කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට ගිහිල්ල බඩගිනි හැදුනොත්….

කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය දැන් ළඟටම ඇවිල්ල. මේක බලන්න යනවා කියන්නේ ලේසී වැඩක් නෙමෙයි. අපි ඒ සම්බන්ධයෙන් ලියපු අනිත් ලිපිය කියවන්න ඇති නේ. ගිහිල්ල මහන්සි වුනාම හරි පොත් අරගෙන ඉවර වෙලා හති අරින්න හරි මෙන්න හොඳ තැන් කිහිපයක්.

 

Arcade Independence Square

BMICH එක ළඟම තියෙන්නෙ ආර්කේඩ් එක. මේක තමයි ඔයගොල්ලොන්ට කන්න තියෙන ළඟම තැන. ළඟම විතරක් නෙමෙයි අරගත්තු පොත් ටික කියවගෙන චිල් එකේ ඉන්නත් මෙතන නරක නැහැ. හැබැයි ඒකට නං ඉර බැස්සට පස්සෙ ගියානං තමයි හොඳ.

 

Arcade Food Court

කොළඹ අනිත් ෆුඩ් කෝර්ට් වගේ නෙමයි ආර්කේඩ් එකේ ෆුඩ් කෝර්ට් එක ටිකක් එළියේ තියෙන්නෙ. කන්න ගන්න තියෙන තැන් ගාව ලී බැංකු වගයක් තිබුණට හොඳට ඉඳගෙන ඉන්න පුළුවන්කම තියෙන්නෙ එළියේ සුදු කළු වේවැල් පුටු මේස වල තමයි. දැන්නං හැබැයි ටිකක් ඒවා අව්වට කරවෙලා. ඒක හින්දම තමයි දවල් වරුවේ මෙතන ඉන්න අමාරු. ගස් ටිකක් වටේ තිබුණට හොඳට හෙවන වැටෙන්න තරං නං ගස් නැහැ. මෙතැන ඉන්නවනං වැඩිය හොඳ ඉර බැහැල ගියාට පස්සෙ.

කන්න නං ඔය පේස්ට්‍රි වගේ ඒවා තියෙනවා සෙන් සාල් එකෙයි, පාන් පාන් එකෙයි.ක්‍රිෂ්ණා තියෙනවා මස් මාළු කන්නැති අයට. ලෙමන්ග්‍රාස් තියෙනවා තායි කෑම ඕනේ නං. ට්‍රොපිකල් ජූස් බාර් එක තියෙන්නෙ පලතුරු බීමක් බීල තිබහ නිවාගන්න ඒත් එක හරියන්නේ නැත්තං අලියා අයිස්ක්‍රීම් එකක් කාල බලන්නත් පුළුවන්.

ෆුඩ් කොර්ට් එකේම නොවුනට බර්ගර් කිං ශාකාවකුත් මෙතන තියෙනව බර්ගර් එකක් කාල යන්න කියල ඔයාලට හිතුනොත්.

 

Dilmah t-Lounge

ඊට වැඩිය සැපට වාඩිවෙලා ඉඳල යන්න ඕනේ නං ඩිල්මා ටී ලෞන්ජ් එකට යන්න පුළුවන්. ඒ අයගේ ප්‍රධාන ශාඛාවට වැඩිය මෙතන ඉඩ අඩුවුණාට මෙතත් හොඳට හරි බරි ගැහිලා වාඩිවෙලා හොඳ තේ එකක් බීල යන්න පුළුවන්.

 

Tsukiji Uoichi


ජපන් රටේ දේවල් ගැන උනන්දුවක් තියෙන කෙනෙක් නං ඔය ඇනිමේ, මන්ගා ටිකක් ගත්තට පස්සෙ මේ පැත්තෙ ගිහිං බලන්න. නම කියන්න ටිකක් අමාරු වුනාට ට්සුකිජී ඔඉචී එකේ කැම නං නියම ජපන් කෑම තමයි. ගාන පොඩ්ඩක් වැඩි පැත්තට තමයි බර, ඒ වුනාට මාර රසයි.

 

Asylum

දවසම පොත් හොය හොයා ඇවිදල දැන් කට්ටියට මහන්සිත් ඇතිනේ. ඉතින් ඔය හැන්දෑකරේ පොඩ්ඩක් විතර සෙට් වෙන්න අකමැත්තක් නැතුව ඇති නේ? ළඟම තියෙන තැන තමයි ආර්කේඩ් එකේ ”අසයිලම්” බාර් එක. මේක ටිකක් පොෂ් තැනක් එත් ගණන් ගන්න එපා, කෑමත් හොඳයි.

 

 

ජාවත්ත පාර පැත්තට යනවා නං ඒ පැත්තෙත් හොඳ තැන් කිහිපයක් තියෙනවා.

 

Java Lounge


කෝපි කෝප්පයක් බීල වාඩි වෙලා ඉන්න ජාවා ලෞන්ජ් එක හොඳ තැනක්. ගත්තු පොත් ටික, ගත්තු අලුතම විවේචනය කරන්නත් හොඳයි. හොඳට ඉඩ තියෙනවා. ගෙවන මිලට පාඩු නැති කෑමත් තියෙනවා,

 

The Cakery


කේකරි එක කියන්නෙ ගණන් අඩු, සැපපහසු සහ හොඳ කියන ගුණාංග තුනම ඈඳෙන කලාතුරකින් දකින්න ලැබෙන තැනක්. අත පය දිගාරින්න ඉඩ තියෙන හින්ද පොත් උස්සගෙන ගිහිල්ල මහන්සි වුනාම හති අරින්න මෙතෙන්ට ආවට පාඩු නැහැ. උඩ තට්ටුවේ ඒසී කාමරේ නං තවත් චිල්.

 

Giovanni’s

යමු එකේ අපි ජියෝවානීස් එකට සෑහෙන්න මනාපයි. මෙතැන පීසා නං පංකාදුයි. ගාණට වටිනවා. තැන පොඩි නං තමයි ඒත් කෑමේ රස නං පට්ටමයි. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේගොල්ලෝ අරින්නේ හතෙන් පස්සෙ. ඉතින් ගෙදර යන ගමන් වගේ තමයි මෙතනට ගොඩ වෙන්න ඕනෙ.

 

Bubble Me Bubble Tea

අපි බබල් ටී ගන්න පුළුවන් තැන් කිහිපයක් ගැන ලඟදි කිව්වා. මේ ඒකට ලඟදි එකතු වෙච්ච එක. කිසි වැරද්දක් කියන්න බැහැ, මහන්සිය, තිබහ යන්න නියමයි. ගිහිල්ල බීල බලන්න.

නිදහස් චතුරශ්‍රය පැත්තට ඇවිදන් ගියානං ඒ පැත්තෙත් ශෝක් ප්ලේස් ටිකක් හම්බවෙනවා.

Avirate Cafe


කොළඹ ක්‍රිකට් ක්ලබ් එක එහා පැත්තෙ තියෙන පොඩි ලස්සන තැනක් තමයි අවිරාටේ එක. මෙතන ෆ්‍රෝයෝ එකයි රෝස් පාන් සැන්ඩ්විච් එකයි රස දිව පිනවනවා.

 

The Floor by O!


ෆ්ලෝර් කියන්නේ බොන්න කොළඹ ජනප්‍රිය තැනක්. මෙතන කොක්ටේල් සාධාරණයි, ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක ගත්තොත් වරදින්නේ නැහැ.

 

41 Sugar


හැමදාම පොත් ප්‍රදර්ශනෙකට යන්නෙ නෑ නේ. ඉතින් හැමදාම යන්නෙ නැති තැනකට ගිහිල්ල අඩියක් ගහමුද? යන්න 41 ෂුගර්. කෑම හොඳයි, බීම හොඳයි, තැන හොඳයි, ගාන සැරයි. බර්ගර් එකක් අරං බලන්න.

 

The Colombo Racecourse

රේස්කෝර්ස් එකත් ආරකේඩ් පවුලෙම් තමයි නේ. ඉතින් මෙතනත් ඊට සමාන තැන් තමයි තියෙන්නේ.

 

The Good Market

සෙනසුරාදා ගියොත් ගුඩ් මාර්කට් එක පැත්තෙ යන්න අමතක කරන්න එපා. මෙතන ඔයාලට කැමති විදියට කන්න පුළුවන් ලස්සන නුග ගහක සෙවනක. අනිත් දවස් වලදී ගුඩ් මාර්කට් එකේම කඩයක් තියෙනවා රේස්කොර්ස් එකෙන් පාර පැනපු ගමන් තියෙන ලක්පහන පරිශ්‍රයේ.

 

Tea Breeze


ටී බ්‍රිස් එකේ වටිනාකම තමයි තැන. සැප පහසුයි. නිස්කලංකයි. ගණන්වල එච්චර නරකකුත් නැහැ. සේවය නං පොඩ්ඩක් විතර චාටර්. කමක් නැහැ. ගිමන් හරින්න නේ ඕනෙ.

 

Tsing Tao


සිං තාඕ කියන්නේ කොළඹ උසස් මට්ටමේ නියම චීන කෑම කන්න පුළුවන් තැන් කිහිපයකින් එකක්. ඒ අය නියම චීන සහ ලාංකීය චීන අතර හොඳ සමබරතාවයක් තියාගෙන කෑම හදනවා.

 

The Manchester

දැන් අපි වැඩි හරියක් කිව්වෙ ටිකක් පොෂ් බොන තැන් නේ. ඒ වුනාට පොෂ් නැතුව ගිහිල්ල බොන්න පුළුවන් මැන්චෙස්ටර් එකට ගිහිල්ල. ටිකක් අප්සෙට් වගේ පිටින් පෙනුණට ඇතුලට ගියාම කට්ටියත් එක්ක චිල් එකේ සෙට් වෙන්න පුළුවන්.

 

ඔය තියෙන්නෙ පොත් ප්‍රදර්ශනේ අවට ඔයාලට පොඩ්ඩක් සප්පායම් වෙන්න පුළුවන් තැන්. තව තැන් ඔයාල කැමති නං පල්ලෙහායින් කොමෙන්ට් කරන්නකෝ. අපේ ඇප් එක පාවිච්චි කරලත් ඔයාලට තව තැන් හොයාගන්න පුළුවන්. ජී.පී.එස්. එක දාගෙන ඉන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide