කොරෝනා සිහි කරමින් රෑ අහසේ ඇඳුණු අපූරු රූ රටා.

2020 අවුරුද්ද ආරම්භ වෙනවත් එක්ක ම නොහිතපු විදිහට මුළු ලෝකයේ ම ජනතාවගේ ජීවිත කණපිට හරවපු කොරෝනා වසංගතය, තාමත් ලෝකයෙන් පහ වෙලා ගිහින් නෑ. ලංකාවේ අපි සෑහෙන දුරට වසංගතය පාලනය කරගන්න සමත් වුණාට, බොහොමයක් දියුණු රටවල් පවා මේ වන විටත් ඉන්නෙ රෝගය එක්ක ලොකු සටනක් කරමින්. ඒ රටවල කොරෝනා මරණ සංඛ්‍යාව වගේ ම ආසාදිත සංඛ්‍යාවත් අතිවිශාලයි.

බොහොමයක් රටවල් තාමත් තියෙන්නේ ලොක්ඩවුන් තත්ත්වයේ. පාසල්, විශ්ව විද්‍යාල, කාර්යාල, ආයතන, කඩසාප්පු, වෙළෙඳසැල් සියල්ල වහල දාලා. මේ ආගන්තුක තත්ත්වයත් එක්ක ජනතාවගේ කායික සෞඛ්‍යය විතරක් නෙවෙයි, මානසික සෞඛ්‍යයත් පිරිහිලා. ඉතින් අවම වශයෙන් මිනිස්සුන්ගේ මානසික තත්ත්වය යහපත් අතට හරවන්න රාජ්‍ය බලධාරීන් උත්සාහ කරමින් ඉන්නවා.

මේත් ඒ වගේ උත්සාහයන් කීපයක්.

දකුණු කොරියාව

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැන් ගඟ ඉහළ අහසේ පහුගිය දවසක අපූරු ආලෝක රටා වගයක් දිස් වුණා. මේ හැම රටාවක ම තිබුණේ කොරෝනා වසංගතයට අදාළ පණිවිඩයක්. විනාඩි දහයක දර්ශනයක් විදිහට ලෑස්ති කරලා තිබුණ මේ කටයුත්ත සිදු කරලා තියෙන්නේ ඩ්‍රෝන කැමරා තුන්සියයක විතර ආධාරයෙන්. දකුණු කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය තමයි මේ වැඩේට මුල් වුණේ. මේ අලුත් අදහස ඔවුන් ක්‍රියාවට නංවලා තියෙන්නේ හේතු කීපයක් මුල් කරගෙනයි.

දකුණු කොරියාවේ මේ වන විට කොරෝනා රෝගීන් 13,000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. මරණ ගණන 300ට ආසන්නයි. ඉතින් කොවිඩ්-19 රෝගයට එරෙහිව ඉදිරි පෙළ සටන්කරුවන් විදිහට සේවය කරන හෙද හෙදියන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩල ආදී සෞඛ්‍ය අංශවලට ප්‍රණාමය පළ කිරීම මේකේ එක් අරමුණක්. ඔවුන් වෙනුවෙන් හදවතක රූපයක් එක්ක ‘ඔබට ස්තුතියි’ යනුවෙන් අහසේ හැඩතල රටාවක් නිර්මාණය කරන්න ඔවුන් කටයුතු කරලා තිබුණා.

ඒ වගේ ම ක්‍රමයෙන් දකුණු කොරියාවේ රෝගීන් වාර්තා වීම අඩු වීම සමරන්නත් එක්ක තමයි ඔවුන් මේ සැමරුම පවත්වලා තියෙන්නේ. ‘Cheer up, Republic of Korea’ යනුවෙන් සඳහන් රූ රටාවකුත් මේකට ඇතුළත් වෙලා තියනවා. මේ සියල්ලෙන් ම මානසිකව වැටුණු පිරිස දිරිමත් කරන්නයි ඔවුන්ගේ උත්සාහය.

ඒ විතරකුත් නෙවෙයි. වසංගතය පාලනය කරගන්න අනුගමනය කළ යුතු පියවර ගැන ජනතාවට නැවත නැවත සිහි කැඳවීම මේ වැඩේ තවත් අරමුණක්. මාස්ක් පැළඳීම, දෑත් සේදීම, පොදු ස්ථානවලදී එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වා ගැනීම වගේ සෞඛ්‍ය පියවරවල රූප මේ ඩ්‍රෝන එළි රටාවලින් අහසේ ඇඳුණා.

කොහොම වුණත් විශේෂත්වය වෙන්නේ මේක කලින් දැනුවත් කරලා කරපු වැඩක් නොවීම. මේ දර්ශනය සංවිධානය කරපු ඉඩම්, යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය මේ ගැන ජනතාවට කිසිම පූර්ව දැනුම් දීමක් කරලා නෑ. මේක බලන්න මිනිස්සු රැස් වෙන එක වළක්වන්නයි එහෙම කරල තියෙන්නේ. ඒ නිසා ඒ වෙනුවට අමාත්‍යාංශයේ සමාජ මාධ්‍ය අඩවිවලින් සජීවීව මේ දර්ශනය විකාශය කරලා තියනවා.

ස්පාඤ්ඤය

කොරෝනා වසංගතය වෙනුවෙන් මෙවැන්නක් පවත්වපු පළමු රට දකුණු කොරියාව නෙවෙයි. මීට කලින් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරත් මේ වගේ ම ඩ්‍රෝන දර්ශනයක් පැවැත්වුණා. ඒ පහුගිය ජුනි මාසයේදී. එහි අරමුණු වුණේ කොරෝනා රෝගය වැළඳී මියගිය පිරිස සිහිපත් කිරීම සහ සෞඛ්‍ය අංශවලට ස්තුති කිරීම. මේකට ඔවුන් ඩ්‍රෝන කැමරා හතළිහක් යොදාගත්තා. ස්පාඤ්ඤය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල ජාතික කොඩි දර්ශනය වීමට සලස්වමින්, මුළු ලොව ම මේ වසංගතයට එරෙහිව එකමුතුව ක්‍රියාත්මක වන බවත් ඔවුන් සංකේතවත් කළා.

ජපානය

කොවිඩ්-19 නිසා අඩපණ වුණ ජනතාවගේ ධෛර්යය සහ මානසිකත්වය නඟා සිටුවන්න ජපානයත් පහුගිය ජුනි මාසේ ගිනිකෙළි සංදර්ශනයක් පවත්වන්න කටයුතු කළා. ජනතාව ඒකරාශී වීම වළක්වන්න, අන්තිම මොහොත වෙනකන් ම මේකෙත් දිනය, වෙලාව, තැන නොදන්වා තමයි පැවැත්වුණේ.

වසංගත අවස්ථාවල දි ගිනිකෙළි සංදර්ශන පවත්වලා රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ජපානය අතීතයේදිත් පියවර අරන් තියනවා. මුලින් ම එවැන්නක් පවත්වල තියෙන්නේ 1733 දී පැමිණි කොලරා වසංගතයකින් මිදීම අරමුණු කරගෙනයි.

ජපානයේ මේ වන විට කොරෝනා රෝගීන් 17,000ක් විතර ඉන්නවා. මරණ 900ක් විතර වාර්තා වෙනවා. ජපානය ලෝකේ තුන්වෙනි විශාලතම ආර්ථිකය හිමි රට. ඔවුන් කොහොමටත් ආර්ථික කටයුතු සඳහා බෙහෙවින් කැප වෙන රටක්. ඒ නිසා ම වසංගතය ක්‍රමයෙන් පහ වෙලා යන බව පේනකොට රටට පනවල තිබුණ හදිසි තත්ත්වය ඉවත් කරන්න ඔවුන් පියවර ගත්තා. ඒත් දැන් වාර්තා වෙන්නේ ජපානයේ කොරෝනා රෝගයේ දෙවැනි රැල්ලක් පැතිර යෑමේ තත්ත්වයක් උද්ගත වෙලා තියන බවයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Trending.

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide