ලොව බිහිසුනුම දාම ඝාතිකාවන් (Woman serial killers) 10 දෙනෙක්.

By Yesha Fernando

කාන්තාවන් කිව්වම හැමවෙලාවෙම වගේ අපේ ඔලුවේ මැවෙන්නේ හරි සංවේදී, ආදරණීය පිරිසක්. ලෝකයේ උතුම්ම පදවිය කියන මව් පදවියට උප්පත්තියෙන්ම සුදානම්ව පැමිණීම නිසා කාන්තාවන්ගේ හදවත් මුදු, මොළොක් හා  කරුණාවන්ත  බව තමයි සාමාන්‍ය පිළිගැනීම. එහෙත් මේ ස්වභාවයට සම්පුර්ණයෙන් බැහැරව ගිහින් කාන්තාවන්ගේ ඉතිහාස කතාවට ලේ සළකුණු එක් කළ කෘරත්වය උරුමය කරගෙන ජීවත් වුණු ගැහැණුත් මේ ලෝකේ ඉඳලා තියෙනවා, ඉන්නවා, ඉස්සරහටත් ඉඳියි.

ඉතිං ඒ වගේ, තණ්හාව, විකෘති මානසික තත්ව, අතීත සිදුවීම් වල කම්පන වැනි විවිධ හේතු මත ජීවිත රැසක් විනාශ කර දැමු ලොව භයානකම දාම ඝාතිකාවන් දස දෙනෙකුගේ කතාන්දරයි මේ.

1. Katherine Mary Knight

සමාවක් නොමැතිවම ජීවිතාන්තය දක්වා සිරගෙට නියමවූ පළමු ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාව වන Katherine Mary Knight දාම ඝාතිකාවක් නොවුණත් 2000 වසරේ පෙබරවාරි මාසයේදී ඇය සිදු කළ මිනීමරුමෙහි භයානක බව නිසාම ඇය ලොව භයානකම කාන්තාවන් අතරට එක් වෙනවා. කාලයක් පුරා සබඳතාවන් බිඳ වැටීම සහ ඒවා තුල හිංසාවට පත්වීම නිසා කෙමෙන් ප්‍රචණ්ඩ ක්‍රියාකාරිත්වයක් පෙන්වන්නට වූ ඇය වරක් සිය සහකරුවෙකුගේ බොරු දත් යුවළක් පොඩි කර දමන අතර තවත් වරක් තවත් සහකරුවෙකු ඉදිරිපිටදීම ඔහුගේ බලු සුරතලාගේ ගෙල සිද දමනවා. Katherine අතින් මෙම කෘර ඝාතනයට ලක් වන්නේ ඇයගේ අවසන් සහකරුවා ලෙස සිටි John Charles Thomas Price නැමැත්තායි. ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඔහු ගොනු කළ චෝදනාවක් ප්‍රසිද්ධියට පත් වීම නිසා වියරු වැටුණු ඇය මස් කපන පිහියකින් ඔහුව 37 වාරයක් කපා කොටා මරා දමන අතර එයින් වැඩි ප්‍රහාර ප්‍රමාණයක් ඔහුගේ ලිංගික අවයව වෙත එල්ල වී තිබුණා. පසුව මිනිය හම ගසා එම හම ගෙදර සාලයේ මස් කොක්කක එල්ලූ ඇය ඔහුගේ හිස කපා සුප් බඳුනක දමා ඔහුගේ තට්ටම් රෝස්ට් කර එය ඔහුගේම දරුවන්ට කෑමට දීමට සකසා තිබුණත් එයට පෙර ඇය පොලිස් අත්අඩංගුවට පත්වීම නිසා කුඩා දරුවන් එම දුෂ්ට ක්‍රියාවෙන් ගැලවී ගියා.

2. Mary Ann Cotton

බ්‍රිතාන්‍යයේ පළමු දාම ඝාතිකාව ලෙස සැළකෙන Mary Ann Cotton කුඩා කලදී අධික දුගී බවෙන් පෙළුණු අයෙක්. ඇය සිය විසිවෙනි වියේදී William Mowbray හා විවාපත් වී Plymouth හී Devon පෙදසේ වාසය කිරීමට යනවා. දරුවන් 5 දෙනෙකු ලැබුවත් ඔවුන්ගෙන් සිව් දෙනෙකුම තයිපොයිඩ් උණ, බඩවැල් ආශ්‍රිත ආබාධයන් ගෙන් මිය යාමත් සමඟ ඔවුන් වෙනත් පෙදෙසක පදිංචියට යනවා. එහිදී තවත් දරුවන් තිදෙනෙකු ලැබෙන අතර ඔවුන්ද පෙර කී රෝග ලක්‍ෂණයන්ගෙන්ම මිය යනවා.1865 වසරේ ජනවාරි මාසයේදී William ද ‘බඩවැල් ආබාධයකින්’ මිය ගිය පසු මේරි වෙත  බ්‍රිතාන්‍ය රජයෙන් විශාල වන්දි මුදලක් පිරිනැමෙනවා. ඇයගේ දෙවන සැමියා වන George Ward සහ ඔහුගෙන් ලද දරුවාද එම රෝගයෙන්ම මිය යන අතර, තෙවන සැමියා හා එම දරුවන්ද  එම රෝගයෙන්ම මිය යනවා. මේ සෑම විටකම ඇය රජයෙන් ලාබාංශ ලබනවා.  මෙලෙස උතුරු එංගලන්තය පුරා සංක්‍රමණය වෙමින් මරණ වන්දි සහ දේපළ ලබා ගැනීම සඳහා ඇය සිදු කරගෙන ගිය ඝාතන සෙල්ලම හෙළි වන විට ඇයගේ සැමියන් තිදෙනෙක්, පෙම්වතෙක්, යහළුවෙක්, ඇයගේම මව සහ ඇයගේම දරුවන් 12 දෙනෙකුට ආසන්න ගණනක් Mary විසින් මරා දමා අවසන්. ඒ ක්‍රමිකව ආර්සනික් නම් උග්‍ර විෂ ආහාර ඔස්සේ ලබා දීමෙන් ආදාල රෝග ලක්ෂණ ඇති වී මරණයට පත් වීමට සැලැස්වීමෙන්. ඒ අනුව මෙම සූක්ෂම මිනීමරු ගැහැණිය 1873 වසරේ මාර්තු 24 වන දින එල්ලා මරණයට පත් කෙරෙනවා.2015 වසරේදී ඇයගේ ඝාතන පෙළ අලලා  Dark Angel නමින් තිරගත වූ ටෙලිනාටකය අතිශය ජනප්‍රිය වූ අතර Joanne Froggatt එහි මේරි ගේ චරිතය රඟපෑවා.

 3. Amelia Dyer

ඉතිහාසයේ වඩාත් සාර්ථක වූ දාම ඝාතිකාවක ලෙස සැළකෙන්නේ බ්‍රිතාන්‍යයේ විසු Amelia Dyer යි. හෙදියක වශයෙන් පුහුණු වූ ඇය වැන්දඹුවක් වන අතර මානසික වශයෙන් අස්ථාවර හා ගැටලුකාරී අවස්ථා පෙන්නුම් කළ අයෙක්. දෙමාපියන්ට අනවශ්‍ය ළදරුවන් හා භාරකරුවන් නොමැති දරුවන් හදාවඩා ගැනීම ඇරඹු ඇය ආදායම් ලැබුවේ  එම දරුවන් භාරගැනීම සඳහා ඔවුන්ගේ කව්රුන් හෝ ඇයට ලබා දුන් මුදලින්. දරුවෙකු වෙනුවෙන් මුදල් ලබා ගත් වහාම එම දරුවන් කුසගින්නේ තැබීම, නොසළකා හැරීම හා විවිධ ක්‍රම ඔස්සේ ඇය විසින් මෙම කුඩා නොදරුවන් මරා හොර රහසේ වළලා දැමීම හෝ කැලෑ ප්‍රදේශ වලට විසි කර දැමීම ඇරඹුවා. පුරා වසර 30ක් මෙලෙස දරුවන් 400 කට අධික ප්‍රමාණයකට මරු කැදවූ Amelia නීතියේ රැහැනට හසු වුයේ ඇය විසින් මරා දැමුණු Doris Marmon නමැති ළදැරියගේ මිනිය තේම්ස් නදියේ පාවෙමින් තිබියදී සොයා ගැනීමත් සමඟයි. ඉන් අනතුරුව Amelia Dyer එල්ලා මරණයට පත් කරනු ලැබුවා.  

4. Nannie Doss

පුද්ගලයින් 11 දෙනෙකු විටින් විට මරා දැමු ඇමරිකානු ජාතික Nannie Doss හඳුන්වන්නේ Black Widow ලෙසයි. කුඩා කල පියාගේ දැඩි පාලනයට යටත්ව හැදී වැඩුනු ඇය පළමු විවාහයේ සැමියාගේ මව අතින්ද වද හිංසාවට ලක්වූ අයෙක්. බොහෝ විට තනි වී සිටි ඇය පත්තර සහ සඟරා වල Lonely Hearts තීරුව කියවීමට පුරුදු වී සිටියාලු. එනිසාම Lonely Heart Killer ලෙසද ඇයව හඳුන්වනවා.විශාදය ඇතුළු මානසික අස්ථාවර භාවයන්ගෙන් පෙළෙමින් සිටි ඇය දරුවන් සිව් දෙනෙකු ලැබූ අතර එයින් දෙවෙනි හා තුන්වෙනි දරුවා කෑම වීමෙන් මිය යනවා.  කලකට පසු ඇයගේ නැන්දම්මාද හදිසියේ මිය යන අතර සැමියා පළමු දරුවාද සමඟ ඇයගෙන් වෙන් වී යන්නේ ඇයගෙන් කිසියම් භායනක බවක් දිස් වීම නිසයි. වරින් වර රැකියා කරමින් තවත් සැමියන් සිව් දෙනෙකු හා දරුවන් වඩමින් මුණුබුරු මිනිබිරියන් ලබන  Nannie ගේ ආරක්ෂාව යට‍තේ සිටියදී ඇයගේ මුණුබුරන් දෙදෙනකු අභිරහස් ලෙස මිය යනවා. එමෙන්ම ඇයට ලිංගික අඩන්තේට්ටම් කල සැමියෙකු ද මිය යන අතර ඇය විටින් විට විවිධ ආකාරයෙන් කල මිනීමැරුම්  හෙළි වන විට පුද්ගලයින් 11 දෙනෙකුට ඇය අතින් ජීවිත අහිමි වී අවසන්. ඇයගේම දරුවන් දෙදෙනෙකු, ඇයගේ මව, සහෝදරිය, මුණුබුරන් දෙදෙනෙක්,ඇයගේ සහකරුවන් සිව් දෙනෙකු සහ ඇයගේ නැන්දම්මාද ඒ අතරට අයත්. කෙසේවෙතත් ඇයගේ අස්ථාවර මානසික තත්වය හේතුවෙන් ඇය මරණ දඬුවමෙන් ගැලවුණු අතර සිරදඬුවම් විඳිමින් සිටියදී ලියුකේමියා රෝගය වැළඳී මරණයට පත් වුණා.  

5. Juana Barraza

The Little Old Lady Killer ලෙස හැඳින්වෙන Juana Barraza මෙක්සිකානු දාම ඝාතිකාවක්. ඇය විසින් ඉතා සූක්ෂම ලෙස විශ්වාසය දිනාගෙන රවටා මරා දමා ඇති 48 දෙනාම වයස 60 වැඩි වයෝවෘද්ධ කාන්තාවන්. සමාජ සේවිකාවක් ලෙස පෙනී සිටිමින් ඇය මේ ඝාතන සිදු කොට තිබෙනවා. ඇය සැබවින්ම විශ්වාස කොට ඇත්තේ මෙමඟින් ඇය සිදු කරන්නේ සමාජයට යහපතක් බවයි වෘතීය wrestling ක්‍රීඩිකාවක්ද වන ඇය පිටුපස ඇති කතාන්දරය දුක්බර එකක්. සුරාවට ඇබ්බැහි වී සිටි ජුවානා ගේ මව බීර කෑන් තුනක් වෙනුවෙන් ඇයව මිනිසෙකුට විකුණා දමන්නේ ඇය යන්තම් යොවුන් වියේදීයි. ඉසිලිය නොහැකි වද හිංසා සමඟ වරින් වර මේ මිනිසා අතින් දුෂණයට ලක් වන ඇය පසුව දරුවන් සිව් දෙනෙකු ලබනවා. එලෙසෙ විදි වේදනාව වෙනුවෙන් එයට වගකිව යුතු ඇයගේ මව කෙරෙහි වූ වෛරය මවගේ වයසේ පසු වූ මව ඇසුරු කල මෙම වයෝවෘද්ධ කාන්තාවන්ට ඇය අතින් මරු කැඳවීමට හේතු වුණා. ඒ අනුව 2006 වසරේදී අත්අඩංගුවට පත් වූ Juana Barraza ට වසර 759 ක සිර දඬුවමක් නියම වුණා.

6. Rosemary West

Rosemary West විසින් සිය සැමියා වූ Fred සමඟ එක්ව ඝාතනය කොට ඇති පුද්ගලයින් සංක්‍යාව 12 කට ආසන්නයි. බ්‍රිතාන්‍ය වැසියන් වන මොවුන් වරින් වර කළ මෙම ඝාතන නීතියේ ඇසට ලක් වුයේ 1994 වසරේදීයි. කුඩා කළ වරින් වර පියා අතින් අපයෝජනයට හා ප්‍රසිද්ධියේ නිරුවතින් ගෙය වටා දිවවිම වැනි ලිංගික හිංසනයන්ට ගොරුදු වූ අයෙක් වන Rosemary ගේ එම අතීතය අයගේ මෙම මිනීමරු මානසිකත්වයට හේතු වන්නට ඇතැයි පැවසෙනවා. ලිංගික වද හිංසා පැමිණවීම, දුෂණය කිරීම හා සිරුරු කොටස් කපා ඝාතනයට ලක් කිරීම මඟින් එලෙස ජිවිත අහිමි වූවන් අතර ඇයගේ සුළු දියණියක වූ 8 හැවිරිදි දැරියක්ද වනවා. මෙම ඝාතන සඳහා ජීවිතාන්තය දක්වා සිරගත කරන ලදුව Fred සිර මැදිරියක් තුළදී සියදිවි හානි කොටගත් අතර Rosemary, West Yorkshire හී බන්ධනාගාරයක වෙසෙනවා.

7. Dorothea Puente

මුදල් වංචාවන්ට සම්බන්ධ ඉතිහාසයක් ඇති Dorothea Puente මෙම දාම ඝාතන ආරම්භ කොට ඇත්තේ 1982 වසරේදීයි. Death House Landlady යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඇය විසින් නිල වශයෙන් මරා දමා ඇති පුද්ගලයින් සංක්‍යාව 9 ක් වන අතර ඊට අමතරව තවත් 6 දෙනෙකුවත් ඇය මරා දම ඈති බවට සැක කෙරෙනවා. ඉතා සැලසුම්සහගතව, සිය නිවාස ඇය විසින් කුලියට දෙනු ලැබ ඇත්තේ අසනීප වලින් පෙලෙන, වයෝවෘද්ධ නැතහොත් මානසික අබාධ වලින් පෙළෙන පුද්ගලයින් හටයි. පසුව ස්වභාවික මරණ ලෙසට පෙනෙන ආකාරයට ඔවුන් ඝාතනය කොට ඇත්තේ codeine සහ acetaminophen යන ඖෂධ ඔවුන් හට අධිමාත්‍රාවන්ගෙන් ලබා දීමෙනුයි. අනතුරුව ඔවුන්ගේ සමාජ් රක්ෂණ චෙක්පත් සොරකම් කරගැනීමට ඇය කටයුතු කොට තිබෙනවා. මෙම නිවාස සහ ඇයගේ ඝාතන අලලා The House Is Innocent, Murder House Flip, Evil Spirits වැනි සිනමා පට සහ වැඩසටහන් රැසක් නිර්මාණය වී ඇති අතර Crime Stories, Deadly Women, A Stranger in My Home, Cooking with a Serial Killer සහ  World’s Most Evil Killers වැනි අපරාධ සම්බන්ධ රූපවාහිනී වැඩසටහන් ගණනාවකටම සහභාගී වීමට Dorothea ට අවස්ථාව හිමි වුණා. Chowchilla හී බන්ධනාගාරයක සිර දඬුවම් ලබමින් සිටියදී 2011 වසරේදී ඇය මිය ගියා. ඇයගේ මෙන්ම ඇය විසින් මරා දැමුණු අයගේ ද ආත්ම Sacramento පිහිටි මෙම නිවසේ හොල්මන් කරන බවට පැතිර ගිය කතා හේතුවෙන් Ghost Adventures කණ්ඩායම 2015 වසරේදී මෙම නිවාස පරීක්ෂාවකටද ලක් කළා.

8.Aileen Carol Wuorno

මේ තවත්  එක් දුක්බර අතීත කතාවකින් බිහිවූ දාම ඝාතිකාවක්. මාර්ග වල ගැවසෙන ගණිකාවක වූ ඇය සැළකෙන්නේ ඇමරිකාවේ පළමු දාම ඝාතිකාව ලෙසයි. කිසිදා සිය පියා දැක නොමැති Aileen ගේ දෙමාපියන් වෙන්ව වාසය කොට ඇති අතර ඇයට වයස අවුරුදු 4 දී ඇයව සහ වැඩිමහල් සහෝදරයාව, සුරා සොඬුන් වූ ඔවුන්ගේ  සීයා සහ ආච්චි භාරයට පත්කොට මවද ඔවුන්ගෙන් වෙන්ව යනවා. දුම්වැටි, මත්ද්‍රව්‍ය සහ ආහාර වෙනුවෙන් Aileen සිය පාසල් සඟයින් සමඟ ලිංගික ක්‍රියාවන්ට යොමු වන්නේ ඇයට වයස අවුරුදු 11 දීයි. එමෙන්ම කව්රුවත් සොයා නොබලන නිවසේදී ඇය සිය සහෝදරයා සමඟත් එම ක්‍රියාවන්හි යෙදෙනවා. වරින් වර සීයා අතින් අපයෝජනයට ලක්වන Aileen වයස අවුරුදු 14 දී සිය සීයා ට දාව පුතෙකු බිහි කරනවා. එම දරුවා වෙනත් පවුලකට හදාවඩා ගැනීමට භාර දෙන අතර ඇයට වයස අවුරුදු15 දී සීයා ඇයව නිවසින් පන්නා දමනවා. අනතුරුව ජීවිකාව පවත්වා ගැනීම සඳහා ලිංගික ශ්‍රමිකයෙකු වන ඇය ජීවත් වන්නේ කුඩා කල ඇය මව හා විසු මිචිගන් හී පැරණි නිවස අසළ කැලයේයි. වරින් වර සොරකම් හා කලහකාරී ක්‍රියාවන්ට සිරභාරයට පත්වෙමින්, ගැටුම්කාරී ලෙස ජීවිතය ගෙන ගිය ඇය සිය ඝාතන පෙළ අරඹන්නේ 1989 වසරේදීයි ඒ ඇයට ලිංගික අඩන්තේට්ටම් කිරීමට සැරසුණු 51 හැවිරිදි Richard Charles Mallory නැමැත්තෙකු වෙඩි තබා ඝාතනය කරමින්. එතැන් සිට මාස 12 ක් ඇතුළත තවත් පුදගලයින් 6 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ ඇය ඒ සෑම ඝාතනයක්ම සිදු කලේ ඔවුන්ගෙන් එල්ල වූ ලිංගික අඩන්තේට්ටම් වලින් ගැලවීමේ ආත්මාරක්ෂක පියවරක් ලෙස බව සඳහන් කොට තිබෙනවා. 1995 වසරේදී අත්අඩංගුවට පත්ව 2002 වසරේදී මිය ගිය Aileen ගේ අවසන් ඉල්ලීම පරිදි ඇයගේ අවමංගල්‍යයේදී  Natalie Merchant ගේ “Carnival” ගීතය වාදනය වූ අතර ඇයගේ කුඩා කළ මිතුරා වූ Dawn Botkins විසින් කුඩා කළ ඇය විසු Michigan හී පැරැණි නිවස අසළ වනයේ ගසක් යට  ඇයගේ අළු විසුරුවා හැරියා. Aileen ගේ ජීවිතය හා දාම ඝාතන පෙළ අලලා සිනමා පට හා වැඩසටහන් රාශියක් නිමවී ඇති අතර ඒ අතරින් Monster නමැති සිනමාපටයේ Aileen ගේ චරිතය රඟ දැක්වීම වෙනුවෙන් Charlize Theron හොඳම නිළියට හිමි Academy හා Golden Globe සම්මාන දිනා ගත්තා. ඊට අමතරව එය දිනා ඇති සම්මාන ගණන 30 කට ආසන්නයි. එමෙන්ම 2021වසරේ Netflix  හී Catching Killers වාර්තාමය ටෙලි මාලාවේ Manhunter: Aileen Wournos ලෙස විනාඩි 40 ක කතාංගයක් Aileen ගේ ජීවිතය හා දාම ඝාතන පෙළ අලලා නිමවී තිබුණා.  

9.Jane Toppan

Jolly Jane යන නමින් හැදින්වුණු මෙම දාම ඝාතිකාව ඉතාම අවිහිංසක, දයාවන්ත කාන්තාවක ලෙස රඟපෑ අයෙක්. වෘතියෙන් හෙදියක වූ Jane “දයාවේ දූතයා” ලෙසත් හැඳින්වුණු අතර, ඇය අයත් වන්නේ  කරුණාවෙන් මිනිසුන් බලාගැනීමට ඉදිරිපත් වී, පිහිටක් නොමැති හා අසරණ ලෙස පෙනෙන පුද්ගලයින් මරා දැමීමේ දාම ඝාතකයින්ගේ ගණයටයි. මව මිය ගිය පවුලක සහෝදරියන් දෙදෙනෙකු සමඟ වැඩුණු ඇයගේ පවුල උමතු බවේ ඉතිහාසයක් දරනවා. දිගින් දිගටම උමතු බැවින් පෙළුණු ඇයගේ පියා වරක් තමාගේම ඇස් පියන් වසා මසා ගෙන තිබෙනවා. යොවුන් වියේදීම ඇයගේ වැඩිමහල් සොයුරිය උමතු නිවාසයකට යැවුණු අතර ඇය සහ අනෙක් සොයුරිය ළමා නිවසකට භාර දී පියා පිටව යනවා. එහි ඔවුන් ගැන සඳහන් වී ඇත්තේ “භයානක නිවසකින් යන්තමින් ගැලවීගත් දරුවන්” ලෙසයි. පසුව හෙදියක වන Jane රෝහල් වල සේවය කල අතර රෝගීන් සමඟ කාලය ගත කරමින්, සිනා වෙමින්, ඔවුන් වැළඳගෙන සිටිමින්, ඔවුන් හා එකම සයනයේ නිදියමින් ඉතාම කරුණාවන්ත හා ප්‍රීතිමත් ලෙස හැසිරීම නිසා ඇය Jolly Jane ලෙස හැඳින්වෙන්නට වුණා. අනතුරුව තමා හා වඩාත් මිත්‍ර වන වයසක සහ දැඩි රෝගී බවෙන් පෙළුණු මිනිසුන් තෝරාගත් ඇය morphine සහ atropine ඔවුන්ට විවිධ මාත්‍රා වලින් එන්නත් කරමින් ඔවුන්ගේ ස්නායු පද්ධතිය ඒවාට ක්‍රියා කරන ආකාරය පරික්ෂා කිරීම සඳහා ඔවුන් පරීක්ෂණාගාර මීයන් ලෙස යොදාගනිමින් මෙම මිනිසුන් මරා දමනු ලැබුවා. ඇයගේ ක්‍රියාවන් හෙළි වීමට පෙර රෝහලෙන් ඉවත් වී පෞද්ගලික හෙදියක ලෙස වැඩ ඇරඹු ඇය strychnine වැනි වස වර්ග ශරීර ගත කරමින් මහලු මිනිසුන්, තරුණ කාන්තාවන් මෙන්ම කුඩා දරුවන්ද ඇතුළුව  මිනිසුන් 12 දෙනෙකු මරා දමා තිබෙනවා. මෙම මිනිසුන් මිය යද්දී ඇය ඔවුන් මිය යන තෙක් තුරුළු කරගෙන ඔවුන්ට ආදරය කරමින් මියයමින් සිටින ඔවුන්ගේ දෑස් වල යළි ජීවිත ආශාව දැල්වෙනු බලමින් ලිංගික උත්තේජනයක් ලැබූ බව උසාවියේදී ප්‍රකාශ කොට තිබෙනවා. තමා තවත් මරණ 30 කට පමණ වගකිව යුතු බව පවසමින් උසාවියේදී උමතු ලෙස හැසිරෙමින්, ඒ ඔස්සේ නිදහස ලැබීමට Jane උත්සාහ දැරුවා. ඇයගේ උත්සාහය යම් පමණකින් සාර්ථක කරමින් ඇයට දඩුවම් ලබා දීමකින් තොරව ඇයව ජීවිතාන්තය තෙක් Taunton උමතු රෝහලේ නේවාසික කිරීමට උසාවිය තීන්දුව ලබා දුන්නා.

10. Enriqueta Martí i Ripollés

The Vampire of Barcelona නමින් හැඳින්වූ මෙම ස්පාඤ්ඤ ජාතික දාම ඝාතිකාව වසර 20 ක් වැනි කාලයක් පුරා කුඩා දරුවන් පැහැරගෙන යමින්, ඔවුන් බලහත්කාරයෙන් ගණිකා වෘතියේ යොදවමින්, මරා දැමු බිහිසුණු කාන්තාවක්. ඇය පැහැරගෙන ආ ඇතැම් ළමුන් මුළුතැන්ගෙයි මේසය මත තබා මස් කපන පිහියෙන් කැබලි කරනු දුටු බව ඇයගේ සිරබාරයේ සිට නිදහස් වූ ළමුන් සාක්‍ෂි දී තිබෙනවා. තමා මායාකාරියක ලෙස හඳුන්වා දෙමින් දරුවන්ගේ රුධිරය පානය කිරීමෙන් ක්ෂය රෝගය සුව කළ හැකි බව පැවසූ ඇය වයසට යෑම නැවැත්වීමට සහ ආයු කාලය දීර්ඝ කිරීමට හැකි ක්‍රීම් සහ අමෘත ද දරුවන්ගේ ශරීර කොටස් වලින් සාදා හොර රහසේ පොහොසත් පවුල් වලට විකිණීමෙන් විශාල මුදලක් උපයා ගනු ලැබුවා. අහාර පෝලිම් වල වෙස් වළාගෙන සිටිමින්, සිඟාකමින්, මහමඟ වැඩිපුර අතහැර දමා සිටින දරුවන් ගැන පරීක්ෂාවෙන් සිටි ඇය ඔවුන් පැහැරගෙන යනු ලැබුවේ සෙනඟ පිරි වීදි වලදීයි. යාතු කර්ම සඳහා යොදා ගැනුණු කුඩා දරුවන්ගේ අස්ථි කොටස් රාශියක් ඇයගේ තට්ටු නිවාසයෙන් සොයා ගැනුණු අතර ඒවා ඇය විසින් මරා දැමුණු දරුවන්ගේ බව විශ්වාස කෙරෙනවා. ඇය 1913 වසරේදී සිරභාරයේදී මිය ගියා. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide