කොරෝනා සිහි කරමින් රෑ අහසේ ඇඳුණු අපූරු රූ රටා.

2020 අවුරුද්ද ආරම්භ වෙනවත් එක්ක ම නොහිතපු විදිහට මුළු ලෝකයේ ම ජනතාවගේ ජීවිත කණපිට හරවපු කොරෝනා වසංගතය, තාමත් ලෝකයෙන් පහ වෙලා ගිහින් නෑ. ලංකාවේ අපි සෑහෙන දුරට වසංගතය පාලනය කරගන්න සමත් වුණාට, බොහොමයක් දියුණු රටවල් පවා මේ වන විටත් ඉන්නෙ රෝගය එක්ක ලොකු සටනක් කරමින්. ඒ රටවල කොරෝනා මරණ සංඛ්‍යාව වගේ ම ආසාදිත සංඛ්‍යාවත් අතිවිශාලයි.

බොහොමයක් රටවල් තාමත් තියෙන්නේ ලොක්ඩවුන් තත්ත්වයේ. පාසල්, විශ්ව විද්‍යාල, කාර්යාල, ආයතන, කඩසාප්පු, වෙළෙඳසැල් සියල්ල වහල දාලා. මේ ආගන්තුක තත්ත්වයත් එක්ක ජනතාවගේ කායික සෞඛ්‍යය විතරක් නෙවෙයි, මානසික සෞඛ්‍යයත් පිරිහිලා. ඉතින් අවම වශයෙන් මිනිස්සුන්ගේ මානසික තත්ත්වය යහපත් අතට හරවන්න රාජ්‍ය බලධාරීන් උත්සාහ කරමින් ඉන්නවා.

මේත් ඒ වගේ උත්සාහයන් කීපයක්.

දකුණු කොරියාව

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැන් ගඟ ඉහළ අහසේ පහුගිය දවසක අපූරු ආලෝක රටා වගයක් දිස් වුණා. මේ හැම රටාවක ම තිබුණේ කොරෝනා වසංගතයට අදාළ පණිවිඩයක්. විනාඩි දහයක දර්ශනයක් විදිහට ලෑස්ති කරලා තිබුණ මේ කටයුත්ත සිදු කරලා තියෙන්නේ ඩ්‍රෝන කැමරා තුන්සියයක විතර ආධාරයෙන්. දකුණු කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය තමයි මේ වැඩේට මුල් වුණේ. මේ අලුත් අදහස ඔවුන් ක්‍රියාවට නංවලා තියෙන්නේ හේතු කීපයක් මුල් කරගෙනයි.

දකුණු කොරියාවේ මේ වන විට කොරෝනා රෝගීන් 13,000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. මරණ ගණන 300ට ආසන්නයි. ඉතින් කොවිඩ්-19 රෝගයට එරෙහිව ඉදිරි පෙළ සටන්කරුවන් විදිහට සේවය කරන හෙද හෙදියන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩල ආදී සෞඛ්‍ය අංශවලට ප්‍රණාමය පළ කිරීම මේකේ එක් අරමුණක්. ඔවුන් වෙනුවෙන් හදවතක රූපයක් එක්ක ‘ඔබට ස්තුතියි’ යනුවෙන් අහසේ හැඩතල රටාවක් නිර්මාණය කරන්න ඔවුන් කටයුතු කරලා තිබුණා.

ඒ වගේ ම ක්‍රමයෙන් දකුණු කොරියාවේ රෝගීන් වාර්තා වීම අඩු වීම සමරන්නත් එක්ක තමයි ඔවුන් මේ සැමරුම පවත්වලා තියෙන්නේ. ‘Cheer up, Republic of Korea’ යනුවෙන් සඳහන් රූ රටාවකුත් මේකට ඇතුළත් වෙලා තියනවා. මේ සියල්ලෙන් ම මානසිකව වැටුණු පිරිස දිරිමත් කරන්නයි ඔවුන්ගේ උත්සාහය.

ඒ විතරකුත් නෙවෙයි. වසංගතය පාලනය කරගන්න අනුගමනය කළ යුතු පියවර ගැන ජනතාවට නැවත නැවත සිහි කැඳවීම මේ වැඩේ තවත් අරමුණක්. මාස්ක් පැළඳීම, දෑත් සේදීම, පොදු ස්ථානවලදී එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වා ගැනීම වගේ සෞඛ්‍ය පියවරවල රූප මේ ඩ්‍රෝන එළි රටාවලින් අහසේ ඇඳුණා.

කොහොම වුණත් විශේෂත්වය වෙන්නේ මේක කලින් දැනුවත් කරලා කරපු වැඩක් නොවීම. මේ දර්ශනය සංවිධානය කරපු ඉඩම්, යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය මේ ගැන ජනතාවට කිසිම පූර්ව දැනුම් දීමක් කරලා නෑ. මේක බලන්න මිනිස්සු රැස් වෙන එක වළක්වන්නයි එහෙම කරල තියෙන්නේ. ඒ නිසා ඒ වෙනුවට අමාත්‍යාංශයේ සමාජ මාධ්‍ය අඩවිවලින් සජීවීව මේ දර්ශනය විකාශය කරලා තියනවා.

ස්පාඤ්ඤය

කොරෝනා වසංගතය වෙනුවෙන් මෙවැන්නක් පවත්වපු පළමු රට දකුණු කොරියාව නෙවෙයි. මීට කලින් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරත් මේ වගේ ම ඩ්‍රෝන දර්ශනයක් පැවැත්වුණා. ඒ පහුගිය ජුනි මාසයේදී. එහි අරමුණු වුණේ කොරෝනා රෝගය වැළඳී මියගිය පිරිස සිහිපත් කිරීම සහ සෞඛ්‍ය අංශවලට ස්තුති කිරීම. මේකට ඔවුන් ඩ්‍රෝන කැමරා හතළිහක් යොදාගත්තා. ස්පාඤ්ඤය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල ජාතික කොඩි දර්ශනය වීමට සලස්වමින්, මුළු ලොව ම මේ වසංගතයට එරෙහිව එකමුතුව ක්‍රියාත්මක වන බවත් ඔවුන් සංකේතවත් කළා.

ජපානය

කොවිඩ්-19 නිසා අඩපණ වුණ ජනතාවගේ ධෛර්යය සහ මානසිකත්වය නඟා සිටුවන්න ජපානයත් පහුගිය ජුනි මාසේ ගිනිකෙළි සංදර්ශනයක් පවත්වන්න කටයුතු කළා. ජනතාව ඒකරාශී වීම වළක්වන්න, අන්තිම මොහොත වෙනකන් ම මේකෙත් දිනය, වෙලාව, තැන නොදන්වා තමයි පැවැත්වුණේ.

වසංගත අවස්ථාවල දි ගිනිකෙළි සංදර්ශන පවත්වලා රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ජපානය අතීතයේදිත් පියවර අරන් තියනවා. මුලින් ම එවැන්නක් පවත්වල තියෙන්නේ 1733 දී පැමිණි කොලරා වසංගතයකින් මිදීම අරමුණු කරගෙනයි.

ජපානයේ මේ වන විට කොරෝනා රෝගීන් 17,000ක් විතර ඉන්නවා. මරණ 900ක් විතර වාර්තා වෙනවා. ජපානය ලෝකේ තුන්වෙනි විශාලතම ආර්ථිකය හිමි රට. ඔවුන් කොහොමටත් ආර්ථික කටයුතු සඳහා බෙහෙවින් කැප වෙන රටක්. ඒ නිසා ම වසංගතය ක්‍රමයෙන් පහ වෙලා යන බව පේනකොට රටට පනවල තිබුණ හදිසි තත්ත්වය ඉවත් කරන්න ඔවුන් පියවර ගත්තා. ඒත් දැන් වාර්තා වෙන්නේ ජපානයේ කොරෝනා රෝගයේ දෙවැනි රැල්ලක් පැතිර යෑමේ තත්ත්වයක් උද්ගත වෙලා තියන බවයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

Yamu Guide.

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide

A Valentine’s Dining Guide for 2026

From elegant high teas to candlelit dinners, here’s a curated guide to the best spots

Highlights Yamu Guide