පීසා සහ ‘මාගරිටා’.. මස්, චීස් පිරෙන්න රස වෙන පීසා රොටියේ ඉතිහාසය!.

පීසා සම්භවය ඉපැරණි ග්‍රීකයන් සහ ඊජිප්තු ජාතිකයන් ඇතුළු මධ්‍යධරණී බොහෝ ජනයා අතර සුප්‍රසිද්ධව පැවත ඇත. පුරාණ ඊජිප්තු ලියකිවිලිවල සඳහන් වන්නේ මීට වසර හය දහසකට පමණ පෙර සිට මිනිසුන් පිටි, කිරි සහ යීස්ට් වලින් පාන් පුළුස්සන්නට පටන් ගත් බවයි. පිටි ගුලියට රසවත් බවක් සහ සුවඳක් ලබා දීමට සඳහා ඊජිප්තුවරුන් ඊට සුවඳ පැළෑටි වර්ග එකතු කර ඇත. 

කෙසේ හෝ ‘පීසා’ යන වචනය මුලින්ම සඳහන්ව ඇත්තේ 10වන සියවසේ අගභාගයේ ලතින් ග්‍රන්ථවලය. බොහෝ වාග් විද්‍යාඥයින් විශ්වාස කරන්නේ එහි මූලාරම්භය ‘පින්සරේ’ යන වචනය සමඟ සම්බන්ධව ඇති බවයි. තවද එම වචනයට ග්‍රීක මූලයක් වන ‘පිටා’ යන වචනයද බලපා ඇත. බොහෝ නූතන අධ්‍යයනවලින් පෙනී යන්නේ මෙම වචනය ආරම්භ වී ඇත්තේ ගොතික් බෙසෝ-පැසෝ වෙතින් වන අතර එහි අර්ථය ‘පාන් කෑල්ලක්’ යන්නය. 

වයිකිං සංස්කෘතිය හා ආහාර හොඳින් අධ්‍යයනය කිරීමෙන් නෝර්වේ විද්‍යාඥයින් නිගමනය කළේ මුල් යුගයේ පීසා සාදා ඇත්තේ එළවළු සහ මාළු කෑලි වලින් පුලුස්සන ලද පාන් වලින් බවයි. එවැනි පාන් වරෙක උතුරු නැවියන් විසින් අනුභව කරන ලද බවටද සාක්ෂි ඇත. ඒ හැරුනු කොට ජලය, පිටි සහ කුළුබඩු ගෙන පැතලි වටකුරු කේක් සෑදූ බවක්ද පැවසේ. මධ්‍යධරණී මුහුදු වෙරළ තීරයේ වෙසෙන ජනයා අඟුරු මත එවැනි පැතලි කේක් සාදා විවිධ එළවළු, කුකුල් මස්, ඇට වර්ග, විවිධ චීස් හා තෙල් වර්ග එකතු කරමින් පුලුස්සා ආහාරයට ගෙනඇත.

තක්කාලි, පීසා සමඟ සම්භන්ධ වන්නේ 1522 දී ඇමරිකාවෙන් පැමිණි විටය. නමුත් ඉතා ඉක්මණින්, ඉතාලි, නේපල්ස් ගොවීන් විසින් ඒවා රසවිඳි අතර, ඔවුන් මෙම විදේශීය පලතුර දිගින් දිගටම භාවිතා කිරීමට පටන් ගත්තේය. නූතන පීසාහි ආරම්භය සිදුව ඇත්තේ 18වන හෝ 19වන ශතවර්ශයේ ඉතාලි, නේපල්ස් නගරයේදීය. මෙම කාලයේදී පැතලි පාන් මතට සුදු ළුනු, ලුනු, ඌරු තෙල්, චීස් සහ බැසිල් යොදා පීසා සාදා ඇත. තවද චීස් හා ඖෂධ පැළෑටිවලින් පිරුණු පැතලි රොටිද ඉතාලියේ නේපල්ස්හි පොදු වීදි ආහාරයක් විය. 

එලෙසින් ශතවර්ෂ එකහමාරකට පමණ පසුව 1889 දී ඉතාලි රාජධානියේ පළමුවන උම්බර්ටෝ රජු සහ ඔහුගේ බිරිඳ වූ මාගරිටා සැවොයිස්කයා, නේපල්ස්හි සංචාරයකට ගියේය. එහිදී රාජකීය පවුලේ සාමාජිකයන් තීරණය කළේ නගරයේ සුලභ ආහාරයක් රස බැලීමටය. ඒ සඳහා නේපල්ස්හි වඩාත් ජනප්‍රිය කෝකියෙක් වන රෆායෙල් එස්පොසිටෝ ගෙන්වා ආහාර සඳහා පීසා සකස් කිරීමට යෝජනා කලේය. පසුව රෆායල්, රැජින සතුටු කිරීම සඳහා පීසා වර්ග තුනක් එකවර පිළියෙළ කොට ඇත. ඉන් දෙකක් සුපුරුදු අමුද්‍රව්‍ය භාවිතා කොට සහ අනෙක සුදු චීස්, දීප්තිමත් රතු තක්කාලි සහ තද කොළ බැසිල් වලින් සාදා.. එය විශේෂ ආහාරයක් ලෙස, එනම් ඉතාලි ධජයේ වර්ණ පිලිබිඹු වන ලෙසින්, ‘දේශප්‍රේමී’ ආහාරය ‘මාගරිටා’ රැජිනට පිළිගන්වා ඇත. ඒ නිසාම එය පසු කාලීනව ‘පීසා මාගරීටා’ යන නමින් ප්‍රසිද්ධව ඇත.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide