තෙතම තෙත වවුල් මළ පිරිච්ච පස් කැටියක්. ඉස්සෙල්ලම හෙමින් සැරේ කකුල උස්සලා ගත්තා ආයෙ තිබ්බ තැනට. අරගෙන පහත්වෙලා ගැහුවා එළිය හතර වටේටම. ගහගෙන කැරකෙද්දී.. වම් මුල්ලෙ!
ඉත්තෑවො දෙතුන් දෙනෙක්ගෙ ඔලු, කූරු, හම්, බොකු.. ඒ අතරට තව මීමින්නක් වගේ සතෙක්ගෙ වෙන්න ඔ්න ඔලුවක්..
මස් කෑලිත් එක තොගයයි. ඊටත් පණුවොත් ගහල ගඳ!
මට නිකම් ඔක්කාරෙටත් වගේ..
ආයෙ හැරෙන තැපෑලෙන්ම මම අඩිය දෙක පස්සට අරගෙන බැලුවා එතනින් අනිත් පාරෙ මොනවද තියෙන්නෙ කියලා. ඇත්තටම ඒ වෙද්දි අමතකත් වෙලා තිබ්බෙ ආවෙ තව සෙට් එකක් එක්ක කියලා. කොහොමහරි ඒ පාරෙත් අඩි 20, 30ක් ඇවිදගෙන යද්දි එන්නම එන්න පුංචි වෙලා වැහිලා යන නිසා, සනික හැරිලා ආවා කට්ටිය ඉන්න තැනට.
“මේක නම් සෙල්ලම් පොට් එකක් නෙවෙයි බං.
ලසා ඔතනින් ගිහින් දකුණට ගිහින්, දකුණෙ තියෙන කට්ටෙට එබිලා බලාංකො පාත් වෙලා..
හප්පේ.. ඉත්තෑවො සෙට් එකකටම දීලා තියෙනවා සොට් එක ලෙසටම. තනිකර දඩයම් පොට් එකක් ඈ.. ගඳ එන්නෙ සත්තු සුද්දකරලා දාපුවයෙන් බං. කුණුවෙලා පණුවොත් ගහලා” විස්තරේ කියලා කට්ටිය ඒක බලලා එනකම් මම වතුර ටිකක් බීලා හැපුවා තව විටක්. හපලා.. ඉස්සරින්ම ආපු ලසා එක්ක ඔන්න ආයෙත් ගමනට.
ඇත්තම කිව්වොත් පය ටිකක් ඉක්මන් කරලා අපි උමං ටිකේම ඇද්දා. පළවෙනි එකේ හංදි 3යි, පාරවල් 7යි. ආපහු ඇවිල්ලා ප්‍රධාන හංදියට, ගියා මැද පාරෙ. ඒකෙ හංදි 2යි පාරවල් 4යි. අවසානයෙ තමයි දකුණට තිබ්බ එකේ ගියේ.. ඒකෙ නම් එක හංදියයි, පාරවල් දෙකයි..
හැබැයී.. ඒක තමයි පොට් එක!
“වෙලාව බලාං ලසා..”
“4.35යි”
“මචං අපි ගියපු හැම ඉසව්වකම අවසානයක් හම්බවුනා. හැබැයි මේකෙ, දකුණු පැත්තෙ පාර හීනි වෙලා නිසා රිංගන්නම බෑ. දැන් මේ පාර දිගේ මීටර 200-300ක් ආවා තාම ඉවරත් නෑ. අනිත් එක තමයි කලින් ගියපු කිසිම පාරක අපිට හුස්ම ගන්න අමාරු වුනේ නෑ. හැබැයි මේකෙ එන්න එන්නම පොඩි කේස් එකක් තියෙනව නේ.. උඹලට දැනෙන්නෙ නැද්ද හුස්ම ගන්න අමාරු ගතියක්?”
“පොඩියට තියෙනවනං තමයි බං. හැබැයී.. දැං උඹේ ප්ලෑන් එක මොකක්ද කියාංකො. දිගටම අදිනවද, හැරෙනවද?”
“ම්.. මෙහෙමයි. මම කල්පනා කලේ බං, අපි ලඟ ලඟ ගියොත් තවත් හුස්ම ගන්න අමාරු වෙනව. හැබැයී හැරෙන්නත් බෑ. ඒ නිසා ගැප් තියාගෙන යමං. යාන්තම් මගේ ටෝච් එළිය පේන දුරිං හරා වරෙං කඹ ටිකත් අරගෙන. කරා, හරාගෙ එළිය පේන දුරිං වරෙං. ලසා ඒනං ඒ විදියටම අන්තිමට ඈ..”
කියලා පිටත් වුනාට එළියත් ටිකෙන් ටික අඩුවේගෙන යන ටෝච් එකට ඉමක් පේන්නෙත් නැති තරම්. ඊටත් හුස්ම වැටෙන වේගෙත් එන්න එන්නම වැඩි වෙනවා.
“ෂැහ්, පොඩි ටැංකියක් ගේන්න තිබ්බෙ.” මම, මටම මුමුණ මුමුණ පොඩ්ඩක් ඔලුව ඉස්සුවත් හරි ඉස්සරහ කකුල ලිස්සලා ගියා.. එල්ලුණේ උමං බිත්තියෙ. එල්ලිලා හීන් සීරුවට ආපස්සට ගොඩවුනා. ගොඩවෙලා හුස්ම ගන්න ට්‍රයි එක බස බස ගාලා, බය වෙච්ච පාරට. ඒත් හුස්මත් නෑ!
කොහොමහරි බොහොම ආමරුවෙන් කාම් ඩවුන් වෙලා ටෝච් එක ගැහුවා ඉස්සරහට..
‘බොලේ..
පත හෙලක්! හැබැයි තනි කෙලින් එකක් නෙවෙයි. අංශක 45ට වගේ පටන් ගැන්ම පේන’
“ගියා නම් අභයභූමි තමයි.
හූ…
හරා විතරක් වරේ..න්!”
කාම් ඩවුන් එකෙන් පස්සෙ ලාවට හුස්ම ටිකක් ඇදගත්ත නිසා හරාට එන්න පණිවිඩේ..
“මං කිව්වෙ බං. මොකක් හරි ලොකු සීන් එකක් තියෙනවා කියලා මේ පාරෙ. බලාං හෙල. යකෝ මාව ලිස්සල වැටෙන්න ගියා, මෙතන උඩ බලන්න ගිහිල්ලා. මේහ් ඒක නෙවයි, හුස්ම නං නෑ බං මෙතන ගොඩ වෙලාවක් ඉන්න. උඹ ඔතන ඉඳපං. මං එහාට ගිහින් අරුන් දෙන්නව එවන්නං. උනුත් බැලුවට පස්සෙ තැනකට එමු කඹේ දාලා බහිනවද, නැත්නං ගමනට දෙවනි කොටසක් තියනවද කියලා”
“හ්ම්.. එල, එල. බැස්සත් තොට තමා බහින්න වෙන්න. අවුලක් නෑ. එන්න කියාංකො බලන්න”
ආපස්සට ගමනෙන් මම මගක ඉඳලා ලසා, කරා දෙන්නවත් ප්ලේස් එකට යවලා, තුන්දෙනාම ආවට පස්සෙ..
“බහින එකේ නම් කිසිම කේස් එකක් නෑ. හුස්ම ගන්න එකනෙ අවුල. ඔතන යන්න යන්න තවත් අමාරු ඇති. මෙහෙම කරමු. උඹ වරෙං යන්න මාත් එක්ක. ගිහිල්ලා ගලක් ගැටගහලා නූල් පංදුවෙ, බස්සලා බලමු ගැඹුර. බලලා තීරණය කරමුකො”
ලසාගෙන් සුපිරිම අයිඩියා එකක්..!