රාමසාන් සමරන්න බිරියානි සවාන් ගන්න පුළුවන් තැන් – 2021.

හෙට අනිද්දට රාමසාන් එනවා.. කොරෝනා වසංගතය හොඳට ම නරක අතට හැරිලා තියන වෙලාවක් නිසා ඔක්කොම නෑදෑයෝ, යාළුවෝ, හිතමිතුරෝ එකතු කරගෙන උත්කර්ෂයෙන් රාමසාන් සමරන්න බැරි වුණත්, පවුලේ ළඟ ම අයත් එක්ක පරිස්සමෙන් කාල බීල සතුටින් දවස ගෙවන්න කාගෙන්වත් බාධාවක් නෑ.

ඉතින් මේ පාර රාමසාන් එකට රස බිරියානි සවානක් ගන්න පුළුවන් තැන් ගැනයි මේ අපි කියන්න හදන්නේ.

මේක දිගට ම අප්ඩේට් වෙන ලැයිස්තුවක්. ඒ නිසා ඔබත් රාමසාන් එකට සවාන් සපයන රෙස්ටොරන්ට් එකක් කරනව නම්, මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න කැමති නම්, 0760106226 අංකයෙන් අපිට කතා කරන්න. නැත්තං ads@yamu.lk ලිපිනයට ඊමේල් එකක් දාන්න.

Elevate

කොළඹ තියන උසම රූෆ්ටොප් බාර් එක වෙන එලිවේට්, මෙදා පාර රාමසාන් එකට චිකන්, මට්න් සහ වෙජි විදිහට බිරියානි ජාති තුනක් ලෑස්ති කරලා තියනවා. මිංචි සම්බෝල, රයිතා, බටු මෝජු, උම්බලකඩ සම්බෝල/ සීනි සම්බෝල, මික්ස්ඩ් වෙජි කරි (කජු සහිත) සහ තම්බපු බිත්තර මේ සවානට ඇතුළත්. 

මේ ඇරුණම ලෑම්බ් කොෆ්තා, ස්ප්‍රින්ග් රෝල්ස් වගේ ජාති එහෙමත් මෙතනින් ගන්න පුළුවන්. මතක ඇතිව පැය හයකට කලින්වත් ඕඩර් එක දෙන්න.

මිල:

චිකන් බිරියානි – රු. 4800 (4 දෙනෙකුට), රු. 7200 (6 දෙනෙකුට)

මට්න් බිරියානි – රු. 6200 (4 දෙනෙකුට), රු. 8900 (6 දෙනෙකුට)

වෙජි බිරියානි – රු. 4000 (4 දෙනෙකුට), රු. 6000 (6 දෙනෙකුට)

සම්පූර්ණ මෙනු එක බලන්න මෙතන ක්ලික් කරන්න.

අමතන්න: 0766527203/ elevate.appigo.co/webstore

Isso

කොළඹ තියන ඉස්සො ස්පොට් එක, ඉස්සො එකේ ඉස්සො බිරියානි සවාන් එක 8 දෙනෙකුට ඇති. මිංචි චට්නි, රයිතා, මැලේ අච්චාරු සහ තම්බපු බිත්තර තමයි මේකේ අඩංගු ජාති.

මිල: රු. 8990

අමතන්න: 0117770300

Chana's

කොළඹින් හම්බෙන හොඳ ම බිරියානිවලින් එකක් චානාස් එකේ චිකන් බිරියානි. මෙතන හයිද්‍රබාද් ඩම් බිරියානි චිකන් සහ මට්න් වර්ග දෙකෙන් ම එනවා. ඒ එක්ක ම තන්දුරි චිකන්, රයිටා, ග්‍රීන් පීස් සහ කජු කරියක් සහ මැලේ අච්චාරු හම්බෙනවා. ඇණවුම දෙද්දි ෆුල් පේමන්ට් එක කරන්න ඕනේ. 

මිල:

චිකන් – රු. 3650 (4 දෙනෙකුට), රු. 5690 (8 දෙනෙකුට)

මට්න් – රු. 4150  (4 දෙනෙකුට), රු. 6940 (8 දෙනෙකුට)

අමතන්න: 0117939788/ 0775133655

Dinemore

ඩයින්මෝර් එක මැයි 11 වෙනිදා වෙනකන් චිකන් බිරියානි සවාන් ඕඩර්ස් බාරගන්නවා. බිරියානි ඇරෙන්න වෙනසකට වගේ ගී රයිස් සවාන් වුණත් මෙතනින් ගන්න පුළුවන්.

මිල: 

චිකන් බිරියානි – රු. 4800

ගී රයිස් – රු. 4800

අමතන්න: 0115661661

Gi-Gi Flavours

ශ්‍රී ලංකන් විදිහට චයිනීස් කෑම හදන තැනක් විදිහට හොඳ සේවාවක් සපයන ගි ගී ෆ්ලේවර්ස් එකෙනුත් මේ අවුරුද්දේ රාමසාන් වෙනුවෙන් බිරියානි සවාන් ලෑස්ති කරලා තියනවා. චිකන් සහ බීෆ් ජාති දෙකෙන් ගන්න පුළුවන්. ලූනු අච්චාරු, උම්බලකඩ සම්බෝල, ග්‍රීන් පීස් කරි, රයිතා විතරක් නෙමෙයි, ඩෙසට් එකට වටලප්පමකුත් හම්බෙනවා.

මිල: 

චිකන් බිරියානි – රු. 4400

බීෆ් බිරියානි – රු. 4900

අමතන්න: 0779966519

Arabian Knights

ඇරෙබියන් නයිට්ස් එකේ ඊද් ස්පෙෂල් රෝයල් සහන් එකට ස්මෝකි රයිස්, ග්‍රිල්ඩ් චිකන්, කෙබාබ් (කොෆ්තා/ ඔර්ෆාලි/ ටික්කා), ෂවර්මා, කඩල කරි, තක්කාලි ඩිප් එකක්, සලාද එක්ක සොෆ්ට් ඩ්‍රින්ක්ස් සහ වටලප්පම් ඇතුළත්. පස් දෙනෙකුට හොඳට ම ඇති.

මිල: රු. 3950

අමතන්න: 0112301031/ 0112301032/ 0770364115

Cakes & Bakes

කේක්ස් ඇන්ඩ් බේක්ස් එකෙන් රාමසාන් සීසන් එකට ස්පෙෂල් බොම්බේ බිරියානි සහ ස්ට්‍රින්ග් හොපර් පිලාවු කියන සවාන් දෙක හඳුන්වල දීල තියනවා. උම්බලකඩ සම්බෝල, අන්නාසි කරි, මැලේ අච්චාරු, බේක්ඩ් චිකන්, ග්‍රීන් පීස් සහ කජු කරි එක්ක උණු උණු චොක්ලට් පුඩිමකුත් හම්බෙනවා.

මිල:

ස්ට්‍රින්ග් හොපර් පිලාවු – රු. 3900

ස්පෙෂල් බොම්බේ බිරියානි – රු. 4500

අමතන්න: 0775435445/ 0764412793

Saveira Indian Restaurant

සවෙයිරා එකෙනුත් මට්න් සහ චිකන් ජාති දෙකෙන් ම බිරියානි සවාන් ලබාගන්න පුළුවන්. කරීඩ් චිකන්, රෝස්ට් චිකන්, උම්බලකඩ සම්බෝල, රයිතා, අච්චාරු, ග්‍රීන් පීස් කරි සහ වටලප්පම් එහෙමත් මේකට ඇතුළත්. මැයි 12  වෙනිදා වෙනකන් ඕඩර්ස් බාරගන්නවා.

මිල:

චිකන් – රු. 3500

මට්න් – රු. 5000

අමතන්න: 0112554344

Habibiz Sri Lanka

හබිබිස් ශ්‍රී ලංකා එකේ තන්දුරි චිකන් බිරියානි එක සෑහෙන ප්‍රසිද්ධයි. ඒ ඇර එයාල ළඟ චිකන් ඩම් බිරියානි, බීෆ් බිරියානි, මට්න් බිරියානි සහ චිකන් ෆ්‍රයිඩ් රයිස් සවාන් එහෙමත් තියනවා. ඊද් දවසට කලින් දවසේ හවස 6ට කලින් ඇණවුම් කරන්න.

මිල:

තන්දුරි චිකන් බිරියානි – රු. 4200

චිකන් ඩම් බිරියානි – රු. 4200

බීෆ් බිරියානි – රු. 4800

මට්න් බිරියානි – රු. 6500

චිකන් ෆ්‍රයිඩ් රයිස් – රු. 4200

අමතන්න: 0112722282/ 0113694694

Ivy Lane Kitchen

මේ රෙස්ටොරන්ට් එකෙත් බිරියානි ජාති තුනක් තියනවා. චිකන්, බීෆ්, මට්න්.

මිල:

චිකන් – රු. 2400 (4-5 දෙනෙකුට), රු. 4290 (7-8 දෙනෙකුට)

බීෆ් – රු. 2900 (4-5 දෙනෙකුට), රු. 5290 (7-8 දෙනෙකුට)

මට්න් – රු. 3750 (4-5 දෙනෙකුට), රු. 6950 (7-8 දෙනෙකුට)

අමතන්න: 077195856/ 0112372093

The Food Life

මෙතන චිකන් බිරියානි එක හදන්න ඒගොල්ලො බාස්මති සහ සම්බා හාල් පාවිච්චි කරනවා. මසාලා ෆ්‍රයිඩ් චිකන් කිලෝ එකක්, ග්‍රීන් පීස් සහ කජු කරි, බිත්තර, අන්නාසි, මිංචි චට්නි, මැලේ අච්චාරු සහ රයිතා එක්ක තමයි බිරියානි එක එන්නේ.

මිල: 

බාස්මති චිකන් බිරියානි – රු. 6200

සම්බා චිකන් බිරියානි – රු. 5000

අමතන්න: 072728889

Cinnamon Lakeside Colombo

සිනමන් ලේක්සයිඩ් එකේ අලුත් ම ඩිලිවරි ප්ලැට්ෆෝම් එකෙන් චිකන්/ ඉස්සො/ මට්න් බිරියානි ගෙදරටම ගෙන්නගන්න පුළුවන් ඕඩර් කරන්න මෙතන ක්ලික් කරන්න.

මිල:

චිකන් බිරියානි – රු. 4200

ඉස්සො බිරියානි – රු. 5100

මට්න් බිරියානි – රු. 5600

අමතන්න: 0112491000

Maharaja Palace

6-8 අතර පිරිසකට ඇති වෙන තරම් ලොකු බිරියානි සවානක් ඕන නං මෙතනින් ගෙන්නගන්න පුළුවන්. චිකන්, මට්න් දෙකෙන් ම අවේලබල්.

මිල:

චිකන් – රු. 7500

මට්න් – රු. 8500

අමතන්න: 0114886000

Grill & Chill

චිකන්, මට්න් හෝ බීෆ් ඔබ කැමති ජාතියක් එක්ක ග්‍රීන් පීස් කරි, මැලේ අච්චාරු, රයිතා, හොදි විතරක් නෙමෙයි, අතුරුපසට වටලප්පම් එහෙමත් ග්‍රිල් ඇන්ඩ් චිල් එකේ සවානට ඇතුළත් වෙනවා. 

මිල:

චිකන් බිරියානි – රු. 4100

මට්න් බිරියානි – රු. 6600

බීෆ් බිරියානි – රු. 4800

අමතන්න: 0112710610

Shawarmaz @ GP

6 දෙනෙකුට හරි යන බිරියානි සවානකට කියාපු තැන මේ. චිකන් හෝ මට්න් එක්ක රයිතා, බිත්තර, චිකන් හොදි එහෙමත් මේකට එනවා. ඇයි තව වටලප්පමකුත්!

මිල:

චිකන් බිරියානි – රු. 3900

මට්න් බිරියානි – රු. 5500

අමතන්න: 0777307443

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide