Artwork for Playtrix Top Banner New
Artwork for Yamu Promo Top Banner
Artwork for TSING TAO sidebar banner 2

4/5

Villuwa Resort

323/A Nilapaludolawatta Wewila, Padukka


A resort with a beautiful mountain view, swimming pool and comfortable tree house with the same mountain view and covered by the forest. They have delicious Sri Lankan & Chinese food as well and the service also unbelievable!



සොබාදහමට තුරුලු වෙලා.. කොළඹට නුදුරින් නිවාඩුවක් ගතකරන්න තැනක් හොයනවද?

අපිත් එහෙම හොයල හොයලම තමයි මේ තැන හොයාගත්තෙ. කොටින්ම කියතොත් ගූගල් කලත් එක පාරටම ‘විල්ලුව’ උඩ එන්නෙ නෑ. මොකද එතන, ඒ තරම්ම හුදකලායිනෙ!

ඇත්තටම සිද්ධවුනේ මේකයි යාළු. මායි මගේ සත්වවේදී මිත්‍රයෙකුයි පහුගිය සතියෙ දවසක ගියා සිංහරාජෙ පැත්තෙ කුරුල්ලො ටිකක් බලල එන්න කියල. මොකද මේ දවස්වල එහේ කුරුල්ලොන්ගෙ වසන්ත කාලයනෙ. ඉතින් ලංකාවට ආවේණික වගේම සංචාරක පක්ෂීනුත් බොහෝමයක් සිංහරාජ අඩවිය අවට හිටු කියල සැරිසරනව.

වැඩේ කියන්නේ.. එහෙම සැරිසරන කුරුල්ලොන්ගෙ හැඩ හුරුවම් රටා, හැසිරීම්, නවාතැන් සහ කෑම බීම සියල්ලම අධ්‍යයනය කරල, අපි එදා කැළෙන් එළියට එනකොට හැන්දෑවෙ 6ත් පහු කියන්නකො. ඒකෙන්.. ඇත්තටම අපේ ප්ලෑන් සියල්ලම වතුරෙ ගියා. කොටින්ම කියතොත් ඇඟේ මහන්සියයි, බඩගින්නයි ඔක්කොම පැත්තකින් තියල අපිට සිද්ධවුනා ලඟම තැනකින් රෑ නවාතැන් ගන්න.

හැබැයි ඉතින් එහෙමයි කියල අපි වැඩේ අත ඇරියෙත් නෑ. රෑ ජාමෙ ගෙවන අතරට, පහුවෙනිදා ෆුල් රිලැක්ස් එකේ ඉන්න කියාපුම තැනක් ඉන්ටනෙට් එක පීරල පීරල හොයාගත්ත.

ඒ තමයි ‘විල්ලුව’.

තියෙන්නෙ පාදුක්ක වෑවිලට වෙන්න. ඇත්තමයි අපි හිමිදිරියෙන්ම ගිහින් ගොඩවුනාට මොකද.. ‘කලින් දවසෙ රෑ නෙ මෙතනට එන්න තිබ්බෙ’ කියන පසුතැවිල්ල නම් හිතින් අයින් කරන්නම බැරි වුනා. ඇයි අප්පේ.. එතන තිබ්බ විව් එකක්!

පිවිසුමේ ඒ හැටි ලස්සනක් නැති වුනාට බලන්න ඕන ගොඩවෙලා එයාලගෙ ප්‍රධාන භෝජනාගාරයට. කිරි කජු වගේ තියෙනවා.. සුපිරිම ඝන කැළෑ කඳු දර්ශන තලයක් ඉමක් කොනක් නොපෙනෙන්න.

ඒ විතරක් නෙවෙයි, එතනින් පහලට බැහැලා උද්‍යානයට ඇතුල් වෙද්දි.. ෂැහ්! කියාපුම වනගත පරිසරය ඈ.. ඇත්තටම උද්‍යානය කිව්වට ඒක ගොඩක් කැළෑ ගතියයි. ඒ කිව්වෙ, එයාලා ඉඩමෙ තිබ්බ ගස්වලට හානි කරල තියෙන්නෙ ඉතාමත්ම අවමයෙන්. නොකප ඉන්න බැරි තැන්වල ගස් කපල, පොඩි මැටියෙන් හදාපු භෝජනාගාරයයි, නාන තටාකයයි, පුංචි මිදුලයි, පොඩි උත්සවයක් ගන්න කියාපු වේදිකාවයි හදල, හරිම අපූරුයි.

වැඩේ කියන්නෙ ඒකත් නෙවෙයි. ඊට ටිකක් මෙපිටින් පිහිටපු, ගස් අතරෙ හරි හරියට හැංගුනු ට්‍රි හවුස් එකනෙ. තනි ලීයෙන් හදාපු ඒක ලක්ෂරි ට්‍රී හවුස් එකක්. මුහුණලා තියෙන්නෙ කෙලින්ම අර කන්දට. ඒකත් නිකම් නෙවෙයි, ගස් කොළන් වලින් වටවෙච්ච, වටේටම පිහිටපු බැල්කනියකුත් එක්ක.

ඔය විදියට ඉතින්.. තව ගොඩක් ලස්සන තැන් ‘විල්ලුවෙ’ තියෙනව. හැබැයි ඒ ඔක්කොම කියනවට වඩා රසවත් වෙයි, තකහනියක් අපි කියල ඕඩර් කරගත්තු උදේ කෑම වේල ගැන කියන එක.

පොල් රොටි! උණු උණුම එකෙන්. ඊටත් රියල්ම.. පොල්, ලූණූ, මිරිස් දාපු පොල් රොටි. කට්ට සම්බෝලයි, පරිප්පුවයි, කරි චිකන් කරියයි එක්ක. ඔන්න, ෆොටෝ එකෙන්ම බලාගන්නකෝ. 

පංකාදු පහේ කෑලිත් නෑ යාළු ඒ පොල් රොටි පෝෂන් එකේ රසට. ලුණු මිරිසත් තිබ්බ නිකම්.. සැරත් ගාණට, ලුණු ඇඹුලුත් ගාණට. හැරත් පරිප්පු කරිය එහෙම, නොම්මර එකයි ඈ.. ලෝබ නැතුව කිරි දාලා, අමුතුනපහ, ලූණු, රම්පෙ කරපිංච එක්ක තරමක් හින්දල අරගෙන. හිතන්නකො ඒකට, කටට සැරට හදාපු කරි චිකන් කරියක් එකතු වුනාම. වැඩක් නෑ ඉතින් කතා කරල. මස හයියට, තුනපහ මිරිස් නූලට.. වැඩිය ඕන නෑ කාපු කෑමක් කියන්නෙ, අන්තිමට සේවක මල්ලි..

“මහත්තය, අන්තිම පොල් රොටි 3. රොටි ඉවරයිනේ..”

කාලා තමයි ඉන්නම බැරුව පොඩි බීර දෙකකුත් අරගෙන බැස්සෙ පූල් එකට. බැහැලා ඉතින් පදමට රැව් දීගෙන එද්දී.. ඕඩර් කලා දවල් කෑම, ටිකක් හැන්දැ වෙලා. වෙන මොනවත් නෙවෙයි පෝර්ක් ස්ටු එකයි, මික්ස් රයිස් එකයි, වෙජි රයිස් එකයි.

ආයෙ ඉතින් හැරෙන තැපෑලෙන්, මෙන්න කෑම ටික පූල් එක ලඟටම. අපිත් ඉතින් දන්නැද්ද.. හනි හනික ගොඩවෙලා.. ඇඟපතත් පිහදාගෙන බැස්ස වැඩේට.

එපමණයි.. කොහෙන් ආපු බඩගින්නක්ද කියල අන්තිමට, දෙන්නටම හිතාගන්න බෑ. සෝමාලියන් කාරයො දෙන්නෙක් වගේනෙ කෑවෙ. මික්ස් රයිස් එකේ කොහොමහරි කන කන කටකට චිකන්, පෝර්ක්, ඉස්සො, දැල්ලො, මාළු මොකක් හරිම කෑල්ලක්. නිකම් නෙවෙයි පදමට ෆ්‍රයි කරපුව.

ම්.. යාළුව කියපු විදියට නම් එළවළු එකෙත් නොසෑහෙන්න තිබිල තියෙනව එළවළු අඩුම කුඩුම ටික. කොහොමහරි පෝර්ක්.. ස්ටු එක නම්, ඇත්තටම හොඳයි. හැබැයි වැඩේ තියෙන්නෙ ඒක ස්ටුම නෙවෙයි. ටිකක් කරියක් වගේ. මිරිස්, ගම්මිරිස් එහෙමත් හොඳ හැටියට. ඒත් අර රස බලද්දි හරිම කරි රසයි.

වැඩේ වුනේ.. කරි රසත් කමක් නෑ කියන්න. අන්තිමට අපේ එකාට බඩු මදිවෙලා වාහනේ තිබ්බ බෝතලේ ගෙනාවනෙ!

අනේ.. එතනින් එහාට නම් අහන්න එපා යාළු, හරියට මතක නෑ..

ඕ..!

Have you visited this place?

Write your own review!
Leave a comment