90 දශකයේ අපි බලපු සිංහල කාටූන් 8ක්.

ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ කොච්චර තිබුණත්, ඉස්සර හවස හතර, පහ වෙද්දී රූපවාහිනිය ඉස්සරහ වාඩිවෙන්න අපි පුරුදු වෙලා හිටිය හැටි ඔයාලටත් මතක ඇති. ඒ වෙන මොකටවත් නෙමෙයි, රූපවාහිනියේ චැනල් එකක් ගානේ තියෙන කාටූන් ටික බලන්න. මේවා බලද්දී ඉතින් අම්මගෙන් බැනුම් කෝටියක් අහන්න වුණා කියලා කියලත් ගානක් නෑ අපට. මේ කාටූන් ටික බලන්න විතරක් නෙවෙයි, පහුවෙනිදට ඒවා ගැන ඉස්කෝලේ ගිහින් තොර තෝංචියක් නැතුව යාළුවොත් එක්ක කියවන්න අපට අපට තිබුණේ පුදුම ඉස්පාසුවක්.

ඉංග්‍රීසි කාටූන් ගැන අපි පළ කරපු ලිපිය ඔයාලට මතක ඇති. ඉංග්‍රීසි විතරක් නෙවෙයි, සිංහලෙන් හඬකවපු කාටූන් තොගයකුත් ඒ කාලේ තිබුණා ඔයාලට මතකද? මේ කාටූන් 90 දශකය ඇතුළත අපට රූපවාහිනියෙන් දැකගන්න ලැබුණා. මතක්  කරලා බලන්න, ඔයාලත් පොඩි කාලේදී මේවා බලලා තියෙනවා නේද කියලා. කාට කාටත් මතක් වෙන්න, අපි ඔන්න මේ කාටූන් තේමා ගීත ටිකත් දැම්මා.

1. දොස්තර හොඳහිත (Doctor Dolittle)

මුහුද මගේ ගොඩබිමයි – නැව මගෙ නිවසට සමයි

සියලු සතුන් මගෙ තමයි – දොස්තර හොඳහිත මමයි

90 දශකයේ අපේ හිතේ පැලපදියම් වුණු ගීත අතරින්, මේ ගීතයට විශේෂ තැනක් ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නැවකින් දේශ දේශාන්තරවල යමින් සත්තුන්ට වෙදකම් කරන දොස්තර හොඳහිත වටා තමයි මේ කතාව ගෙතිලා තිබුණේ. මිනිස්සු අතර විතරක් නෙවෙයි, මිනිසුන් සහ සතුන් අතර තියෙන්න ඕනේ හිතවත්කම බැඳීම ගැන කියලා දෙන අපූරු කතාවක් විදිහට මේ කාටූන් එක හඳුන්වන්න පුළුවන්. මේ ගමන් අතරතුරදී, දොස්තර හොඳහිතට නිතරම කරදර කරන "දිය රකුස්" ප්‍රධාන මුහුදු කොල්ලකරුවන් කණ්ඩායම ගැනත් ඔයාලට මතක ඇති. සබ්මැරින් එකකින් ගමන් කරමින්, දොස්තර හොඳහිත සත්තුත් එක්ක කතා කරන රහස දැනගන්න තැත් කරන මේ කට්ටියගේ ආදර්ශ පාඨයත් "නිතර පස් පව්". කොහොම වුණත්, මේ කරදර වලට සාර්ථකව මුහුණ දෙන්න, දොස්තර මහත්මයාගේ හිත හොඳකම වගේම, ඔහුත් එක්ක මේ ගමන් වලදී ඉන්න ජිමීත්, පෙත්තප්පු නම් ගිරවාත්, ජිම්පා නම් වඳුරාත්, ඩබ් ඩබ් නම් තාරාවත්, ටූ ටූ නම් බකමූණාත්, දඩෝරියා නම් දඩයම් බල්ලාත්, පුෂ්මී පුල්යූ නම් ඉල්ලාමාත් උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි, සමහර කතාංග අවසානයේදී, අපට ලා තණකොළ පෙත්තාස්ගේ සංගීත කණ්ඩායමේ සිංදුවකුත් අහන්න ලැබුණා.

2. පිස්සු පූසා (Top Cat)

හොරා කෑම බැරිවුණ දා – දත් විලිසා නිය විහිදා

කොන්ද නමා දුන්න ලෙසා – පහුරු ගායි මේකා

පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ

පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ    

කට්ටකමින් වෙට්ටු දාලා දවස ගෙවාගන්න පූස් ලොක්කා ගැන තියෙන පිස්සු පූසා කාටූන් එක අදටත් අපට හිනාවෙවී බලන්න පුළුවන් එකක්. ඥාව්වා, උපාසක, පුරු පුරු ඇතුළු තමන්ගේ සගයන් එක්ක පූස් ලොක්කා ගැටගහන මේ උප්පරවැට්ටි වලට හැමදාම ඉතින් අහුවෙන්නේ අහිංසක සාජන් මහත්තයා. 1961 වසරේ බිහිවුණු Top Cat නම් ඉංග්‍රීසි කාටූන්  එක තමයි මේ විදියට 90 දශකයේදී "පිස්සු පූසා" නමින් අපට දැකගන්න ලැබුණේ.

3. හා හා හරි හාවා (Bugs Bunny)

හා හා හරි හාවා – කැලේ මැදින් ආවා

හිටගෙන ගඟ ගාවා – වටපිට ඇහැලෑවා

දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ කටහඬින් ගැයෙන මේ තේමා ගීතය ඇහෙද්දී දුවගෙන ඇවිත් රුපවාහිනිය ඉස්සරහ වාඩිවෙන පුරුද්දක් අපට තිබුණා ඔයාලටත් මතක ඇති. කටකාර, දඟකාර, විසේකාර හාවෙක්ගේ උප්පරවැට්ටි ගැන කියවුණු මේ කාටූන් එකත් අපි 90 දශකයේ ආසාවෙන් බලපු කාටූන් අතරින් තවත් එකක්. ඇත්තටම කිව්වොත්, මේ තේමා ගීතය අපි බාලාංශ පන්තියේදී ඉගෙනගන්න පළමු ගීත අතරින් එකක්. කාටූන් එක වගේම, මේ තේමා ගීතයත් අපේ මතකයේ අදටත් රැඳිලා තියෙන්නේ මේ හේතුව නිසාමයි.

4. වලස් මාමා (The Beary Family)

කවුරුද කවුරුද රණ්ඩු කරන්නේ – නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ

මොකටද මොකටද රණ්ඩු කරන්නේ – වැඩකට නැතිවලු ගහ බැණගන්නේ

ඇඩ්ඩින් මාමයි, මැගී නැන්දයි, උක්කුං පුතායි ; මේ තමයි වලස් පවුල. නොසැලකිල්ල නිසා දවස තිස්සෙම අකරතැබ්බ වලට මුහුණ දෙන ඇඩ්ඩින් මාමාට, මැගී නැන්දාගෙන් බැනුම් අහනවට වඩා වෙන වැඩක් නැහැ. ඒ විතරක්ද, ඔහේ සෙල්ලකාරකමට හැදිලා ඉන්න උක්කුං පුතා කරන මෝඩකම්? මේ චරිත තුන අපේ මතකයේ කොටස් බවට පත්වුණේ අපි පොඩි කාලේ බලපු වලස් මාමා කාටූන් එකෙන්. 90 දශකයේ අපි දැකපු වලස් මාමා, 1962 වසරේ විකාශය වුණු The Beary Family කියන ඉංග්‍රීසි කාටූනයේ සිංහල හඬ කැවීම විදිහට හඳුන්වන්න පුළුවන්.

5. කවුද බෝයි  (Lucky Luke)

ඒ කාලේ සිද්ධ වෙච්ච කතාවක් මේ – නියම වීරයෙක් ගැනයි කියන්නේ

අස්සයාගේ පිටින් එයා ගමන් යයි – එයාට කවුරුත් කිව්වේ කවුද බෝයි

"කව් බෝයි" කිව්වම මතක් වෙන්නේ කවුද? උස බූට් සපත්තු දෙකක් දාගත්ත, කලිසමට යට කරපු කමිසයක් එහෙම ඇඳගත්ත, රෙදි පටියකින් කොණ්ඩ පොඩියක් ගටගහගත්ත, තරමක් අව පැහැයට හැරුණු තොප්පියක් ඔලුවේ එහෙම දාගෙන අස්සයගේ පිටින් ගමන් යන කෙනෙක්වනේ. අන්න ඒ වගේ කව් බෝයි කෙනෙක් ගැන තියෙන කාටූන් එකක් තමයි කවුද බෝයි. අසාධාරණේ පෙන්නන්න බැරි කව් බෝයි කෙනෙක් මුහුණ දෙන විවිධ සිදුවීම් ගැන තමයි මේ කතාවෙන් කියවුනේ. කොහොම වුණත්, බොහෝම හාස්‍යජනක කතා බොහෝමයක් මේ කාටූන් එකෙත් දකින්න ලැබුණා අපට.

6. ගලිවරයන්ගේ සුවිසැරිය (The Adventures of Gulliver)

ගලිවරයන්ගේ චාරිකා ගැන කියවුණු කතා අපි කොච්චර අහල තිබුණත්, ඒකට ජීවය දුන්නේ ගලිවරයන්ගේ සුවිසැරිය කාටූන් එකෙන් කිව්වොත්, ඒක වඩාත් නිවැරදියි. මුහුද මැද කුණාටුවෙන් අතරමන් වන ගලිවරුත්, ඔහුගේ සුරතල් බල්ලා වන වයිටාත් ලිලිපුට්ටන්ගේ දූපතට යන විදිය තමයි මේ කතාවෙන් පෙන්වනු ලැබුවේ. ලිලිපුට්ටන් කියන්නේ කුරුමිට්ටන්. ඉතින් ඒ නිසා සාමාන්‍ය මනුස්සයෙක් වන ගලිවර්ව ඔවුන් දැක්කේ යෝධයෙක් වගේම සතුරෙක් විදියට. ඒත් කාලයත් එක්ක ඔවුන්ගේ හිත දිනාගන්න ගලිවර් සමත් වෙනවා වගේම, කුණාටුවේදී මඟ හැරුන එයාගේ තාත්තව හොයාගන්න යන විදිය මේ කාටූන් එකෙන් අපට දකින්න ලැබුණා.

7. කැස්පර් (Casper The Friendly Ghost)

Casper The Friendly Ghost කියන ඉංග්‍රීසි කාටූන් එක සිංහලෙන් හඬකවලා "කැස්පර්" යන නමෙන්ම අපට දැකගන්න ලැබුනේ 90 දශකයේදී. හැමෝටම උදව් කරන, සැපේදී දුකේදී ලඟින් ඉන්න භූතයෙක් ගැන තමයි මේ කතාවේ තිබුණේ. එයාගේ සුහදශීලී බව ගැන නොදන්න අය එයාට බයවුණත්, පස්සේ එයාලගේ හිත දිනාගන්න කැස්පර්ට හැකියාව ලැබෙනවා.

8. ටින් ටින්ගේ වීර ක්‍රියා (The Adventures of Tintin)

"බිබිලි නඟින බෙලිකටූ"

ටින් ටින්, කැප්ටන් හැඩොක්, තොම්සන් සහ තොම්ප්සන් වගේම ස්නෝවි අපට මතක හිටින අය බවට පත්වුණේ අපි කවුරුත් බලපු ටින් ටින් කාටූන් එකෙන්. ඇත්තම කියනවානම්, කැප්ටන් හැඩොක් මේ කතාව ඇහෙද්දී අපට අදටත් හිනා යනවා. ජෝර්ජස් රෙමි කියන බෙල්ජියානු කාටූන් ශිල්පියාගේ කොමික් පොත් පදනම් කරගෙන බිහිවුණු The Adventures of Tintin යන ඉංග්‍රීසි කාටූන් එක තමයි මේ විදියට සිංහලෙන් හඬ කවලා අපට දැකගන්න ලැබුණේ.

ඇත්තම කියනවා නම්, වැඩිහිටියන් වෙලත් අදටත් කාටූන් බලන්න අපි ආස කරන්නේ, මේ කාටූන් වලින් අපි ලබපු විනෝදය නිසා කිව්වොත්, එක වඩාත් නිවැරදියි. අපේ ළමා කාලය මේවයින් රසවත් වුණා විතරක් නෙවෙයි, පරම්පරා ගණනකට ඒ ගැන දොඩමළු වෙන්න පුළුවන් කොටසක් අපේ ජීවිතයට ඒවායින් එකතු කලා.

මේ වගේ තවත් කාටූන් ඔයාලට මතක් වෙනවා ඇති. ඒවත් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What Are the Best Gold & Gemstone Earrings to Shop at DINIDU in Colombo?

Earrings are among the most expressive pieces of jewellery a person can own. They may

Highlights Trending

Inside Charcoal Colombo: A Story Told Through Fire, Spice and Design

In just a few months since opening its doors, Charcoal Tandoor Fire & Grill has

Highlights Trending

Cinnamon Box Office: Launch of Destination Event Calendar to Elevate Colombo’s Entertainment Landscape

Cinnamon Box Office unveils a new era of entertainment experiences, positioning Colombo as South Asia’s

Highlights Trending

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide