චොක්ලට් අදහන අයට! ගෙදරදි ලේසියෙන්ම හදාගන්න ටොප් චොක්ලට් කෑම 5ක්.

අද.. සාමාන්‍යයෙන් වටලප්පම් කන දවස. ඒත් මොනව කරන්නද ඉතින්, මේ කොරෝනා කේස් එක නිසා අපේ රාමසාන් යාළුවන්ව මුණ ගැහෙන්න යන්නත් බෑනෙ.

ඒ නිසා..

ඔන්න ඔහෙ ගෙදරට වෙලා ඉන්න ගමන්,

හදන්නකො සුපිරි චොක්ලට් ඩෙසට් ටිකක්.

බලන්න, පහළින් තියෙනව ටොප් රෙසිපි ටිකකුත්!

1. බිස්කට් චොක්ලට් කැල්සෝන්

ගන්න කිරි බිස්කට් අත පුරවල. අරගෙන කිරිවලම පොඟවල (දිය නොවෙන්න), අතින් හොඳට පොඩි කරල හදාගන්න තලපෙ වගේ. හදලා.. පොඩි පොඩි ගුලි වලට වෙන් කරල, ඒවා හැකි උපරිමයෙන් රොටි වගේ තුනී කරගන්න. තුනී කරල ඉවරවෙලා මැද්දට තියන්න ඩාර්ක් කුකින්ග් චොක්ලට් ඇතියි කියල හිතෙන තරමට. හැබැයි රොටියෙන් බාගයකට වගේ, හොඳද. තියලා.. නවන්න අනිත් පලුව ඒක උඩට. නවල ආයෙත් අතින් හැඩය හදන්න වේවි. මොකද එහෙම වැඩ දාද්දි අනිවා රොටිය පැළෙනව, කැඩෙනව. කොහොමහරි දාරයත් අතින් තද කරල සීල් කලාට පස්සේ.. සෙල්සියස් 200 හෝ ඊට වැඩි උෂ්ණත්වයක විනාඩි 15, 20ක් බේක් කරගන්නයි තියෙන්නෙ. 

2. නටෙලා චිප්ස්

නිකම් ඉන්න ගමන් හප හප ඉන්න, නැත්නම් කිරිත් එක්ක උදේට කන්න, හදාගන්න.. නටෙලා චිප්ස්.

ගන්න කෝර්න් පිටි කෝප්ප 2ක්. ඒකත් එක්ක කලවම් කරන්න රස පදමට ලුණු, සීනි සහ වැනිලා. කලවම් කරලා.. හොඳට බීට් කරගන්න මිශ්‍රණය තුනියට වැක්කෙරෙන ගාණට. ඊට පස්සෙ බේකින්ග් තැටියක් අරගෙන, ඒකෙ බටර් ටිකක් එහෙම ගාලා.. මිශ්‍රණය වක්කරන්න. වක්කරල පුලුවන් උපරිමයෙන්.. හැන්දක් හරි පාවිච්චි කරල තුනී කරගන්න, මිලිමීටරේටම වගේ. තුනී කරලා.. තව කෝන් පිටි කෝප්පයක් විතර අරගෙන ඒකට වතුර කෝප්ප කාලක්, ලුණු, සීනි පදමට, නටෙලා ඇති පදමට දාලා පාන් කුඩු වගේ සෙට් වෙන්න කලවම් කරගන්න. ඊට පස්සෙ ඒවා අර තුනී ලේයර් එකට උඩින් ඉහින්න. ඉහලා සෙල්සියස් 250 විනාඩි 10, 15ක් බේක් කරගන්නයි තියෙන්නෙ. අන්තිමට තැටිය එළියට අරගෙන ලේයර් එක හෙමින් සැරේ හැන්දකින් තට්ටු කරල පොඩි පොඩියට කඩාගත්ත නම් බෝතලයක දාලා ෆ්‍රිජ් එකේ තියල, ඔ්න වෙලාවට කන්න ගන්න පුලුවන්.

3. මයිලෝ අයිස්ක්‍රීම්

බිත්තර.. 5ක් ගන්න. අරගෙන ඒවයෙ කහමද සුදුමද වෙන් කරගන්න. වෙන් කරගෙන.. කහමද එකට සීනි ග්‍රෑම් 50ක් දාලා හොඳට බීට් කරගන්න. බීට් වෙන අතරට ෆ්‍රෙෂ් මිල්ක් බෝතලයක් විතර ලිපේ තියන්න ඔ්න උණු වෙන්න. කිරි ටික උණු වුනාට පස්සේ.. ඒක බාලා, ඒකට එකතු කරන්න බිත්තර කහමද. එකතු කරලා.. ඒක ආයෙත් හොඳට බීට් කරලා ලිපේ තියන්න, හැබැයි දිගටම හැඳිගාන්න කැටි නොගැහෙන්න හරිද. කොහොමහරි ඒක නටාගෙන එද්දී.. බාලා නිවෙන්න තියලා.. අර සුදුමද එකට සීනි ග්‍රෑම් 50කුයි, ඇති පදමට මයිලෝයි දාලා හොඳට බීට් කරගන්න. අවසානයෙ ඔක්කොම එකට දාලා, ක්‍රීම් වෙනකම්ම බීට් කරල, ෆ්‍රීසර් එකේ තියල ගන්නයි තියෙන්නෙ.

4. චොක්ලට් මාෂ්මෙලෝ පුඩිං

හරිම ලේසි, රස වෑහෙන ඩෙසට් එකක්.

ඔ්න කරන්නෙ මාෂ්මෙලෝසුයි, කුකින්ග් චොක්ලට්, බටර්, සීනි, බිත්තර සුදුමද වගේ ටිකක් විතරයි.

මුලින්ම කුකින්ග් චොක්ලට් කෑලි 8, 10ක් අරගෙන ඒකට බිත්තර සුදුමද 4, 5ක්, බටර් මේස හැඳි 3, 4ක් එක්ක රස පදමට සීනිත් දාලා හොඳට බීට් කරගන්න. හරියට අඩුම කුඩුම දැම්මොත් තරමක් දියාරු ක්‍රීම් එකක් වගේ එකක් එන්න ඔ්න. ඊට පස්සේ.. බේකින්ග් තැටියක ඒ මිශ්‍රණයෙන් තුනී තට්ටුවක් අතුරල ඊට උඩින් මාශ්මෙලෝස් තට්ටුවක් අතුරන්න. ආයෙත් මිශ්‍රණයෙන් තුනී තට්ටුවක් අතුරල ඉතිරි මිශ්‍රණය සියල්ලම ඒක උඩට වක්කරල තුනි කරන්න. අන්තිමටම ඔ්න නම් හීනියට ගියාගත්ත කජු, මුද්දරස්පලම්, රටඉඳි වගේ ඒවා එහෙමත් දාන්න පුලුවන්. කොහොමහරි මේක බේක් කරන්න ඔ්න සෙල්සියස් 200-250 වගේ විනාඩි 5, 10යි උපරිම. ඊට පස්සෙ නිවෙන්න ඇරල ෆ්‍රිජ් එකේ තියන්න!

5. චොක්ලට් මග් කේක්

ගොඩ දෙනෙක් දන්න කියන කෑමක්. කමක් නෑ, නොදන්න අයට දැනගන්න කියන්නම්කො.

වැඩේ හරිම ලේසියි. ගන්න, ලොකු මග් එකක්. අරගෙන දාන්න ඒකට පාන්පිටි කෝප්පයයි, අයිසින් සුගර් මේස හැන්දයි (රස පදමට), කුකින්ග් චොක්ලට් කෑලි 4, 5කුයි. දාලා හොඳට බීට් කරගන්න. කරගෙන.. ආයෙ දාන්න බිත්තරයකුයි, කිරි කෝප්ප කාලයි, බටර් මේස හැඳි 2යි. තියෙනව නම් ඔය චොක්ලට් චිප් අනං මනං එහෙමත් දැම්මට අවුලක් නෑ. කොහොමහරි ඒ ටිකත් දාලා හොඳට කලවම් කරලා.. අවන් ඒකේ තියෙන්න සෙල්සියස් 200-250 අතරෙ විනාඩි 5-10ක්. 

ඔය හදිස්සියි වගේම නම් ඉතින් බාලා අනික් පැත්තට වුනත් කන්න පුලුවන් අර ලාවා කේක් වගේ. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide