රු.500ට අඩුවෙන් කටට රහට ස්ට්‍රීට් ෆුඩ් තොගයක් එකම තැනකින් කන්න; Fairway Colombo Street Food Festival.

අද ලොකු ෂොපින් කම්ප්ලේක්ස් එකක් බවට පෙරළලා තිබුණත්, ලංකාවේ ලන්දේසි පාලන කාලය අපට මතක් කරවන තැනක්නේ කොළඹ ඩච් හොස්පිටල් එක කියන්නේ. ඔන්න ඔය බිල්ඩිම පිටිපස්සේ තියෙන ෆෙයාර්වේ කලම්බෝ කියන්නේ දැනට කොළඹ තියෙන ප්‍රසිද්ධ ම හොටෙල් අතරින් එකක්. මේ හරියේ තියෙන රෙස්ටෝරන්ට් ටිකයි, ඔය ඉතිහාසගත නටඹුන්වලයි තියෙන සිරියාව නිසා ම, ලෝකල්, ෆොරීන් දෙගොල්ලෝ ම මේ අවට ගැවසෙන්න පුරුදු වෙලා තියෙනවා.

මේ මෑතක දි ඉඳලා, හැම මාසේ ම, හැම සති අන්තේ ම මේ හරියේ අලුත් වැඩක් සිද්ධ වෙනවා. ඒ තමයි Fairway Colombo Street Food Festival එක. නියම කොලිටියේ ස්ට්‍රීට් ෆුඩ් තොගයක් එක ම තැනකින් කන්න පුළුවන් තැනක් විදියට මෙතැන හඳුන්වන්න ඇහැකි.

තැන

මේ Fairway Colombo Street Food Festival එක පැවැත්වෙන්නේ කොටුවේ ෆෙයාර්වේ හෝටලය ඉස්සරහෙන් තියෙන හොස්පිටල් ස්ට්‍රීට් එකේ. ඕනේ නම් ඩච් හොස්පිටල් එක මැදින් යන්නත් පුළුවන්. ඒ නැත්තන් කොටුවේ කමර්ෂල් බැංකුව ළඟින් ඇතුළට ගියා නම් හරි. හැම මාසෙම අන්තිම සෙනසුරාදා, ඉරිදා දවස් දෙකේ තමයි මේ ෆුඩ් ෆෙස්ටිවල් එක සිද්ධ වෙන්නේ. හවස 6ට විතර පටන් ගන්න මේ වැඩේ ඉවර වෙන්නේ රෑ 11ට වගේ. හැන්දෑ කළුවරට හොස්පිටල් ස්ට්‍රීට් එකේ පාර දෙකොන යා කරලා එල්ලලා තියෙන ලයිට් වැල් ටිකයි, ගැම්මට සින්දු කියන මියුසික් බෑන්ඩ් එකයි එක්කාසු වෙද්දී, සෑහෙන්න ගතියක් එනවා.

ස්ට්‍රීට් ෆුඩ් ජාති

සාමාන්‍යයෙන් අපට ග්‍රීන් පාත් එකේ තියෙන ෆුඩ් ෆෙස්ටිවල් එකේ හැමදාමත් මුණගැහෙන මුහුණු හැරුණා ම, ෆෙයාර්වේ ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එකෙන් තව අලුත් කෑම කඩ හුඟක් දැකගන්න ලැබෙනවා. මොකද මෙතැනට කොළඹ තියෙන ප්‍රසිද්ධ රෙස්ටෝරන්ට් කීපයකුත් එනවනේ. Garton’s Ark, The Steuart & Co., Box Colony, Bubbluscious වගේ රෙස්ටෝරන්ට් ඒ අතරින් සෑහෙන්න ප්‍රසිද්ධයි. ඒ හැරුණා ම, Pooris, Seafood Shack, Grill & Thrill, Bellissima වගේ තවත් කෑම කඩ බොහොමයක් මේ ෆුඩ් ෆෙස්ටිවල් එකට එනවා.

හොඳ ම දේ තමයි ඒ කෑම හුඟක් ඒවා රු.500ට අඩුයි. අනික දිග මේස බංකු දාලා තියෙන නිසා හිතේ හැටියට වාඩි වෙලා මේ කෑමවල රස බලන්නත් පුළුවන්. හැබැයි රෑ වේගෙන එද්දී පොඩ්ඩක් මේ ඉඩකඩ ඇහිරෙන ගතියක් තියෙනවා. මොකද මේකේ හැපනින් ගතිය පටන් ගන්නේ හවස 7 පහුවෙද්දී වගේ. ඒ වෙනකොට මුළු හොස්පිටල් ස්ට්‍රීට් එක ම අතුරු සිදුරු නැතුව පිරිලා යනවා.

ඉතින් එහෙනම් අහගන්නකෝ, මේ කියන්නේ යන්නේ ෆෙයාර්වේ කලම්බෝ ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එකේදී අපි රස බලපු කෑම කීපයක් ගැන විස්තර.

මේ තියෙන්නේ අපි Pooris එකෙන් ගත්ත චිකන් පූරි (රු.400) එක. පංකාදු පහේ කෑමක් තමයි මේක. හෙන ෆ්ලෆි ගතියට තියෙන මේ පූරි හරි ම සොෆ්ට්. කොන්වලින් ලාවට කර වෙලා ක්‍රිස්පි ගතියට තියෙනවා. හැබැයි ලොකු තෙල් ගතියක් නැහැ. ඊටත් හපන් මේකට ලැබෙන චිකන් කරිය. හප්පේ! එකේ රස. ඕනේ කරන කුළුබඩු සේරම කිසිම අඩුවක් පාඩුවක් නොවෙන්න දාලා. රම්පා, කරපිංචාවල සුවඳයි, රසයි දෙක ම එක්කාසු වෙද්දී තවත් මරු. චිකන් එක්ක විතරක් නෙවෙයි, පනීර්, වෙජ් කුරුමා, වගේ ම නටෙල්ලා එක්කත් මේ පූරි කාලා බලන්න ඔයාලට අවස්ථාව තියෙනවා.

අපි TA’s Kitchen එකෙන් ගත්ත බීෆ් බර්ගර් සහ කෙබාබ් (රු.490) මීල් එකත් නියමයි. බර්ගර් එකේ බීෆ් පැටී එක මාර සිරා. වටෙන් ක්‍රිස්පි ගතියට හැපෙන, ඒ වුණාට ඇතුළෙන් හුඟක් සොෆ්ට් එකට තියෙන මහත පැටී එකක්. තක්කාලි, චීස්, ලේටියුස් එක්ක, ඔම්ලට් කෑල්ලකුත් හැපෙනකොට මේකේ රස තවත් වැඩිවෙනවා. මොකද ඒ එළවළු සේරම ෆ්‍රෙෂ්නේ. කෙබාබ් එකේ රසත් ඊට දෙවෙනි නැහැ. නියම ගානට ග්‍රිල් වෙලා. මේක දැවටිලා තිබුණු සෝස් එක තමයි අපට ගොඩක් ම අල්ලලා ගියේ. ඒකෙ තිබුණේ කරි රසකට, එකතු වුණු ළා ඇඹුල් රසක්.

ෂහ්! Seafood Shack එකේ ෆිෂ් ඇන්ඩ් චිප්ස් (රු.400) එක මල් හතයි ඈ! ළා කරස් සද්දෙන් හැපෙන, රන්වන් පාට වෙන්න බැදපු පිටි දවටනයක් මැද්දේ තියෙන පොඩි දැල්ලෝ මාළු තුනක් මේ පිඟානට ලැබෙනවා. රබර් ගතියක් නොවෙන ගානට බැදිලා නිසා තවත් ෂෝක්! ඒ විතරක් නෙවෙයි, මේකට හොඳට ලුණු, මිරිස් කුඩුවලින් සීසනින් කරපු ක්‍රන්චි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකකුත් ලැබෙනවනේ.

The Steuart & Co. එකෙන් අපි ගත්තේ පෝර්ක් චොප් (රු.500) එකක්. ඒකත් සුපිරි. තෙල් කෑල්ලක් බෙහෙතකටවත් හොයාගන්න නැහැ. තනිකරම මස විතරයි. ඒකත් නියම ගානට ඉවිලා. උඩින් වත් කරලා තිබුණු සෝස් එකත් එක්ක ගෑවිලා එද්දී එක කටකට කාලා හමාර කරන්න පුළුවන් තරමට රසයි. අනික රු.500ට පෝර්ක් පෙති දෙකක් ම ලැබෙන නිසා ඒ ගාණට මාර ම ලාබයි. මේකත් එක්ක ලැබුණු මෑෂ්ඩ් පොටෙටෝ එකේ බටර් ගතිය හොඳට ම තිබුණා. ඉතින් අර සෝස් එකත් එක්ක කද්දී දිව්‍යලෝක රස!

සේරමත් හරි, Grill & Thrill එකෙන් ගත්ත චිකන් බාබෙකියු (රු.450) එක තමයි එක ම අවුල වුණේ. මේකේ එක පැත්තක් හරි ගානට ග්‍රිල් වෙලා තිබුණට, අනිත් පැත්ත සම්පූර්ණෙන් ම අඟුරු. තිත්ත ම තිත්ත රසයි ඒ නිසා. තඩි චිකන් කෑල්ලක් ලැබුණත් මේකේ බාගයක්වත් අපට ඉවර කරගන්න බැරි වුණා. අනික මේකට ආව මෑෂ්ඩ් පොටෙටෝ එක සෑහෙන්න සවුත්තුයි. පුදුම ගනකම ගතියක් තිබුණේ. බටර් හැන්දක්වත් දැකලා නැහැ වගේ.

බබල් ටී හැරුණා ම, මෙතැන තියෙන රෙස්ටෝරන්ට්වලින් බියර් වගේ ජාති ගන්නත් ෆෙයාර්වේ ෆුඩ් ෆෙස්ටිවල් එකට එන උදවියට අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ පාර තොටේ ඇල්කොහොල් පාවිච්චිය තහනම්නේ. ඒ වුණාට මෙතැනදී ඒ ගැටලුව ඇති වෙන්නේ නැහැ.

අවසාන වශයෙන්

සාමාන්‍ය ෆුඩ් ෆෙස්ටිවල්වලින් ලැබෙනවට වඩා වෙනස් ම විදියේ අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් විදියට, මේ ෆෙයාර්වේ ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එක හඳුන්වන්න පුළුවන්. මොකද මස්, මාළු කන නොකන හැමෝට ම කටට රහට හොඳ ස්ට්‍රීට් ෆුඩ් ටිකක් කන්න අවස්ථාව ලැබෙනවනේ. හැමෝම එකතු වෙලා ඒ කෑම කන බොන ගමන්, සද්දෙට ඇහෙන මියුසික් එකට නටන්නත් මෙතැනට එන අය අමතක කරන්නේ නැහැ.

ඇමරිකාවේ වගේ නැතත්, ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් සංස්කෘතියක් කියලා දෙයක් කැපිලා පේන විදියට, මේ වගේ උත්සවයක් මාසෙකට සැරයක් සූදානම් කරන එකෙත් ඇත්තට ම පොඩි ගැම්මක් තියෙනවා. ඔයාලත් මේ සති අන්තේ එහෙනම් ගිහින් බලන්නකෝ. ජනවාරි 27, 28 දවස් දෙකේ තමයි මෙදා සැරේ ෆෙයාර්වේ ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එක තියෙන්නේ. මේ මාසේ යන්න බැරි වුණත් අවුලක් නැහැ, මේ ෆේස්බුක් පිටුවට ගියා නම් ඉස්සරහට මේ ෆුඩ් ෆෙස්ටිවල් එක තියෙන දවස් ගැන දැනගන්න ඔයාලට පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

A Review of The Commons Coffee House’s New Offerings

The Commons Coffee House, located on Flower Road in Colombo 7, has been around for

Highlights Kamu

Trending.

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Radisson Hotels in Sri Lanka Earn Safehotels Premium Certification

Radisson Blu Resort Galle, Radisson Hotel Colombo, and Radisson Hotel Kandy have proudly earned the

Trending

A Yakitori Indulgence at Yoroko, Cinnamon Life

Tradition Meets Contemporary Flair at Cinnamon Life This October, elevate your dining experience as Yoroko,

Trending

Yamu Guide.

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

9 Unique Wedding Venues in Sri Lanka

Say “Yes” differently - beyond the ballroom.  It’s 2025 and nowadays potential brides and grooms

Highlights Yamu Guide

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

8 Food Courts to try in Sri Lanka

By Fathima Rukaiya, Looking to grab a bite at a spot that offers a wide

Highlights Yamu Guide