Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

2/5

Upawansa Hotel & Bakery (Borella)

No. 46 A, D. S. Senanayake Mwt. ,Colombo 08.

  • Open 5.00 Am to 11 Pm.


හෝටලේ පාන්දර 5ට අරින නිසා පාසල් යන ළමයින්ට වගේ නම් ලොකු සේවයක් වෙනව ඇති. ඒත් කෑම වල රස ගැන හිතුවාම නම් ලොකු දුකක් තමයි දැනෙන්නෙ.



නයිට් කඩ කලාවෙ අලුත් පිටුවක් පෙරලපු කඩයක් තමයි බොරැල්ලෙ උපවංශ හෝටලය. පාන්දර 5ට විවෘත වෙන උපවංශ හෝටලේ වැහෙන්නෙ රෑ 11ට. මගේ පාසල් කාලයයි, අපේ යාළුවො සෙට් එකයි, උපවංශ හෝටලෙයි අතරෙ තියෙන්නෙ නොමියෙන මතකයක්.

අපි පොඩි කාලෙ, ඒ කියන්නෙ මීට අවුරුදු 15කට 20කට විතර කලින් තමයි බොරැල්ලෙ ආරිය භවන් හෝටලේට මෙහා පැත්තෙ උපවංශ හෝටලේ පටන් ගත්තෙ. ඒ වුනාට මේ හෝටලේට අපි සමීප වුනේ උසස් පෙළ කරන කාලෙ. ටියුෂන් ගාස්තු අතට ලැබෙන මාසෙ මුල් සති වල අපිට අවුරුදු වගේ. ඒ දවස්වලට උදෙන්ම උපවංශ හෝටලේට රිංගන අපි සෙට් එක බඩ පැලෙන්න කාලා එලියට ඇවිත් පාඩම් කරන්න කියල මහජන පුස්තකාලයට යනව. උගුර ලඟට කාලා ඉන්න අපිට මොන පාඩම් කිරිලිද. මේසෙ උඩින් තියා ගන්න ඔළුව ඉස්සෙන්නෙ ආයෙ දවල් කෑමට තමයි. ඉතින් ඒ සුන්දර මතකයන් අලුත් කර ගන්නත් එක්ක මට හිතුණා ආයෙත් දවසක උදේ කෑමකට උපවංශ හෝටලේට යන්න ඕන කියල. ඉස්කෝලෙ යාළුවො සෙට් එක නම් දැන් නෑ තමයි. ඒත් ඒ දවස් වල කාපු ඉඳි ආප්පයි, කිරි මාළු එකෙයි රස බලන්න පුළුවන්නෙ.

වාතාවරණය

අතීත මතක ටිකත් ඔළුවෙ තියාගෙන මම පහු ගිය සිකුරාදා උදේ බොරැල්ලෙ උපවංශ හෝටලේට ගොඩ වුනේ හරි අපූරු හැඟීමකින්. කඩේ පෙනුම නම් ඉස්සර වගේමයි. ඒත් ඉස්සර කැෂියර් එකේ ඉඳපු අයිය වෙනුවට දැන් වෙන කෙනෙක්. සේවක මඩුල්ලත් ටිකත් මාරු වෙලා. කොත්තු, රයිස් දාන මුළුතැන් ගෙයයි බේකරි කෑම තියෙන ෂෝ කේස් එකයි ඒ පේලියටම තියෙන කැෂියර් එකයි මැද්දෙන් පල්ලෙහා තට්ටුවේ භෝජනාගාරෙ කෙලවරටම ගියපු මම එතන තිබුන මේසෙකින් වාඩි වුනා හිතේ කොනක පුංචි දුකකුත් තියාගෙන. උපවංශ හෝටලේ උඩ තට්ටුවෙත් භෝජනාගාරයක් තියෙනව. ඒත් ඒක විවෘත වෙන්නෙ උදේ 11ට.

යාළුවො සෙට් එකත් එක්ක කඩේට ගොඩ වෙන දවස් වලට නම් කෑම ඕඩර් කරන්නෙ විනාඩි දහයක් පහළොවක කයියක් දාගෙන ඉඳල. ඒත් අද මම තනියම.

''මේ අයියෙ, මට ඉඳි ආප්පයි (1ක් - රු. 2)කිරි මාළු එකකුයි (රු.150) ගේනවද?'' ලඟින් ගියපු සේවක මිත්‍රයෙක්ට කතා කරපු මම ඒ දවස් වල අපේ සුපුරුදු උදේ කෑම වේල ඇණවුම් කලා. විදුලි පංකා දාලා වායු සමනය කරල තිබුනත් මේ දවස් වල තියෙන රස්නෙ නිසා මට හොඳටම දාඩිය දාලා. සින්ක් එක ලඟට ගිහින් මූණ කට හෝද ගත්ත මම ආයෙත් ඇවිත් මේසෙන් වාඩි වෙන කොට මගේ කෑම වේල මේසෙට ඇවිත්. වෙලාව උදේ 10ට විතර නිසා කඩේ ලොකු සෙනඟක් නම් නෑ. ඉතින් සේවාවත් ටිකක් ඉක්මන්.

ආහාර සහ සේවාව

කිරි මාළු කරිය දකිද්දිම මට මතක් වුනේ අපේ පන්තියෙ හිටපු 'මාළුව'. කිරි මාළු වලට තියෙන කෑදර කම නිසාම දවසක් මේසෙට ආපු කිරි මාළු දීසිය පැනල ගන්න හදද්දි දීසීය පෙරලිලා මුළු යුනිෆෝම් එකම කහ පාට කරගත්ත අපේ 'මාළුව' එදායින් පස්සෙ උපවංශ හෝටලේ පැත්ත පලාතක ආවෙ නැත්තෙත් ලැජ්ජාව නිසාමයි. පරණ පුරුද්දටම කිරි මාළු කරිය එහෙම පිටින්ම පිඟානට හලා ගත්තු මම රතු, සුදු ජාති දෙකෙන්ම ඇවිත් තිබුණ ඉඳි ආප්ප වලින් 5 ගාණෙ වගේ පිඟානට බෙදා ගෙන රස බලන්න පටන් ගත්තා.

කියන්න හරිම කණගාටුයි. ඉඳි ආප්ප දෙක තුනක්ම වේලිලා වගේ ගිහින්. ඊයෙ රෑ ඒවද මන්දා. ඒ දවස් වල නම් මෙහෙම වුනේ නෑ. පනහක් හැටක් ඇවිල්ල හිටියත් එක වගේ රසට කන්න දුන්නෙ අලුත් කෑම වලින්. කිරි මාළු හොදි ටිකක් ඉඳි ආප්පයක තවර ගත්ත මම රස බලපු පලවෙනි කටින්ම හිතට දැනුනෙ ලොකු දුකක්. කිරි මාළු හොදි වල, මාළු රසක් එන්නෙ නෑ. හැබැයි මදි නොකියන්න කිරි රස නම් තියෙනවා. තුන පහ රසක් ලාවට වගේ දැනුනට කිරි මාළු කරියක තියෙන්නම ඕන ගම්මිරිස් සැරත් පොඩ්ඩක්වත් නෑ. ඒ වුනාට ලොකු තෝර මාළු කෑල්ල නම් දැක්කාම කන්න හිතෙන ආස හිතෙනවා. ඊලඟ ඉඳි ආප්පෙ මාළු කෑල්ලකුත් එක්කම රස බලපු මට ඒ පොඩි ආසවත් නැතුව ගියා. මාළු කෑල්ලෙයි හොද්දෙයි තියෙන්නනෙ එකම රසම තමයි. තෝර මාළු කෑල්ලෙත් මාළු රස දැනෙන නොදැනෙන තරම්. තුන පහ රස, ගම්මිරිස් සැරත් ඇත්තෙම නැති ගාණයි. කෑම ඉවීමෙ ලොකු අවුලක් වගේ. කොච්චර රසට කෑම දුන්නු කඩයක්ද මේක ඉස්සර.

අනුමිතිය

පිඟානට දාගත්තු ඉඳි ආප්ප 10 විතරක් කාපු මම අත හෝදගන්න ගියේ හරිම අවුලෙන්. කාලයත් එක්ක හෝටලෙත්, යාළුවොත් දෙකම වෙනස් වෙලා. බිලත් ගෙවලා දාලා මම බොරැල්ලෙ උපවංශ හෝටලෙන් එළියට බැස්සෙ අතීත රස මතකයක දුක හිතෙන වෙනස් වීමකුත් හිතේ තියාගෙන.

හෝටලේ පාන්දර 5ට අරින නිසා පාසල් යන ළමයින්ට වගේ නම් ලොකු සේවයක් වෙනව ඇති. ඒත් කෑම වල රස ගැන හිතුවාම නම් ලොකු දුකක් තමයි දැනෙන්නෙ.


TIP

Try Kottu.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

No. 46 A, D. S. Senanayake Mwt. ,Colombo 08.

Directions

In Front of the Super market.

Report Inaccuracy
Similar Places

User Reviews
T
1

5/5

0

Thivs123

Love the Biriyani and fried rice and probably the best place to have a fresh juice in the area.
Also try the Fish rice and curry. Value for money 👍

S
1

5/5

0

shazaad

Loved the biriyani

T
1

5/5

0

Thivs123

Love the Biriyani and fried rice and probably the best place to have a fresh juice in the area.
Also try the Fish rice and curry. Value for money 👍

S
1

5/5

0

shazaad

Loved the biriyani

M
1

4/5

0

Milantha Wedisinghe

Sea Food Rice එක මරු

See 5 Comments