90 දශකයේ දරුවෙකුට අමතක නොවන සිහිවටන 10ක්.

තාක්ෂණය කියන දේ හීයක වේගෙන් ගොඩ නැගෙන්න පටන්ගත්තේ 21වෙනි සියවසේ ආරම්භයත් එක්ක. ඉබි ගමනින්ම නොවුණත්, තරමක මද වේගයකින් ගොඩ නැගුණු තාක්ෂණයේ අන්තිම පරම්පරාව තමයි 90 දශකය. මෙන්න මේ හේතුව නිසා, මේ දශකය ඇතුලත හරිම රසවත් දේවල් බොහොමයක් අපට දැකගන්න ලැබුණා.

90 දශකයේ ලංකාවේ හැදී වැඩුණු අයගේ ළමා කාලය රසවත් කරපු, අදටත් මතකයේ රැඳිලා තියෙන දේවල් මොනවද කියල ඇහුවොත්, එයාලගේ උත්තර මොන වගේ වෙයිද? මෙන්න මේ ගැන හිතලා බලපු අපි, ඒ කාලේ අපි අහපු දැකපු දේවල් වලින් දහයක් තෝරාගෙන පුංචි ලැයිස්තුවක් හැදුවා. එහෙනම් බලන්නකෝ, මේ දේවල් ඔයාලටත් මතකයිද කියලා.

1. Brick ගේම්

අද කාලේ ඉන්න පොඩි අය ගේම් ගහන්නේ ස්මාර්ට් දුරකථනවලින්. එහෙම නැත්තන් අයි පෑඩ් එකකින්. ඔය මුකුත් නැත්තන් කම්පියුටරයෙන්. ඒත් අපි ඇච්චෝ බැච්චෝ කාලේ ඕවා තිබුණේ නැහැනේ. අපි බොහොමයක් දෙනා ළඟ තිබුණේ මේ බ්‍රික් ගේම් එක. එක එක විදියේ ගේම් සීයක් වගේ මේවයේ තිබුණා. කොහේ හරි විනෝද ගමනක් ගියත්, ගෙදර නිකන් වැඩක් නැතුව හිටියත්, සද්දෙත් හරි හරියට දාගෙන මේක ඔබ ඔබ ඉන්න එක තමා අපේ වැඩේ.

2. අමුතු පෑන්, පැන්සල්

ඉස්කෝලේ හතරේ පන්තියේ ඉඳන් පහේ පන්තියට පාස් වෙලා යද්දී අපි ඉස්පාසුවක් නැතුව ඉන්නේ වෙන මොකටවත් නෙවෙයි, අපට පෑනෙන් ලියන්න හම්බෙන නිසා. කටවල් උල් කරගෙන, රවුම් කර කර පෑනෙන් අකුරු ලිව්ව හැටි ඔයාලටත් මතක ඇති. ඒ කාලේ අපි අතර ජනප්‍රියම පෑන තමයි රෙනෝල්ඩ්ස් පෑන. සුදු පාට මිටකින් හැදුණු මේ පෑනේ කොපුව නිල් පාටයි.

කාබන් පෑනෙන් ලියලා ටිකක් හුරු වුණාට පස්සේ ඊළඟට අපි ගත්තේ හීරෝ තීන්ත පෑන. මේකෙන් ලියනවටත් වඩා හොඳ වැඩේ තමයි මේකට තීන්ත පුරවන එක. මේ තීන්ත පෑනයි, තීන්ත බෝතලෙයි අරන් අපි ඉස්කෝලේ යන්නෙත් හරි ලොකු හිතින්. ලොකුකමට අරන් ගියා වගේ නෙවෙයි, මේ තීන්ත බෝතලේ පෙරලගෙන කරගත්ත අකරතැබ්බත් එමටයි.

ලිව්වාම සුවඳ හමන පෑන්, වගේම රතු, නිල්, කළු, කොළ පාට තීන්ත බට තියෙන පාට හතරේ පෑන් 90 දශකයේ අපි අතර ජනප්‍රිය වුණු තවත් දේවල් විදියට හඳුන්වන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, තුඩ මාරු කරන පැන්සල් වලටත් අපට තිබුණේ පුදුම ආසාවක්. මේකේ තියෙන තුඩවල් ටිකෙන් එකක් හරි නැති වුණා කියන්නේ අපේ පුංචි හිතට හරිම දුකක්.

3. සිංහල ටෙලි නාට්‍ය, සිංහල කාටූන්

දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, ඉටි පහන්, අඹු දරුවෝ, දූ දරුවෝ, බැද්දේගෙදර ; මේ අපි 90 දශකයේ බලපු ලස්සන ටෙලි නාට්‍ය බොහොමයක් අතුරින් කිහිපයක් විතරයි. අද තියෙන බොළඳ මෙගා ටෙලි නාට්‍ය, හඬ කවපු ඉන්දියන්, කොරියන් කතා වගේ නෙවෙයි, මේ ටෙලි නාට්‍යවලින් අපට ඉගෙනගන්න දේවල් බොහොමයක් තිබුණා. දැන් කාලේ පිටපත කට පාඩම් දෙන නළු නිලියන් වෙනුවට, බොහොම භාව සම්පන්න රංගන හැකියාවන් සහිත රංගන ශිල්පිනියන්, ශිල්පීන් මේ ටෙලි නාට්‍ය වල රඟපෑවා. ඒකයි මේ ටෙලි නාට්‍ය අදටත් අපේ මතකයේ තියෙන්නේ.

කලින් කිව්ව විදියේ රසවත් ටෙලි නාට්‍ය වගේම, අදටත් බලලා විනෝද වෙන්න පුළුවන් සිංහල බසින් හඬ කවපු කාටූන් ගණනාවකුත් 90 දශකයේ අපට දැකගන්න ලැබුණා. වලස් මාමා, දොස්තර හොඳ හිත, ගලිවර්ගේ සුවිසැරිය, හා හා හරි හාවා, පිස්සු පූසා මේ අතරින් කිහිපයක්. මොන වැඩේ තිබුණත් හවස් වෙද්දී රූපවාහිනිය ඉස්සරහින් අපිව ගලවන්න බැරි වුණේ මෙන්න මේ කාටූන් ටික නිසයි.

4. ඉංග්‍රීසි වැඩසටහන්

අපේ ළමා කාලය තවත් රසවත් කරපු දෙයක් තමයි ඒ කාලේ රූපවාහිනියේ විකාශය වුණු ඉංග්‍රීසි වැඩසටහන් පෙළ. සිංහල උපසිරැසි සහිතව හෝ සිංහලෙන් හඬ කවලා ඉදිරිපත් වුණු මේවා බලලා තොරතෝංචියක් නැතුව යාලුවොත් එක්ක කියවන්න පුළුවන් නම් ඒ තරම් දෙයක් නෑ අපට ඒ දවස්වල. Crash Zone, Ocean Girl, Spellbinder, පන් පසිඳුවන්, රොබින්සන් අන්දරය, කලා හරඹ ; මේ ඒ වගේ ලස්සන වැඩසටහන් අතුරින් කිහිපයක්.

5. ස්ටිකර්

පුංචි හතරැස්, රවුම්, ත්‍රිකෝණ, තරු හැඩවලින් දැකගන්න ලැබුණු මේ දිලිසෙන ස්ටිකර් පොත් පිරෙන්න අලවාගෙන, හරි ආඩම්බරෙන් තමයි අපි ඉස්කෝලේ අරන් ගියේ. මේ ස්ටිකර් කොල මිටි ගණන් එකතු කරපු අයත් අපි අතර හිටියා. පොත්වල විතරක් නෙවෙයි, අපි ළඟ තියෙන වැඩ දාන්න පුළුවන් පැන්සල් පෙට්ටිවල ඇතුළෙත් මේවා අලවපු හැටි ඔයාලට මතක ඇති.

ඒ විතරක් නෙවෙයි, එඩ්නා, කැන්ඩොස් වගේ චොකලට් දවටන එක්ක ලැබුණු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පින්තූර ඇති ස්ටිකර් පෙළකුත් මේ කාලේ තිබුණා. ඉස්සර අපි චොකලට් කන්නේ ඒවායේ රසටත් වඩා මේ ස්ටිකර් ටික එකතු කරන්න ඕනෙකමට. තමන්ගේ එකතුවේ නැති ස්ටිකරයක් මේවයින් ලැබුණාම අපට දැනුණේ ඉව වහා යන සතුටක්.

6. සින්දු

90 දශකය කියන්නේ සංගීත ලෝකයෙත් බොහොම විපර්යාසවලට ලක්වුණු දශකයක්. මෙන්න මේ නිසාම අපට බොහොම ලස්සන ඉංග්‍රීසි ගීත පෙළක්ම අහන්න ලැබුණා. Backstreet Boys, Westlife, Spice Girls, Savage Garden, NSYNC වගේ සංගීත කණ්ඩායම්වලින් ගැයුණු ගීත මේ අතරින් ප්‍රධානයි. මේ සංගීත කණ්ඩායම් ඒ විදියටම අද දැකගන්න නැතත්, අවුරුදු ගණනාවකට පස්සේ පවා එයාලගේ ගීත කට පාඩමෙන් කියන්න අපට අදටත් පුළුවන්.

7. කෑම

90 දශකයේ ඉපදුණු ඕනෙම දරුවෙක්ගේ දිව පිනවපු කෑම වර්ග අතරින් ජෙම් බිස්කට් වලට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. ජෙම් බිස්කට් එකක් උඩට අයිසිං බින්දුවක් දාලා හදපු මල් බිස්කට්වලින්, ඒ අයිසිං කෑල්ල විතරක් කටේ දාගෙන බිස්කට් එක හොරෙන් විසි කරපු අය අපි අතර ඕනේ තරම් හිටියා.

උස්වත්ත පෙපර්මින්ට්, ජුජුබ්ස් කියන්නේ ඒ කාලේ අපි අතර ප්‍රසිද්ධ කඩචෝරු වර්ග දෙකක්. ඒ විතරක් නෙවෙයි, ලාවට කරස් සද්දෙන් හැපෙන, පාට පාටින් දකින්න ලැබෙන චොකලට් බෝල, එහෙමත් නැත්තන් අපි කවුරුත් දන්නා ස්මාර්ටීස් මේ ගොන්නට එකතු වෙන තවත් කෑම වර්ගයක්. ඒ කාලේ අපි ආසාවෙන් කෑව මාදුරු රස තියෙන "හූනු බෙටි", අද වෙද්දී හොයාගන්නවත් නැති තරම්. ඇත්තටම පාට කරපු හූනු බෙටිවල හැඩේ ගත්ත මේවායේ පිට පැත්තේ පුංචි පැණි රසක් තිබුණා. 

ඒ කාලේ රසයෙන් වගේම ගුණයෙන් අපිව පෝෂණය කරපු ත්‍රිපෝෂවල රස මතක් වෙද්දී අදටත් අපේ කටට කෙල උනනවා. ගුණයක් කියලා කියන දෙයක් නැතත්, ඒ කාලේ අපි කෑව උස්වත්ත ටිප් ටිප්වල රසත් අපට මෙතැනදී අමතක කරන්න බැහැ.

8. කැසට්පට

මෑත කාලීනව ඉපදුණු ළමයින්ට හරිම කලාතුරකින් දකින්න ලැබෙන දෙයක් විදියට කැසට්පට හඳුන්වන්න පුළුවන්. ඒත් අපේ ළමා කාලේදී ගීත පටිගත කරන්න ප්‍රධාන වශයෙන්ම පාවිච්චි වුණේ කැසට්පට. සින්දු අහන්න වගේම, සෙල්ලමට මේවයේ තියෙන පටි එලියට ඇදලා දාලා ගෙදරින් බැනුම් අහපු වෙලාවල් පවා ඔයාලගේ මතකයේ ඕනේ තරම් ඇති.

9. ෆොටෝ රීල්

ෆොටෝ රීල් එකක් දාපු කැමරා එකකින් පින්තූර ගත්ත අන්තිම පරම්පරාව විදියට 90 දශකයේ අයව හැඳින්වුවොත් ඒ කතාවෙත් වරදක් නැහැ. මොකද දැන් ඒ හැමදේටම ස්මාර්ට් දුරකථන තියෙනවනේ. ඉස්සර ඉතින් විනෝද ගමනක් වුණත් යන්නේ මේ ෆොටෝ රීල් දෙක තුනක්ම බෑග් එකේ දාගෙන. දැන් වගේ ගත්ත පින්තූරේ හැඩේ බලලා, හිතට අල්ලන්නේ නැත්තන්, ඒක මකලා අලුත් එකක් ගන්න පුළුවන්කමක් මේවයින් තිබුණේ නැහැ. ගන්න පින්තූරයක් හරියට බලලා ගන්න ඕනේ. කොහොම වුණත් පින්තූර ගන්න වැඩේ ඉවර වුණාම, ෆොටෝ රීල් එක අරගෙන ලඟම තියෙන ස්ටුඩියෝ එකට දුවලා ඒවා ප්‍රින්ට් කරගෙන එන එක තමයි ඒ දවස් වල පුරුද්ද.  

10. සමනළ කොණ්ඩ කටු

90 දශකයේ ඉපදුණු ගැහැණු ළමයි නම් මේ ගැන හොඳට දන්නවා. දිලිසෙන සමනළයෙක් ඉන්න මේ කොණ්ඩ කටු ඇත්තටම හරිම ලස්සනයි. මල් ගවුමක් එහෙම ඇඳලා, මේ කොණ්ඩ කටුවක් එහෙම ගහගත්තම හරිම හැඩයි. සයිස් දෙක තුනකින්ම මේ සමනළ කොණ්ඩ කටුව මිලදී ගන්න තිබුණා ඒ දවස්වල.

අවුරුදු 20කට කලින් වගේ අතීතයක් වුණත්, අදටත් අඩුවක් නැතුව මතක් කර කර රස විඳින්න පුළුවන් කාලයක් විදියට 90 දශකය හඳුන්වන්න පුළුවන්. ඒ කාලේ අපේ හිත් සතුටු කරපු දේවල් අතරින් දහයක් මේ විදියට අපි තෝරාගත්තේ හරිම අමාරුවෙන්. ඒ තරම් රසවත් සිහිවටන බොහොමයක් 90 දශකයේ තිබුණා.

ඉතින් ඔයාලටත් ඒ වගේ මතක් වෙන දේවල් තියෙනවා නම්, පහලින් කමෙන්ට් කරන්න. අපට වගේම, අපේ යාළුවන්ටත් ඒ ගැන මතක් කරගෙන, පුංචි හිනාවක් බෙදාගන්න ඒක ලොකු උදව්වක් වේවි.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

AMARI COLOMBO CELEBRATES ONYX HOSPITALITY GROUP’S 60TH ANNIVERSARY WITH A YEAR-LONG CAMPAIGN OF CURATED EXPERIENCES

Amari Colombo proudly marks the 60th Anniversary of ONYX Hospitality Group with the launch of

Highlights Trending

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

City of Dreams Presents Chef Suresh Pillai’s Exclusive Takeover at Indiya

The celebrated culinary visionary brings an immersive Kerala coastal tasting experience to Cinnamon Life at

Highlights Trending

The BLAC – Bagatelle

Written by Fathima Rukaiya, Tucked away in the heart of Colombo, BLAC Bagatelle is more

Highlights Trending

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide