පාරිභෝගික අත්දැකීම පළමුව! ලැප්ටොප් අධිරාජ්‍යයක් ගොඩ නැගීමේ MSI සමාගමේ 20 වසරක සාඩම්බර චාරිකාව!.

ලැප්ටොප් අධිරාජ්‍යයක් ගොඩ නැගීමේ MSI සමාගමේ 20 වසරක සාඩම්බර චාරිකාව!

පාරිභෝගිකයන් වටහා ගැනීම මත ගොඩ නැගුණු උරුමයක්

2024 වසරේදී, MSI ලැප්ටොප් කර්මාන්තය තුළ එහි විසි වසරක විශිෂ්ටත්වය සමරනු ලැබුවා. පසු ගිය විසි වසර පුරාවටම MSI සමාගම එහි එක් මූලික වටිනාකමක් වෙනුවෙන් එක ලෙසම කැපවී තිබුණා. ඒ, පාරිභෝගික අත්දැකීම  යනු වඩාත්ම වැදගත් කරුණ බවයි. “අපට විශිෂ්ට නිෂ්පාදන කළ හැක්කේ පාරිභෝගිකයින්ව වටහා ගැනීමෙන් පමණි” යන, සමාගම ඉදිරියටම ගෙන ගිය විශ්වාසය මඟින් එය සාර්ථකත්වය කරා ගෙන ගියා පමණක් නොව ඔවුන්ගේ පාරිභෝගිකයින්ව MSI හි දිගු ගමන සඳහා අත්‍යාවශ්‍ය බවත්, අගනා බවත් දනවා තිබුණා. මේ සන්ධිස්ථානය සනිටුහන් කිරීම වෙනුවෙන් Eric Cuo, ලැප්ටොප් ව්‍යාපාර ඒකකයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ සහ කළමණාකාරී MSI හී සාඩම්බර චාරිකාවේ පුවත බෙදා ගත්තා. සමාගම මුහුණ දුන් අභියෝගයන් සේම සතුටුදායක අවස්ථාවන්ද සිහි කරමින් උණුසුම සිනාවක්ද මුවග රඳවා ගනිමින් ඔහු මෙසේ පැවසුවා. “අපි තාක්ෂණයේ  අනාගතය හැඩ ගස්වනවා. විශිෂ්ටත්වය උදෙසා වන අපේ කැපවීම සීමාවන් අභිභවමින්, තාක්ෂණයේ නවතම පැතිකඩවල් වැළඳ ගනිමින්, ලැප්ටොප් කර්මාන්තය තුළට නව නිපැයුම් ගෙන ඒමට අපව ගෙන යනු ලැබුවා. විශ්ව විද්‍යාල තුළට පවා ව්‍යාප්ත කොට, අපේ ව්‍යාපාරය තවදුරටත් වැඩි දියුණු කරමින්, තවත් වසර විස්සක කාලයක් පාරිභෝගික අවශ්‍යතා සපුරාලන ආකාරයට නව නිෂ්පාදන සිදු කරමින්, තවදුරටත් පරිගණක ක්‍රීඩාකරණය වෙනුවෙන් ආයෝජනය කිරීම සිදු කරනවා.”

MSI හී ලැප්ටොප් ව්‍යාපාර ඒකකයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ සහ කළමණාකාරී Eric Kuo, සමාගම පිළිබඳ බොහෝ පිරිසක් නොදැන සිටි තතු බෙදාහදා ගත් අයුරු (සේයාරුව MSI මඟින් ලබා දෙන ලද්දකි.)

ගෝලීය ප්‍රදර්ශන සහ සුවිශේෂී අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සමඟින් සැමරෙන විසි වන සංවත්සරය

මේ සුවිශේෂී මොහොතේදී MSI විසින් ඉතා සාඩම්බරයෙන් යුතුව  MSIology: MSI Laptops 20th Anniversary Exhibition මැයෙන් ලෝකය වටා දිවෙන ප්‍රදර්ශන මාලාවක් පවත්වන බව ප්‍රකාශයට පත් කෙරෙනවා. මේ අපූරු ප්‍රදර්ශනය 2024 වසර පුරාවටම කොරියාව, පෝලන්තය, ඉන්දියාව, ඉතාලිය, වියට්නාමය, ජපානය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඇමරිකාව සහ තවත් එවැනි ආකර්ෂණීය ගමනාන්ත වර්ණවත් කරමින් ලොව වටා සංචාරය කරනු ඇති. මේ ප්‍රමෝදජනක අවස්ථාවට එක් වන්නැයි ලොව පුරා විහිදී සිටින MSI ලෝලීන්ට MSI සමාගම ආරාධනය කරනු ලබනවා. 20 වන සංවත්සරය සැමරීම නිමිති කොටගෙන, MSI මඟින් සුවිශේෂී අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්ද දියත් කරනු ලබනවා. ඒ යටතේ ඔබේ ප්‍රියතම MSI නිෂ්පාදන වලට විශේෂ වට්ටම් සහ තවත් දීමනා භුක්ති විඳීමට ඔබට අවස්ථාව හිමි වෙනවා. මේ අවස්ථාව මග නොහැර උපරිම වාසි ලබා ගන්න! සුවිශේෂී දීමනා සඳහා පිවිසෙන්න: https://in.msi.com/Promotion/laptops-20th-anniversary-lk  

20 වැනි සංවත්සරයට හා ඉන් ඔබ්බට: MSI ලැප්ටොප් 20 වැනි සංවත්සර ප්‍රදර්ශනය, 2024 වසර පුරා ලොව වටා ගමන් කෙරෙන සංචාරය ඇරඹේ. 

ගේමිං ලැප්ටොප් වල නැගී ඒම සහ අභියෝග කළමණාකරණය

1986 දී ආරම්භ කරන ලද MSI සමාගමේ දිගු ගමන, අභියෝග හමුවේ නොසැලී රැඳී සිටීමින්, ඒ ඒ අවස්ථා වලට මනා ලෙස අනුවර්තනය වීම පිළිබඳ සැබෑම සාක්ෂ්‍යයක්. මදර්බෝඩ් සහ ග්‍රැෆික් කාඩ් සමඟ MSI හී ආරම්භය සනිටුහන් වුවත්, ඔවුන්ගේ මේ ක්ෂේත්‍රය තුළ නමක් දිනා ගැනීමට MSI සමාගමට හැකි වුණේ නිපුණත්වය නිසාමයි.  පරිගණක කර්මාන්තය තුළ විවිධත්වයෙන් යුතු විභවයක් සහිත වීම මෙම සමාගම notebook සහ පද්ධති දක්වාත් ව්‍යාප්ත වීමට හේතු වුණා. 2004 වර්ෂයේදී ඔවුන්ගේ ප්‍රථම ලැප්ටොප් පරිගණකය වූ M510C නිකුත් කෙරුණේ ඔවුන්ගේ ලැප්ටොප් development ගමනේ ආරම්භය සනිටුහන් කරමින්. එහෙත් ඔවුන්ගේ ගමන එතරම් සුමට වූයේ නැහැ. ඔවුන්ගේ තැනින් තැනට පහසුවෙන් ගෙන යා හැකි, සැහැල්ලු, ලැප්ටොප් පරිගණක වෙළෙඳපොළ ආක්‍රමණය කරනු ඇතැයි MSI සමාගම දැඩිව අපේක්ෂා කළා. මෙය, එවකට වෙළෙඳපොළේ පැවති සිහින්ම ලැප්ටොප් පරිගණකය නිර්මාණය කිරීමට පාදක වුණා. එහෙත්, smartphones සහ tablets වල ක්ෂණික නැගී ඒම වෙළෙඳපොළ රටාවන් බෙහෙවින් වෙනස් කළේ, MSI සමාගමට විශාල අභියෝගයකට මුහුණ පාමට සලස්වමින්. එහෙත් MSI  සමාගමේ අනාගතයම වෙනස් මඟකට ගෙන යමින්, එහි අධිෂ්ඨානය සහ අභියෝග හමුවේ නොසැලී රැඳී සිටීමේ හැකියාව, ඔවුන්ව වෙනස් උපාය මාර්ගයක් භාවිතා කිරීමට යොමු කරවනු ලැබුවා. 

එහෙත්, අභියෝග තුළින් නව අවස්ථා ගෙන එනු ලබනවා. පාරිභෝගිකයින්ගේ සැබෑම අවශ්‍යතා මොනවාදැයි නැවත සිතා බැලීමට මේ දුෂ්කරතා සියල්ල නිසා MSI සමාගමට අවස්ථාව සැලසුණා. එම අවධියේදී World of Warcraft නමැති පරිගණක ක්‍රීඩාව අතිශයින් ජනප්‍රියව පැවති බව එරික් ආවර්ජනය කළා. විදේශ LAN සාදයකට සහභාගී වූ අවස්ථාවකදී, පරිගණක ක්‍රීඩාකරණයේ යෙදුණු පිරිස් විශාල පරිගණක එම අවස්ථාවට ඔසවා ගෙන එනු ලබන බව ඔවුන්ට නිරීක්ෂණය වුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ  ප්‍රමාණයෙන් කුඩා එහෙත් ක්‍රියාකාරීත්වයෙන් ඉහළ පරිගණකයන්. MSI සමාගම වෙළෙඳපොළේ පැවති මේ විභවය හඳුනාගෙන, මිල ගණන් ආශ්‍රිතව පැවතුණු ගැටලු වලින් බැහැරව වටිනාකමෙන් ඉහළ ගේමිං ලැප්ටොප් වැඩි දියුණු කිරීමට (develop) අවධානය යොමු කළා. පරිශීලකයින්ගේ අවශ්‍යතා වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඒවාට අනුරූපව නිෂ්පාදන සිදු කරමින්,  පරිශීලකයින්ගේ ඉල්ලුමට නියමාකාරයෙන් සරිලන පරිදි MSI සමාගම විසින්, ගේමිං ලැප්ටොප් එකකට පසු එකක් ලෙස වෙළෙඳපොළට නිකුත් කළා. මේ උපාය මාර්ගය තුළින් ‘MSI ලැප්ටොප් අධිරාජ්‍යය’ ගොඩ නැංවුණා. 2015 වන විට ලෝක ගේමිං ලැප්ටොප් වෙළෙඳපොළේ කොටස් ඉහළම ප්‍රමාණයක් MSI සතු වුණා.

MSI ලැප්ටොප් ව්‍යාපාර ඒකකයේ ගෝලීය ව්‍යාපාර හා අලෙවිකරණ නියෝජ්‍ය සභාපති, ▼Derek Chen, පාරිභෝගිකයින්ව වටහා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළා.

“හොඳ නිෂ්පාදන කිරීමට නම් ඔබ ක්‍රීඩාකරණයේ යෙදෙන අයව හඳුනාගත යුතුයි.”

නවෝත්පාදන හරහා නිෂ්පාදන පුළුල් කිරීම

MSI ලැප්ටොප් ව්‍යාපාර ඒකකයේ ගෝලීය ව්‍යාපාර හා අලෙවිකරණ නියෝජ්‍ය සභාපති, Derek Chen ද අදහස් දැක්වුවා.  සපුරාම වෙනස් ක්ෂේත්‍රයක සිට ගේමිං වෙළෙඳපොළට මාරු වීම සමාගමේ අභ්‍යන්තර පරිවර්තන වලට සැලකිය යුතු අභියෝගයක් වුණා. පරිගණක ක්‍රීඩාකරණය යනු අනාගතය බව සමාගමේ සේවක පිරිසට ඒත්තු ගන්වන්නට සමාගමට සිදුවුණා. මේ අභියෝගය සාර්ථකව ජය ගැනීම සඳහා, පරිගණක ක්‍රීඩාකරණයේ ස්වාභාවය සහ සමාජ මාධ්‍ය තුළ එහි නවතම ප්‍රවණතා පිළිබඳ වටහා ගැනීමට සියලු දෙනාට උපකාර වීම පිණිස සමාගම විසින් දේශන හා පුහුණු සැසි පවත්වනු ලැබුවා. මෙය සාම්ප්‍රදායික පරිගණක පර්‍යේෂණ හා වැඩි දියුණු කිරීමට (development) අතිශයින්ම වෙනස් දෙයක් වුණා. මේ සියලු වෑයම් වලින් පසුව සමාගමේ සේවක පිරිස live-streaming සහ පරිගණක ක්‍රීඩාකරණයේ යෙදෙන අනෙක් ක්‍රීඩකයකන් සමඟ ඔන්ලයින් සම්බන්ධ වීමත් සිදු වුණා. තම තමාගේ වැඩ කටයුතු ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලබා ගෙන, සියලු දෙනාගේ සිත් තුළ  MSI සන්නාමය රඳවන්නටත් මේ ඉගෙනුම් ක්‍රියාවලියෙන්  සේවක පිරිසට උපකාර වූ අතර මේ හරහා ගනුදෙනුකරුවන් හා පාරිභෝගිකයින්ට ධනාත්මක බලපෑමක්ද ඇති වුණා.

නිර්මාණකරණය හා නිෂ්පාදනයක් සිදු කිරීම පිළිබඳ කතා කිරීමේදී, නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් කරන විට පාරිභෝගික අවශ්‍යතා හා වෙළෙඳපොළ සාධ්‍යතාව ගැන ගැඹුරු අධ්‍ය‍යනයක් කිරීම අතිශයින්ම තීරණාත්මක බව ඩෙරෙක් පැහැදිලි කළා. මේ කාලසීමාව වෙනස් විය හැකි වුවත්, තම ගමන් දිශාව තහවුරු වූ පසුව, නිෂ්පාදන සංකල්පයේ සහ software සහ hardware නිර්මාණකරණයේ සිට, සමාගමේම කර්මාන්ත ශාලා වල නිෂ්පාදනය කිරීම දක්වා සෑම දෙයක්ම පාලනය කළ හැකි වීම  MSI සමාගමට ත්ෘප්තිමත් දෙයක් වුණා. 

පොදු වටිනාකම් හරහා  ඉපදුණු අත්වැල් බැඳ ගැනීමක්: MSI සහ Mercedes-AMG Motorsport

මෑතකදී කැපී පෙනුණු ලැප්ටොප් පරිගණක එසේ කැපී පෙනීමට වැදගත්ම කරුණක් වූයේ Mercedes-AMG සමඟ අත්වැල් බැඳ ගැනීමයි. සමාගම් දෙකටම පොදු වටිනාකම් තිබීමත්, එකට එක්ව කුමක් හෝ සුවිශේෂී නිර්මාණයක් කිරීමට අවැසි වූ නිසාත් කොරෝනා වසංගත සමයට පෙර මේ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර තිබුණා. විවිධ ප්‍රමාද වීම් අතරේ වුවත්, එම සාකච්ඡාවන්, 2022 වසරේදී නැවත ආරම්භ වී ඇති අතර AMG මේ සඳහා වෙනත් හවුල්කරුවෙකු සම්බන්ධ කරගෙන තිබුණේ නෑ. MSI සමාගමේ නවෝත්පාදක තාක්ෂණය හා ඉහළ කාර්‍යක්ෂමතාව නිසා, මෙම සමාගම් දෙක, ඒවායේ සන්නාම දෙකෙහි දැක්මවල් වල විශිෂ්ටත්වයන් සංයෝජනය කරමින් ඉතාම සාර්ථකව Stealth 16 Mercedes-AMG Motorsport A13V ලැප්ටොප් පරිගණකය නිර්මාණය කරනු ලැබුවා. මේ පරිගණකය සම්මාන රැසක් දිනාගත්තේ තම තමන්ගේ වටිනාකම් වලට අවංක වීම සෑම විටම ගෞරවනීය දෙයක් ය යන විශ්වාසය නැවත නැවත තහවුරු කරමින්. 

මෑතකදී සමාගම විසින් ලබා ගත් ඉහළම ජයග්‍රහණයක් වූයේ Mercedes-AMG සමඟ එක්ව නිර්මාණය කළ limited-edition collaboration laptop පරිගණකයයි. 

පරිගණක ක්‍රීඩාකරණයේ යෙදෙන්නන් අතර, පරිගණකයක් තැනින් තැන ගෙන යාමේ පහසුවට වැඩි වෙමින් පවතින ඉල්ලුමට ප්‍රතිචාරයක් වශයෙන් MSI සමාගම විසින් මෑතකදී Claw ගේමිං හෑන්ඩ් හෙල්ඩය එළි දැක්වූවා. නව තාක්ෂණය, ඉහළ කාර්‍යක්ෂමතාවක් සහිත උපකරණ වලට කුඩා ඉඩක් තුළ සංගත වීමට ඉඩ සලසන බවත්, එමඟින් MSI සමාගමට එහි පෙර වාසි වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නන්ගේ අවධානය සාර්ථකව දිනා ගැනීමට හැකි වූ බවත් Derek විශ්වාස කරනවා. 

පරිගණක ක්‍රීඩාකරණයේ යෙදෙන්නන්ට ඕනෑම වෙලාවක එම ක්‍රීඩා වල යෙදෙමින් විනෝද වීමට ඉඩ සලසමින්, ඉහළ කාර්‍යක්ෂමතාවක් සහිත උපකරණ කුඩා උපාංගයක් තුළ ඇසිරූ ගේමිං හෑන්ඩ් හෙල්ඩ එළි දැක්වීම මෑතකදී MSI සමාගම විසින් ආරම්භ කරනු ලැබුවා. 

ගේමිං වලින් ඔබ්බට: එකිනෙකට වෙනස් නිෂ්පාදන සමඟින් අත්දැකීම් පුළුල් කර ගැනීම

සුප්‍රසිද්ධ තාක්ෂණ සඟරාවක් වන PCMAG මඟින් පවත්වනු ලබන “Reader’s Choice” මනාප විමසීමෙන් පිට පිට වසර හතරකදීම හොඳම ලැප්ටොප් සන්නාමය යන ශීර්ෂය දිනා ගැනීමට MSI සමාගමට හැකි වුණා. එක් අවස්ථාවකදී ඇපල් සමාගමත් අභිභවා යමින්, MSI සමාගම දශක දෙකක් මුළුල්ලේ තම සුපිරි කාර්‍යක්ෂමතාව හා වටිනාකම් විදහා දැක්වූවා. එසේම MSI විසින් මෙම කාර්‍යක්ෂමතාව හා නිර්මාණශීලිත්වය හා නවෝත්පාදනය පදනම් කරගත් සන්නාම සාරය නිරන්තරයෙන් තිළිණ කරන්නේ එම පරිශීලකයින්ට සුඛෝපභෝගී අත්දැකීම් ලබාදෙමින්. 

gaming laptop වලට ඔබ්බෙන් MSI, වෙනත් ක්ෂේත්‍ර වලටද ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඔවුන්, නිර්මාණකරුවන්ට (creators) තම තමන්ගේ නිර්මාණශීලීත්වය ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවකදී එළිදැක්වීමට ඉඩ සලසමින්, ඉහළ කාර්‍යක්ෂ්මතාවක්, නිරවද්‍යතාවක් හා බහුකාර්‍ය හැකියාවන් සහිත ‘Creator’ නමැති  දුන්නා. සමගාම විසින් Business and Productivity පරිගණක මාලාව හඳුන්වා දෙන්නේ කාර්‍යක්ෂමතාව, පරිගණකය තැනින් තැනට රැගෙන යෑමේ පහසුව සහ දත්ත වල ආරක්ෂාව යන කැපී පෙනෙන features සහ ව්‍යාපාර පරිසර සමඟ එම පරිගණක වලට අනුකලනය වීමට ඒවාට ඇති අසීමිත හැකියාව සංයෝජනය කරමින්.  

MSI සමාගමේ අභ්‍යන්තර වටිනාකම්: සුඛෝපභෝගී සංකල්පමය මූලධර්ම, උපරිම කාර්‍යක්ෂමතාව සහ නවෝත්පාදක තාක්ෂණය

20 වසරක ඉතිහාසය පුරාවටම MSI සමාගම එහි අභ්‍යන්තරික වටිනාකම් 3 ක් වෙනුවෙන් කැප වුණා. 

  • සුඛෝපභෝගී සංකල්පමය මූලධර්ම: MSI සමාගම විසින්, ලැප්ටොප් පරිගණක හුදෙක් පරිගණක උපාංග වලට වඩා ඉහළ තලයකට ඔසවා තැබුවා. Fujiwara සහ Mercedes-AMG Motorsport වැනි නව ප්‍රවණතා නිර්මාණය කරන්නන් සමඟ අත්වැල් බැඳ ගැනීම හරහා MSI laptop පරිගණක සුඛෝපභෝගීත්වයෙන් හා විලාසිතා වලින් පුරවාලන්නට සමත් වුණා. 
  • උපරිම කාර්‍යක්ෂමතාව: MSI සමාගම, ඉහළ ඉල්ලුමක් ඇති කරවන පරිශීලකයින්ට අසීමාන්තික ප්‍රබලත්වයක් සහිත නිෂ්පාදන ලබා දෙමින්, උපරිම කාර්‍යක්ෂමතාව සොයා යන අඛණ්ඩ ගමනක නිරත වෙනවා.
  • සහ නවෝත්පාදක තාක්ෂණය: ලැප්ටොප් ලෝකයේ හැකියාවන් වල සීමා මායිම් වලින් නිරන්තරව ඔබ්බට යමින්, MSI නවතම  තාක්ෂණය හා වැළඳ ගනු ලබනවා. 

සුඛෝපභෝගී ගේමිං අත්දැකීමක් සමඟ MSI ලැප්ටොප් 20 වන සංවත්සරයේ තවත් පුවත් සඳහා පිවිසෙන්න:  https://youtu.be/U78jVX-u44k?si=NZf8SLtXZnMXFgic

නවෝත්පාදන සමඟ අනාගතයට පිය නැගීම

සමාගම විසින් ඔවුන්ගේ පාරිභෝගිකයින් වෙනුවෙන් සිදු කරන  කැපවීම නිෂ්පාදන වැඩි දියුණු කිරීමෙන් ඔබ්බට යැවෙන්නක්. සමාගම, එතුළ සිදු වන නිෂ්පාදන ක්‍රියාවලීන් තුළට පරිසර හිතකාමී ප්‍රතිපත්ති මුසු කරන්නේ, පරිසරයට සිදුවන බලපෑම් අවම කරමින් සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරමින්. අනාගතය පිළිබඳ අවධානය යොමු කිරීමේදී, MSI සමාගම ක්‍රමයෙන් වෙනස් වීම් වලට බඳුන් වන පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා වලට සරිලන පරිදි නිෂ්පාදන සිදු කිරීමට කැප වන්නේ නවෝත්පාදන හා විශිෂ්ටත්වය සඳහා වන උරුමය ඉදිරියටම ගෙන යමින්.

වසර පුරාම ලබාදෙන විශේෂ දීමනා සහ එළිදක්වන අලුත්ම නිෂ්පාදන ගැන දැන ගැනීම සඳහා රැඳී සිටින්න. සීමා මායිම් බිඳගෙන යමින්, නව තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා සිදු කරන මේ කැප කිරීමේදී වසර විස්සක් යනු ආරම්භයක් පමණයි. වෙළෙඳපොළට තව තවත් අපූර්ව නිෂ්පාදන ගෙන ඒම සඳහාත්, තවත් දශක ගණනාවක් නවෝත්පාදනයෙන් බල ගන්වන්නටත් අපි නිරතුරුව වෙහෙසෙන්නෙමු! 

MSI ලැප්ටොප් 20 වෙනි සංවත්සරය සඳහාම වන ප්‍රවර්ධන වැඩසටහන්:  https://in.msi.com/Promotion/laptops-20th-anniversary-lk

MSI Laptop 20th Anniversary: https://msi-laptop-story.msi.com/en

MSI Laptop 20th Anniversary Exclusive Promotion: https://in.msi.com/Promotion/laptops-20th-anniversary-lk

MSI Studio Laptops: https://www.msi.com/Laptops/NVIDIA-Studio

MSI Gaming Series Facebook:  https://www.facebook.com/MSIGamingSriLanka/

MSI Business Series Facebook:  https://www.facebook.com/MSISriLanka/ 

MSI Instagram:  https://www.instagram.com/msigaming_lk 

MSI YouTube: https://www.youtube.com/@MSI/featured

MSI Twitter: https://twitter.com/msitweets/

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide