මේ දවස්වල කවුරු කවුරුත් ගෙවල්වලට කොටු වෙලා නිසා බොහෝ දුරට තුන් වේලට ම කනවා ඇත්තේ බත්. ඉතින් අපි කල්පනා කළා බත් කෑම එපා නොවෙන්න කරන්න පුළුවන් දේවල් ගැන. බත් එකට තකට තක ගැළපෙන බයිට් එකක් තිබ්බොත් කොහොමද? ඒ කියන්නෙ කටගැස්මක්? හැබැයි ඉතින් මේ කාලෙ බඩුමුට්ටු කඩෙන් ගේන්න යන එක ලේසිපහසු වැඩක් නෙමෙයි නේ. ඒ නිසා අපි කියන්න යන්නෙ ගෙදරදිම ලේසියෙන් ම හදාගන්න පුළුවන් කටගැස්මවල් කීපයක් ගැන. හදල බලන්නකො.. මේවත් එක්ක කෑවොත් බත් පිඟාන බඩට යනව දැනෙන්නෙවත් නැති වෙයි!
සම්බෝල තුන්කට්ටුව
මේ කියන්න යන්නෙ කාට කාටත් නැතුව ම බැරි අපේ ම සම්බෝල තුන්කට්ටුව ගැන. ඒ කියන්නෙ සීනි සම්බෝල, ලූනු සම්බෝල සහ උම්බලකඩ සම්බෝල. කෑම වේලේ රස සම්පූර්ණයෙන් වෙනස් කරන්න, මේ විදිහට අපි ටක් ගාල හදාගන්න සම්බෝලෙකින් පුළුවන්. සීනි සම්බෝලේ යන්තමින් එන පැණි රස වගේ ම ලූනු සම්බෝලෙන් එන ලුණු ඇඹුල් පදමත් කටට රස බත් පංගුවක් ගිල දාන්න ලේසි කරනවා. හදන්නත් අමාරු නැති නිසා බත් පංගුවට ගැළපෙන ලේසි ම කටගැස්ම තමයි සම්බෝල.
අඹ චට්නි
චට්නිවල තියන විශේෂත්වය තමයි පැණි රස, ඇඹුල් රස එක්ක ම එක වගේ මිශ්‍ර වුණු සැර. මේ තියෙන්නේ අඹ චට්නි හදාගන්න විදිහ. බත් එකට මේකෙන් චුට්ටක් ගෑවුණත් ඇති ඉතින්..
ලුණු දෙහි
ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීමේ ක්‍රමයක් විදිහටත් ලුණු දෙහි පාවිච්චි කරනවා. ‘ලුණු දෙහි බෝතලේ’ කියන්නේ අපේ ගෙවල්වල හොඳට අහල පුරුදු වචනයක් නේ. විනාකිරි රසට පදමට මිශ්‍ර වුණ ලුණු ඇඹුල් සහිතව ලුණු දෙහි හදාගන්න විදිහ තමයි මේ.
නයි මිරිස් සෝස්
ලංකාවේ තියන මිරිස් ජාති ඔක්කොගෙම රජා තමයි නයි මිරිස් කියන්නේ. ඉතින් මේ හායි හූයි ගාල කන නයි මිරිස් සෝස් එක දැන් දැන් සෑහෙන නැඟල යන ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා. මුලින් මේවා හැදුවේ කොච්චි බයිට්වල දවටලා කන්න පුළුවන් සෝස් එකක් විදිහට නේ. හැබැයි මේකේ රස හින්ද ම දැන් බත්, පාන්, මේ ඕන දෙයක් එක්ක නයි මිරිස් සෝස් කන්න පුළුවන්. සැරට කන්න ආස අයට දිව බොජුනක්.
ලුණු මිරිස්
කිරිබත්වල අතිජාත මිත්‍රයා ලුණු මිරිස්, කිරිබත් එක්ක විතරක් නෙමෙයි, නිකං බත් එක්ක වුණත් ගළපන්න පුළුවන්. ලූනු ටිකක්, කෑලි මිරිස් එක්ක දෙහි ඇඹුල් ටිකක් විතරයි හදාගන්න ඕන කරන්නේ.
බේකන් ජෑම්
ජෑම් වුණත් බත් එක්ක කන්න පුළුවන් කියල දැනන් හිටියද? නෑ නේද? මේ තියෙන්නේ බේකන් ජෑම් හදන විදිහ. බත් එක්ක කන්න මරු කටගැස්මක්. එහෙම බැරි නං ඔයා කැමති ඕන ම දෙයක් එක්ක ගළපගෙන කන්නයි තියෙන්නේ.