ජීවිතේට එකපාරක් හරි රස බලන්න ඕනේ ලෝකේ රසවත්ම කෑම වර්ග 10 ක්.

By Yesha Fernando

කෑම කිව්වමත් කටට කෙල උනන කෑම ලෝලීන්ට නම් මේක හොඳ ඔත්තුවක්. ජීවිතේට එකපාරක් හරි මේ dish එකක් රසවිඳින්න ඕනේ කියන්නේ ඒවා ඒ ඒ රටට ආවේනික රසවල් නිසයි. මේ කියන්න යන කෑම වර්ග වලින්  වැඩි හරියක් අයිති වෙන්නෙත් අපේ ආසියානු කලාපෙටම තමයි. කුළුබඩු වලින් පොහොසත් රටවල කෑම රසවත් කියන එක ඉතින් ලෝකෙම දන්න රහසක්නේ. එහෙනම් අපි බලමු මොනවද මේ ලෝකෙන්ම රසවත් කෑම වර්ග කියලා.

1. Sushi (Japan)

විනාකිරි වලින් තැම්බූ සහල් සහ seafood, එළවළු සහ සමහර වෙලාවට පලතුරුත් ඇතුළු අමුද්‍රව්‍ය ගොඩකින් සකස් කරන ලෝක ප්‍රසිද්ධ කෑමක් තමයි Sushi කියන්නේ. Wasabi, අච්චාරු දමන ලද ඉඟුරු සහ සෝයා සෝස් සමඟ පිළිගන්වන සුෂි තමයි වඩාත් රසවත් කියලා කියන්නේ. මෙම ආහාරය ගොඩක් වෙලාවට සැරසිලි කරන්නේ Daikon රාබු වලින්. පිරවුමට ඇතුළත් කරන මාළු වර්ගය අනුව සුෂි වල රසය වෙනස් සහ තීව්‍ර වෙනවා. කොහොමවුණත් සුෂී වලට වැඩිම රසයක් එක් කරන්නේ විනාකිරෙන් තැම්බූ සහල් කියලා තමයි රස දන්න අය කියන්නේ. සාමාන්‍යයෙන් නම් හොඳින් දිරවන සැහැල්ලු රසයක් හොයන අයට පිළිගන්වන්නේ ටූනා, ඊල් සහ සැමන් මාළු පිරවුම් වලින් යුත් සුෂී වුණත් ඔබ ටිකක් සැර රසක් හොයන කෙනෙක් නම්  ඔබට බුවලූ මාංශ සහිත සුෂී ඇනවුම් කරන්නත් පුළුවන්.

2. Rendang, Indonesia

බොහෝ වෙලාවට “ලෝකයේ රසවත්ම ආහාරය” ලෙස හඳුන්වන, කහ, සුදුළූණු, ලෙමන්ග්‍රාස්, ඉඟුරු, මිරිස් සහ ගැලන්ගල් ඇතුළු හොඳම කුළුබඩු මිශ්‍රණයක් සමඟ පොල් කිරි සමග හරක් මස් තැම්බීමෙන් තමයි රෙන්ඩං සකස් කරගන්නේ. ඉන්පසු පැය කිහිපයක් ස්ටූ ගතිය පැමිණෙන තුරු මද ගින්නේ තැම්බීමෙන් මෙයට මෘදු මෙන්ම සහ ඉහළ රසයක් ලබා දෙනවා. මේ සුවිශේෂී රස නිසාම තමා මේක විටින් විට ජාත්‍යන්තර වශයෙන්ම කෑම ලෝලීන්ගේ අංක එකට පත් ආහාරය වෙන්නෙත්.  ඉන්දුනීසියාවේදී මෙම ආහාරය බොහෝ විට උත්සවවලදී හෝ අමුත්තන්ට පිරිනමනු ලබන්නේ ඔවුන්ට ගෞරව කිරීමක් වශයෙන් කියල කියනවා.

3. Ramen, Japan

මේකටත් හිමිකම් කියන්නේ ජපානෙම තමයි. ජපනා හපනා කියනවනේ. ඉතිං කාල නැති වුණත් ජපානයේ මේ රසවත් ආහාරය ගැන ඔයා එක පාරක් හරි අහල නම් නැතිවෙන්න බැහැ. කොහොමවුණත්, අපි මේ කතා කරන්නේ ඇසුරුම් කළ ක්ෂණික නූඩ්ල්ස් ගැන නම් නෙමෙයි. ඔව් මේ Ramen කියන්නේ තිරිඟු පිටි නූඩ්ල්ස් වලින් සාදන ලද ජපන් කෑමක් තමයි.  හැබැයි එළවළු සහ මස් සමඟ සුප් පානයක් සමඟ පිරිනමනු ලබන Ramen ජපනුන්ටම විතරක් ගන්න පුළුවන් සුවිශේෂී රහස් රසයකින් යුක්තයි. Ramen සුප් හොද්ද ඒකට දාන කුළුබඩු වර්ග අනුව රස කිහිපයකින්ම පැමිණෙනවා. ජපානයේ සෑම පළාතකටම ඒ පළාතටම ආවේනික රසයක් තියෙන Ramen dish එකක් තියෙනවා. Tonkotsu කියන්නේ ඌරු අස්ථි සූපය සමඟින් සාදන ප්‍රසිද්ධ Ramen dish එකක් වන අතර Hokkaido වලට ආවේනික ජනප්‍රියම Ramen වර්ගය තමයි miso ramen. ඉතිං  ජපන් කෑම රස බලන්න හිතන අය Ramen dish එක අමතක කරන්න එපා.

4. Tom Yam Goong, Thailand

මදක් ඇඹුල් සහ උණුසුම් තායි සුප් වර්ගයක් වන Tom yam goong ඉතාම සෞඛ්‍ය සම්පන්න ඖෂධ පැළෑටි සහ කුළුබඩු වර්ග තොගයක් සමඟ ඉස්සන් කළවම් කරලයි හදන්නේ. ලෙමන්ග්‍රාස්, දෙහි, කෆීර් කොළ, ගැලන්ගල් සහ රතු මිරිස් මේ සඳහා අනිවාර්යෙන්ම එකතු කරනවා. ඒ වගේම තමා එකතු කරන අමුද්‍රව්‍ය අනුව මේ සුප් එකේ රස සැර, ඇඹුල්, ලුණු සහ පැණිරස කියන flavours කිහිපයකින්ම ලබාගන්න ඔබට පුළුවන්. එහි රසය වැඩි කරන්න සුප් එකට පොල් කිරි වගේම ක්‍රීමුත් යොදාගනු ලබනවා. එහි දේශීය රසය නිසාම මේක තායිලන්තයේ සංචාරයට එන පිරිස අතර බොහොම ප්‍රසිද්ධ බව තමයි කියන්නේ.

5. Kebab, Turkey

කෙබාබ් නම් ඉතින් ලංකාවෙත් තියෙනවනේ නේද? හැබැයි තුර්කියේ කෙබාබ් තමයි ලෝකයේ රසවත්ම කෙබාබ් විදිහට සළකන්නේ. මැදපෙරදිග පුරා ජනප්‍රිය කෑමක් වන කෙබාබ් මුලින්ම පැමිණෙන්නෙත් තුර්කියෙන්. අඹරන ලද මස් හෝ මුහුදු ආහාර, පලතුරු සහ එළවළු වලින් සමන්විත වන මේ කෙබාබ් සමහර අවස්ථාවලදී BBQ ක්‍රමයටත් සකසනවා. සුදුළූණු, ගම්මිරිස් සහ එළවළු තෙල් ඇතුළු විවිධ අමුද්‍රව්‍ය සමඟ පිසින කෙබාබ් වලට ගොඩක් වෙලාවට යොදාගන්නේ එළුමස් හෝ බැටළු පැටවුන්ගේ මස් තමයි. ඒ වගේම හරක් මස්, මාළු සහ කුකුල් මසුත් යොදාගන්නවා. එකතු කරන කුළුබඩු අනුව රසය වෙනස් වුණත් පරිපූර්ණ ආහාර සම්මිශ්‍රණයක් වෙන කෙබාබ් ලෝකයේ රසවත්ම කෑම වර්ග වලින් එකක් බවට නිතරඟයෙන්ම පත් වෙනවා.

6. Pho, Vietnam

Vietnam කෑම වර්ග ගැන, විශේෂයෙන්ම මාංශ ආහාර වර්ග ගැන ඇතැම් වෙලාවට බය හිතෙන තත්වයක් තිබුණත් මේ කියන්න යන්නේ නම් ලෝකේ රසවත්ම ආහාර අතරට එකතු වුනු Vietnam කෑම වර්ගයක් වන Pho ගැනයි. ඉතා සරල ආහාරයක් වුනත් විශිෂ්ට රසයක් තියෙන Pho සහල් නූඩ්ල්ස් සහ මස් (සාමාන්‍යයෙන් හරක් මස් හෝ කුකුල් මස්) වලින් සාදන ආහාරයක්. ආහාර අනුභව කරන කෙනාගේ ඔලුවෙන් ලේසියකට මැකිලා නොයන සුවඳක් මේ dish එකට තියෙනවා. වියට්නාමයේ ජනප්‍රිය වීදි ආහාර වර්ගයකුත් වන Pho ශරීරයට අහිතකරත් නැහැ. සාමාන්‍යයෙන් මේක ජනප්‍රිය ශීත ඉර්තුවේදියි. ඉතිං වියට්නාමේ යනවනම් ඔන්න Pho කන්න අමතක කරන්න එපා.

7. Peking duck, China

Peking duck කියන්නේ චීනයේ බීජිං වලින් බිහිවූ රසවත් dish එකක්. මේ සඳහාම විශේෂයෙන් ඇතිකරන තාරාවන් දින 60 කට පසු මරා, පිරිසිදු කර season කිරීමෙන් අනතුරුව උඳුන තුල පුළුස්සා පදම් කරගනු ලබනවා. මෙමගින් මස් හැපෙනසුළු සමක් සහ මෘදු බවක් සමඟ වඩාත් රසවත් වෙනවා. පිපිඤ්ඤා, ලූනු සහ පැණිරස බෝංචි සෝස් සමඟ තමයි මේ dish එක පිරිනමන්නේ. භෝජන සංග්රහයකදී නම් එයට සහභාගී වන පිරිස ඉදිරියේදී තමයි මේ Peking duckව කොටස් තුනකට කපන්නේ. එහි පළමු කොටස පළමුව, සීනි සහ සුදුළූනු සෝස්  එක්කත් දෙවෙනි කොටස පෑන්කේක් එක්කත් ඉතිරි කොටස එහි සූපය සමඟත් පිරිනමනු ලබනවා. මෙහි රසය ඉතාමත් ප්‍රියජනකයි. ඒ නිසාම මේක ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති රසවත්ම ආහාර අතරට එකතු වෙනවා.

8. Paella, Spain

ස්පාඤ්ඤයේ Valencia වලින් බිහිවූ කාම වර්ගයක් වන Paella ලෝකයේ රසවත්ම ආහාර අතරට එක් වන තවත් ආහාරයක්.  ඇත්තටම මේක මේ වෙනකොට විවිධ විවිධ ක්‍රම වලට සහ රස වලට modify වුණු පරණ කාලේ කෑමක් කියන්න පුළුවන් . Paella කන්න විවිධ ක්‍රම තියෙනවා. මුල් වට්ටෝරුවට අනුව නම සුදු සහල්, බෝංචි, මස් (හා මස් හෝ කුකුල් මස්, සමහර විට තාරා මස්), බටර් බෝංචි, ගොලුබෙලි වර්ග ඇතුලත් වන Paella රෝස්මරී වැනි කුළුබඩු වර්ග වලින් season කරලා තමයි හදනවා කියන්නේ. තවත් විශේෂ රසයක් මේකට එකතු කරන්න artichokes හෙවත් අල සූරියකාන්ත යොදාගන්න බවත් කියනවා. Pan  එකක ඔලිව් තෙල්වලින් පිසින Paella විවිධ රසයෙන් පිරී තියෙන නිසා ලෝකයේ රසම කෑම වර්ග වලින් එකක් ලෙස සැළකෙනවා.

9. Steak and Kidney Pie, England

බ්‍රිතාන්‍යයන් වඩාත්ම ප්‍රසිද්ධ එක දෙයක් තමයි ඔවුන්ගේ විශේෂ ආහාරයක් වන pie වර්ග වලට. ඒ අතරිනුත් ලෝකයේ රසවත්ම ආහාර අතරට එකතු වෙන්නේ Steak and Kidney Pie එක. හරක් මස් සහ වකුගඩු කුඩා කැබලි වලට කපා (බොහෝ විට බැටළු මස්, හරක් මස් හෝ ඌරු මසුත් යොදාගන්නවා), දුඹුරු පැහැ gravy සහ බැදපු ලූනු වලින් පුරවා හදන පික්වන්ට් පයි වර්ගයක් වන මෙය බ්‍රිතාන්‍ය ආහාර සහ සංස්කෘතිය නියෝජනය කරන ආහාරයකුත් වෙනවා. මේකෙ gravy එක හදන්නේ අල, රස කළ හරක් මස් සූපය සහ ඉරිඟු පිටි වලින්. puff pastry, hot water crust pastry හෝ  shortcut pastry යන වර්ග වලින් එකක විශේෂ පේස්ට්‍රි මතුපිටකින් යුක්ත වන Steak and Kidney Pie තරමක් මිල අධික ආහාරයක් වුනත් ඒක එකපාරක් හරි කාල බලන්න තරම් රසවත් කෑමක්. 

10. Apfelstrudel, Austria

Apple Strudel ලෙස පොදුවේ හැඳින්වෙන Apfelstrudel කියන්නේ ඔස්ට්‍රියාවේ සහ යුරෝපයේ අනෙකුත් ප්‍රදේශවල ජනප්‍රිය පේස්ට්‍රි වර්ගයක්. ස්ට්‍රඩල් පේස්ට්‍රි ආවරණයකින් සහ ප්‍රණීත ඇපල් මදයෙන් ඇතුළත පිරවීමෙන් තමයි මේ ආහාර සකසා ගන්නේ. ගාන ලද ඇපල්, කුරුඳු, සීනි, පාන්කුඩු සමඟ මුද්දරප්පලම් එක් කොට සැකසු පිරවුමකින් මෙය සමන්විත වෙනවා. මෙම ප්‍රණීත ආහාරය වැනිලා අයිස්ක්‍රීම් සහ විප් ක්‍රීම් සමඟ පිරිනමන විට වඩාත් රසවත් වේ. නැතහොත් ඔබට අයිස්ක්‍රීම් වෙනුවට වැනිලා සෝස් සහ ක්‍රීම් වෙනුවට කස්ටඩ් අත්හදා බලන්නත් පුළුවන්. Apfelstrudel කෝපි, තේ හෝ ෂැම්පේන් සමඟ රසවිඳින්න පුළුවන්  වියානාවේ කැෆේවල බහුලව දකින්න ලැබෙන ලෝකයේ ප්‍රණීතම ආහාරයක්. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide