කොළඹ ඇඳිරි නීතිය අතරේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙදරටම ගෙනත් දෙන තැන් (2020 නොවැම්බර්).

ගිය සතියේ බස්නාහිර පළාතට දාපු නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණා. එළියට පහළියට බහින්න විදිහක් නැති නිසා ගෙදරට අවශ්‍ය සිල්ලර බඩු ගෙන්නගන්න ක්‍රමයක් තියනවද කියලා හුඟ දෙනෙක් උනන්දුයි. මේ ලැයිස්තුවේ තියෙන්නේ ඒ විදිහට බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය අතරේ ඔබේ නිවසටම සිල්ලර බඩු ඩිලිවර් කරන්න ලෑස්ති වෙලා ඉන්න තැන්.

මේක දිගට ම අප්ඩේට් වෙන ලැයිස්තුවක්. අපිට තොරතුරු ලැබෙන විදිහට අපි මේ ලැයිස්තුවට තවත් තැන් එකතු කරනවා. ඔබත් සිල්ලර බඩු ඩිලිවර් කරන වෙළෙඳ ආයතනයක් නම්, මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න කැමති නම්, 0760106226 අංකයෙන් දිනේෂ්ට කතා කරන්න.

PickMe

පික්මී එකේ මාකට් ප්ලේස් එක කොරෝනා පළමු වතාවේ ලොක්ඩවුන් කාලේ ඉඳන් ම සිල්ලර භාණ්ඩ ඩිලිවර් කළා. මේ වැඩේට අලුත් අලුත් කඩ සාප්පු, වෙළෙඳසැල් රැසක් එකතු කරගෙන දැනටත් ඔවුන් ඩිලිවරි සේවාවේ යෙදිලා ඉන්නවා. එළවළු, මස්මාළුවල ඉඳන්, ගෑස් සිලින්ඩර්, ක්‍රීඩා භාණ්ඩ, ඇඳුම් පැළඳුම් දක්වා බොහෝ දේ ඔවුන් ලවා ළඟට ම ගෙන්නගන්න පුළුවන්. පික්මී ඇප් එක ඕපන් කරලා, Market කොටස උඩ ටච් කරන්න.

Keells

www.keellssuper.com වෙබ් අඩවිය ඔස්සේ කීල්ස් සුපර් වෙළෙඳසැලේ ඩිලිවරි සේවාවට පිවිසෙන්න පුළුවන්. ඔබ ඉන්න තැනට ළඟ ම තියන කීල්ස් එකෙන් ගෙදරට ම බඩු ගෙනත් දෙන්න ඒ අය ලෑස්තියි. ගෙවීම් කරන්න පුළුවන් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්වලින් විතරයි. වැඩි විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න.

SPAR Sri Lanka

ස්පාර් එකෙන් භාර ගන්නේ සීමිත ඩිලිවරි ප්‍රමාණයක් නිසා හැකි ඉක්මනින් ඔබේ ඇණවුම ලබා දෙන්න. ඔබ ඉන්න තැන ඉඳන් කිලෝමීටර 3ක් ඇතුළත ස්පාර් සුපර් මාර්කට් එකක් තියනවා නම් පහත දුරකතන අංකවලට අමතා හෝ ඊමේල් මඟින් ඔබේ ඕඩරය ලබා දෙන්න.

ස්පාර් තලවතුගොඩ – 077 537 1434 | thalawathugoda@sparsl.com
ස්පාර් කළුබෝවිල – 076 087 0329 | kalubowila@sparsl.com
ස්පාර් යුනියන් පෙදෙස – 076 569 4683 | unionplace@sparsl.com
ස්පාර් මාලබේ – 076 841 1776 | malabe@sparsl.com
ස්පාර් පැපිලියාන – 076 301 4493 | pepiliyana@sparsl.com
ස්පාර් මීගමුව – 076 058 2454 | negombo@sparsl.com

ඩිලිවරි ගාස්තුව රු. 250යි. ඕඩරයක අවම ගාස්තුව රු. 2500ක් විය යුතුයි. පැය 48ක් ඇතුළත ඔවුන් භාණ්ඩ ඩිලිවර් කරනවා.

Cargills Food City

cargillsonline.com වෙත පිවිසීමෙන් කාගිල්ස් ෆුඩ් සිටි ඔන්ලයින් ස්ටෝර් එකට පිවිසෙන්න පුළුවන්. එහෙම නැත්තං කාගිල්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්ත නං වඩා පහසුයි. ඔබ ඉන්න තැන ඉඳන් කිලෝමීටර 5ක් ඇතුළත කාගිල්ස් ෆුඩ් සිටි එකක් තියනව නං, මෙන්න මෙතනට පිවිසිලා ඕඩර් එක ප්ලේස් කරන්න. කෑෂ් හෝ ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ් මඟින් මුදල් ගෙවන්න පුළුවන්.

LAUGFS Super

grocerypal.lk හරහා ලාෆ්ස් සුපර් එකෙන් අත්‍යවශ්‍ය සිල්ලර බඩු ගෙන්නගන්න ඔබට පුළුවන්. ඇණවුමක අවම ගාස්තුව රු. 2000ක් විය යුතුයි. ඒ වගේ ම හැම ඇණවුමකට ම රු. 200ක ඩිලිවරි ගාස්තුවක් එකතු වෙනවා. ඕඩරය ලබා දී පැය 48ක් ඇතුළත ඩිලිවර් කරන්න ඒ අය කටයුතු යොදල තියනවා.

Arpico Supercentre

ආපිකෝ එකෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නගන්නවා නම් එයාලගෙ ඔන්ලයින් ස්ටෝර් එකට පිවිසිලා ඕඩර් එකක් ලබාදෙන්න පුළුවනි. නැත්තං ආපිකෝ එකේ ඊ-ඕඩර්ස් පෝටල් එකට ක්ෂණිකව ඔබට අවශ්‍ය බඩු ලැයිස්තුව ඇතුළු කරන්න. කෑෂ් වගේ ම ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ් මඟින් කරන ගෙවීම් ඔවුන් භාරගන්නවා.

Navalanka Super City

ඔබට මූලිකව අවශ්‍ය සිල්ලර බඩු වගේ ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය, මැලේසියාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, තුර්කිය, පකිස්තානය වැනි රටවලින් ආනයනය කරන ලද විවිධ ද්‍රව්‍ය රාශියක් ම නවලංකා සුපර් සිටි එකේ තියනවා. නවලංකා එක තියෙන්නේ දෙහිවල වුණත්, එයාල ප්‍රදේශ ගණනාවකට ම ඩිලිවරි සේවා සපයනවා. වැඩි විස්තර දැනගන්න 0777005959 අංකයට කතා කරන්න.

Luxe Colombo

තත්ත්වයෙන් උසස් ආනයනික චීස් සහ මස් වර්ග ලබාගන්න luxecolombo.com වෙත පිවිසෙන්න. ඕඩරයකට අවම ගාස්තුවක් පනවල නෑ වගේ ම, ඒ අය ඩිලිවරි ගාස්තුවක් අය කරන්නෙත් නෑ. 

Lassana Flora

ලස්සන ෆ්ලෝරා එකෙන් දැන් මල්වලට අමතරව තවත් භාණ්ඩ රැසක් ඔබ ළඟට ම ගෙනත් දෙනවා. එළවළු, පලතුරු, කිරි ආහාර, කේක්, අලංකරණ සහ සනීපාරක්ෂ ද්‍රව්‍ය ඇතුළු දේවල් ගොඩක් ඒ අතරට අයත්.

The Premium Meat Shop

තත්ත්වයෙන් ඉහළ මස්මාළු වර්ග මෙතනින් ගෙන්නගන්න පුළුවන්. ස්ටේක්, නෝවීජියන් සැමන්, බැටළු මස් එහෙමත් ඊට අයිතියි. ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් ගිණුම්වලට මැසේජයක් දාල ඕඩරය ලබාදෙන්න පුළුවන්. නැත්තං 0775750722 අංකයට වට්ස්ඇප් කරන්න.

Saaraketha

කාබනික එළවළු, පලතුරු සහ කොළ වර්ග වගේ ම, පිරිසිදු පොල්තෙල්, කොකනට් ෂුගර්, ස්වාභාවික රසකාරක, ස්ප්‍රෙඩ්ස්, ඩිප්ස්, පාරම්පරික සහල් වර්ග වගේ ජාති රැසක් මිල දී ගන්න පුළුවන් saaraketha.com වෙත පිවිසුණොත්. ඔබ ඇණවුම ලබා දුන්නම ඔවුන් ඇඳිරි නීතිය අතරේ වුණත් නිවසට ම බඩු ටික ගෙනත් දෙයි. ඩිලිවරි ගාස්තුවක් අය කරන්නේ නෑ.

OnlineKade.lk

චොක්ලට් ඇතුළු පැණිරස ජාති, බීම වර්ග, වියළි පලතුරු, ඇට වර්ග ඇතුළු ගොඩක් දේවල් මෙයාල ළඟ තියනවා. 0710316316/ 0710198198 අංකවලට හෝ මේ අයගේ ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් ගිණුම්වලට මැසේජයක් දාන්න. නැත්තං onlinekade.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Macmart Shoppers Store

පැණිරසට ආස අයට ගිහින් බලන්න හොඳ තැනක් මේ. චීස්, බීම වර්ග, අලංකරණ සහ සනීපාරක්ෂ ද්‍රව්‍ය, සෝස්, වියළි පලතුරු, ඇට වර්ග වගේ ම ස්නැක්ස් ජාතිත් මහ ගොඩක් මෙයාල ළඟ තියනවා.  www.macmart.lk එකට ගිහින් බලන්නකො.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Colombo Achieves Hotel Sustainability Basics Certification

Radisson Hotel Colombo proudly announces its certification in Hotel Sustainability Basics, a globally recognized framework

Trending

Celebrate Love This Valentine’s Day at Cinnamon Grand

Indulge in the ultimate romantic experiences this Valentine’s Day at Cinnamon Grand. From an exquisite

Trending

Love This Valentine’s Day at Cinnamon Lakeside

This Valentine's Day, immerse yourself in romance with an array of exclusive experiences at Cinnamon

Trending

Celebrate Valentine’s Day in Style at Cinnamon Red

Indulge in the ultimate romantic experiences this Valentine's Day at Cinnamon Grand. From an exquisite

Trending

Mount Lavinia Hotel Celebrates World Pizza Day with Special Guest Chef Roberto Radoni

Mount Lavinia Hotel’s celebration of World Pizza Day on February 9th was an unforgettable gastronomic

Trending

A Valentine’s Day to Remember at The Kingsbury

This Valentine’s Day, let your love story unfold at The Kingsbury, Colombo. Set against the

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide