‘ග්‍රිල්ඩ්, ස්මෝක්ඩ් සහ හනි’ මස්… කරළියට ආපු හැටි! ආදිවාසීන්ගේ ආහාර iv.

ඇත්තටම මම මේ කාරණාව ගැන කතාකරන්න හිතුවෙ, ලේසියට පහසුවට අපි හැමදාම කඩෙන් ගෙනැල්ලා කන බාබකියු, ගෙදරදි හදාගන්න අවශ්‍ය මූලික දැනුම ගැන අදහසක් ඔයාලට ගේන්න සහ…

මේ දවස්වල එළි‌පෙහෙලියට නොගිහින් ගෙදර දාන පාටිවලට, බයිට් ටික ගළප ගන්න සපෝට් එකක් දෙන්න!

ලංකාවෙ මුල් අවදියේ වැද්දන්ගේ ප්‍රධාන ආහාර වුණේ දඩමස්. ඒත් කාලයත් එක්ක එයාලා කැලෙන් හම්බුවෙන අල, මුල්, ගෙඩි, ඇට, කොළ, මල් වගේ ම මී පැණි, බඹර පැණි වගේ දේවල් ද ආහාර වට්ටෝරුවලට එකතුකරගත්තා. වැද්දො දඩ මස් හොයන්න කැලේට ගියේ කණ්ඩායම් විදියට. සතුන් දඩයම් කරන්න දුනු, ඊතල පාවිච්චි කරපු මෙයාලා ඒවා සුද්දකරන්න කෙටේරි වගේ තියුණු ආයුදත් පාවිච්චි කළා. සතෙක් දඩයම් කළාට පස්සෙ ඒ ඒ ප්‍රදේශවල ම වැද්දන්ට වෙනමම තිබ්බා සත්තු සුද්ද කරන්න භාවිතා කරපු තැන්. ඒවට ගෙනිහිල්ලා තමයි එයාලා සතාගෙ මස් සහ සියලු කොටස් වෙන්කලේ. ඒකත් ගොඩක් දුරට කොළ ඇතිරිල්ලක් උඩ තියලා. හැබැයි ඒ වෙන් කරද්දි සත්තුන්ගෙ කිසිම කොටසක් ලේසියකට පහසුවකට විසිකරන්න ඉඩ තිබ්බෙත් නෑ. කොටින්ම කියනව නම් කුර, ඇටකටු පවා සුද්ද කරලා අරගෙ ඒවයින් තමන්ට අවශ්‍ය භාණ්ඩ හදාගත්තා.

ඔය විදියට මස් වෙන් කරගත්තට පස්සෙ…

තමයි කරළියට එන්නෙ නූතන බාබකියු එකේ ප්‍රාථමික සංකල්පය. මස්ටික සුද්ද වෙලා ඉවර වෙද්දිම ඊට නුදුරෙන් වැද්දො හදනවා ලොකු ගිනි මැලයක්. හදලා ඒකට කෙළින්ම අල්ලලා මස් පිච්වුවත්… කෙටි කාලයක දි ම වැද්දන්ට තේරෙනවා මස් ඒ විදියට පිච්චීමෙන් වෙන්නෙ වටේ පිච්චෙන එක විතරයි, මැද හරියට පිහෙන්නෙ නෑ කියල.

අන්න… එනවා අඟුරු ගොඩේ පිළිස්සීම!

අර ලොකු ගිනිමැලය අඟුරු වෙන්න තියලා, දෙපැත්ත යාවෙන්න අටුවක් හදලා ඒකෙ, අමු ලීවල රඳවපු මස් කුට්ටි අඟුරු ගොඩට පොඩි උසකින් රඳවනවා. ඒ විදියට රඳවලා, මස් වර්ග අනුව පැයක හමාරක කාලයක ඉඳන් දවස දෙක වෙනකම්ම පිහන මස් වර්ගත් තිබ්බ කියලයි අදටත් අපේ ආදිවාසීන් කියන්නෙ.

කොහොමහරි ඒ පිළිස්සීමෙදි අක්මාව, පෙනහලු, ආමාශය, හදවත, බඩවැල් සහ මොළය වගේ කොටස් ලී උල්වල ගහලා අඟුරු දුමෙන් වේලලා පස්සෙ තමයි පුලුස්සලා කෑමට අරගෙන තියෙන්නෙ. ඒවට ‘අඟුරු මස්’ කියලා, කියලා තියෙනවා. ඒ අතරට සතාගෙ තෙල් තට්ටුව ලොකු කිතුල්, පුවක් වගේ කොළපත්වල දාලා අඟුරු ගොඩේම, ගල් තුනේ ලිප්වල හින්දලා තෙලුත් අරගෙන තියෙනවා. ඔය විදියට මස් පුච්චපු වැද්දො චාරිත්‍රයක් විදියට, කෑමට පෙර කොළ ගොටුවකට අමු මස් ටිකක් අරගෙන මස් පිටියෙ ම කෙළවරක තියන්න පුරුදු වෙලා තියෙන්නෙ ‘යකුන්ට පිදීම’ සඳහායි.

කණ්ඩායම ම ඇති හැටියට මස් බුදලා ඉවර වුනාට පස්සෙ ඉතිරිය, පසු පාවිච්චිය සඳහා අඟුරු ගොඩ උඩ ඉදිවුනු මැස්සක දවස් ගාණක් දුමේ වේලනවා. ඒ වේලපු මස් තීරුවලට ඉරලා මිටි ගහලා කොළපත්වල ඔතලා ගෙවල්වලත් දුමේම තිබ්බා කියලා තමයි කියන්නෙ. ඒවට කියලා තියෙන්නෙ ‘පුරු මස්’ කියලා.

කවුරුත් හරි හැටි නොදන්නවා වුනාට අතීත වැද්දො ඉබි මස්, මොනර මස්, ඉත්තෑ මස් හා ගව මස් ආහාරයට ගත් බවට සාක්ෂි නෑ. එය සිදුවෙන්න පටන් අරගෙන තියෙන්නෙ නූතන මස් වැද්දන්ගෙන්. ඒත් ආහාර හිඟ, විශේෂයෙන්ම වැහි සහ සීත බහුල කාලවලට වැද්දෝ ඌරු මීයන්, දඬු ලේනුන් වැනි සතුන් ආහාරයට අරගෙන තියෙනවා. ඒ වගේ ම තමයි ඒ කාලයෙදි අමාරුවෙන් හරි හොයාගන්න ගෝන, මුව මස්, අඟුරු ගහලා හරි ආකාරව හදා ගන්න බැරි නිසා වැද්දන් පුරුදුවෙනවා අමු මස්, මී හෝ බඹර පැණි මුල්වල දාලා තියන්න. හැබැයි ඊටත් පෙර, ඔවුන් කරලා තියෙන්නෙ වතුර රූරා බහින්නෙ නැති ගස්බෙන, ගල් වළවල් සුද්ද පවිත්‍ර කරලා, ඒවට පැණි පුරවලා මස් දාලා ගස් පොතු, ගල් පොතුවලින් වහලා, මී ඉටිවලින් සීල් තියපු එක. ඒවට ‘පැණි මාලු’ කියල තමයි කියලා තියෙන්නෙ. වැද්දො කියන විදියට ඒ විදියට අවුරුද්දක් වුනත් මස් තියාගන්න පුළුවන්ලු.

මේ විදියට නූතන බාබකියු රෙසිපිවලට පණදීපු අපේ වැද්දො ළඟ ඉතා සූක්ෂම දඩයම් ක්‍රමත් තිබිලා තියෙනවා. හේන් ආශ්‍රිතව ගත්තොත් දෙතුන් පැත්තකින් දඩබල්ලන් යොදලා සත්තු පස්සේ හඹා ගිහින් දඩයම් කිරීම. දුනු හී අරගෙන කැලෑවෙ හැංගිලා ඉඳලා දඩයම් කිරීම. නැත්නම් දියමංපෙත් අසල ගස් උඩ, මැහි බැඳලා ඒවයෙ රැකළා ඉඳලා දඩයම් කිරීම. ඒ විතරක් නෙවෙයි පස්සෙ පස්සෙ මදු හා උගුල් අටවලා සතුන් දඩයම් කිරීමත් සිදු කරලා තියෙනවා. ඒ දඩයම්වල මස් ගත්තට පස්සෙ අං, හම්, කුර, ඇට, දත් සියල්ලමත් අපතේ යවන්නෙ නැතුව ආයුධ, ආයුධ මිට, ආභරණ, ආහාර තාක්ෂණයට අදාළ භාණ්ඩ වගේ නිර්මාණයන් කරන්නත් වැද්දො හරිම දස්සයො.

හැබැයි ඔය කොයි ආකාරයට වැද්දන්ගේ දඩයම සිදුවුණත්…

අද කාලෙ වගේ නම් නෙවෙයි, සිරිත් විරිත් තිබිලා තියෙනවා. ඔවුන් කවදාවත් ගැබ්බර හෝ පැටවුන් ඉන්න සත්තු මැරුවෙ නෑ. එතකොට ආබාධිත සත්තු මැරුවෙත් නෑ. දියබොමින් ඉන්න හෝ ආහාර ගනිමින් ඉන්න සත්තු මැරෙුවෙත් නෑ.
ඕකයි කතාව!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Tamarind opens its doors in Colombo

The new multi-cuisine restaurant brings variety, comfort food and contemporary dining to Kinross Avenue. Colombo’s

Highlights Trending

What Are the Best Gold & Gemstone Earrings to Shop at DINIDU in Colombo?

Earrings are among the most expressive pieces of jewellery a person can own. They may

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide