past the KFC (next to Charlemont Road).

Contacts

Report Inaccuracy

Open Open 24 hours

Cuisine

Asian Western

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Meats

Ratings Breakdown

Overall Rating
1
Quality Rating
1
Service Rating
1
Ambience Rating
2
Similar Places

See 2 Comments