Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

වාඩි Food (Pelawatta)

No. 1041, Kumaragewaththa, Baththaramulla


මිල ගණන් එක්ක බැලුවාම නම් වාඩි Food එකේ කෑම වල රස ටිකක් විතර හොඳයි . ඒ වුනාට වැඩිපුර වියදම් කරල සුපිරි කෑම වේලක් කන්න තැනක් හොයන කෙනෙක්ට නම් මේ කඩේ හරියන එකක් නෑ මට හිතෙන්නෙ.



ගෙදර කට්ටිය මඟුල් ගෙදරක ගිහින්. මම යාළුවෙක්ගෙ ගෙදර ගිහින් ගෙදර ආවෙ ටිකක් හවස් වෙලා. බස් එකේ එන ගමන් මග දිගට නින්ද ගිය නිසා ගේ ලඟට එද්දි මට හොඳටම බඩගිනියි. ඇතුල් වුන ගමන් කෙලින්ම ගියේ කුස්සියට, රෑට මොනවද කන්න තියෙන්නෙ බලන්න. හ්ම්ම්... සුදු බතුයි පොලොස් මාළුවකුයි විතරයි තියෙන්නෙ. අවුලක් නම් නෑ. ඒත් තව මොනවහරි තිබුනනම් කියල මට හිතු‍නෙ මම ලොකු බඩගින්නක හිටිය නිසා. ෂැහ්, ‍මේ වගක් දන්නව නම් එන ගමන් මොනව හරි ගේනව. දැන් මොකද කරන්නෙ?

ටිකක් වෙලා කල්පනා කර කර ඉන්න කොට මට ආවා නියම අයිඩියා එකක්. මේ ගැම්මටම ගිහින් කෑම එකක් ගෙනාවොත් ඇඟ පත හෝද ගෙනම නිදහසේ කන්න පුළුවන්.

වාතාවරණය

ගෙවල් ලඟ ඉඳන් විනාඩි දහයෙ දුරෙන කුමාරෙගවත්තට. ගේනව වාඩි Food එකෙන් හොඳ සබ්මැරීන් එකක් කියල හිතපු මම කෝකටත් කියල කැමරා බෑග් එකත් අරෙගනම තමයි එළියට බැස්සෙ. වාඩි Food අවන්හල තියෙන්‍නන පැළවත්තයි තලවතුගොඩයි අතෙර. අළුතෙන් දැම්මට මේ අවන්හලේ කෑම හොඳ නිසාද කොහෙද අපේ යාළුවො සෙට් ඒක අතෙරත් 'වාඩිය' ටිකක් ප්‍රසිද්ධයි. කොහොම හරි පාර ලඟට යන කොටම වගේ බස් ඒකකුත් ආපු නිසා මට කුමාරෙගවත්තට යන්න ගියේ විනාඩි දහයක් විතර. බස් එක නවත්තන්නෙ 'වාඩිය' ටිකක් ‍මෙහායින්. බස් එකෙන් බැහැපු මම කඩේ ලඟට යනකොටත් එතන සෙනඟ ටිකක් පිරිල. ගොඩක් අය කෑම අරන් යන්න ආපු අය. කෑම කන්න වාඩි වෙලා හිටියෙ දෙන්නයි. මො‍ලේ ටිකක් කල්පනා කරපු මම කෑම අරන් යන්න වෙලා යන නිසා කාලා යනව කියල හිතල මේසෙකින් වාඩි වුනා.

මාර ලස්සනයිනෙ කඩේ ඇතුලෙ. බිත්ති ඔක්කොම මැටි වලින් හදලා. බුෆේ එක තියෙන මේසෙ හදල තියෙන්නෙ උණ බම්බුයි කොහු ලණුයි වලින්. නියම වැඩේ කියන්නෙ සින්ක් එකට තියෙන්නෙත් මැටි වලින් හදපු බේසමක්! මේස කකුල් ටිකයි, බංකු ටිකයි නම් මහත ගස් අතු සුද්ද කරල පොලිෂ් කරල අරගෙන තමයි හදල තිබුනෙ. ඒ ඇරුනාම කඩේ ඉස්සරහ තියෙන ෂෝකේස් එකයි කුස්සියයි ශීතකරණයයි විතරයි වීදුරු දේවල් වලට කියල තියෙන්නෙ. සබ්මැරීන්, බර්ගර්, ෂවර්මා වගේම බත්, ව්‍යංජන, කොත්තු, බිරියානි, ෆ්‍රයිඩ් රයිස් වගේ කෑම වර්ගත් වාඩියෙ තියෙනව.

ආහාර සහ සේවාව

කෑම මේසෙ ලඟමනෙ කැෂියර් එක තියෙන්නෙ. ඉතින් මම වාඩිවෙලාම සබ්මැරීන් එකක් ඉල්ලුවා. පොඩි අවුලක්. සබ්මැරීන්, බර්ගර් මුකුත් නෑලු. ඒවා හදන කෝකියා මේ දවස් ටිකේ නිවාඩුයිලු. දැන් මොකද කරන්නෙ. ම්... රයිස් මොනව හරි ගන්නව. ''ඒනම් අයියෙ මට දෙන්නකො කුකුල් මස් බිරියානි (රු. 200) එකක්'' මම ඇණවුම් කලා.

ඇත්තම කියනවනම් හවස හය හමාර කියන්නෙ රෑට කන වෙලාවක් නෙවෙයිනෙ. සෙනඟ ඉඳපු නිසයි මමත් කන්න වාඩි වුනේ. දැන්නම් සෙඟ ටිකක් අඩුයි. කෑම එක ගෙනිහින් කන්නත් හිතෙනවා. ආ... වැඩක් නෑ. පරක්කු වැඩියි. බිරියානි එක මග එනව.

මැටි සින්ක් එකෙන් අත හෝදන් ආපු මම බිරියානි එක රස බලන්න පටන් ගත්තා. සම්බා හාලේ බිරියානි එකක්. පාට නම් ටිකක් අවුල්. මොකද බිරියානි බත් එකට එකතු කරල තිබුනෙ අලයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිසුයි විතරයි. මුද්දරස් පලම්, කජු එහෙම නම් ගෑවිලා වත් තිබුනෙ නෑ. ඒ වුනාට බත් එකේ රසේ අමුතු ගතියක් තිබුනා. හරියට ෆ්‍රයිඩ් රයිස් එකක වගේ. කොහොම වුනත් කුකුල් මස් කෑල්ල නම් හොඳට ගැඹුරු තෙලේ බැදිලා හරිම රසයි. බිරියානි එකත් එක්ක ආපු කුකුල් මස් හොදි ටිකක් මම බත් එකට එකතු කර ගත්තෙ වෙනස් රසක් හදා ගන්න පුළුවන්ද බලන්න. අයියෝ ඒක නම් හරි යන්නෑ. හොද්දෙ රස හොඳයි. ඒත් මේ බත් එකට ගැලපෙන්නෙ නෑ. කුකුල් මස් කෑල්ල ඉවර වෙනකම් බත් කාපු මම එච්චරටම බඩ පිරුනෙ නැති නිසා කෝකටත් කියල තව මාළු, බත් සහ ව්‍යංජන (රු. 140) පාර්සලයකුත් ගත්තා ගෙදර ගිහින් රෑ වෙලා කන්න. ඒ විතරක් නොවයි බත් කාලා කන්න වටලප්පමකුත් (රු. 50) ගත්තා. පොඩි දෙයක් කියන්නම් යාළුවනේ, වාඩි Food එකේ බිරියානි බත් එකෙන් ඇත්තටම බිරියානි රසක් නම් මට ආවෙ නෑ.

ගෙදර ගිහින් ඇඟ පත හෝද ගත්ත මම පාඩම් වැඩ ටිකකුත් කරල රෑ එකොලහට විතර තමයි ගෙනාපු බත් පාර්සලේ දිග ඇරියෙ. පොඩ්ඩක් විතර හොඳයි වගේ. මිරිසට උයපු කෙලවල්ලන් මාළු කෑල්ලකුයි බෝංචි ව්‍යංජන ටිකකුයි පරිප්පුයි ඇඹරැල්ලා ව්‍යංජනයි පොල් සම්බෝලෙකුයි තමයි බත් එකේ තිබුනෙ. මාළු කෑල්ල නම් මෙලෝ රහක් නෑ. අන්න ඒකට ඇඹරැල්ලා ටික. පට්ට රසයි. බෝංචි එකත් අවුලක්ම නෑ. හැබැයි තව පොල් කිරි ටිකක් එහෙම වැටිල තිබුනනම් මරු. පරිප්පු නම් මම දන්න විදියට මීට වැඩිය රසට හදන්න පුළුවන්. පොල් සම්බෝලෙ රසත් මට නම් මදි. මිරිස් ටිකක්, උම්බලකඩ කෑල්ලක් වගේ ආවා නම් නියමයි. කොහොම හරි බත් කටවල් හතර පහක් බඩට දාගත්ත මම හෙමිහිට ෆ්‍රිජ් එකේ තිබුන වටලප්පම අතට ගත්තෙ දෙන්නම් ජම්බෝ කියල හිතාගෙන.  ටිකක් සීතල වෙලා තිබුන වටලප්පමේ අමුතු ගතියක් තියෙනව. හැබැයි කජු කෑලි දෙක තුනක් වත් දාන්න තිබ්බා. එහෙමයි කියල වටප්පම් අහක දාන්නත් බෑනෙ නේ?

අනුමිතිය

මිල ගණන් එක්ක බැලුවාම නම් වාඩි Food එකේ කෑම වල රස ටිකක් විතර හොඳයි. ඒ වුනාට වැඩිපුර වියදම් කරල සුපිරි කෑම වේලක් කන්න තැනක් හොයන කෙනෙක්ට නම් මේ කඩේ හරියන එකක් නෑ මට හිතෙන්නෙ.


TIP

Try lunch

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

No. 1041, Kumaragewaththa, Baththaramulla

Directions

Go on main road from Pelawaththa to Thalawathugoda. After passing Nagahamulla tank just go about 100m ahead. Wadi Food is on your right hand side.

Contacts

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment