සති අන්තේ නිවාඩුවට! සොබාදහමට තුරුළුවෙලා දවසක් ගත කරන්න කියාපු හෝටල් 7ක්.

අනික පහුගිය වැස්සට මහ පොළව සරු වෙලා, දළු දාලා වැඩෙන ගස් කොළන්, මල් පලතුරුවලින් වටපිටාවත් හැඩ වෙලා නිසා, සොබාදහම රස විඳින්නත් කියාපු කාලෙ. ඊටත්, සතා සීපාවා, කුරුලු කොබෙයියො එහෙමත් නිතර දෙවේලෙ එළි පෙහෙළියෙ ගැවසෙනවනෙ.

හොඳම වැඩේ තමයි වන මැද හුදකලා වෙච්ච පුංචි කොටේජ් එකක් අල්ලල නිවාඩුවට යන එක. එතකොට පොඩ්ඩන්ට, වැඩිහිටයන්ට වගේම ආදරණීයයන්ටත් ගොඩක් සතුටු වෙන්න පුළුවන්. සීතල වතුර ටිකක් නාලා, ගමේ රහට කෑම ටිකක් කාලා, කැළේ කොළේ ඇවිදලා, හැන්දැ වෙද්දි පොඩි ගිනිමැල පාර්ටියක් දාන්නත් බැරියැ.

අන්න ඒකට උදව්වක් විදියට තමයි, අපි කල්පනා කළේ, ලස්සන පුංචි වනගත හෝටල් ටිකක් ඔයාලට කියන්න.

හැම පහසුකමක්ම වගේ තියෙන මේ කොටේජ්වල ගණනුත් ඒ හැටි ලොකු නැති නිසා, පුළුවන් ඉක්මනට බුකින්ග් දාන එක තමයි හොඳම වැඩේ.

1. Sunntop Cabana (077 3522770)

ත්‍රිකුණාමල කලපුව, දේව නගර් වෙරළ තීරයෙ පිහිටල තියෙන හරි අපූරු නවාතැනක්. මුළුමනින්ම ලීවලින් තමයි හදල තියෙන්නෙ. ඒ වුනාට ඒසී. කාමර එහෙමත් තියෙනව.

ක්ෂිතිජයට මුහුණලා හදල තියෙන මේ කබානාවල ලස්සන දෙගුණ තෙගුණ වෙන්නෙ හැන්දෑවට. ගමේ රහට කෑම ටිකක් කන්න, ඒ හැටි ගැලපුනේ නැති වුණාට මෙතන චයිනීස්, තායි, සී ෆුඩ් වගේ කෑම, බයිට් ටික නම් පංකාදු පහට තියෙනව. ඒ හැරුණාම ඉතින් හැන්දෑවට මුහුදු වෙරළෙ පොඩි ගිණිමැළ පාර්ටියක් දාන්න, අඩියක් ගහන්නත් පුළුවන්.

2. Meena Ella Cottage (077 4171117)

නුවර එළිය, සීතාඑළිය පාරෙ හක්ගල උද්‍යානය කිට්ටුව තමයි මේ ලස්සන කොටේජ් එක පිහිටල තියෙන්නෙ. මේකෙත් ඇතුළත නිර්මාණකරණය කරල තියෙන්නෙ එහෙම පිටින්ම ලීවලින්. අපූරු උද්‍යානයක් එහෙමත් තියෙනව. හොට් වෝටර් වගේ පහසුකම් එහෙමත් තියෙන නිසා සීතල දේශගුණයට බයවෙන්න ඕනත් නෑ. දවල් තිස්සෙ වට පිටාවෙ ඇවිදල, කටට සැරට, උණු උණුවෙ කෑම ටිකක් කාලා, හවසට පොඩි ෂොට් එකක් දාන්න ලෑස්ති කර ගත්ත නම් සුපිරි ෆන් එකක් ගන්න පුළුවන්. 

3. Cottage Habarana (011 7911835)

අලි ගහන කැළේ, ලී, මැටිවලින් හදපු සුවපහසු කොටේජ් එකක රැයක් ගත කරන්න කැමතිද. එහෙනම් මෙන්න තැන, ‘කොටේජ් හබරණ’. අලි බලන්න විතරක් නෙවෙයි, හබරණ කැළේ සෆාරි යන්න, ගමේ රහට කෑම ටිකක් කන්න, හැන්දෑවට ගිනිමැලයක් ගහගෙන පොඩි බෝතල් පාර්ටියක් දාන්නත් නියමයි. 

ඒ හැරුණාම ඉතින්, මේක තියෙන තැන දැන ගන්නත්, කෝල් කරන්න වෙනව.

4. Eco Cottage Habarana (0117 911835)

ඩ්‍රීම් කොටේජ් හබරණ කැලේ ඇතුළට වෙන්න තිබ්බට, අලි කරදර නම් නෑ. හැබැයි අලි බලන්නම යන්න ඕන නම් සෆාරියක් දාගෙන යන්න පුළුවන්. මේකෙ රූම්ස්, ගොඩක් ඒවා ලක්ෂරි ටෙන්ට් ටයිප් එකට තමයි හදල තියෙන්නෙ. මැටියෙන් බිත්ති නග්ගල, පොල් අතු හෙවිලි කරපු කබානා කීපයකුත් තියෙනව. කෑම බීමත් පංකාදු පහයි. ගමේ රහට හදපු වැව් මාළු, මස් ජාති එහෙමත් තියෙනවලු. 

5. Kanangama Rock Chalet (0777 307176)

වතුරත් එක්ක සෙල්ලම් දාන්න, කැළේ කොළේ ඇවිදින්න වගේ ඇඩ්වෙන්චර් වැඩ කෝටියක් තියෙන තැනක්. කෑම්ප් ෆයර් එකක් ගහල සිංදු කියල විනෝද වෙන්නත් පුළුවන්. කට්ටිය කියන හැටියට මෙයාලගෙ කෑම බිම ටිකත් හොඳයිලු.

හැබැයි ඒ ඔක්කොමත් හරි, මැටියෙන් හදල, පොල් අතු හෙවිලි කරපු පැලක දාන සුවපහසු නින්දෙ සැප! උදේ පාන්දර කුරුල්ලන්ගෙ කීචි බීචියත් එක්ක ඇහැරෙද්දි පුදුම ගැම්මක් තියෙන්නෙ.

6. Galapita Eco Lodge Buttala (0117 911835)

බුත්තල කිව්වාම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අලි විමානෙ. මේ අපූරු ඉකෝ ලොජ් එක තියෙන්නෙත් ඒ අලි විමානෙ මැද්දෙ. හැබැයි සෑහෙන්න ආරක්ෂිතයි. කොහොම වුණත් මැටියෙන් හදපු මේ බිම් පැලේ දවසක් ගෙවනව කියන්නෙ හරි අපූරු අත්දැකීමක්. හොඳට මිරිස්, තුනපහ දාලා හදපු රස කෑම වේලක් කන්නත් පුළුවන්. විශේෂයෙන්ම මස් ජාති, වැව් මාළු එහෙම. ඒ හැරුණාම ඉතින්, හැන්දෑ ජාමෙට කෑම්ප් ෆයර් දැම්මහැකි. 

7. Holiday Cottage Bundala (0117 911835)

                                                                                                 ඡායාරූපය: Lanka Holidays

ලස්සන උද්‍යානයක්, ඒක මැදින් ගලා යන පුංචි ඔය පාරක්, කුරුලු කොබෙයියන්ගෙන් පිරිලා ඉතිරිලා ගියපු වටපිටාවක්! ඇත්තටම හරිම අපූරුයි. කොටේජ් එකක් කිව්වට මේක ඇත්තටම බංගලාවක්. උළු හෙවිලි කරපු වහල, ලීයෙන් හැඩවුණු ගේ ඇතුළ හරිම සැප පහසුයි. බුන්දල වනෝද්‍යානයත් අත ළඟ නිසා සෆාරි යන්නත් කියාපු තැන. මෙතන කෑම බීම එහෙමත් පංකාදු පහට තියෙනව කියල තමයි කට්ටිය කියන්නෙ. ඒ හැරුණාම ඉතින් පොඩි අඩියක් ගහල, සිංදුවක් කියල විනෝද වෙන්න අවශ්‍ය කළමනා ටිකත් තියෙනවලු. 

ඒ හැරුණාම ඉතින් තව ඔය වගේ ලස්සන, පොඩි පොඩි කොටේජ් ගොඩක් තියෙනව. හැබැයි හැම එකම මේ නිවාඩුවට කියල හරියන්නෙත් නෑනෙ. ඊළඟ නිවාඩුවටත් යන්න තැනක් තියෙන්නෙ එපැයි, නේ… 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Indulge in Japanese Culinary Bliss at Minori Restaurant

By Sahasni Gamage Nestled within the luxurious Granbell Hotel, Minori Japanese Restaurant offers an unparalleled

Highlights Kamu

Experience flavorful Singaporean delights with a modern twist at Shiok!

By Sahasni Gamage We recently had the pleasure of dining at Shiok Singaporean Restaurant, which

Highlights Kamu

7 Fantastic Pizza Places to Try in Colombo

By Shamrina Carim Colombo, the vibrant capital city of Sri Lanka, is a haven for

Highlights Kamu

High Tea Guide for 2023

You and your friends decide to meet up after your last farewell, get together or

Highlights Kamu

Excel World Legacy Food Court launches Indi-Arabia Menu

By Hashini Pathirana https://www.tiktok.com/@yamusrilanka/video/7252917491427511560 Experience a culinary journey like no other at Excel World's launches

Kamu

A Taste of Jaffna at Flavoured by Cinnamon Red

By Hiruni Herath Flavoured at Cinnamon Red is enclosed by stunning views of the Colombo

Highlights Kamu Uncategorized

Trending.

Radisson Blu Resort Galle recently organized a delightful wine-tasting occasion

Radisson Blu Resort Galle recently hosted a delightful wine-tasting event on September 17th, showcasing an

Trending

Hilton Sri Lanka Collaborates with VOICE Area Federation to Enhance Community Resilience and Combat Hunger

For a brighter and secure Sri Lanka, fostering sustainability via community farms and kitchen programs.

Trending

Galle Face Hotel Presents ‘Yaalpana Santhai’ – A Gastronomic Journey into Jaffna Cuisine

Colombo, Sri Lanka – The Galle Face Hotel, an iconic landmark in Sri Lanka's hospitality

Trending

The Latest MSI Limited-Edition Stealth 16 Mercedes-AMG Motorsport is Available Now

MSI, the world-leading laptop brand, proudly unveiled its latest limited-edition laptop, the Stealth 16 Mercedes-AMG

Highlights Trending

Türkiye Food Festival Unveiled at Courtyard by Marriott Colombo

Colombo, September 4, 2023 - Courtyard by Marriott Colombo, an esteemed member of the Marriott

Trending

A Pho-Nomenal Vietnamese Feast at Cinnamon Grand Colombo

Vietnamese food has made its mark on the global culinary map with favourites such as

Trending

Yamu Guide.

Spotting Blue Whales in Mirissa with Chaminda Whale Watching

The whale watching tour in Mirissa Start time: 6:30am Duration: 3-5 hours depending on sightings

Highlights Yamu Guide

The Rise of Plant-Based Diets: Benefits and Challenges

By Shamrina Carim In recent years, plant-based diets have surged in popularity, drawing attention for

Highlights Yamu Guide

6 Things to Do at One Galle Face

Set against the panoramic backdrop of the Indian Ocean "Colombo’s first prestigious shopping mall is

Highlights Yamu Guide

7 Things to do at Colombo City Center

By Shanali Fernando 1. Shop till you drop A stunning integrated lifestyle destination set in

Highlights Yamu Guide

Wedding Venue List 2023

By Shanali Fernando When envisioning your wedding day, you may find yourself torn between various

Highlights Trending Yamu Guide

8 Places to get an Eid Sawan this Hajj Festival

The Muslims celebrate Hajj globally on the 29th of June, 2023. No doubt, along with

Highlights Yamu Guide