පුංචි හරි.. ගෙවත්තක් තියෙන ඔබට කරන්න අපූරු වැඩ 5ක්.

දැන් ඉතින් එහෙමයි කියල ගිහින් අම්මගෙ මල් පාත්ති ටික, ගාර්ඩ්න් එක එහෙට මෙහෙට කරන්න යන්න එපා. කොරෝනා ඉවර වෙලා තවත් මාස ගාණක් හොස්පිට්ල් ඉන්න තත්වෙට වැඩේ පත්තු වෙයි.

එහෙම නෙවයෙි අපි කියන්නෙ, ඒ හැරුනාම..

බිම් අඟලක් හරි නිකම් තියෙනව නම් අන්න ඒකෙන් මොකක් හරි වැඩක් ගන්න කල්පනා කරන්න.

විශේෂයෙන්ම.. මල් පාත්ති අතරට වුනත් තව තව කෑමට බීමට ගන්න පුලුවන් ගහක් කොළක් වැලක් දාන එකට අම්ම අකමැති වෙන එකක් නෑ..?

හැරත්.. ගෙවත්තෙ ඇවිදල කරල රවුමක් ගහන්න තරම්ම ඉඩ තියෙනව නම්.. අඩුම පර්චර් 2ක වත්,

අන්න ඒ ඔයාට,

පුලුවන් මෙන්න මේ වගේ අළුත්ම අයිඩියාස් ටිකක් අත්හදා බලන්න!

1. කෘෂි වන වගාව

කරන්නෙ කොහොමද කියල ඉන්ටනෙට් එකේ සර්ච් කලොත් ඒවි ‘ඇග්‍රොෆොරස්ට්‍රි, පර්මකල්චර්’ කියල. ඇත්තටම ඒව තමයි. හැබැයි ඒ තියරි ටික අරගෙන ඔයාගෙ වත්තට හරියන විදියට ගලප ගන්න එක නම් අනිවා කරන්න ඕන. විශේෂයෙන්ම එතනදී.. ඉස්සෙල්ලම ඔයා බලන්න වත්තෙ තියෙන ජෛව විවිධත්වය. ශාක සහ සත්ව දෙකම. බලලා.. ලැයිස්තුගත කරලා ඊට පස්සෙ බලන්න ඔයා ඉන්න ප්‍රදේශයෙ සාර්ථක වෙන භෝග වර්ග මොනවද කියල. ම්.. බාග වෙලාවට වත්තෙ ලොකු ඉඩක් තියෙනව නම් ගොඩ මඩ දෙකම බැලුවත් කමක් නෑ. කොහොමහරි එහෙම බලල ඒවයින් මේ වෙලාවෙ හොයාගන්න පුලුවන් ලේසිම භෝග ටික එකතු කරල පොඩි ප්ලෑන් එකක් හදන්න කොහෙ කොහෙද වගා කරන්නෙ කියල. මොකද දැනට වත්තෙ තියෙන ගස් කොළන් සියල්ලමත් එක්ක ඒවා බැලන්ස් වෙන්න එපැයි. එහෙම ප්ලෑන් කලාට පස්සෙ ඉතින්.. කියන්න ඕන නෑනෙ, උදළු රේක්ක අඩුම කුඩුම අරගෙන වැඩේට බහින්නයි තියෙන්නෙ.

ඇත්තටම.. මේකෙදි වෙන්නෙ කෘමිනාශක වලින් මුලුමනින්ම තොර, අපේ ඉපැරණි මිශ්‍රබෝග වගාවට සමාන දෙයක්. අනික ඒකෙ කෘමිනාෂකයො වෙන්නෙත් කුරුල්ලො, කටුස්සො වගේ සත්තුනෙ. බැරිම වුනොත් ඉතින් ඒවටත් අපේම ක්‍රම පාවිච්චි කරන්න බැරියැ ඔය කොහොඹ ඇට ටිකක් එහෙම අරගෙන. 

ඊටත්..

සියල්ල අවසානයෙ..

ධාන්‍ය, කුළුබඩු, එළවළු පළතුරු ඉඳන් ධැව දක්වා ප්‍රයෝජනයට ගන්න පුලුවන් ගස් වැල් වලින් පිරිච්ච පුංචි කැළයක් ඔයාගෙ වත්තෙම තියෙනකොට?

2. නාන තටාකය

ඔය ඇනලොග් ෆොරස්ට් එක හදද්දි අනිවාර්යයයෙන්ම ඔයාට පැහැදිලි ජල සම්පාදන ක්‍රමයක් තියෙන්න එපැයි මුල් කාලෙදිවත් හරිහැටි වැඩේ ගොඩ දාගන්න. ඉතින් ඒකට.. ලිඳෙන් ඇදල හරි, ටැප් එකෙන් හෝස් එකක් ගහල හරි, බාල්දියෙන් හරි දානවට වැඩිය හොඳ නැද්ද..

ටිකක් ක්‍රිඒටිව් විදියට, ෆන් එකකුත් තියෙන්නම වැඩේ ගොඩ දාගත්තොත්?

ඒනම් හදමු පොඩි පූල් එකක්, වත්තෙ උපරිම උස තියෙන තැනින්. කොටුවට හරි රවුමට හරි ඕන හැඩයකට අඩි 4, 5ක් ගැඹුර තියෙන්න 6, 7ක් දිග පළල තියෙන්න වළක් කපලා.. ඒකෙ බිත්ති ටික වළෙන් ගොඩ දාපු පස් වලින්ම මැටි අනල ගාලා ෆිනිෂ් කරලා… ඊට පස්සෙ ඒකට වත්ත සුද්ද කරපු කොළරොඩු, දරකෑලි සියල්ල දාලා හොඳ හැටි පුච්ච ගත්ත නම් වැඩේ හරි. හැබැයි එකක් මතක තියාගන්න, පූල් එකට වතුර එන ලයින් එක බට වලින් හරි හෝස් එකකින් හරි දාගත්තට, වතුර එළියට යන ලයින් සියල්ලම පුංචි සපත්තු කාණු වගේ වෙන්න ඕන. ඒකත් හැම තැනටම බෙදෙන්න හරිම විධිමත්ව හොඳේ.

එතකොට කොහොමද නිකම් උදේ ඉඳන් දවල් වෙනකම් මහන්සිවෙලා වැඩ කරලා.. හැන්දෑවට පූල් එකේ බැහැල ඉඳිද්දි?

3. උඩු පැල

ටිකෙන් ටික සම්පූර්ණ වේගෙන එන ඔයාගෙ ඇග්‍රොෆොරස්ට් එකට.. ලස්සනක් එකතු කරන්න, නැත්නම් ඒකත් ෆන් එකටම පාවිච්චි කරන්න..

හදමුද පොඩි උඩු පැලකුත්?

තියෙන හයියම සහ උසම ගහ බලල, ඒකෙත් හයියම සහ උසම දෙබලක් ගලපල, වත්ත පිටියෙන් හරි කොහෙන් හරි හොඳ හයිය ලී දඬු ටිකකුත් හොයාගෙන, කොහුලණු, කම්බියි.. පොරව, මන්න පිහියයි.. උදව්වට තව එක්කෙනෙකුයි ඈඳගත්ත නම් දවසට ගැහුවහැකි යාලු ඕක.

නිකම් තේරෙන්නෙ නෑ වගේ නම් පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරල බලන්න ට්‍රී හවුස් ගහන ක්‍රම. එයින් එයින් එකක් අරගෙන පොඩ්ඩක් සරල කරල ගත්ත නම් වැඩේ ඉවරයි.

හැරත්.. කොහොමද පැල ගහල පොල් අතු ටිකකුත් හෙවිලි කරල, පරණ වීදුරු බෝතලයකට භූමිතෙල් ටිකක් පුරවල හදාගත්තු ලන්තෑරුමකුත් ඉස්සරහින් එල්ලුවාම..?

4. කෑම්ප් සයිට්

පැල එහෙම උඩ තියෙද්දී..  බිම,

විශේෂයෙන්ම ඔයා පුංචි මඩ ගොවිතැනක් පටන් ගත්ත නම්.. නැත්නම් උස නොයන භෝග දැම්ම නම්..

අන්න ඒ තැනක, පොඩි ටෙන්ට් එකක සයිස් එකට, පැළවල එන උපරිම උසට වඩා අඩි 3ක්වත් උස තියෙන්න කණු හතරක් හිටවල, ලෑලි දාලා ගහගන්න අට්ටාලයක්.

එහෙම ගහල ඉතින් ඒකට ටෙන්ට් එකක් ගැලපුව කියන්නේ..

ඔන්න ඔයා එන්න එන්න ගෙදර කාමරෙන් එළියෙ ඉන්න පුරුදු වෙනව,

විශේෂයෙන්ම රෑට රෑට, හ්ම්..!

5. ව්‍යායාම බිමක්

කිව්වට ඉතින් බිමක්ම වෙන්න ඕන නෑ. උඩක් වුනත් අවුලක් නෑ. හැබැයි ඒක, ඔයාගෙ මේ ඇග්‍රො ෆොරස්ට් එක හතර මායිමම පේන හොඳ එළිමහන්.. විශේෂයෙන්ම උදේ ඉර අව්ව වැටෙන තැනක් වෙනව නම් ගොඩක්ම හොඳයි. මොකද එතකොට.. ඔයාට වටපිටාවෙන්ම එන්නෙ ඔයාගෙ මහන්සියෙයි, ආසාවෙයි, සොබාදහමෙයි ආශ්වාදයනෙ.

ඒකත් එක්ක ඉතින්, යෝග, භාවනා කරනව නම් එහෙමයි. නැත්නම්.. ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් වුනත් නරකම නැතිවෙයි..!

වැඩේ කියන්නෙ ඒක නෙවෙයි, හරියට හැදුවොත් ඔයාට මේකට යන්නෙ සතියක් හමාරක් විතර. අපි සති දෙකක්ම තියමුකො.

ඊට පස්සේ.. ඔයා මේ ලයිෆ් ස්ටයිල් එකට ඇබ්බැහි වෙලා වැඩට නොගිහින්…

එහෙම ඉන්න හදන්න එපා දෙයියො, ගෙවල් වලින් එයි අපිව හොයාගෙන හොඳද!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide