ගෙදර ඉන්න මේ දවස්වල නෙට්ෆ්ලික්ස් ගිහින් බලන්න.. වෙනස් වෙනස් ඉංග්‍රීසි චිත්‍රපටි 10ක්!.

මේ දවස්වල කට්ටියට තියන ලොකු ම ප්‍රශ්නේ, ගෙදර ඉඳල කරන්න දෙයක් නැතිකම. ඉතින් ඔන්න අපි හිතුවා ඕගොල්ලන්ට බලන්න හොඳ ඉංග්‍රීසි චිත්‍රපටි දහයක් හඳුන්වල දෙන්න. මේවා අපි රැන්ඩම්ලි තෝරගත්ත, එකිනෙකට වෙනස්, විවිධ තේමාවලට අනුව හැදුණු, 2000 දශකයෙන් පස්සෙ රිලීස් වුණු චිත්‍රපටි. මේ හැම එකකට ම පොදු ගුණාංගය තමයි, ඔළුව අවුල් කරගන්නෙ නැතුව කූල් එකේ බලන්න පුළුවන් වීම.

ඒ වගේ ම, මේ ඔක්කොම ඕගොල්ලන්ට ලේසියෙන් ම නෙට්ෆ්ලික්ස් එකේ හොයාගන්න පුළුවන්.

Begin Again (2013)

සංගීතමය ෆිල්ම්ස්වලට කැමැති අයට හරි යන ෆිල්ම් එකක් තමයි බිගින් අගේන්. ජෝන් කානේ විසින් අධ්‍යක්ෂණය කරපු මේක මුලින් ම 2014 අවුරුද්දේ ජර්මනියෙදි තමයි රිලීස් කළේ. කඩා වැටෙමින් තියන රෙකෝඩ් ලේබල් එකක අයිතිකාරයෙකුට, පෙම්වතා හැර ගිය ගෑනු ළමයෙක් හම්බ වෙනවා. මේ ගෑනු ළමයත් සංගීතයට සම්බන්ධයි. ඉතින් මේ දෙන්නා එකතු වෙලා අලුත් විදිහක ඇල්බම් එකක් නිර්මාණය කරන ආකාරය තමයි ෆිල්ම් එකෙන් කියවෙන්නෙ. ඒ අතරෙ එයාලගෙ පෞද්ගලික ජීවිතවල හැලහැප්පීම් සිද්ධ වෙන විදිහ සහ ඔවුන් ඒවාට මූණ දෙන විදිහත් දැකගන්න පුළුවන්.

The Social Network (2010)

සෝෂල් නෙට්වර්ක් කියපු ගමන් මුලින් ම මතක් වෙන්නේ ෆේස්බුක් නේ. ඔව්, මේ තමයි ෆේස්බුක් එකේ කතාව. මාක් සකර්බර්ග් සහ ඔහුගේ පන්ති සගයන් එකතු වෙලා ෆේස්බුක් ආරම්භ කරපු ආකාරය සහ ඒ ඔස්සේ පැන නැඟුණු ආන්දෝලනාත්මක සිද්ධි දාමයක් මෙයින් බලාගන්න පුළුවන්. 2010 වසරේ තිරගත වීම ඇරඹුණු මේක ඩේවිඩ් ෆින්චර්ගේ අධ්‍යක්ෂණයක්.

Earthquake Bird (2019)

මේක ටිකක් අමුතු කතාවක්. ටිකක් ස්ලෝ ෆිල්ම් එකක් වුණත් කුතුහලය උපරිමයි. අයිති වෙන්නේ සයිකොලොජිකල් ත්‍රිලර් ගණයට. වොෂ් වෙස්ට්මෝලන්ඩ් විසින් අධ්‍යක්ෂණය කෙරුණ මේ ෆිල්ම් එක 2019 තමයි රිලීස් වුණේ. එක්දාස් නමසිය අසූ ගණන්වල ජපානයේ හට ගත්ත තුන්කොන් ප්‍රේමයක අවසානය සිද්ධ වුණ ආකාරය ගැනයි ෆිල්ම් එක ගෙතිලා තියෙන්නේ. 

The Pursuit Of Happyness (2006)

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත කරන්නෙ අපි කවුරුත් ආදරේ කරන විල් ස්මිත් සහ ඔහුගේ පුතා ජේඩ්න් ස්මිත්. ගාබ්‍රියෙල් මචිනෝ අධ්‍යක්ෂණය කරපු මේකෙන් කියවෙන්නෙ, ඉන්න හිටින්න තැනක් පවා අහිමි වුණු තාත්තෙකුයි පුතෙකුයි ගෙනියන ජීවිත සටන ගැනයි. 2006 අවුරුද්දෙ රිලීස් වුණ මේ චිත්‍රපටියේ රංගනය වෙනුවෙන් විල් ස්මිත්, ඔස්කා සහ ගෝල්ඩන් ග්ලෝබ් හොඳ ම නළුවා සම්මානවලට නිර්දේශ වුණා.

Snowden (2016)

අහල තියනව නේද එඩ්වඩ් ස්නෝඩන් ගැන? ඇමරිකාවේ නැෂනල් සෙකියුරිටි ඒජන්සි එක අවසරයකින් තොරව සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලික ජීවිතවලට එබී බලමින් ඉන්න බව ලෝකයට අනාවරණය කළේ ඔහු. ඔහුගේ අනාවරණය මහා ආන්දෝලනයකට තුඩු දුන්නා වගේ ම, ඔහුගේ ජීවිතය පවා අනතුරේ හෙළුවා. ඉතින් මේ සැබෑ එඩ්වඩ් ස්නෝඩන් ගැන කියවෙන චිත්‍රපටියට ඔලිවර් ස්ටෝන් අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ප්‍රදර්ශනය ඇරඹුණේ 2016 දි. 

Perks Of Being A Wallflower (2012)

2012 දි ප්‍රදර්ශනයට විවෘත වුණු මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ ස්ටීවන් ච්බොස්කි. උසස් පාසලක ඉගෙනගන්න චාලි, ඔහුගේ ව්‍යාකූල මානසික ස්වභාවය තියෙද්දි ම මිතුරන් ඇති කරගන්න ආකාරය ගැනයි ෆිල්ම් එකෙන් කියවෙන්නෙ. ඕගොල්ලෝ ආදරේ කරන එමා වොට්සන් එහෙමත් රංගනයෙන් දායක වෙන නිසා මේක මඟ ඇරගන්න එපා.

To All The Boys I've Loved Before (2018)

මෑතකදි රිලීස් වුණ ජොලි ම, සැහැල්ලු ම ෆිල්ම් එකක්. 2018 රිලීස් වුණ මේ ෆිල්ම් එකේ දෙවැනි කොටස මේ අවුරුද්දේ නිකුත් වුණා. ටීන් රොමෑන්ස් ගණයට අයිති වෙන මේකේ ඇතුළත් වෙන්නේ පීටර් කැවින්ස්කි සහ ලාරා ජීන් අතර ඇති වෙන නව යොවුන් ආදර කතාව. අධ්‍යක්ෂණය කළේ සූසන් ජොන්සන්. ආරංචි විදිහට මේකේ තුන්වෙනි කොටසකුත් ඉදිරියේදි එන්න නියමිතයි. ඉතින් මතක ඇතුව කොටස් දෙක ම බලන්න.

Eternal Sunshine Of The Spotless Mind (2004)

තමන්ගේ කලින් ප්‍රේම සම්බන්ධයෙ මතකයන් වෛද්‍ය විද්‍යානුකූලව ඔළුවෙන් ඉවත් කරපු ජෝඩුවක්, නොදැනුවත්ව ම නැවතත් එකිනෙකා සමග ප්‍රේමයක පැටලීම ගැනයි මේ අමුතු කතාව. 2004 රිලීස් වුණ මේක අධ්‍යක්ෂණය කළේ මිචෙල් ගොන්ඩ්‍රි. විසි එක් වෙනි සියවසේ නිර්මාණය වුණු හොඳ ම ෆිල්ම්ස් අතරින් එකක් විදිහට විචාරකයන් මේක නම් කරනවා.

Into The Wild (2007)

ෂෝන් පෙන් විසින් අධ්‍යක්ෂණය කෙරුණ ඉන්ටු ද වයිල්ඩ්, ලෝකය පුරා සිනමාලෝලීන්ගේ ආදරයට පාත්‍ර වුණු සුප්‍රකට චිත්‍රපටියක්. ක්‍රිස්ටෝෆර් මැක්කැන්ඩ්ල්ස්ගේ සැබෑ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ මේක, නාගරික සැපපහසු ජීවිතය අතහැරලා ජීවිතේ සැබෑ සතුට හොයාගෙන වනගත වෙන්නෙකු ගැන කියැවෙන්නක්. රිලීස් වුණේ 2017 අවුරුද්දේ. මේක කිසිවෙක් අතපසු නොකළ යුතු ෆිල්ම් එකක් කියලයි විචාරකයන් කියන්නේ.

The Perfect Date (2019)

සුන්දර යොවුන් කාලය මතක් කරන අපූරු ෆිල්ම් එකක්, ද පර්ෆෙක්ට් ඩේට්. 2019 වසරේ රිලීස් වුණ මේක අධ්‍යක්ෂණය කළේ ක්‍රිස් නෙල්සන්. ඩේටිං ඇප් එකකින් ජීවිතය ජයගන්න හදන බ්රූක්ස් ගැන කියවෙන මේ ෆිල්ම් එකත් ටීන් රොමෑන්ස් ගණයට තමයි අයිති. To All the Boys I've Loved Before ෆිල්ම් එකේ ඉන්න නෝවා සෙන්ටිනියෝ ම තමයි මේකෙත් ප්‍රධාන චරිතයට පණ දෙන්නේ. ඉතින්, හිනා වෙවී කූල් එකේ බලන්න තමයි තියෙන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

AMARI COLOMBO CELEBRATES ONYX HOSPITALITY GROUP’S 60TH ANNIVERSARY WITH A YEAR-LONG CAMPAIGN OF CURATED EXPERIENCES

Amari Colombo proudly marks the 60th Anniversary of ONYX Hospitality Group with the launch of

Highlights Trending

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

City of Dreams Presents Chef Suresh Pillai’s Exclusive Takeover at Indiya

The celebrated culinary visionary brings an immersive Kerala coastal tasting experience to Cinnamon Life at

Highlights Trending

The BLAC – Bagatelle

Written by Fathima Rukaiya, Tucked away in the heart of Colombo, BLAC Bagatelle is more

Highlights Trending

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide