1. මුං ආනම
ඒ හැරුනාම මුං ඇට හදන්න පුලුවන් හොද්දක් විදියටත්. ඒකට ඕන එළවළුවක් පාවිච්චි කරන්නත් පුලුවන්. හැබැයි රස ටොප් එකටම එන්නෙ මුං ඇටයි, සෝයා, කතුරුමුරුංගා, වට්ටක්කා, එක්ක හාල්මැස්සො ටිකක් දාලා ගත්තාම. බාග වෙලාවට මේකත් එක්තරා විදියක හත්මාලුවක් වගේ තමයි. හැබැයි.. මේක ඉස්සෙල්ලම මිරිස්, තුනපහ, රම්පෙ කරපිංච ටික දාලා දියකිරනේ තම්බල අරගෙන පස්සෙ මිටිකිරෙනුත් හින්දනව ලාවට. ඊට පස්සෙ තමයි යාළු.. ෂැහ් බතක්, පාන් ගෙඩියක් නෙවෙයි, සුප් එකක් විදියට වුනත් ටොප්ම ආ…
2. ලාවුලු ව්‍යංජනය
සෑහෙන්න ගුණ පලතුරක් වුණාට ගොඩ දෙනෙක් ලාවුලු කන්න කැමති නෑනෙ ඒකෙ තියෙන පිටි ගතියයි, කිරි ගතියයි නිසා. ඒ නිසා ඔන්න.. ඒක උයල කන්න ක්‍රමයක්. ගන්න හොඳට පැහුණු ලාවුලු ගෙඩි ටිකක්. අරගෙන.. හෝදල, ඇඟිලි පුරුකක විතර සයිස් කෑලිවලට කපාගන්න. කපාගෙන ඉවර වෙලා මිරිස් කුඩු, ලුණු, රම්පෙ කරපිංච, අමු මිරිස්, උම්බලකඩ එක්ක රස වැඩි කරගන්න තුනපහ ටිකකුත් දාලා මැටි ඇතිළියක.. දියකිරෙන්, ලාවට හොද්ද තියෙන්න හින්දල ගත්ත නම්.. පෝරණු පාන්, පෝරණු පාන් තමයි ඕන.
3. ඕලු දඬු ව්‍යංජනය
නෙළුම් අල රසට පදමට හදන ගෙදර උන්දැට.. ඕලු දඬු ඒ හැටි ලොකු වැඩක් වෙන එකක් නෑ. ඔයාට කරන්න තියෙන්නෙ ඉතින් කොහෙන් හරි ඕලු ටිකක් ගේන එක තමයි. බාග වෙලාවට කොහොමද යාළු ගෙදර පොන්ඩ් එකේම තිබ්බොත්.. කොහොමහරි ඕක සුද්ද කරද්දි දණ්ඩෙ පිට පොත්ත, සිවිය හූරල අයින් කරන්න ඕන. ඊට පස්සෙ, හෝදල හීනියට ලියලා.. මැටි ඇතිළියකට දාලා දියකිරිත් එක්ක, ඒකටම දාන්න කබලෙ බැදපු කොත්තමල්ලි, දුරු, මිරිස් ටිකකුයි, රම්පෙ කරපිංච, අබ, කුරුඳු ටිකක් එක්ක රස වැඩි කරගන්න තුනපහ, මිරිස් කුඩු, ලුණු ටිකකුයිත්. දාලා ලිපේ තියලා.. දියකිර හඳීගෙන එද්දි මිටිකිර දාලා නටද්දි ගත්ත නම්.. ඒකත්, උණු උණු.. රතුබතකටම තමයි ඈ..
4. බ්ලැක් හතු කරි
නිකම් කියනකොටත්.. නේ..? මේකට ගන්න ඔ්න පොඩි හතු වලින්. අරගෙන.. බැදපු පොල්, අබ, රතු මිරිස්, ඉඟුරු, සුදුළූණු, රම්පෙ, කරපිංච, කොච්චි, ගම්මිරිස්, ගොරක ගලේ අඹරපු මිශ්‍රණයක අතගාලා පදම් වෙන්න අරින්න වරු බාගයක් විතර. පදම් වුනාට පස්සේ.. දෙහි ඇඹුල් ටිකක් එක්ක බැදපු තුනපහ, කොත්තමල්ලි කුඩු පදම බලල දාලා අතගාලා.. තවත් පැයක් හමාරක් පදම් වෙන්න ඇරලා.. වතුරෙන් හින්දල ගන්නත් පුලුවන් නැත්නම් දියකිරෙන් හින්දල ගන්නත් පුලුවන්. හැබැයි මතක තියාගන්න දියකිරෙන් හින්දුවොත් ටික දවසක් තියාගන්න නම් අමාරුයි. ඒත්.. රස.. ටොප් තමයි!
5. අල බාබකියු
එලෙසින්ම.. හැබැයි අල පෙති චුට්ටක් ඝනකමට කපාගන්න ඔ්න. ඊට පස්සේ.. බාබකියු මිශ්‍රණයෙ අතගාලා හොඳට පදම් වෙන්න ඇරලා.. සෝස් එක්ක බාබකියු කරල ගන්නයි තියෙන්නෙ.. ඇත්තටම මේක නම් හොඳයි වෙජිටේරියන් බෙබෙක්ට, හ්ම්..!
6. මඤ්ඤොක්කා කැවුම්
ඇත්තම කියනව නම් නිකම් කැවුම් හදනවට වඩා ලේසියි මේක. අනිත් එක දැනට තියෙන තත්වෙත් එක්ක අඩුම කුඩුම ටිකත් ඉතුරු කරගන්න පුලුවන්නෙ. ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නෙ.. ලොකු මඤ්ඤොක්කා අලයක් අරගෙන සුද්ද කරල, හෝදල පොඩි පොඩියට කපල, වේලල පිටි කරගන්න එක. ඊට පස්සේ.. ඒ පිටියි, කැකුළු හාල් පිටියි, කිතුල් හරි පොල් හරි පැණියි 1:1:2 අනුපාතයට මිශ්‍ර කරල හොඳ හැටි අනාගන්න. ඒකෙදි මිශ්‍රණයෙ ඝනකම වැඩියි වගේ නම් උණු වතුර ටිකක් දාලා දියාරු කරගන්නත් පුලුවන්. කොහොමහරි.. ඒක පයකට එහා පැත්තෙවත් පිපෙන්න අරින්න ඕන. එහෙම පිපුනට පස්සේ.. තල, සූදුරු ටිකකුත් එකතු කරලා.. නටන තෙලේ කැවුම් අච්චුවකුත් රත් කරලා.. කොණ්ඩකැවුම් හදන එක්ස්පර්ට් කෙනෙක්ට වැඩේ බාර දෙන්නකො. එපමණයි, අවුරුදු මේසෙ පංකාදු පහයි කියයි.