452/B, Temple road, Thalawathugoda
Open until 10:00 PM
Taste delicious Sri Lankan & Sri Lankan Chinese food at an attractive view of lake and paddy fields
හම්මෝ... හරාලගෙ වෙළට ගියා, ගියාමයි ඉතින්. රවුම දෙක යද්දි ආවෙ බඩගින්න... යකෙක් නෙවෙයි යාළු ඒ වෙලාවෙ නම් යක්කු දෙතුන් දෙනෙක් කතහැකි ගේමක් නැතුව.
“මෙහ්, දැන්නං හරියන්නෑ බං. යමං කොහේ හරි, මොනව හරි බඩට හොඳ හැටි දාගන්න. පට්ට බඩගින්නක්නෙ ඇල්ලුවෙ. කාලෙකින් නිසාද මංදා?”
“එළ එළ. කොහොම වුණත් එව්ව හොඳ අදහස් ඈ...
ඒක නෙවෙයි. දැං කියාංකො කොහෙද යන්නෙ කියල ආ...”
“ඒක තමයි බං මාත් බැලුවෙ. මේ වෙලාවෙ හැටියට පාන් බනිස් කාලා හරියන්නෙත් නෑ. ඔන්න ඔහෙ අල්ලමුද චයිනීස් එකකට. මස් පාරක් එක්ක බතක්, කොත්තුවක් ම බඩට දාගන්න”
“මගෙ සන්තෝ... උබ නං දෙයියෙක් ඈ... අල්ලමු අල්ලමු එකෙන් ම ආයෙ”
කියල හිටං යාළු ඔන්න පිටත්වුණා හොඳේ. පිටත්වෙලා... හරාගෙ වීල් එකෙන් ම කෙළින්ම ඇල්ලුවෙ පැලවත්ත, තලවතුගොඩ පැත්තට. ඇත්තම කිව්වොත් පෝය දවස නිසා ගොඩක් කඩවල් වහල. ඊටත් ඇරල තිබ්බ ඒවයෙත් නෑනෙ හරි හමන් කෑමක් බීමක්. ඉතින්... දෙතුන් පාර කල්පනා කරල, ඊට පස්සෙ අපි තීරණය කලා කෝකටත් තෛලෙ, පන්සල ගාව ‘වැව අද්දර’ එකට අදින්න. එහෙම තීරණය කරලා... අපි නිකම්ම ඇද්දෙත් නෑ. ගෙවල් පැත්තෙ යාළුවෙක්ටත් කෝල් කරල, කඩේ ඇරලද කියල බලලයි ගියේ.
යද්දි ඔන්න...
ට්රැෆික් නැති පාරෙ විනාඩි පහට දහයට ඇද්දට කොහෙද,
එතන ට්රැෆික්නෙ. ඒකත් ඉවසගත හැකි කෑම සුවඳ එද්දි තමයි ඉන්න බැරි. අනික පොල් අතු, ලී, මැටිවලින් හදපු කඩේ ලයිට් දාලා පාට පාට, ඈතට පෙනද්දී...
“මුං එකෙක්වත් දැංම යන එකක් නැද්ද බං” හරාට එහෙම ඉවසිල්ලක් නැති ගානයි.
“ඉදහන් ඉතින් ටිකක්. ඒ මිනිස්සුත් කන්නනෙ ඇවිල්ල ඉන්නෙ” වචනෙ දාලා මම වැඩේ ෂේප් කලා.
වෙලාව කියන්නෙ ඒ ෂේප් කරල අනික් පැත්තටම එතන ඉඳපු ෆැමිලි එකක් ඕං කාලා ඉවරයි.
විදුලි වේගෙන් යාළු, විදුලි වේගෙන්. හරයි, මල්ලියයි මේසෙට!
ගිහින් වාඩිවෙලා මේසෙ පිහිදාන්න ආපු සේවක මිත්රයට ඕඩරෙත් දානව.
“චිකන් රයිස් ඇන්ඩ් කරියක් (රු. 250) ගේන්න අයියෙ තියෙන එළවළු සේරම දාලා හොඳේ. ඒකයි...”
“මට, මික්ස් රයිස් එකක් (රු. 500) ගන්න පුලුවන්ද?”
“පුලුවන් සර්. හැබැයි ඉස්සො, දැල්ලො, මාළු, චිකන්, බිත්තර විතරයි”
“හරි හරි. අපෝ ඒ ඇති. ඒනං එකක් දාන්න ඈ...”
සේවක මල්ලි ඕඩරේ අරගෙන යන්න හදනකොටම තමයි මම ගිහින් වාඩිවුණේ. වෙලාවට එයා මාව දැක්ක...
“සර්ට මොනවද...?”
“මට... බිත්තර ආප්පයි (රු. 50), ප්ලේන් ආප්පයි (රු. 20) ගේන්නකො”
ඇයි ඉතින් ආයෙ රයිස් කොත්තු ගන්නද යාළු? අපේවුන් ඔක්කොම ඕඩර් කරල ඉවරයිනෙ.
අනික ඕඩරේ දාපු අනික් පැත්තට රයිස් ඇන්ඩ් කරිය මේසෙටත් කියන්නකො. ඒ මදිවට හොදි එකක් වෙනමමත්.
“ඉස්සෙල්ලම මේක කාලා ඉමු නේ?”
හරා වැඩේ වරද්ද ගත්ත!
එච්චරයි, ආයෙ බත ආ ගිය පැත්තක් නැති ගාණයි.
රස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැති එකේ මම බැලුවෙ එළවළු, මාලු ටික ගැනවත් කියන්න කියල.
ඇත්තටම ඒ චිකන් එක! කෙළින්ම ආයෙ ගෙදර හැදුව වගේ රසයි යාළු. මිරිස් ටික එහෙම ගානට ම. තුනපහ ටිකයි, ගොරක, සුදුලූනු අඩු පාඩු ටිකයි...
කියල වැඩක් නෑ හොඳේ. පුදුම රසක්! ඒ වගේ ම මස් කෑල්ලටත් හොඳ හැටි මිරිස් තුනපහ අල්ලල නිසා කන්න කන්න ආසයි. ඊටත් ඒකටම කියාපු... කිරි, අමු තුනපහ, අමු මිරිස් මදි නොකියන්න දාලා හදපු පරිප්පුවනෙ... තලුමරමර රස බලන්නෙ ඉතින්.
බණ්ඩක්කා එකක් එහෙමත් තිබ්බ තෙල් දාලා, කටගැස්මෙ අඩුපාඩු ළාවට පිරි මැහෙන ගානට. එතකොට... කිරි රසෙන් අනූන බෝංචි කරියත් ටොපේ ටොප්. ඒකට ගම්මිරිසුත් දාලා නිසා ආයෙ, සුදු බතත් එක්ක එහෙම, කිරි සහ පැණි වගේ. ම්... පොල් සම්බෝලෙත් හොඳයි. හැබැයි ටිකක් ෆ්රෙෂ් මදි. ඒ නිසාද කොහෙද ලුණු, ඇඹුල්, සැර ගතියත් හරි හැටි එන්නෙ නෑ.
කොහොම වුණත් ඒකෙ බත් කොලේට ම කාලා, අනික් පැත්තට ගත්ත මික්ස් රයිස් එකත්... රඹටි හැලෙයි කිව්ව කියන්නකො. රයිස් නම් අන්න රයිස් ඈ... රස කාරක දාලා. හැබැයි ෆුල් ෆ්රෙෂ්. බාස්මති හාලෙ බතයි, කැරට්, ලීක්ස්, ගෝවා එක්ක කැරලි වෙන්න දාපු බිත්තර අඩුමකුඩුමයි... පදමට තම්බල ළාවට ෆ්රයි වෙච්ච මස් මාළු ටිකයි... ඉතින් රසයි කියන්නේ...
හිතන්නකො ඉස්සො, දැල්ලො, මාළු, චිකන් පොඩි පොඩියට කැපිල එකතු වුණාම.
මදි පාඩුවක් තිබ්බෙ ම නෑ. ඒත් අර පුරුද්දට වගේ අපි හොදි, චිලි පේස්ට් ටිකක් එකතු කරගත්ත.
ඒං... එකතු කරගත්ත, ගත්තමයි...
හ්ම්...
බත වාෂ්පයි, පිඟාන හෝදල ගානයි.
ඊට පස්සෙ අතගැහුවෙ බිත්තර ආප්ප ටිකට. ඒකට අත ගහන්න දෙයක් තිබ්බෙත් නෑ ඇත්තට ම. රසම රස චිකන් හොදියි, කට්ට සම්බෝලෙයි එක්ක, කටට දෙකට... හායි හූයි ගගා උණු උණු බිත්තර ආප්ප දෙක වාෂ්පයි... ඒ ගැම්මට ප්ලේන් ආප්ප ටිකක් ගෙනැල්ල තිබ්බ ඒකත් හොයා ගන්න නෑ.
හැබැයි ඉතින් ඊට පස්සෙ මම තව ඕඩර් කරන්න ගියෙත් නෑ. මොකද මුන් කන කෑමෙ හැටියට එළිවෙනකම් හරි කන සීන් එකක්නෙ තිබ්බෙ. ඕ...
නොකිව්වට මටත් එහෙම ගතියක් තිබ්බ...
එක්කො ඕන නෑ ඒ ගැන, හී...!
Open until 10:00 PM
Cuisine
South Indian Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Seafood Pasta Kottu Rice And Curry Fried Rice Chicken Fried Chicken Fish Cuttlefish Parata Hoppers Roti
Ratings Breakdown
The late night Kottu, Rice & Hoppers star in the…
Good place to taste deciduous rice and curry, Sri Lankan…
Delete Comment