ඔන්න තියෙනව කියාපුම තැන් 6ක්,
හොඳේ…
නෑ, අපි කියන්නෙ..
ඇත්තටම ආස නැද්ද ඉස්සර වගේ, යාළුවො සෙට් එකත් එක්ක හරි තනියම හරිවත් ගිහින් තෝසෙ කඩයකින් බඩ පැලෙන්න කන්න? ඇත්තටම අපි නම් ඒ කාලෙ බඩගින්නක් කිව්වොත් තෝස කඩයක් ඇතුළෙ. ඇයි අප්පේ… අතේ තියෙන තුට්ටු දෙක එකතු කරල කන්න පුළුවන් එකම කෑම වේලනෙ. ඊටත් ඒකෙ අමුතු ගතියකුත් තිබ්බ. දන්න කියනවුන් එක්ක, එක පිඟානෙ තෝසෙ, ඉඩ්ලි, වඩේ, සාම්බාරු අනම් මනම් එකට අනාගෙන දසබසගාලා දෙසා බාද්දි…
ඉතින් ඒ සුන්දර මතක… මගෙ හිතේ ඔය කොළඹ ඉස්කෝලවලට ගියපු උදවියගෙ ඉඳන් ම තියෙනවනෙ. හැරත්, ඒ නිසාමයි අපි කල්පනා කළේ ඒ මතක පෑදෙන්නත් එක්ක කියල කට්ටියට ම බැහැලා බඩ කට පිරෙන්න කන්න කියාපු,
මෙන්න මේ කඩ ටික කියන්න. වැඩේ කියන්නෙ ඉතින් බලල විතරක් නම් හරියන්නෙ නෑ ඔන්න. අද හෙට ම අල්ලල යන්න..!
1. Pureraan
තලවතුගොඩ, කලල්ගොඩ හංදියෙ තියෙන පියෝ වෙජි නොම්මර එකේ කඩය. ආයෙ මෙතන තෝසෙ, වඩේ, ඉඩ්ලි කිව්වොත් ඉතින් පිස්සු හැදෙනව. මොකද ඒ රෙසිපි ඔරිජිනල් ම ඉන්දියන් රෙසිපිවලටත් එහා වගේ. අවංකයෙන් ම, මෙයාලා උලුඳු මසාලා පදම එහෙම ගළපනව හෑක්.. ගෑවෙන්න. අනික හැම කෑම එකක් ම උණු උණුවෙන්නෙ. කඩේ අරින වෙලාවෙ ඉඳන් අන්තිම තෝසය දක්වා එහෙමයි. විශේෂයෙන්ම මෙයාලගෙ කුරක්කන් තෝසෙ, තලපවලටත් සෑහෙන ඉල්ලුමක් තියෙනව. ඒක නම් මගෙ හිතේ සාම්බාරුවයි, සම්බල් එකයි ටොප් එකට තියෙන නිසා වෙන්න ඕන. හැරත් මෙතනින් බඩ පැලෙන්න කෑවත් රු. 150 – 200යිනෙ උපරිම.
2. Sri Suryas
පිටකොටුව මුහුදු මාවතේ තියෙන තවත් සුපිරි තෝසෙ කඩයක්. හැබැයි මෙතන තෝසෙ විතරක් ම නෙවෙයි. එක එක විදියෙ ඉන්දියන් කෑම තොගයක් තියෙනව. ඔය බිරියානි, කරි වර්ග අනම් මනම්… කොහොම වුණත් මෙයාලගෙත් නැගල යන්නෙ නම් තෝසෙ තමයි. මොකද මෙයාල ළඟ තියෙනවනෙ ගී තෝසෙ, මසාලා තෝසෙ, පේපර් තෝසෙ වගේ තෝසෙ වර්ගත් තොගයක් ම. ඉතින් යන ඕන කෙනෙක්ට අතේ තියෙන ගාණ බලල හිතේ හැටියට තෝර බේරගෙන කන්න පුලුවන්. අනික වැඩි වියදමකුත් නෑනෙ. රු. 200 – 250යි ඕං.
3. Chennai
ඒ කොළඹනෙ.
මේ බම්බා. බම්බ ගියොත් ඉතින් ඔය කාට කාටත් අමත කරන්න බැරි තැනක් තමයි චෙන්නායි. මොකද රු. 150 – 250 හිතේ හැටියට තෝසෙ, වඩේ කන්න කියාපු තැනනෙ. අනික කෑමවල රසෙත් මේං කියල අඩුවක් නෑ. සැර නම් සැර, මසාලා තුනපහ රසවල් නම් එහෙමයි, ඊටත් තියෙන තෝසෙ, වඩේ, රොටි ජාති ටික. ෂැහ්! පිස්සු හැදෙනව ඈ… අමතක නොකර කියන්න ඕන මෙයාලගෙ මසාලා, ගී තෝසෙ සෙට් එක නම්…
සාම්බාරු, සම්බල්, මිරිස් හොදිත් එක්ක පංකාදුයි ඈ…
4. Sri Vani Villas
කොම්පඤ්ඤවීදියෙ විතරක් නෙවෙයි, මුලු කොළඹ හතර දිග්බාගෙ ම ප්‍රසිද්ධ සුපිරි ම තෝසෙ කඩේ. මේකෙ ඉතිහාසය ගත්තත් මගෙ හිතේ අවුරුදු 30, 40කට වැඩියි. ඒ වගේම තමයි කෑමවල රසත්. කන්න කන්න ආස හිතෙන්නව ඉතින්. අනික අපේ ඈයො ආස කරන විදියට ම හොඳ සැරට, තුනපහ රස පදමට හදල කරලනෙ මේසෙට එන්නෙත්. ගී තෝසෙ, මසාලා තෝසෙ, පේපර් තෝසෙ වගේ තෝසෙ වර්ග තොගයත් එක්ක මෙයාලගෙ වඩේ ජාති ටික, කරි ජාති ටික එහෙමත් මරේ කියල නැගල යන්නෙ ඈ… ඒ විතරක් නම් බැරියැ, වෙජි කෑමවලින් ඔබ්බට… එක එක රසට හැදෙන චිකන් අඩුමකුඩුම ව්‍යංජන එහෙමත් තියෙනවනෙ. ආයෙ රු. 200 – 300ට කෑ හැකි බඩ පැලෙන්න.
5. Hotel New Amirthaa
මේක ඇවිල්ල බම්බවල තියෙන නෝමල් ප්ලේස් එකක්. ඒ කිව්වෙ ව්‍යවහාරයේ විදියට ම සයිවර් කඩයක්. හැබැයි, එහෙමයි කියල කෑමවල රසේ අඩුවක් නෑ. වෙනසකට කියල තියෙන්නෙ මෙයාල ළඟ තියෙන තෝසෙ වර්ග ටික තමයි. එහෙමයි කියල ගී තෝසෙ, මසාලා තෝසෙ නැතුව නෙවෙයි. ඔය අනිත් අනිත් ලොකු ලොකු තෝසෙ ජාති ටික නැති එක. ඒත් ඉතින් උණු උණුවෙ මේසෙට එන ප්ලේන් තෝසයකින් වැඩේ පටන් ගත්තත් ඇති මෙතන. මොකද මෙයාලගෙ සාම්බාර්, මිරිස් හොදියි, සම්බල් එහෙමයි, එතකොට වඩේ, ඉඩ්ලි, පිට්ටු වගේ කෑමයි සුපිරි රහට තියෙනවනෙ. ඊටත් මෙතන මසාලා ටී එක! හප්පේ…
6. Dhawalagiri Hotel
නම ඇහුවොත්..
දන්නෝ දනිති. මොකද මරදානෙ ධවලගිරිය කිව්වාම… තෝසෙවලට ම නෙ ප්‍රසිද්ධ. දන්න විදියට මෙයාලා ළඟත් පේපර් තෝසෙ, මසාලා තෝසෙ තියෙනව. හැබැයි වැඩියෙන්ම නැගල යන්නෙ ප්ලේන් තෝසෙයි, උලුඳු වඩේ, ඉඩ්ලි, ඉඳිආප්ප ටික තමයි. මොකද මෙයාලගෙ සාම්බාර් එකේ ඉඳන් ම හොඳ සැර තියෙනවනෙ. අනික මිරිස් හොදි, කිරි හොදි, සම්බල් එහෙමත් ටොප් රහට! ඊටත් වෙන වෙන කරි ගන්නව නම් එහෙමත් තියෙනවනෙ. ඔක්කොමත් හරි කාලා ස්ට්‍රෝන්ග් ටී එකක් ගහනව නම් ඒකටත් තැන මෙතනම තමයි.
දැන් ඉතින් කට්ටිය කියයි… ඕව නම් මොනාද අපි කාපු කඩනෙ කඩ කියල. ඇත්ත, අපිත් දන්නව ඉස්සර සුපිරියට තිබිල දැන් සවුත්තු වෙච්ච කඩ… අපේ මතකයෙන් අයින් කරන්න අමාරුයි කියල. ඒත් මොනව කරන්නද යාළු. ඔන්න ඔහෙ තියෙන ඒවයිව්වත් සතුටු වෙමු, නේ!