කෙනෙක් එක්ක යාළුකම් නවත්තන්න කාලේ ඇවිත් බව පෙන්නන ලකුණු 7ක්.

අපිට ජීවිතේදි යාළුවො හම්බ වෙන්නෙ එක එක විදිහට. වැඩි දෙනෙකුට ඉන්නෙ ගෙදර අහළ පහළදි, ඉස්කෝලෙදි, ටියුෂන් ක්ලාස් එකේදි, කැම්පස් එකේදි, ඔෆිස් එකේදි හම්බුණ යාළුවො. නැත්තං ඔයිට වැඩිය අහම්බෙන් හම්බුණු යාළුවොත් හොඳ ම යාළුවො වෙන වෙලාවල් තියනවා. සමහරුන්ට පෙර පාසලේදි ළඟ වාඩි වෙලා හිටපු යාළුවා වයසට යනකනුත් හොඳ ම යාළුවා වෙනවා. තවත් සමහරුන්ට හොඳ ම යාළුවා හම්බ වෙන්නෙ ජීවිතෙන් බාගෙකටත් වඩා ගෙවිල ගියාට පස්සෙ. ඉතින් යාළුකමේ හොඳ නරක තීරණේ කරන්නෙ කොච්චර කාලයක් යාළුකම පැවතුණා ද කියන එක නෙවෙයි බව තේරෙනව නේ..

යාළුවො ඉන්න ඕන අපේ ජීවිතේ පහසු කරන්න, සැහැල්ලු කරන්න මිසක් ජීවිතේ තවත් අමාරු කරන්න නෙවෙයි. හැබැයි සමහර යාළුකම් අපේ මනසට වදයක් වෙන වෙලාවල් එනවා. ඇත්තට ම මේ යාළුකම සෞඛ්‍ය සම්පන්න එකක් ද කියල එහෙම වෙලාවට හිතල බලන්න ඕන. අපි හිතන්නෙ ජීවිතේට වැඩිපුර ම ප්‍රශ්න ඇති කරන්නෙ ප්‍රේම සම්බන්ධකම් කියල නේ. හැබැයි යාළු මිත්‍ර සම්බන්ධකම් හින්දත් මිනිස්සු අතරෙ ලොකු ප්‍රශ්න ඇති වෙනවා.

යාළුවෙක් අතින් අත්වැරදීම් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් දිගින් දිගට ම කෙනෙක් අතින් ඔයාට මානසිකව හිරිහැර වෙන දේවල් සිද්ධ වෙනව නං, ඔයාගෙ ම යහපත පිණිස ඔහු හෝ ඇය එක්ක තියන යාළුකම නවත්තන්න කාලේ හරි. ඒකට උදාහරණ තමයි මේ පහළ තියන ලක්ෂණ..

1 ජජ් කරනව නං

යාළුවෙක් කියන්නෙ ඔයාට ඔයා වෙන්න ඉඩ දෙන කෙනෙක්. එයා ඔයා ආස දේවල් හෙළා දකිනව නං, ඔයාගෙ තීරණ ජජ් කරනව නං, ඔයාව බලෙන් වෙනස් කරන්න හදනව නං, එයා කැමති දේවල් ඔයා ලවා කරවගන්න හදනව නං, ඒ යාළුකම ගැන නැවත හිතා බලන්න. ඒ වෙනුවට ඔයා කැමති විදිහට ඔයාට ඉන්න දෙන එක තමයි හොඳ යාළුවෙක් කරන්න ඕන දේ.

2 වැරදිකාරයෙක් කරන්න හදනව නං

කරපු හෝ නොකරපු ඕන ම දේකට ඔයාව ගිල්ටි කරන්න යාළුවෙක් උත්සාහ කරනව නං, ඒක නරක තත්ත්වයක්. ඔයා අතින් වුණ හෝ නොවුණ වරදක් ගැන පුන පුනා කිය කියා ඔයා ඒකට වග කියන්න ඕන කියල ඔයාට ඒත්තු ගන්නලා ඔයාව පහතට දාන්න හදනව නං, එහෙම අයගෙන් ඈත් වෙන්න. එයා ඔයාගෙ මානසික සෞඛ්‍යයට තර්ජනයක්!

3 සීමාව පනිනව නං

අපි හැමෝටම සීමා තියනවා. කෙනෙක් අපිට ලං වෙන්න ඕන ප්‍රමාණය ගැන අදහසක් අපි හැමෝටම තියනවා. ඒ සීමාවලට ගරු කරන එක ආචාර ධර්මයක්. කවුරු හරි ඔයාගෙ සීමාව පනින්න උත්සාහ කරනව නං, බලහත්කාරෙන් පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න එනව නං, ඒක හොඳ ලකුණක් නෙවෙයි.

4 සතුටේ දී සතුටු වෙන්නෙ නැත්තං

ඔයාට කරදරයක්, දුකක් ආපු වෙලාවකදි යාළුවා මඟ ඇරල යනව නං, නැත්තං එයා ඒ ගැන හොරෙන් සතුටු වෙන බව දැනෙනව නං, වහා ම ඒ යාළුකමෙන් මිදෙන්න. කෙනෙකුගේ දුකේදි දුක් වෙන එක වගේ ම සතුටෙදි සතුටු වෙන එකත් හැබෑ යාළුවෙකුගේ ලක්ෂණයක්. එයාට ඔයාගෙ ජීවිතේ සතුටු මොහොතකදි, ජයග්‍රහණයකදි සතුටු වෙන්න බැරි නං, ඒ වෙනුවට එයා ඉරිසියා කරනව කියල දැනෙනව නං, එහෙම අයගෙන් ඈත් වෙන එක ඇඟට ගුණයි.

5 විශ්වාසය රකින්නෙ නැත්තං

ඕන දේකට විශ්වාස කරන්න පුළුවන් යාළුවෙක් කියන්නෙ ජීවිතේට ලොකු වටිනාකමක්. ඔයා කරන දෙයක් ගැන යාළුවට කියන්න කලින් දෙපාරක් හිතන්න සිද්ධ වෙනව නං, එයා විශ්වාසය රකියි ද කියල ෂුවර් නෑ වගේ නං, ඒක හොඳ යාළුකමක් කියල කියන්න බෑ. ඇත්ත යාළුවෙක් කියන්නෙ ඔයා නැති තැන ඔයා ගැන නරක දේවල් කියන කෙනෙක් නෙමෙයි, ඔයා නැති තැන ඔයා ගැන හොඳ දේවල් කියන කෙනෙක්.

6 පාවිච්චි කරනව නං

සමහර මිනිස්සු එයාලගෙ වුවමනා එපාකම් ඉෂ්ට කරගන්න හීන්සීරුවේ අනෙක් අයව පාවිච්චි කරනවා. එයාල මේක කරන්නෙ දැනෙන නොදැනෙන ගාණට. එක්කො යාප්පුවෙන්. නැත්තං සද්දෙ දාලා. මේ කොයි විදිහට කළත් ඔයා පාවිච්චි වෙනවා වගේ දැනුණ මුල් ම මොහොතෙ ම ඒකට විරුද්ධ වෙන්න. ඒ කෙනා කොයි තරම් හොඳ යාළුවෙක් වෙලා හිටියත් කමක් නෑ. ඔයාගෙ ආත්ම ගෞරවය ඊට වඩා වටින බව මතක තියාගන්න.

7 පීස් ඔෆ් මයින්ඩ් නැති කරනව නං

මොන ජාතියෙ සම්බන්ධයක් වුණත් ඔයාගෙ peace of mind නැති කරන්න තරම් වටින්නෙ නෑ. යාළුකම් විශේෂයි. ඒ යාළුකම ඔයාගෙ මනසට හිරිහැරයක් නං, මතක් වෙද්දිත් කරදරයි නං, කොයි වෙලෙත් මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගත්ත ගමන් නං, ඒකෙන් ඈත් වෙන්න. ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය, මතකය වැය කිරීමෙන් කාටවත් ප්‍රයෝජනයක් නෑ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

A Review of The Commons Coffee House’s New Offerings

The Commons Coffee House, located on Flower Road in Colombo 7, has been around for

Highlights Kamu

Trending.

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Radisson Hotels in Sri Lanka Earn Safehotels Premium Certification

Radisson Blu Resort Galle, Radisson Hotel Colombo, and Radisson Hotel Kandy have proudly earned the

Trending

Yamu Guide.

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

9 Unique Wedding Venues in Sri Lanka

Say “Yes” differently - beyond the ballroom.  It’s 2025 and nowadays potential brides and grooms

Highlights Yamu Guide

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide