‘ග්‍රිල්ඩ්, ස්මෝක්ඩ් සහ හනි’ මස්… කරළියට ආපු හැටි! ආදිවාසීන්ගේ ආහාර iv.

ඇත්තටම මම මේ කාරණාව ගැන කතාකරන්න හිතුවෙ, ලේසියට පහසුවට අපි හැමදාම කඩෙන් ගෙනැල්ලා කන බාබකියු, ගෙදරදි හදාගන්න අවශ්‍ය මූලික දැනුම ගැන අදහසක් ඔයාලට ගේන්න සහ…

මේ දවස්වල එළි‌පෙහෙලියට නොගිහින් ගෙදර දාන පාටිවලට, බයිට් ටික ගළප ගන්න සපෝට් එකක් දෙන්න!

ලංකාවෙ මුල් අවදියේ වැද්දන්ගේ ප්‍රධාන ආහාර වුණේ දඩමස්. ඒත් කාලයත් එක්ක එයාලා කැලෙන් හම්බුවෙන අල, මුල්, ගෙඩි, ඇට, කොළ, මල් වගේ ම මී පැණි, බඹර පැණි වගේ දේවල් ද ආහාර වට්ටෝරුවලට එකතුකරගත්තා. වැද්දො දඩ මස් හොයන්න කැලේට ගියේ කණ්ඩායම් විදියට. සතුන් දඩයම් කරන්න දුනු, ඊතල පාවිච්චි කරපු මෙයාලා ඒවා සුද්දකරන්න කෙටේරි වගේ තියුණු ආයුදත් පාවිච්චි කළා. සතෙක් දඩයම් කළාට පස්සෙ ඒ ඒ ප්‍රදේශවල ම වැද්දන්ට වෙනමම තිබ්බා සත්තු සුද්ද කරන්න භාවිතා කරපු තැන්. ඒවට ගෙනිහිල්ලා තමයි එයාලා සතාගෙ මස් සහ සියලු කොටස් වෙන්කලේ. ඒකත් ගොඩක් දුරට කොළ ඇතිරිල්ලක් උඩ තියලා. හැබැයි ඒ වෙන් කරද්දි සත්තුන්ගෙ කිසිම කොටසක් ලේසියකට පහසුවකට විසිකරන්න ඉඩ තිබ්බෙත් නෑ. කොටින්ම කියනව නම් කුර, ඇටකටු පවා සුද්ද කරලා අරගෙ ඒවයින් තමන්ට අවශ්‍ය භාණ්ඩ හදාගත්තා.

ඔය විදියට මස් වෙන් කරගත්තට පස්සෙ…

තමයි කරළියට එන්නෙ නූතන බාබකියු එකේ ප්‍රාථමික සංකල්පය. මස්ටික සුද්ද වෙලා ඉවර වෙද්දිම ඊට නුදුරෙන් වැද්දො හදනවා ලොකු ගිනි මැලයක්. හදලා ඒකට කෙළින්ම අල්ලලා මස් පිච්වුවත්… කෙටි කාලයක දි ම වැද්දන්ට තේරෙනවා මස් ඒ විදියට පිච්චීමෙන් වෙන්නෙ වටේ පිච්චෙන එක විතරයි, මැද හරියට පිහෙන්නෙ නෑ කියල.

අන්න… එනවා අඟුරු ගොඩේ පිළිස්සීම!

අර ලොකු ගිනිමැලය අඟුරු වෙන්න තියලා, දෙපැත්ත යාවෙන්න අටුවක් හදලා ඒකෙ, අමු ලීවල රඳවපු මස් කුට්ටි අඟුරු ගොඩට පොඩි උසකින් රඳවනවා. ඒ විදියට රඳවලා, මස් වර්ග අනුව පැයක හමාරක කාලයක ඉඳන් දවස දෙක වෙනකම්ම පිහන මස් වර්ගත් තිබ්බ කියලයි අදටත් අපේ ආදිවාසීන් කියන්නෙ.

කොහොමහරි ඒ පිළිස්සීමෙදි අක්මාව, පෙනහලු, ආමාශය, හදවත, බඩවැල් සහ මොළය වගේ කොටස් ලී උල්වල ගහලා අඟුරු දුමෙන් වේලලා පස්සෙ තමයි පුලුස්සලා කෑමට අරගෙන තියෙන්නෙ. ඒවට ‘අඟුරු මස්’ කියලා, කියලා තියෙනවා. ඒ අතරට සතාගෙ තෙල් තට්ටුව ලොකු කිතුල්, පුවක් වගේ කොළපත්වල දාලා අඟුරු ගොඩේම, ගල් තුනේ ලිප්වල හින්දලා තෙලුත් අරගෙන තියෙනවා. ඔය විදියට මස් පුච්චපු වැද්දො චාරිත්‍රයක් විදියට, කෑමට පෙර කොළ ගොටුවකට අමු මස් ටිකක් අරගෙන මස් පිටියෙ ම කෙළවරක තියන්න පුරුදු වෙලා තියෙන්නෙ ‘යකුන්ට පිදීම’ සඳහායි.

කණ්ඩායම ම ඇති හැටියට මස් බුදලා ඉවර වුනාට පස්සෙ ඉතිරිය, පසු පාවිච්චිය සඳහා අඟුරු ගොඩ උඩ ඉදිවුනු මැස්සක දවස් ගාණක් දුමේ වේලනවා. ඒ වේලපු මස් තීරුවලට ඉරලා මිටි ගහලා කොළපත්වල ඔතලා ගෙවල්වලත් දුමේම තිබ්බා කියලා තමයි කියන්නෙ. ඒවට කියලා තියෙන්නෙ ‘පුරු මස්’ කියලා.

කවුරුත් හරි හැටි නොදන්නවා වුනාට අතීත වැද්දො ඉබි මස්, මොනර මස්, ඉත්තෑ මස් හා ගව මස් ආහාරයට ගත් බවට සාක්ෂි නෑ. එය සිදුවෙන්න පටන් අරගෙන තියෙන්නෙ නූතන මස් වැද්දන්ගෙන්. ඒත් ආහාර හිඟ, විශේෂයෙන්ම වැහි සහ සීත බහුල කාලවලට වැද්දෝ ඌරු මීයන්, දඬු ලේනුන් වැනි සතුන් ආහාරයට අරගෙන තියෙනවා. ඒ වගේ ම තමයි ඒ කාලයෙදි අමාරුවෙන් හරි හොයාගන්න ගෝන, මුව මස්, අඟුරු ගහලා හරි ආකාරව හදා ගන්න බැරි නිසා වැද්දන් පුරුදුවෙනවා අමු මස්, මී හෝ බඹර පැණි මුල්වල දාලා තියන්න. හැබැයි ඊටත් පෙර, ඔවුන් කරලා තියෙන්නෙ වතුර රූරා බහින්නෙ නැති ගස්බෙන, ගල් වළවල් සුද්ද පවිත්‍ර කරලා, ඒවට පැණි පුරවලා මස් දාලා ගස් පොතු, ගල් පොතුවලින් වහලා, මී ඉටිවලින් සීල් තියපු එක. ඒවට ‘පැණි මාලු’ කියල තමයි කියලා තියෙන්නෙ. වැද්දො කියන විදියට ඒ විදියට අවුරුද්දක් වුනත් මස් තියාගන්න පුළුවන්ලු.

මේ විදියට නූතන බාබකියු රෙසිපිවලට පණදීපු අපේ වැද්දො ළඟ ඉතා සූක්ෂම දඩයම් ක්‍රමත් තිබිලා තියෙනවා. හේන් ආශ්‍රිතව ගත්තොත් දෙතුන් පැත්තකින් දඩබල්ලන් යොදලා සත්තු පස්සේ හඹා ගිහින් දඩයම් කිරීම. දුනු හී අරගෙන කැලෑවෙ හැංගිලා ඉඳලා දඩයම් කිරීම. නැත්නම් දියමංපෙත් අසල ගස් උඩ, මැහි බැඳලා ඒවයෙ රැකළා ඉඳලා දඩයම් කිරීම. ඒ විතරක් නෙවෙයි පස්සෙ පස්සෙ මදු හා උගුල් අටවලා සතුන් දඩයම් කිරීමත් සිදු කරලා තියෙනවා. ඒ දඩයම්වල මස් ගත්තට පස්සෙ අං, හම්, කුර, ඇට, දත් සියල්ලමත් අපතේ යවන්නෙ නැතුව ආයුධ, ආයුධ මිට, ආභරණ, ආහාර තාක්ෂණයට අදාළ භාණ්ඩ වගේ නිර්මාණයන් කරන්නත් වැද්දො හරිම දස්සයො.

හැබැයි ඔය කොයි ආකාරයට වැද්දන්ගේ දඩයම සිදුවුණත්…

අද කාලෙ වගේ නම් නෙවෙයි, සිරිත් විරිත් තිබිලා තියෙනවා. ඔවුන් කවදාවත් ගැබ්බර හෝ පැටවුන් ඉන්න සත්තු මැරුවෙ නෑ. එතකොට ආබාධිත සත්තු මැරුවෙත් නෑ. දියබොමින් ඉන්න හෝ ආහාර ගනිමින් ඉන්න සත්තු මැරෙුවෙත් නෑ.
ඕකයි කතාව!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

A Review of The Commons Coffee House’s New Offerings

The Commons Coffee House, located on Flower Road in Colombo 7, has been around for

Highlights Kamu

Trending.

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Radisson Hotels in Sri Lanka Earn Safehotels Premium Certification

Radisson Blu Resort Galle, Radisson Hotel Colombo, and Radisson Hotel Kandy have proudly earned the

Trending

Yamu Guide.

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

9 Unique Wedding Venues in Sri Lanka

Say “Yes” differently - beyond the ballroom.  It’s 2025 and nowadays potential brides and grooms

Highlights Yamu Guide

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide