මිදුලක් නැති ගෙදර! රූෆ් ටොප් එකේ හේනක් කරන්න අපූරු අදහස් 5ක්.

ටිකක් අමුතුයි නේ එහෙම කිව්වාම?

අමුත්තක් ගන්න එපා. ලංකාවෙ නොකෙරුනාට වගාවට හුරු පුරුදු මිනිස්සු ඉන්න සමහර රටවල්වල මේ වැඩේ හොඳටම කෙරෙනව. කොටින්ම කියතොත් වගාව විතරක් නෙවෙයි එයාලා රූෆ් ටොප්වල වගාව කරල, රෑට ගිනිමැල ගහගෙන කෑම්පින්ග් එහෙමත් කරනව. වැඩිහරියක්ම ඔය.. පොඩ්ඩන්ට එහෙම හුරුවෙන්න.

ම්.. කොහොම වුනත් ඒකට කාරි නෑ. බලන්නකො, ඔයත් ඉන්නෙ හතර වටින් අඟලකවත් ඉඩක් නැති ගෙදරකද කියල. හැබැයි ඉතින් එහෙම වෙලත් මදි. ගෙදර පොඩි රූෆ් ටොප් එකකුත් තියෙන්න ඕන.

අන්න එහෙම තියෙනව නම්…

ඔන්න පල්ලෙහායින් තියෙනව ඔයා කරන්න ඕන වැඩටික පිළිවෙලටම.

හැබැයි ඉතින්.. එහෙම නැත්නම්..

කණගාටුයි යාළු හිත හදාගන්න!

1. සැකිල්ල සෑදීම

මේකෙදි ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන අපි රූෆ් ටොප් එකට යොදන බර. ඇත්තම කියනව නම් හැකි අවම බර තමයි යොදන්න ඕන. මොකද නැත්නම්.. කියන්න ඕන නෑනෙ නේ.

ඒ නිසා.. එතනදි ඔයාට බිම් වගා කොටස හැරුනාම අනිත් සියල්ලටම සැකිලි හදන්න වෙනව. විශේෂයෙන්ම බිත්ති වලට. ගොඩක් දුරට ඒක කොහුලණු පාවිච්චි කරල හදන්න පුලුවන් නම් හොඳයි වගේම ලේසියි. අනික ගාණත් අඩුයි. කරන්න තියෙන්නෙ බිත්තියට හේත්තු කරන්න පුලුවන් විදියට, බිත්තිවල සයිස් එකටම ලී පටි වලින් ෆ්‍රේම් හදල, ඒවයෙ ඇණ ගහල කොහුලණු වලින් මකුළු දැල් හැඩයට වියල ලෑස්ති කරගන්න එක. ඊට පස්සෙ ඒ ඒ බිත්තිවල ඒවා ඒ ඒ බිත්ති වලට හේත්තු කරන්න අවම අංශක 30ක්වත් තියෙන්න.

2. බිම් සැකසීම

ඊට පස්සේ.. හොයාගන්න ලොකු, ඝනකම් පොලිතින් තොගයකුයි, පොහොර බෑග් හරි ලේසියෙන් ඉරෙන්නෙ නැති මොනවහරි බෑග් තොගයකුයි. හොයාගෙන.. මුලින්ම පොලිතින් ටික අරගෙන ගිහිල්ල රූෆ් ටොප් එකේ බිම සම්පූර්ණයෙන්ම වැහෙන විදියෙ වැස්මක් හදාගන්න. ඒකට ඉතින් ඔය පොලිතින් එකට තියල දාර දිගේ හඳුන්කූරකින් තිත් ගැහුවත් හරිනෙ. නැත්නම් මහගන්නත් පුලුවන්. හැබැයි ඉතින් ඒක හොඳ හයියටම හදාගන්න. ඊට පස්සෙ අර බෑග් ටික අරගෙන ඒවට හොඳ සරු පස් පුරවන්න, සාමාන්‍යයෙන් බෑග් එක පෙරලල දැම්මාම බිම ඉඳන් අඟල් 2ක්වත් උස තියෙන්න. එහෙම පුරවලා.. ඒ බෑග් ටික යාළු එකින් එක අරගෙන ගිහින් ඔයාගෙ ප්ලෑන් එකේ හැටියට බිම අතුරන්න. මොකද ඒව තමයි වගාබිමේ පාත්ති වෙන්නෙ.

3. නාන තටාකය සහ ජල කළමණාකරනය

නාන තටාකයක් කිව්වට ඇත්තටම පොඩි පොකුණක් වගේ එකක්..

ඒකත් රූෆ්ටොප් එකේ ඔයා ආසම තැනින්!

ගන්න අර පස් පුරවපු බෑග් ටිකක්. හැබැයි මේ වැඩේට ගන්න බෑග්වල පස් පිරවිලා තියෙන්න ඕන අඩුම තරමෙ අඟල් 6කවත් උසට. අරගෙන.. කැමති හැඩේකට, අඩියකට වැඩි උසක් තියෙන්න, එකපිට එක තියාගන්න හැකි උපරිමයෙන් සීල් වෙන්න. හරියටම කිව්වොත් ආමි බංකරයක් වගේ. හැබැයි ඔයාට බැහැල කකුල් දෙක දිග අරින්නත් ඉඩ තියෙන්න ඕන හොඳද. කොහොමහරී.. ඊට පස්සෙ, ඒකෙ වටප්‍රමාණය මැනල ඒ වගේ එකහමාරක සයිස් එකට අර ඝනකම් පොලිතින් තට්ටු 2, 3ක් හරි තියෙන්න, වැස්මක් හදාගන්න. මොකද ඒක පූල් එකට එලල තමයි වතුර පුරවන්නෙ. ඒකත් එහෙම එලල නිකම් තියලත් බෑ. ඒකෙ වාටිය, වටෙන්ම ලස්සනට එළියට තියල ඊට උඩින් අර වගේම තව පස් බෑග් පේලියක් යන්න ඕන.

එතකොට තමයි.. බැහැලා ඉඳිද්දි එළියට යන වතුර ටික ගාණට පෙරිල කරල පාත්ති වලට ගලා බහින්නෙ. 

4. වගාව

ලොකු දෙයක් නෑ ඇත්තටම. අර බිත්තිවලට හේත්තු කරපු ෆ්‍රේම් වලට නම් වැල් වර්ග තමයි හරියටම හරියන්නෙ. ඔය.. ෆැෂන් ෆෘට්, නිවිති, හාතවාරිය, පඩවැල්, කැකිරි, පිපිඤ්ඤා, කරවිල.. යට හරියෙන් ඕන නම් වට්ටක්කා, කොමඩු, පුහුල්, බෝංචි, මෑකරල් වගෙත් යවල බලන්න පුලුවන්. ඒත් බිම් පාත්ති වලට නම්.. අනිවා අඩි 5ට වඩා උස යන්නෙ නැති ගස් වර්ග තමයි. මිරිස්, මාළු මිරිස්, බටු, වම්බටු, බණ්ඩක්කා වගේ ඒවා!

5. නවාතැන

ඔක්කොම අහවර කලාට පස්සෙ ඉඩ තියෙන තැනක් බලල හරි, කලින් ඉඩ තියාගෙන හරි, පොඩි කූඩාරමක් අටවල බල්බ් එකක් දාගන්න. නිකමට රෑට ඇවිල්ල පොතක් කියවන්න. නැත්නම් අහස දිහා බලාගෙන කල්පනාවක් දාන්න. නැතිම නම් රස්නෙ දවසකට..

මෙට්ටයක් දාගෙන සීතලේ නිදියගන්න, ඈ..!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Cinnamon Lakeside’s delicious High Tea spread- 2022

Cinnamon Lakeside has made an exotic appearance at the main lounge, serving a range of

Kamu

Cooking with the Silvermill Coconut Culinary Range

As a Sri Lankan, can you imagine cooking without coconut? It is a universally accepted

Highlights Kamu

Cheers to The Great Indian Roast at Bombay Borough

By Hashini Pathirana We are all here for a short time and definitely for a

Highlights Kamu

Get Fuel’d with Street Burger’s All New Lunch Menu!

By Shamrina Carim Street Burger has launched an exciting, affordable, and a simple lunch menu

Highlights Kamu

Fine Dining with a Sri Lankan twist

Black Coral at Jetwing Beach, Negombo By Shanali Fdo Bringing the luxury of fine dining

Kamu

An epic Saturday brunch at Uga Residence

By Shamrina Carim Rare bar + Kitchen is a quintessential significant historical home that is

Highlights Kamu

Trending.

A Silver Lining at Cinnamon Hotels & Resorts Colombo

Seasonal celebrations centered around Resilience of the Nation   Colombo, Wednesday 30th November 2022: Resilience, a

Trending

Kingsbury Colombo launches a “Christmas Carriage of Hope”

The Kingsbury Colombo launched their “Christmas Carriage of Hope”, a festive icon that represents the

Trending

PickMe celebrates the launch of PickMe Pass!

PickMe had an exciting event where they celebrated the launch of their new initiative PickMe

Trending

Shangri-La Colombo Toasts to Five Years of Celebrating the Colorful Joys of Life

Shangri-La Colombo toasts to five years of celebrating the colourful joys of life here in

Trending

Don’t miss these 11 Daraz Deals on Electronic Appliances

Daraz 11.11 Biggest Sale! Daraz, the leading e-commerce platform in Sri Lanka, is all prepped

Trending

A Cabin Immersed in Nature

The Latest Addition to Hanthana Eco Lodge Delivers a Transcending Experience Inspired by the wonders

Trending

Yamu Guide.

5 Places to watch the FIFA World Cup

By RR It's been a week of toasting wins and drowning sorrows around the globe. 

Highlights Yamu Guide

High Tea Buffet Round Up 2022

By Ruchika Seneviratne The exquisite British tradition of High tea has well and truly cemented

Highlights Yamu Guide

Vegan and Vegetarian Spots around Colombo (October 2022)

By RR This article is dedicated to all the vegans and vegetarians out there looking

Highlights Trending Yamu Guide

5 Things to expect at Nelum Kuluna

By Ruchika Seneviratne It is the ‘Full happening’ place in Colombo right now. It seems

Yamu Guide

7 Cozy Cafés around Colombo (October 2022)

By Rahma Rifkhan Every now and then, we all just need to press pause on

Highlights Yamu Guide

6 Stores to get the iPhone14

By Shanali Fdo Bigger and better than ever Apple has done it again! The talk

Highlights Yamu Guide