Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

Video International

164A Thimbirigasaya Rd, Colombo 5


Video International is the gold (or blue) standard for DVDs in Colombo. They have a good selection of foreign films in high quality, including Blu-Ray.



වීඩියෝ ඉන්ටර්නැෂනල් ලංකාවේ ඩීවීඩී හා බ්ලූරේ මිළදීගන්න තිබෙන හොඳම තැනක්. එහි ප්‍රධාන ශාඛාව තිබෙන්නේ ගාලුපාරේ අංක 700 දරණ ස්ථානයේ බෙයාෆුට් ගැලරිය ආසන්නයේ. අනෙක් ශාඛා පිහිටා තිබෙන්නේ නාවල සහ බත්තරමුල්ලේ. අපි මෙහි විවරණය කරන වීඩියෝ සාප්පුව තිඹිරිගස්යාය පාරේ ෆයිෆ් පාර කොණේ පිහිටි එක.

චෞර පිටපත්

මුලින්ම චෞරත්වය පිළිබඳ කාරණය. හයිඩ්පාක් ආපිකෝහි ශාඛාවක් ඇති එම් එන්ටර්ටේන්මන්ට් (අන්තර්ජාලයෙන් මිළදී ගන්න) හෝ ඔඩෙල් හෝ හැර ලංකා‍වේ නීත්‍යානුකූල ඩීවීඩී විකුණන තැන් නැහැ. නීත්‍යානුකූල වීඩියෝ මිළෙන් ඉහළයි වගේම ඒවා විකුණන තැන්වල තිබෙන විවිධත්වයත් අඩුයි. මේ චිතුපට නිපදවන දැවැන්ත සමාගම් ලංකාව ගැන හිතන්නේවත් නැතිබවයි පෙනෙන්නේ. ඔවුන් මේ රටේ මිනිසුන්ට මිළදීගතහැකි ලෙස වීඩියෝ ච්ත්‍රපට නිපදවන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ මිනිසුන් ඩීවීඩී චෞරයන් වෙන්න අකැමැතිවුණත් ඔවුන්ට වෙනත් විකල්පයක් නැහැ.

ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීතිය අනුව මේ ඩීවීඩීවල නීත්‍යනුකූලභාවයක් නැතිබව කිවයුතුයි. ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීතිය කොහේවත් හරියට ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒත් ඒ නීති නැතිය කියා කියන්නත් බැහැ.

ඩීවීඩී

ඒ නිසා ඔබ මේ රටේ ජීවත් වනවානම් හා ඔබට ඩීවීඩී බලන්නත් ඕනෑනම් නීති ගැන හිතනඑක තේරුමක් නැහැ. වීඩියෝ ඉන්ටර්නැෂනල් කොළඹ අනෙකුත් වීඩියෝහල්වලට වඩා පොඩ්ඩක් මිළ වැඩි තැනක්. ඒත්, ඔවුන් සතු එකතුව හා වීඩියෝවල තත්වය අනුව කොළඹ ඇති වීඩියෝහල් සියගණනක් අතරින් එතන විශේෂයි.

ඔබට දෙමළ ච්ත්‍රපට ඕනෑනම් වැල්ලවත්ත තමයි තැන. පාරේ වීඩියෝ තට්ටු ඉන්දියන් ප්‍රේමකතා හා ත්‍රාසජනක චිත්‍රපට රැසක් පිරිනමනවා.

වීඩියෝ ඉන්ටර්නැෂනල්හි තමයි කොළඹ හොඳම බටහිර චිත්‍රපට එකතුව හා මිළදීගන්න හෝ කුලියට ගන්න ලොකුම බ්ලූරේ එකතුව තිබෙන්නේ.

තෝරාගැනීම

තිඹිරිගස්යාය සාප්පුව පොඩියි. හොඳ තත්වයේ වීඩියෝවලින් පිරිලා. අපි ගත්තා Moonrise Kingdom, Cosmopolis, Evita, Shame, To Rome With Love සහ සිල්ක් ස්මිතා ගැන ඉන්දියන් චිත්‍රපටයක් Dirty Picture නමින්. ඔවුන් සතුව ඩීවීඩී සාප්පුවල නැති පුදුමයකුත් තිබුණා. ඒ වාර්තා චිත්‍රපට අංශයක්. Planet Earth, Human Planet ආදිය එහි තිබුණා. ඔබ ගන්නා ඩීවීඩී ඔබට ඔවුන්ගේ රූපවාහිනියට දමලා බලලා මිළදීගන්න පුළුවන්.

මිළ

සාමාන්‍ය ඩීවීඩී සඳහා වීඩියෝ ඉන්ටර්නැෂනල්හි තොග මිළක් තිබෙනවා. වැඩිපුර මිළදීගන්න තරමට මිළ අඩුයි. අපි ඩීවීඩී හයක් මිළදීගත්තා. අපි ගෙව්වේ රු. 135 බැගින්. පහකට අඩුවෙන් මිළදීගන්නවානම් එකක් රු. 160යි. 11කට වඩා මිළදීගන්නවානම් එකක් රු. 125යි.

වඩා ඉහළ තත්වයෙන් යුත් බ්ලූරේ ඩීවීඩී බලන්න අවශ්‍යනම් ඔබට වීඩියෝ ඉනටර්නැෂනල් සාමාජිකයකු වී ඒවා කුලියට ගන්න පුළුවන්. Avatar, Pan's Labyrinth, 300 වැනි චිත්‍රපට එසේ බැලීම වටින නිසා මෙය හොඳ දෙයක්. ආපසු නොගෙවන සාමාජික ගාස්තුව රු. 1000යි.  එක ඩීවීඩී එකක් සඳහා කුලිය රු. 100යි. දින හතරකින් ආපසු දිය යුතුයි. මෙවැනි බ්ලූරේ ඩීවීඩී එකක් පිටරටවල රු. දහස්ගණනක් වෙනවා ලංකාවේ මුදලින්. මේවාත් මුල් පිටපත් නොවෙයි. මැලේසියානු පිටපත්. ඒවා මුල් පිටපත් වගේමයි.

සමස්තය

අපි කලින් ඇසුරු කළේ ගාලුපාරේ දාස ආයතනයයි. දැන් එය එතැන නැහැ. අපේ අලුත් වීඩියෝ සෙන්ටර්එක තමයි, වීඩියෝ ඉන්ටර්නැෂනල්. ඔවුන්ගේ ශාඛා ජාලයකුත් තිබෙනවා. එකතුව පුළල් හා හොඳයි. මිළත් සාධාරණයි.

TIP

Check out the documentary section, though you'll probably just go for digestible holly/bolly wood in the end.

Address

164A Thimbirigasaya Rd, Colombo 5

Contacts

E-Mail

Report Inaccuracy

Open 10:00 AM to 8:30 PM

Similar Places

Have you visited this place?

Write your own review!
See 29 Comments