හැමදාම කියන්නෙ එක්කෙනා දෙන්නට යන්න, නැත්නම් කොල්ලො සෙට් එකකට කෑම්පින්ග් යන්න හොඳම තැන්නෙ.
ඒ නිසාම ඔන්න මේ පාර..
කට්ටිය 30, 40කට වැඩියෙන් හිටියත්.. අපූරුවට, සුන්දර අත්දැකීම් ගොන්නක් එකතු කරගෙන එන්න පුලුවන් සවාරියක් යන්න පංකාදුම නවාතැන් සෙට් එකක් අපෙන්.
1. Ella Escapade Hostel by Nomadic
ඇල්ල, කිතල් ඇල්ල පාරෙ කෙලවරේම තියෙන පුංචි පහේ ලස්සන බංගලාවක්. හැබැයි ඇතුල නිම කරලා තියෙන්නෙ හොස්ටල් එකක් සහ කාමර පහසුකම් තියෙන විදියට. ඒ හැරුනාම.. එළි පෙහෙලියෙ අපූරු මිදුලක්, ඊට එපිටින් රේල් පාර.. ඒ විතරක් නෙවෙයි කැළෑරොද අතරින් අපූරුවට පේන ‘ඇල්ල රොක්’!
ඇත්තටම ‘එස්කේප්ඩ්’ එකේ රැයක් ගතකරලා, ගමේ රහට කෑම ටිකක් කාලා, යාළුවොත් එක්ක පුංචි පහේ බජව්වක් දාලා එනව කියන්නේ..!
2. A4 Villa & Spa
හබරණට පොඩ්ඩක් කලින්.. ප්රධාන පාරට නුදුරින් පුංචි බැද්දකට වෙන්න පිහිටපු මේ සුන්දර..
ගැමි ගතියට ඉදිවුනු නවාතැනේ, සුවපහසුව අතිනුත් අඩුවක් නැති වෙන්න පූල් එකක් එහෙමත් හදලා. ඒ හැරුනාම පොල්අතු හෙවිලි කරලා, මැටි පෙනුමට හදාපු කොටේජ.. ආයුර්වේද සම්බාහන වෙද මැදුරු..
ඔක්කොටමත් වැඩිය ටොප්.. ගමේ රහට හැදෙන මෙයාලගෙ රයිස් ඇන්ඩ් කරිය!
3. Sinharaja Forest Gate
දෙනියාය, මෙදේරිපිටිය ගමෙත් කෙලවරේ.. සිංහරාජ පිවිසුම පෙනි පෙනී, පුංචි තෙත්බිමක ඉදිකෙරුනු, ලීයෙන් නිමවපු සුවපහසු කොටේජ..
වැඩිය ඔ්න නෑ, දවල් දවසෙ කැළේ ඇතුලෙ සතා සීපාවා බලන්න ගිහින්.. හැන්දැ වෙද්දි හොඳහැටි නාගෙන කරගෙන ගිණිමැලයට කිට්ටු කලා නම්.. සීතලත් නිවාගෙන, බාබකියු කෑල්ලකුත් රස බල බල.. ගෙම්බො, බස්සො සද්දෙ අතරින් හීන් නින්දක් දාන්න..
4. Happy Laugh Mountain View Inn
ඇල්ල, පස්සර පාරෙ බල්ලෙකෙටුව කිට්ටුව..
කෑගැස්සෙන විව් එකක් තියෙන කඳු බෑවුමක පිහිටපු ලොකු හොස්ටල් එකක්. විශේෂයෙන්ම කියන්න ඔ්න මේකෙ තියෙනවා හෝල් එකකුයි, කෑම්පින්ග් ටෙන්ට්ස් සහ රූම්ස් එහෙමත්. ම්.. සියල්ලම හොඳ සුවපහසුවට නිමකරලා..
හැබැයි වැඩේ තියෙන්නෙ ඉතින් දාන පාර්ටියක් දානවා නම් ඇතුලෙ හෝල් එකේ තමයි. අනික කෑම බීමත් ලොකු පිරිසකට නම් ටිකක් අමාරුයිත් වගේ.
5. The Rainforest Village
මේකත් ඉතින් සිංහරාජෙ මායිමේම තමයි. දෙනියාය, මෙදේරිපිටිය කෙලවරේ..
නොම්මර එකට සුවපහසුව තියෙන්න වගේම.. පූල් එකක්, අපූරු මිදුලක්, සත්තු පිරිච්ච පොකුණු, හතරවටින් කැළෑව.. ඒ විතරක් නම් බැරියැ, මුලුමනින්ම ලී වලින් නිමවලා, ෆුල් ලක්ෂරි මට්ටමටම නිමවපු කොටේජ. හැරත් දකුණෙ රහට ගමේ කෑම..
6. Trinco Star Cabana
අවාරෙ- වාරෙ මැද්දෙ වුනාට.. මුහුද නරකමත් නෑ, හැබැයි සුපිරිමත් නෑ. ඒත් ඉතින් ගියාට පාඩුවකුත් නෑ. මොකද උදේට හොඳ හැටි බීච් එකේ නටලා කරලා විනෝද වෙලා.. හැන්දෑවට ක්ෂිතිජ ඉමේ විව් එක සෙට් වෙන්න ගිණිමැල බාබකියු පාර්ටියක් දාන්න..
එතකොට.. ඇති හැටියට සීෆුඩ් රස බලන්න. ඒ විතරක් නෙවෙයි, සුවපහසුවට, ලී වලින්ම නිමවපු කොටේජ තියෙන ලොකු පොල්වත්තක.. හිතේ හැටියට දවසක් දෙකක් ගත කරන්න..
යන්න,
බලන්න,
අතේ තියෙන ගාණට හරියන්න!