Mannar
Closed right now
Good Sri Lankan cuisine food and so bad service.
හරියන්නෙ වගේම වරදින්නෙත් මිනිස්සුන්ටනෙ යාළු. හැබැයි ඉතින් එක පාරක් දෙපාරක් වැරදුනාම ඒක අපි හදාගන්න දැන ගන්න ඕන.
බලන්න දැන්.. දවල් වැටුනු වලේ රෑත් වැටිලා.. හැබැයි ආයෙ කවදාවත් නොවැටෙන තැනටම අපි කටයුතු සලස ගත්තනෙ. ඒ විතරක් නෙවෙයි, මේ ඔයාලටත් කියන්නනෙ.. ඒ උගුලෙ නොවැටි ඉන්න, කල් තියාම දැනගන්න.
ඇත්තටම මේකයි සිද්ධ වුනේ.
පහුගිය අපේ මැනාර් ටුවර් එකේ.. පළවෙනිම දවසෙ, දවල් කෑමට පොඩ්ඩක් ලයින් කලානෙ හංදියෙම තිබ්බ මේ කඩේට. ලයින් කරලා.. හෙමින් සැරේ අයිනෙ මේසයකුත් අල්ලලා, කැමරා ආම්පන්න ටිකත් පැත්තකින් තියල ඔන්න වාඩි වුනා. වාඩි වෙලා ඉතින් හිටිය හිටිය ටික වෙලාවක්. ම්හ.. වේටර් කෙනෙක් එහෙට මෙහෙට නම් යනව, ඒත් නෑ කිසිම ප්‍රතිචාරයක් අපේ පැත්තට.
බැරිම තැන මම නැගිටල කතා කලා එයාට.
“අයියෙ.. අපිට කෑම 2ක් (චිකන් රු. 200, මාලු රු. 170)ගේන්න පුලුවන්ද?”
“හා..”
එච්චරයි උත්තරේ.
ඒකත් අවුලක් නෑ,
සනික.. මේසෙට ගෙනාපු කෑම ටික කන්න පටන් ගත්තට පස්සෙනෙ. බත් එකේ යාළු කොළ මැල්ලුනුයි, චිකනුයි, පරිප්පුයි, වට්ටක්කයි, මිරිස් පපඩම් බැදලයි. ඇත්තටම හොඳයි ඉතින්. හැබැයි.. රස?
චිකන් එකේ යාළු අම්බානක තෙල් හොඳේ. මම දන්නෑ බවුසරයකින් දාලාද කියල ඒ තරමටම. සත්තයි මම ජීවිතේට දැකල නෑ එච්චර තෙල් දාලා හදපු චිකන් කරියක්. හැරත් ඒකෙ, තුනපහත් නෑ. මිරිස් නම් තියෙනව දිව දෙකඩ වෙලා යන්න. වෙලාවට අර සැර බැලන්ස් කරගන්න පරිප්පුයි, වට්ටක්කයි තිබ්බෙ. ඒකත් ඉතින්.. පරිප්පුව නම් ටිකක් විතර හින්දල වගේ. රසත් අතිශයින්ම සාමාන්‍යයි. වට්ටක්කා එක.. අනේද කියන්නෙ. නිකම් මිරිස්, තුනපහ ටිකක් දාලා ලිපේ තියල, එච්චරයි. අඩුම තරමෙ අබ ඇට ටිකක්වත් දාන්න..
ඒත් හිතා ගන්න බැරි කොළ මැල්ලුම වෙන කුක් කෙනෙක් හදලද කියලනෙ. මොකද ඒක හොඳ ටොප් එකට තියෙනව. කළවම් මැල්ලුම තමයි. හැබැයි.. පොල් ටිකක් එහෙමත් දාලා, ලූණු, මිරිස් එක්ක ලාවට මලවල අරගෙන, නියමයි ඈ..
කොහොමහරි ඉතින් අපි ඒක කෑවනෙ. කාලා වේටර් බිල ගේනකම් හිටියොත් රෑ කෑමත් අරගෙන යන්න වෙලා නිසා අපිම ගෙවාගෙන ගියා.
ගිහිල්ල, රෑට! තව එක චාන්ස් එකක් දීලා බලමු කියල හිතල ආයෙ ගිහින් ගෙනාවා රයිස් 2ක් (චිකන් රු. 300, මික්ස් රු. 400). ගෙනැල්ල ඉඳපු තැන ඉඳන්මයි කෑවෙ.
වැඩේ කියන්නෙ කොහේ ඉඳන් කෑවද කියන එක නෙවෙයි, කෑම එකේ රසනෙ.
ඒකත් හොඳයි මං කියන්නෙ, අර පොල්කටු හැන්දෙන් වගේ දාපු රසකාරක තොගේ නැත්නම්. හප්පේ.. ඒක කාලා බීපු වතුර තොගයක් මං කියන්නෙ.
අනික ඉතින් එහෙම රස කාරක දාපු රයිස් එකක් නිසා, රසක් ගැනත් හරි හැටි කියන්න බෑ. මදි පාඩුවක් නැතුව, එළවලු, බිත්තර අඩුම කුඩුම ටික දාලා තිබ්බා. චිකන් කෑල්ලත් ක්‍රිස්පි වෙන්න බැදල, ඩෙවිල් එකට වගේ හදල තිබ්බා. ඒ හැරුනාම චිලිපේස්ට්, චොප්සි ටිකත් තිබ්බා..
එච්චරයි ඉතින්.
ආ.. එකක්. රයිස් එකට ආපු චිකන් එකේ නම් අර දවල් චිකන් කරියෙ තරම් තෙල් නෑ හොඳේ. ඇත්තටම ඒක ගාණටම වගේ, ඕ...
කොහොමවුනත් ඔයාලා දැන් විස්තරේ දන්නවනෙ. ඒ නිසා.. ගොඩවෙන්න කලින් නම් දෙපාරක් හිතුවත් කමක් නෑ හොඳේ!
Closed right now
Cuisine
Sri Lankan Jaffna Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Kottu Rice And Curry Fried Rice Chicken Fried Chicken Fish Crab Cuttlefish Bready Naan Parata Hoppers Bites
Ratings Breakdown
You must think twice before go!
Delicious Jaffna style Sri Lankan food, specially seafood &…
Delete Comment