ලෝකේ රෝමාන්තික ම නගර 8ක්...

සෝලෝ ට්‍රැවල් නැත්තං තනියම ගිහින් සංචාරය කරන්න ලෝකේ සමහර තැන් හොඳයි තමයි. ඒත් සමහර නගර තියනවා පාට්නර් කෙනෙක් එක්කගෙන ගියේ නැත්නම් මොන අපරාදයක් ද කියල හිතෙන. මේ තියෙන්නේ අන්න ඒ ජාතියේ, ලෝකේ රෝමාන්තික ම නගර දහය…

පැරීසිය

ලෝකේ රොමැන්ටික් ම නගරේ ප්‍රංශයේ අගනුවර පැරීසිය කියල නොදන්න කෙනෙක් නෑනේ. අයිෆල් කුලුන, ලූවර් කෞතුකාගාරය, නෝත්‍රඩෑමය වගේ ලස්සන තැන් ගොඩකින් පිරුණ පැරීසිය පෙම්වතුන්ගේ පාරාදීසය කියලයි කතාවට කියන්නෙ. රාත්‍රියට විදුලි එළියෙන් ආලෝකමත් වුණාම තමයි පැරීසියේ සුන්දරත්වය වැඩි වැඩියෙන් ඉස්මතු වෙන්නේ.

රෝමය

රෝමය කියපු ගමන් මැවෙන්නේ මනස්කාන්ත ගෘහ නිර්මාණ ශිල්පයකින් සමන්විත ඉපැරණි ගොඩනැඟිලි රාශියක්. රෝමය කියන්නේ ඉතාලියේ අගනුවර. බොහෝ ඈතට දිවෙන ඉතිහාසයක් තියන රෝමයේ කොලෝසියම් එක, සාන්ත පීතර බැසිලිකාව වගේ තැන් සංචාරක ආකර්ෂණය දිනාගන්නවා. යුවළකට සංචාරය කරන්න හොඳ ම නගරයක් විදිහට රෝමය හැඳින්වෙන්නේ විශේෂයෙන් ම එහෙ තියන රිලැක්ස් ගතිය නිසා.

විල්නියස්

ලිතුවේනියාවේ අගනගරය වන විල්නියස් නුවරත් ප්‍රකට වෙන්නේ එහි මධ්‍යකාලීන පැරණි නගරයේ තියන විස්මිත ගෘහ නිර්මාණ ශිල්පය නිසයි. ආගමික පසුබිමක් සහිත ඉතිහාසයකින් යුතු මේ නගරයේ වැව්, මල් උයන්, කලාගාර වගේ ම දර්ශනීය හෝටල් සහ අවන්හල් රාශියක් තියනවා. 

වැනීසිය

‘වැනීසියේ වෙළෙන්දා’ කියවපු අයට නම් අමතක වෙන්න විදිහක් නෑ මේ නගරේ. ඉතාලියේ වැනීසිය කියන්නේ වැඩිය පාරවල් නැති, ඇළ මාර්ග හරහා ප්‍රවාහනය සිදු වෙන, දූපත් රාශියක් මත නිර්මාණය වුණු වෙනස් විදිහේ නගරයක්. හැන්දෑවට ඉර බැහැගෙන ගිහින් අහස පාට පාටින් හැඩ වෙන විදිහ බලලා, රාත්‍රියට අඩ අඳුරු අවන්හලකට ගොඩ වෙලා ඉටිපන්දම් එළියෙන් ආලෝකමත් වුණු රාත්‍රී ආහාර වේලක් භුක්ති විඳින්න, වැනීසියේ සංචාරය කරන පෙම්වතුන් පුරුදු වෙලා ඉන්නවා.

කියෝතෝ

කියෝතෝව තියෙන්නේ ජපානේ. ‘මළගිය ඇත්තෝ’ කියවපු අයට මතක ඇති නේ. කියෝතෝවේ විශේෂත්වය තමයි බලන බලන අත තියන මල් උයන්. ඒ වගේ ම බෞද්ධ විහාරස්ථාන. සාම්ප්‍රදායික ක්‍රමයට නිර්මාණය කරපු ලීයෙන් හැදුණු ගෙවල්. යුනෙස්කෝව මඟින් ලෝක උරුමයන් විදිහට නම් කරපු වටිනා කියන තැන් රාශියකුත් කියෝතෝවේ තියනවා. සහකාරයා හෝ සහකාරිය එක්ක කවදා හරි දවසක ඇවිදලා බලන්න වටින තැනක් මේ…

බුවනෝස් අයර්ස්

මේ ආජන්ටිනාවේ අගනුවර. බහුසංස්කෘතික නගරයක් කියල හඳුන්වන්න පුළුවන්. ප්ලාසා ඩි මායෝ වගේ සංචාරකයන් නිතර ගැවසෙන වටින කියන තැන් ගොඩක් බුවනෝස් අයර්ස්වල තියනවා. ගියොත් හැන්දෑකරේ දිහාට පාට්නර් එක්ක පාක් එකක බංකුවක වාඩි වෙලා වටපිට සිරි නරඹන්න වගේ ම රෑට පුංචි මත්පැන් සාදයකට එක්කහු වෙන්නත් පුළුවන්.

මරාකෙච්

ඇට්ලස් කඳුවැටි වගේ ම සහරා කන්තාරෙත් සුන්දර දසුන් දකින්න පුළුවන් මරාකෙච්වලට ගියොත්. මේ නගරය මොරොක්කෝවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක්. සෙනඟ පිරුණ වෙළෙඳපොළවල්, මුස්ලිම් දේවස්ථාන, මාලිගා සහ මල් උයන් පිරුණ, පාම් ගස්වලින් වැහුණ දර්ශනීය නගරයක්.

ඉස්තාන්බුල්

තුර්කියේ ඉස්තාන්බුල් නුවර ප්‍රසිද්ධ, ඉහළ සංස්කෘතික වටිනාකමකින් හෙබි තැනක් විදිහට. යුරෝපය සහ ආසියා මහාද්වීප වෙන් වෙන ස්ථානය බලාගන්නත් පුළුවන් මේ නගරෙදි. ඉර බැහැගෙන යන අලංකාරය දකින්න පුළුවන් හොඳ ම නගරයක් විදිහටත් මෙහෙ ප්‍රසිද්ධයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide