කලා පොළ 2021 ඩිජිටල් අවකාශයට!.

කලා පොළ කියන්නේ වාර්ෂිකව පැවැත්වෙන ලංකාවෙ ලොකු ම එළිමහන් කලා ප්‍රදර්ශනය සහ සල්පිල. කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ, නැත්තං ග්‍රීන් පාත් එකේ අවුරුදු 28ක් තිස්සේ නොකඩවා පැවැත්වෙන කලා පොළ, ඉතිහාසයේ පළමු වැනි වතාවට මේ පාර ඩිජිටල් අවකාශයට ගොඩ වෙලා. ඒ කියන්නේ මෙවර කලා පොළ පැවැත්වෙන්නේ ඔන්ලයින්.

ඒ අනුව 2021 පෙබරවාරි 21 වෙනිදා ආරම්භ වුණ ඔන්ලයින් කලා පොළ, 2021 මාර්තු 21 දක්වා පුරා මාසයක් පැවැත්වෙනවා. ඉතින් www.srilankanartgallery.com/kalapola ලින්ක් එකෙන් ඔබටත් ඔබ ඉන්න තැන ඉඳන් ම කලා පොළට ගොඩ වෙන්න පුළුවන්. ප්‍රවීණ වගේ ම ආධුනික දෘශ්‍ය කලා ශිල්පීන් 200කට අධික පිරිසකගේ නිර්මාණ 4000කට අධික ප්‍රමාණයක් කලා පොළේ ප්‍රදර්ශනය කෙරෙනවා.

ජෝන් කීල්ස් සමූහය සහ ජෝජ් කීට් පදනම එක් වෙලා 1993 වසරේ ඉඳන් අඛණ්ඩව සංවිධානය කරන කලා පොළ, ලංකාවේ චිත්‍ර සහ මූර්ති ශිල්පීන්ට සිය නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට වගේ ම අලෙවි කිරීමටත් හොඳ තෝතැන්නක්. චිත්‍ර, මූර්ති, පෝට්‍රේට් ආදී විවිධ දෘශ්‍ය කලා මාධ්‍ය නියෝජනය කරමින් මීට නිර්මාණ ඉදිරිපත් වෙනවා. වෙනත් වසරවල සාමාන්‍යයෙන් කලා පොළට 30,000කට අධික පිරිසක් සහභාගි වුණත්, මේ අවුරුද්දේ කලා පොළ ඩිජිටල් අවකාශයට ගෙන ඒමට සංවිධාකයන් පියවර ගත්තේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් එක්ක මහජන රැස්වීම් සහ පොදු අවස්ථා සීමා කරන්න සිද්ධ වීම නිසයි.

කලා පොළ ඔන්ලයින් පැවැත්වීමෙන් අත් වෙන වාසි බොහොමයි. මේ අලුත් පියවරෙන් වසංගත පාලනයට අත්වැලක් සපයමින් කාගෙත් සෞඛ්‍ය ආරක්ෂාව සැලසෙනවා විතරක් නෙමෙයි, ඩිජිටල් අවකාශය ඔස්සේ ලාංකික දෘශ්‍ය කලා ශිල්පීන්ගේ නිර්මාණ දැකගන්න විදෙස් රටවල සිටින්නන්ටත් හැකි වෙන නිසා, ලාංකික ශිල්පීන්ගේ වෙළෙඳපොළ පුළුල් වෙනවා. ඔවුන්ගේ නිර්මාණ මිල දී ගන්න ලංකාවේ වගේ ම විදෙස් රටවල සිටින දෘශ්‍ය කලා රසිකයන්ටත් මේ ඔස්සේ හැකියි.

කලා පොළ පැවැත්වෙන මාසය තුළ සතියකට එක බැගින් වැඩමුළු හතරක් සංවිධානය කිරීමටත් සංවිධායකයන් පියවර ගෙන තියෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ සිත්තරුන් සමග සහ දරුවන් සමග ආදී වශයෙන් මේ වැඩමුළු හතර පැවැත්වෙනු ඇති. කලා පොළ ෆේස්බුක් පිටුවට එකතු වුණොත් ඔබට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවනි. 

වසංගත ව්‍යාප්තියෙන් ලෝකයේ ම ආර්ථික තත්ත්වය අඩපණ වෙලා තියන මොහොතක, දේශීය කලා ලෝකය සහ කලාකරුවන් ශක්තිමත් කිරීමත්, ඔවුන්ගේ නිර්මාණ ඔප් නැංවීමත් වෙනුවෙන් කලා පොළ දක්වන දායකත්වය සහ කැපවීම අගය කළ යුතුයි. ඔබත් චිත්‍ර, මූර්ති ආදී දෘශ්‍ය කලා පිළිබඳ උනන්දුයි නම්, ඔන්ලයින් කලා පොළට ගොඩ වෙන්න..

*රූප කලා පොළ ෆේස්බුක් පිටුවෙනි.
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Trending.

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Hilton Named Best Workplace in Sri Lanka

This milestone marks the first time the hospitality company is recognized as the top employer

Trending

Bello Beach Bar by Browns Hotels & Resorts Redefines Coastal Leisure on Sri Lanka’s East Coast

Pasikuda’s coastline, known for its calm waters and untouched beauty, welcomed a refreshing new addition

Trending

MasterChef Franchise Makes Landmark Debut in Sri Lanka with Star-Studded Launch

Global culinary hit commissioned in 71 territories following latest Banijay Rights dealRs 3 Million, a

Trending

Sri Lanka’s Most Acclaimed Japanese Restaurant, Nihonbashi, Celebrates 30 Years

Marking three decades of popularizing "Washoku" in Sri Lanka, Chef Dharshan Munidasa’s flagship restaurant celebrates

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide