පෙම්වතුන්ගේ දිනය දා බලන්න.. පහුගිය දශකයේ නිර්මාණය වුණ, වෙනස් ආදර කතා රැගත් චිත්‍රපට 10ක්.

පෙබරවාරි 14 උදා වෙනකං පෙම්වතුන් නං ඉන්නෙ නොඉවසිල්ලෙන්. තමන්ගෙ පෙම්වතා , පෙම්වතිය එක්ක වැලන්ටයින් දිනය සමරන එක දැන් උපන්දිනය සමරනවා තරම් ම සුලබ දෙයක් වෙලා. හැම දෙයක් වෙනුවෙන් ම දින වෙන් කරලා තියන එකේ ආදරේ වෙනුවෙන් දිනයක් වෙන් කළාම මක් වෙනවද නේද?

හැබැයි පෙම්වතුන්ගේ දිනය උදා වෙනවට හදවතින් ම විරුද්ධ කට්ටියකුත් අපි අතරෙ ඉන්නව. ඒ තමා තනිකඩයො. හැමෝමත් නෙමෙයි, ඔය ‘අපිට කොහෙද බූල් බල්ලො?’ කියකිය වැලපෙන කට්ටිය තමයි වැලන්ටයින් දවස ගැන හිත නරක් කරගෙන ඉන්නෙ. අනික් අය නං අපිට නැතත් ‘සාදු සාදු මල් පිපියන් හොඳ රුවට..’ කියලා තමන්ගෙ පාඩුවේ ඉන්නවා.

කොහොම වුණත් පෙම්වතුන්ගේ දිනය දාට, පෙම්වතුන්ට දෙන්නා එක්ක එකතු වෙලා බලන්න වගේ ම, තනිකඩයන්ට තනියම රසවිඳින්නත් පුළුවන්, වෙනස් ම ආදර කතා ඇසුරෙන් නිර්මාණය වුණ චිත්‍රපට 10ක් ගැන කියන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ. මේ ඔක්කොම පහුගිය දශකයේ, ඒ කියන්නෙ 2010 – 2020 ඇතුළත තමයි එළිදක්වලා තියෙන්නේ. මීට අමතරව ඕගොල්ලන්ට මතක් වෙන අමුතු ආදර කතා තියන චිත්‍රපට තියනව නං කමෙන්ට් එකක් දාන්නකො..

1. October (2018)

හරිම ඉවසීමෙන් ගලාගෙන යන, ලේසියෙන් දකින්න නොලැබෙන විදිහේ ආදර කතාවක් තියන හින්දි චිත්‍රපටයක්. එහෙම කිව්වට මේක ආදර කතාවක් ම නෙමෙයි, ආදරය ගැන කතාවක්. කොයි තරම් සුළු සිද්ධියකින්, බැල්මකින්, වචනයකින් වුණත් මුළු ජීවිතය ම වෙනස් කරන්න පුළුවන් විදිහේ ආදරයක් ඇති වෙන්න පුළුවන් ද කියලා මේකෙන් පෙන්නනවා. ශියුලි සහ ඩෑන් තමයි ප්‍රධාන චරිත දෙක. රඟපාන්නේ වරුන් ධවාන් සහ බනිටා සන්ධු. තිරගත වුණේ 2018 අවුරුද්දේ. අධ්‍යක්ෂවරයා ශූජිත් සිර්කාර්.

2. Five Feet Apart (2019)

ස්ටෙලා සහ විල් අතර ඇති වෙන හැඟීම්බර යොවුන් ප්‍රේමයක් ගැනයි මේ කතාව. අවාසනාවකට මේ දෙන්නම රෝගීන් නිසා එකිනෙකාට ලං වෙන්න තහනම්. හැම වෙලේ ම එකිනෙකාගෙන් අඩි හයක් ඈතින් තමයි ඉන්න ඕනේ. ඒත් ඒ අඩි හයෙන් එක අඩියක් හොරකම් කරන්න මේ දෙන්නා ලෑස්තියි. ප්‍රේමයකදි ස්පර්ශය කොයි තරම් වැදගත් ද කියල හැමෝටම නැවත මතක් කරලා දෙන මේක ඇමරිකානු චිත්‍රපටයක්. තිරගත වුණේ 2019 වසරේ. අධ්‍යක්ෂණය කළේ ජස්ටින් බල්ඩෝනි. ප්‍රධාන චරිත රඟපාන්නේ කෝල් ස්ප්‍රවුස් සහ හේලි රිචර්ඩ්සන්.

3. Masaan (2015)

එකිනෙකට සම්බන්ධයක් නැති දුක්බර ප්‍රේම කතා දෙකක් සමාන්තරව ගලාගෙන යන විදිහ මේ ඉන්දීය චිත්‍රපටයෙන් දකින්න පුළුවන්. ඒත් ඒ දෙකටම පොදු සමාජීය ලක්ෂණ රාශියක් තියනවා. දේවි, දීපක් සහ ශාලු තමයි ප්‍රධාන චරිත. ඉන්දියානු සංස්කෘතියේ විවිධ හැලහැප්පීම් එහෙමත් දිගහැරෙන මේ චිත්‍රපටය අවසාන වෙන්නේ ප්‍රේම කතා දෙක එකට හැප්පෙන තැනින්. මසාන් අධ්‍යක්ෂණය කළේ  නීරජ් ඝේවන්. තිරගත වුණේ 2015 දී. ප්‍රධාන චරිතවල රංගනයේ යෙදුණේ විකී කෞෂාල්, ශ්වේතා ත්‍රිපති සහ රිචා චඩ්ඩා.

4. Begin Again (2013)

කඩා වැටෙමින් තියන රෙකෝඩ් ලේබල් එකක අයිතිකාරයෙකුට, පෙම්වතා හැර ගිය ගෑනු ළමයෙක් හම්බ වෙනවා. මේ ගෑනු ළමයත් සංගීතයට සම්බන්ධයි. ඉතින් මේ දෙන්නා එකතු වෙලා අලුත් විදිහක ඇල්බම් එකක් නිර්මාණය කරනවා. මේක සංගීතමය ෆිල්ම් එකක්. ජෝන් කානේ තමයි අධ්‍යක්ෂණය කළේ. මුලින් ම 2014 අවුරුද්දේ ජර්මනියෙදි රිලීස් වුණා. මාක් රෆලෝ සහ කේරා නයිට්ලි, ඩෑන් සහ ග්‍රේටා කියන ප්‍රධාන චරිතවලට පණ දෙනවා.

5. '96 (2018)

මෑත කාලේ සෑහෙන ජනප්‍රියත්වයක් අත් කරගත්ත දමිළ චිත්‍රපටයක්. කාලයකට කලින් මඟ හැරී ගිය නැවුම් පාසල් ප්‍රේමයක් නැවත හමු වීමක් ගැනයි කතාව. ඒ නිසා ම යොවුන් වියේ ආදරය, වැඩිහිටි වියේ වගකීම්, ප්‍රේමය මඟ හැරුණු දුක, පසුතැවිල්ල, නැවත හමු වීමේ සතුට කියන හැඟීම් සියල්ල මේ කතාවෙන් අපූරුවට නිරූපණය වෙනවා. අධ්‍යක්ෂණය කළේ සී. ප්‍රේම්කුමාර්. විජේ සේතුපති සහ ට්‍රීෂා, රාම් සහ ජානු කියන ප්‍රධාන චරිතවල රඟපානවා.

6. Premam (2015)

මලයාලම් සිනමාව ලංකාවේ සිනමාලෝලීන් අතරත් හුඟක් ජනප්‍රියයි. ප්‍රේමම් කියන්නේ ඒ අතරිනුත් පුදුමාකාර ජනප්‍රියත්වයක් ලබපු චිත්‍රපටයක්. ජීවිතේ කාලෙන් කාලෙට විවිධාකාර ප්‍රේම කතා එක්ක ඉදිරියට ගලාගෙන යන විදිහ වගේ ම, ප්‍රේමය අහිමි වීමත් එක්ක ලැබෙන අත්දැකීම්වලින් ජීවිතේට එන අවබෝධයත් ප්‍රේමම් ඔස්සේ දකින්න පුළුවනි. අල්ෆොන්සේ පුත්රන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ සායි පල්ලවී සහ නිවින් පෞලි, මලර් සහ ජෝජ් ලෙස රංගනයේ යෙදෙනවා. 

7. Marriage Story (2019)

ප්‍රේම කරන අය බොහොම කැමැත්තෙන් සහ උත්කර්ෂයෙන් විවාහයට ඇතුළු වුණාට, විවාහ ජීවිතයේ වගකීම් යුතුකම් එක්ක අර මුලින් තිබුණු ආදරය විවාහයෙන් පස්සේ පවත්වාගෙන යන්න බැරි වෙනවා. මේ කතාවේ විවාහක යුවළ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පිනියක්. ඒ දෙන්නා අතරත් ඒ විදිහට ඇති වෙන කෙළවරක් නැති ගැටුම් නිසා එයාලා දික්කසාද වෙන්න තීරණය කරනවා. එහෙම අවස්ථාවකට පත් වෙන එක කොයි තරම් වේදනාකාරී ද සහ, වැඩිහිටි වියේ ආදරය යොවුන් ආදරයට වඩා වෙනස් වෙන විදිහ මේ චිත්‍රපටයෙන් පෙන්නනවා. නෝවා බොම්බාක් අධ්‍යක්ෂණය කළ මැරේජ් ස්ටෝරි චිත්‍රපටයේ ස්කාලට් ජොහැන්සන් සහ ඇඩම් ඩ්‍රයිවර් ප්‍රධාන චරිතවල රඟපෑවා. මෙහි රඟපෑ ලෝරා ඩර්න් 2020 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම සහය නිළිය ලෙස සම්මාන දිනුවා.

8. Highway (2014)

වීරා නම් ධනවත් පවුලක ගැහැනු ළමයෙක් මැර පිරිසක් අතින් පැහැර ගැනීමකට ලක් වෙනවා. මේ පැහැර ගැනීමෙන් පස්සේ සිදු වෙන සිදුවීම් මාලාව ඇතුළේ ඇය තමන්ගේ ජීවිත කාලය තුළ ඊට පෙර නොලැබූ ජීවිතාවබෝධයක් ලබාගන්නවා. මේ කල්ලියේ ප්‍රධානියා වෙන මහබීර් සහ වීරා අතර හටගන්න අප්‍රකාශිත ප්‍රේමය සහ සියුම් හැඟීම් මේ චිත්‍රපටයෙන් අපූරුවට නිරූපණය වෙනවා. ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ ආලියා භාත් සහ රන්දීප් හූදා. අධ්‍යක්ෂවරයා ඉම්තියාස් අලි. ඒ. ආර්. රහමන්ගේ සංගීතයෙන් හැඩ වුණ මේ චිත්‍රපටය තිරගත වුණේ 2014 වසරේ. 

9. A Star Is Born (2018)

හින්දි චිත්‍රපට බලන අය අතරේ ආශිකී 2 නොබලපු අය ඉන්න විදිහක් නෑනේ. මේ ඇමරිකානු චිත්‍රපටයේ එන කතාවත් ආශිකී 2 කතාවට සමානයි. ඒත් සම්පූර්ණයෙන් ම නෙමෙයි. සංගීතය ජීවිතය කරගත් යුවළක් අතර ඇති වෙන ප්‍රේමයක් සහ එහි හැලහැප්පීම් ගැන දකින්න සලසන සංගීතමය චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කළේ බ්‍රැඩ්ලි කූපර්. බ්‍රැඩ්ලි කූපර් සහ ලේඩි ගාගා ජැක්සන් සහ ඇලී කියන ප්‍රධාන චරිතවලට පණ දෙනවා. 2018 ස්පාඤ‍්ඤයෙදි තමයි තිරගත වීම ඇරඹුණේ.

10. Once Again (2018)

මේ ලිස්ට් එකේ කලින් තිබුණු චිත්‍රපට 9ට ම වඩා ජනප්‍රියත්වයෙන් සහ ප්‍රසිද්ධියෙන් අඩු, හැංගුණ මැණිකක් වගේ චිත්‍රපටයක් මේ. වන්ස් අගේන් කියන්නේ 2018 නිකුත් වුණු ඉන්දීය චිත්‍රපටයක්. පැරණි සිනමා තරුවක් වුණු අමර් සහ අවන්හලක හිමිකාරිනියක් වගේ ම වැන්දඹුවක් වෙන තාරා කියන මැදිවියේ යුවළ අතර වැරදීමකින්, නැත්තං අහම්බයකින් ඇති වෙන දුලබ ගනයේ ආදරයක් ගැනයි මේ කතාව. කන්වල් සේති තමයි අධ්‍යක්ෂවරයා. නීරජ් කබි සහ ශෙෆාලි ෂා ප්‍රධාන චරිත රඟපානවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide