Power cut වෙලාවට අහන්න, අන්ධකාරය ගැන කියැවෙන සිංදු 6 ක්.

By Yesha Fernando

1. Light Na (ලයිට් නෑ) – Kavindu Kariyawasam

ලයිට් නෑ කොහේවත් ලයිට් නෑ
ගෑස් නෑ පුපුරන්නවත් ගෑස් නෑ
ඩොලර් නෑ.. යකෝ ලංකාවට ඇපත් නෑ
ලයිට් නෑ ඕයි එකපාරම ලයිට් නෑ
අපි හාමු ඉතිං එකදිගටම හාමු ඉතිං…


මේක රටේ පවතින වර්තමාන තත්වය වගේම 70 වසරකට අධික පක්ෂ දේශපාලනය රටට සහ අපට කළ විනාශය ලෙසටම කියන සිංදුවක්. Kavindu Kariyawasam විසින්ම පද සහ සංගීතය නිර්මාණය කොට ඔහුම ගායනා කරන මේ අපූරු ගීතයේ හාස්‍ය වගේම ඊට යටින් දිවෙන ඇඩෙන යතාර්ථයත් අපූරුවට ගැබ් වෙලා තියෙනවා. 2021 දෙසැම්බර් මාසේ release වුණත් හරිම අපූරු ගීතයක් වුණත් “කසඩ, කසඩ” ගාල beat එක වදින bus TV  සිංදු වලට තරම්වත් මිනිස්සු මෙහෙව් කාලීන සිංදු වලට උනන්දුවක් දක්වලා නැති බවක් තමයි පේන්නේ. හැබැයි මේක ඔයා ඉල්ලන් දාගත්ත කළුවරේ ඉන්න ගමන් අහන්නම ඕනේ සිංදුවක් කියලා ටක්කෙටම කියන්න පුළුවන්.  ඊට පස්සේ හෙමීට කල්පනා කරලා බලන්නකො ඇයි අපි කළුවරේ ඉන්නේ, අපි ඇත්තටම ඒකට සුදුසුද නැද්ද කියලා.

2. කළුවර – Sajitha Anthoney

වෙස් තට්ටට උඩින් වරෙන්
අයිලෙ යටින් රිංගා වරෙන්
මේ කප අරගන්ඩ වරෙන්
නාග දරණ ඔඩ්ඩි යස්සනී
කළුවර… කළු දෙයියෝ
මල්වර… මල් දෙයියෝ


මේක මේ  විටත් සෑහෙන Youtube views ගණනක් තියෙන singing සහ dancing reality show වල නැතුවම බැරි ගීතයක්. මෙහි කියන්නේ අපේ ජනප්‍රවාදයක් සහ එහිම සබඳතාවන් සහිත වර්තමාන ලෝකයේ අදට පවා සිදුවෙමින් පවතින ඛේදවාචකයක් පිළිබඳවයි. කළුවරේ ගැහැනුන් ගේ ලෙයට ආශාවෙන් පැමිණෙන කළු කුමාර කතාව තමයි මේකට පාදක වෙලා තියෙන්නේ. කොහොමවුණත් ටිකක් ලද බොළඳ ගෑනු ළමයි නම් කළුවරේ ඉඳන් නොබැලුවට කමක් නැති ජාතියේ Video වක් එහෙම සහිත මේ ගීතය කළුවර හා බැඳුනු උසස් රසයක් සහිත ගීතයක්  

3. සැදෑ කළුවර කුර ගගා විත් – Nanda Malani

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා…..

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගෙ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අදුර පමණක් රජ වෙලා……..

මේකෙනම් කියන්නේ ඉතිං දවසක ස්වභාවික අඳුර හා ඒ හා බැඳී එන විරහවේ ශෝකය ගැන. නන්දා මාලනී මහත්මිය ගායනා කරන මේ ගීතය ඇත්තටම වැඩක් කරගන්නත් power cut වෙලාවට මුල්ලක් අල්ලන් මනෝ පාරක් ගහන් අහන්න හොඳම ගීතයක්. හදවත සන්සුන් කරන සංගීතයකින් පෝෂණය වුනු මේ පද මාලාව නන්දා මාලනියගේ හඬින් ගැයෙද්දී මෙච්චර වෙලා අඳුරට සාප කර කර හිටපු ඔබට අඳුර වුනත් ලස්සනට විඳින්න පුළුවන් කියලා දැනෙන්න ගනීවි. කොහොමවුණත් නෝනා ළඟ ඉන්න වෙලාවක නම් මූඩ් ගහගෙන ඔය සිංදුව අහන්න යන්න එපා “දැන් කාගේ පැල්පත ද ඔය දුරස් වෙලා තියෙන්නේ” කියලා අනිවාර්යෙන් අහයි.

4. “Power Cut” by Paul McCartney

There may be a powercut
And the candles burn down low
But something inside of me
Says the bad news isn’t so

I may never tell you
But baby you should know
There may be a miracle
And baby I love you so


ඔබ classic ඉංග්‍රීසි ගීත රසිකයෙක් නම් power cut වෙලාවට එක තැනක වාඩි වෙලා ඉන්න ගමන් අහන්න හොඳ සිංදුවක් තමයි මේ Paul McCartney ගේ Power Cut ගීතය. සමහරවිට power cut එකක් ඇවිත් ඉටිපන්දම් එළි දැල්වෙන්න පුළුවන් වෙලාවක හදවතේ ගොලු වෙලා තියෙන ආදර හැඟීමක් ගැන කියන මේ ගීතය අපිව කෙළින්ම අරගෙන යන්නේ 70 දශකයට. ඒ සංගීතයේ පවා තියෙන්නේ නත්තල වගේ හැඟීමක් ගේන ඒ අපුරු පැරණි ඉංග්‍රීසි ගීත නොස්ටැල්ජියාව.

5. අඳුර අඳුර මගේ – Priya Sooriyasena

අඳුර අඳුර මගේ – සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා….තනිකර එළියේ…
පෙම් එළි විහිදා – නිවා දැමූ පසු..
දුන් නෙත් පීඩා….දනිමී පෙරදා..
සදාකාලිකය – අඳුරේ රැජිනිය..

සිංහල ගීතයේ ලයාන්විත ගී හඬ, කලක් කැසට් පට ලෝකයට නැතිවම බැරි වූ ගායකයෙක් වන ප්‍රියා සූරියසේන ගයන මේ ගීතය එදා මෙදා තුර අතිශය ජනප්‍රිය ගීතයක්. මෙහි කියවෙන්නේ කළුවරට පෙම්බඳින පෙම්වතෙකුගේ ආයාචනයක්. වරක් ප්‍රේමයෙන් හිත බිඳී අඳුර හා තනිව දුක බෙදාගත් ඔහුගේ ජිවිතයට නැවතත් නව ප්‍රේමයක ආලෝකයක් එබෙමින් තිබුණත් සැමදා ළඟ සිටි අඳුරට ඔහු හැරදා නොයන ලෙස ගැයෙන මේ ගීය ඔයාලටත් ඔය කළුවරේ ඉන්න ගමන් මුමුණ මුමුණ ඉන්න හොඳ ගීතයක්.

6. සඳකැන් වැසිලා අඳුරේ වෙළිලා – Victor Rathnayake

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී


ගීත රචනා අතර අග්‍රගන්‍ය ගීත රචනාවන්ගේ හිමිකරු වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචනා කොට වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් හා ගායනයෙන් ලාංකේය ගීත ක්‍ෂේත්‍රයට දායාද වූ කිසිදා ජනප්‍රියත්වය අඩු නොවූ මේ ගීතයද අඳුර හා බැඳුනු ප්‍රේමයේ ශෝකය ගැන කියැවෙන්නක්. පරපුරෙන් පරපුරට පෙම්වතුන් අතින් ගිලිහී නොගිය, සෑම ගායන reality තරඟයකම නොවරදවා ගැයෙන මේ ගීය මිහිරි ශෝකයක් ජනිත කරනවනවා. කෙසේවෙතත් මෙය ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පෞද්ගලික ජීවිතය හා බැඳුනක් බව පවසමින් ගෙතී ඇති කුණු රසයන්ගෙන් යුත් බොරු වලින් මනස පුරවා නොගෙන සැබෑ සංගීතලෝලී හැඟීමෙන් විදින්නේනම් මෙය කළුවරේ පවා ඔබගේ හදවතේ ආලෝකයක් ඇති කරවන තරම් මිහිරි ගීතයක්. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

Yamu Guide.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide