3/5

Tropical Bliss

No. 63 D.S. Fonseka Road Colombo, Sri Lanka


New spot for fresh juices to beat the heat and fruity ice cream.


තිඹිරිගස්යායේ ජූස් කඩේකට යං කියලා දිනිති මට කියන්න අරගෙන සුමාන දෙකක් විතර ඇති. කොහෙද ඉතින්, ෆේස්බුක් එකේ දාලා තියෙන වෙලාව බලාගෙන දවස් දෙකක් ම ගිහින් බැලුවා. කඩේ වහලනේ. අන්තිමේදී හතර පැත්තට කෝල් දීලා දිනිති හොයාගත්තා ඇත්තට ම කඩේ ඇරලා තියෙන වෙලාව (හවස 1.30ට, 2.00ට වගේ). එහෙම බලලා තමයි අපි මේ ට්‍රොපිකල් බ්ලිස් එකට ගියේ.

තැන

මේක තියෙන්නේ පොලිස් පාක් එක ඉවර වෙනවත් එක්ක ම වම් පැත්තට හැරෙන්න තියෙන පාරේ. වැඩි දුරක් යන්න ඕනේ නෑ. පාරට හැරුණු ගමන් දකුණු පැත්තේ.

මෙතැන ලොකු ඉඩකඩක් එහෙම නැහැ. පුටු හත අටක් දාලා තියෙන නිසා ශේප් එකේ වාඩිවෙන්න පුළුවන්. හැබැයි ජූස් මේකර් එකේ එන සද්දේ නිසා කතා කරන දෙයක්වත් හරියට ඇහෙන්නේ නැහැ.

බීම

ෆෘට් ජූස් වර්ග හැරුණා ම, මිල්ක්ෂේක් කීපයකුත් ට්‍රොපිකල් ජූස් එකේ තියෙනවා. ආ! තව තියෙනවා අයිස්ක්‍රීම්නුත්. ඔය අතරින් අපි ගත්තේ ඔරේන්ජ් ජූස් (රු.150) එකකුයි, පැෂන් ෆෘට් ජූස් (රු.150) එකකුයි, ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් (රු.300) එකකුයි.

ඔය වම් කෙළවරේ ම තියෙන්නේ ඔරේන්ජ් ජූස් එක. අපි පල්ප් දාලා ම ඉල්ලුවට මොකද, කරගත්ත ගොන්කම තේරුණේ පළමුවෙනි උගුර බිව්වට පස්සේ. පල්ප් ගතිය හොඳට ම වැඩියි. ඒකත් ඉවසන්න පුළුවන් මේකේ රසවත් හොඳයි නම්. එහෙමත් නෑ කියන්නකෝ. අර පරණ දොඩම්වලින් හදපු එකක් වගේ. මේ ජූස් එකෙන් උගුරු දෙක තුනකට වඩා අපි බිව්වේ නැහැ.

මැද තියෙන්නේ ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එක. මේක නම් පට්ට! ඔය ගොඩක් තැන්වල අයිස්ක්‍රීම් බ්ලෙන්ඩර් කරලා දෙන ප්‍රෝඩාව මෙතැන නැහැ. කෙළින් ම ගහෙන් කඩපු ස්ට්‍රෝබෙරි ගෙඩියෙන් හදපු මිල්ක්ෂේක් එකක්. ස්වාභාවික ස්ට්‍රෝබෙරි රස මදි නොකියන්න තිබුණා.

දකුණු කෙළවරේ තියෙන පැෂන් ෆෘට් ජූස් එකත් හොඳයි. සීනි අඩුවෙන් දාලා තිබුණු නිසා ස්වාභාවික පැෂන් ෆෘට් රස හොඳින් ම දැනුනා. ජූස් හැම එකට ම අයිස් කැට නොදා කූල් වතුර පාවිච්චි කරලා තිබුණා. ඒ නිසා තවත් හොඳයි.

ජූස් ටික බීලා ඉවර වෙනවත් එක්ක ම අපට අයිස්ක්‍රීම් එකකුත් කන්න ලැබුණා. මේක Fruitti කියලා බ්‍රෑන්ඩ් එකකින් එන එකක්. ෂහ්! ආමන්ඩ් එක්ක පිස්ටාෂියෝ දාලා හදපු මේ අයිස්ක්‍රීම් එක පංකාදු පහයි! කන කටක් ගානේ ආමන්ඩ්, පිස්ටාෂියෝ කෑලි හැපෙනවා. හරියට නිකන් රසට හදපු කුල්ෆි එකක් කනවා වගේ.

සර්විස් එක

සර්විස් එක නම් චුට්ටක් ස්ලෝ. මොකද එක්කෙනෙක්නේ මෙතැන සේරම වැඩ කරන්නේ. ඒ හැරුණා ම නම් වෙන අවුලක් නෑ.

අවසාන වශයෙන්

ඉස්සර ජූස් බඩගින්නට “රූට්ස්” එකක් හොයාගෙන දිව්වට, දැන් ඊට වඩා ලාබෙට ජූස් ගන්න පුළුවන් කඩවල් ඕනේ තරම් තියෙනවනේ. ඒ ගොන්නට එහෙනම් මේකත් එකතු කරගන්නකො. යන්න කලින් ඔය උඩින් දාලා තියෙන නොම්මරේට කෝල් එකක් දීල ම යන්න. මොකද ෆේස්බුක් පිටුවේ දාලා තියෙන වෙලාවල්වලට මේක ඇරලා නැහැ.


TIP

Check if they're open before you go.

Address

No. 63 D.S. Fonseka Road Colombo, Sri Lanka

Directions

As soon as you turn into De Fonseka Road, it'll be on your right.

Contacts

Facebook Instagram

Closed right now

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Fruit Juice

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3


Latest