රසම චොකලට් අයිස් ක්‍රීම් වර්ගය මොකද්ද? මේ අපේ අත්දැකීම.

ඉඳලා හිටලා පොදයක් ගියත් මේ දවස්වල තියෙන රස්නේ හැටියට අයිස් ක්‍රීම් කියන නම ඇහුණත් ඇති. තද අව්ව තියෙන දවසක එලියට බැහැලා මහන්සිවෙලා ඉන්න වෙලාවක, හොඳට කූල් කරපු අයිස් ක්‍රීම් එකක් කද්දී එන්නේ පුදුම සනීපයක්. මේ දවස්වලට දැනෙන වතුර තිබහ විතරක් නෙවෙයි, මහන්සිය නැති කරගන්නත් හොඳ කෑමක් තමයි මේක. අපේ සමහර අය නම් ඉතින් අව්ව, වැස්ස, හෙම්බිරිස්සාව, කැස්ස කියල නෑ, ඕනේ වෙලාවක අයිස් ක්‍රීම් වලට වග කියන්න ලෑස්තියි.

අයිස් ක්‍රීම් කිව්වම චොකලට් රසම හොයන අයත් මේ අතරේ සෑහෙන්න ඉන්නවා.පාට පාටින් නා නා විධ රසින් යුතු අයිස් ක්‍රීම් තිබුණත් කොහෙන් හරි චොකලට් අයිස් ක්‍රීම් එකක් උස්සන් එන එක තමයි මෙයාලගේ පුරුද්ද.

සුපර් මාකට් එකක් පැත්තේ ගියත්, ගෙදර ළඟ තියෙන සිල්ලර කඩේට ගියත් ගන්න ලැබෙන චොකලට් අයිස් ක්‍රීම් වර්ග අතරින් රසයෙන් වැඩිම චොකලට් අයිස් ක්‍රීම් වර්ගය මොකද්ද? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න YAMU එකේ අපි පුංචි වැඩක් කළා. ඒ තමයි මේ අයිස් ක්‍රීම් වර්ග සේරම ගෙනැල්ලා කාලා බලපු එක. අපි මේ වෙනුවෙන් තෝරාගත්තේ වෙළඳපොළේ තියෙන සුලභ වගේම ප්‍රසිද්ධ චොකලට් අයිස් ක්‍රීම් වර්ග හයක්. ඒ Highland, Elephant House, Alerics, Kotmale, සහ Cargills.

මේ අයිස් ක්‍රීම් වර්ග වල රස ගැන අපේ අත්දැකීම, මෙන්න මේ විදියට සඳහන් කරන්න පුළුවන්.

1. Highland

හයිලන්ඩ් කියන්නේ පොඩි කාලේ ඉඳලම අපි අඳුනන රසක්. හයිලන්ඩ් චොකලට් කිරි බෝතලයේ රස ගැනත් පහුගිය දවසක කතා කළා ඔයාලට මතකත් ඇති. හැබැයි ඉස්සර තිබුණු ඒ හොඳ රස, අද වෙද්දී හයිලන්ඩ් චොකලට් අයිස් ක්‍රීම් එකෙන් හොයාගන්න ලැබෙන්නේ නැහැ. චොකලට් රසට වඩා සීනි රස තමයි මේකෙන් අපට දැනුණේ. අනික කිරි රසත් හරිම අඩුයි මේ අයිස් ක්‍රීම් එකේ. ඒ නිසාම අයිස් ක්‍රීම් එකක තියෙන්නම ඕනේ ලක්ෂණයක් වන ක්‍රීමි ගතිය, මේකෙන් අපට ලැබුණේ නැහැ.

                                                                                                    ★☆☆☆☆ 1/5

2. Elephant House

හයිලන්ඩ් වගේම තමයි, එලිෆන්ට් හවුස් කියන්නෙත් අපි ඒ කාලේ ඉඳලම අහලා, දැකලා, රස බලලා තියෙන වෙළඳ නාමයක්. පොඩි කාලේ ඉස්කෝලේ ඇරිලා එන ගමන් එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් පලමක් ඉල්ලලා අම්මලට කරදර කරන පුරුද්දක් ඔයාලටත් තියෙන්න ඇති. ඒත් අපි කාලා බලපු චොකලට් අයිස් ක්‍රීම් එකේ හැටියට නම්, අද මේ රස තරමක් වියැකිලා කියලයි අපට හිතුනේ. හයිලන්ඩ් තරම්ම නැතත්, ටිකක් කිරි අඩු ගතියක් මේකෙනුත් අපට දැනුණා. බොහොම ලා චොකලට් රසක් තමයි මේ අයිස් ක්‍රීම් එකෙන් ආවේ. ක්‍රීමි ගතියත් එච්චරම හොඳට මේකේ තිබුණේ නැහැ.

                                                                                                   ★★☆☆☆  2/5

3. Alerics

දැන් රස කර කර කෑවත්, ඇලේරික්ස් අයිස් ක්‍රීම් කියන්නේ 1949 තරම් ඈත කාලයේදී බිහිවුණු වෙළඳ නාමයක් බව ඔයාලා දැනගෙන හිටියද? ඇලේරික්ස් ද සිල්වා විමලරත්න මහත්මයා ආරම්භ කරපු මේ ව්‍යාපාරය 1960, 70 දශක වලදී තිබුණු හොඳම අයිස් ක්‍රීම් වෙළඳ නාම අතුරින් එකක්.

මේ චොකලට් අයිස් ක්‍රීම් එකේ රස ගැන කතා කරොත්, ලොකු අවුලක් කියන්න නැහැ. සාමාන්‍යයෙන් හොඳ චොකලට් රසක් තිබුණත්, ඊට වඩා දැනෙන කැරමල් රසක් මේකේ තිබුණා. ටිකක් කිරි ගතියක් තිබුණු නිසා, තරමක ක්‍රීමි ගතියකුත් මේකෙන් දැනුණා අපට.

                                                                                                  ★★★☆☆  3/5

4. Kotmale

කොත්මලේ රස අපි හඳුනා ගන්නේ ඉස්කෝලේ යන කාලේ බිව්ව කොත්මලේ චොකලට් කිරි පැකට් වලින්. ඒ කාලේ බඩගින්න, මහන්සිය දෙකම නිවාගන්න මේ කිරි පැකට් ආසාවෙන් බිව්ව හැටි ඔයාලට මතක ඇති.

අපි තෝරගත්ත අයිස් ක්‍රීම් අතරින් චොකලට් පැහැය තදටම තිබුණේ කොත්මලේ අයිස් ක්‍රීම් එකේ බව සැකයක් නැතුවම කියන්න පුළුවන්. පාට වගේම චොකලට් ගතියත් හොඳටම තිබුණා මේකේ. ගානට සීනි රස තිබුණු නිසා ඒ චොකලට් රස හොඳින්ම අපට තේරුණා. ඒත් කිරි වලට වඩා වතුර ටිකක් වැඩි ගතියක් තිබුණු නිසා මේකේ ක්‍රීමි ගතිය නම් අඩුයි.

                                                                                                ★★★☆☆  4/5

5. Cargills

අපි රස බලපු චොකලට් අයිස් ක්‍රීම් අතරින්, හොඳටම ක්‍රීමි ගතිය තිබුණේ කාගිල්ස් අයිස් ක්‍රීම් එකේ. ගොඩක්ම තද කිරි රසක් මේකේ තිබීම තමයි ඒකට හේතුව. කොත්මලේ අයිස් ක්‍රීම් එකේ වගේ තද චොකලට් ගතියක් නොතිබුණත්, ඒක මදි පාඩුවක් විදියට අපට දැනුණේ නැහැ මේ ක්‍රීමි ගතිය නිසා. මේකේ රස වැඩියෙන් දැනෙන්න අනිත් හේතුව තමයි සීනි රසයත් ඒකට ගැළපෙන විදියටම දාලා තිබීම.

                                                                                                ★★★★☆  4.5/5

 

අයිස් ක්‍රීම් වර්ගය මිල (රුපියල්) ප්‍රමාණය (ලීටර)
Cargills 280 1
Kotmale 260 1
Alerics 270 1
Elephant House 280 1
Highland 250 1

 

කලින් කිව්වා වගේම හොඳම රස තිබුනේ කාගිල්ස් චොකලට් අයිස් ක්‍රීම් එකේ. චොකලට් රස පොඩ්ඩක් මදි වුණත් කිරි රස වැඩි නිසා මේකේ රසට ඒකෙන් ලොකු බාධාවක් වුණේ නැහැ. චොකලට් සහ කැරමල් එකතුවෙච්ච රසයක් තියෙන ඇලේරික්ස් අයිස් ක්‍රීම් එක නරකම නැහැ. හැබැයි පොඩ්ඩක් සීනි අඩු වුණා නම් තමයි හොඳ.

 

චොකලට් පාට, රසය හරි හරියට තිබුණේ කොත්මලේ අයිස් ක්‍රීම් එකේ. ඒත් ඒකෙ පොඩ්ඩක් විතර වතුර වැඩි එක තමයි තිබුණු එකම අවුල. හැබැයි එලිෆන්ට් හවුස්, හයිලන්ඩ් චොකලට් අයිස් ක්‍රීම් එක්ක සංසන්දනය කරලා බලද්දී නම් කොත්මලේ අයිස් ක්‍රීම් එක හුඟක් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්.

වෙළඳපොළේ සුලභ චොකලට් අයිස් ක්‍රීම්වල රස ගැන අපේ අත්දැකීම තමයි අපි මේ සඳහන් කළේ. හැබැයි ඉතින් ඔයාලගේ අදහස් දැනගන්නත් අපි කැමතියි මේ ගැන. ඒ නිසා ඒවත් අපට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා හොඳද.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Trending.

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide