එළියට යන්න බැරි වුනාට! ‘රසම පීසා’ ගෙදරටම ගෙන්නගෙන කන්න කියාපු කඩ 11ක්.

කට්ටියට දැන් නම් පිස්සු වගේ ඇතිනේ..

වැඩි හරියක්ම ඔය සතිඅන්තවල එළියට එහෙම ගිහිල්ල, රෙස්ටුරන්ට් එකකින් කෑම ටිකක් කාලා ජොලියෙ ඉඳපු අයට. 

හ්ම්.. මොනව කරන්නද ඉතින් යාලු. මේක මුලු ලෝකයටම බලපාපු තත්වයක්නෙ. හැරත්, අතේ සල්ලි ටිකක් තියෙනව කියලා.. මේ වෙලාවෙ වගක්තුගක් නැතුව ඒවා වියදම් කරන එකත් ඒ හැටි හොඳ දෙයක් නෙවෙයි. මොකද.. දැන් දැන් තත්වෙ එන්න එන්නම නරක අතට හැරීගෙනනෙ එන්නෙ. 

කොහොම වුනත් කමක් නෑ. සතියට සැරයක්වත් ඉතින් කටට රසට කෑම ටිකක් නොකා ඉන්න පුලුවනයැ නේ…

එහෙනම් ඔන්න.. ගිය සතියෙ අපි ඔයාලට බිරියානි කඩ ටිකක් කිව්ව වගේ..

මේ සතියෙ,

ඔයාලා ආසම..

පීසා කඩ.. තොගයක්ම!

1. Giovanni's (Thimbirigasyaya – 0770335366)

දුක කියන්නෙ යාළු කොළඹ පැත්තෙ රසම පීසා වුනාට, රු. 1500ට වගේ ගන්නත් පුලුවන් වුනාට.. මෙයාලා මේවා ඩිලිවර් කරන්නෙ නම් තිඹිරිගස්යාය ඇතුලෙ දුරවල් වලට විතරයි. ඒකත් දවල් 12.30 ඉඳන් හැන්දෑවෙ 5.30 වෙනකම් විතරයි. ඉතින්.. ඒ අවට ඉන්නව නම් ඔන්න ඔයාට අවස්ථාව තියෙනව එයාලගෙ සම්පූර්ණ මෙනුවෙන්ම, ඕනම පීසා එකක් තෝරල ඕඩරේ දාන්න!

ඩිලිවරි ගාස්තු: රු. 100

2. Rocco’s (Rajagiriya – 0722012121)

පංකාදු පහට රස තියෙන්න පීසා හදන තවත් සුපිරිම ප්ලේස් එකක්. හැබැයි මෙයාලත් මේවා ඩිලිවර් කරන්නෙ සීමිත දුරකට විතරයි. වැඩේ කියන්නෙ ඒක දැනගන්න වෙන්නෙත් කෝල් කරලම තමයි. කොහොම වුනත් රොකෝස් එකතේ සම්පූර්ණ මෙනුවම විවෘතයි, උදේ 11 ඉඳන් හවස 4 වෙනකම්ම. ම්.. ගණන් යන්නෙත් රු. 1700න් වගේ. ඒත් ඉතින් රසයි සයිස් එකයි එක්ක බැලුවාම නම් පාඩුමත් නෑ හොඳේ.

ඩිලිවරි ගාස්තු සහිතයි.

3. 3 Brothers Italian Bistro (Kirulapana – 0112505818, 0773733730)

රු. 1800න් වගේ ගාණ ගියාට මෙයාලගෙ පීසාවලත් රස තියෙනව පංකාදු පහටම. මොකද මෙයාලා මොන ඕඩරේ ආවත් දාන්න තියෙන දේ උපරිමයෙන්ම දාලානෙ ඒවා හදන්නෙ. කොහොමහරි 3 බ්‍රදර්ස්ලගෙත් මෙනුව, උදේ 11 ඉඳන් හවස 7 වෙනකම්ම විවෘතයි. අර එකම කේස් එක තියෙන්නෙ මෙයාලත් ඩිලිවර් කරන්නෙ කොළඹ 1-8ට විතරයිනෙ.

ඩිලිවරි ගාස්තු සහිතයි.

4. Arthur's Pizza (Mount Lavinia – 0117955955)

අතේ තියෙන ගාණ බලල හිතේ හැටියට, ටොප් පීසා එකක් ඕඩර් කරන්න කියාපුම තැනක්. මොකද මෙයාලගෙ අඩුම ඕඩරේ වෙන්න ඕන රු. 1000නෙ. ඊටත් ආතර්ස් රසම පීසා ඔක්කොම තියෙන්නෙ රු. 1800න් වගේ නිසා කොහොමත් අවුලක් නෑ. ම්.. විස්තරේ හැටියට නම් ආතර් අයියත් ප්ලේස් එක දවල් 12 ඉඳන් රෑ 10 වෙනකම්ම ඇරල. ඒත්.. එකම අවුල ඩිලිවර් කරන්නෙ දෙහිවල ගල්කිස්ස ඇතුලෙ දුරවල් වලට විතරයිනෙ.

ඩිලිවරි ගාස්තු සහිතයි.

5. Brio – The Italian Kitchen (Battaramulla – 0112885881)

බත්තරමුල්ල, කොස්වත්ත, කෝට්ටේ, පැළවත්ත, තලවතුගොඩ, පන්නිපිටිය, මහරගම, හෝකන්දර අවට ඉන්න ඔයාට, රසම රස පීසා එකක් කන්න හිතුනොත් පටස් ගාලා කෝල් එකක් ගන්න ඔන්න ඔය උඩ තියෙන නොම්මරේට. අරගෙන එයාලගෙ මෙනුව අහල ඕඩරේ දාන්න, හැබැයි අඩුම ඕඩරේ රු. 1500ක්වත් වෙන්න ඕන. අනිත් කාරණය තමයි, බ්‍රියෝ.. උදේ 11 ඉඳන් රෑ 9 වෙනකම් විවෘතයි. ඒ නිසා කලබල වෙන්න දෙයක් නෑ හොඳද.

ඩිලිවරි ගාස්තු සහිතයි.

6. Caffe Michelangelo (Nawala – 0117612612)

රු. 1600ට වගේ රස වෑහෙන පීසා එකක්, ජාති ගොඩක් අතරින් තෝරල ඕඩර් කරන්න, කතා කරන්න මයිකල් ආන්ජෙලෝට. හැබැයි.. ඒකට ඔයාලට වෙලාව තියෙන්නෙ නම් හවස 5 ඉඳන් 8 වෙනකම් විතරයි. ඒ නිසා ටිකක් ඉක්මන් කරන්න වෙයි. ඒත් අවුලක් නෑ මොකද මෙයාලා නාවල, රාජගිරිය ඇතුලත ප්‍රදේශ වලට පීසා ඩිලිවර් කරන්නෙ නොමිලේනෙ. ම්.. කොළඹ 3-8 දක්වා ප්‍රදේශ වලට විතරයි රු. 150ක් ගන්නෙ.

7. Harpo’s Pizza (Nugegoda – 0114869000, 0114323023)

උදේ 11 ඉඳන් හවස 5.30 වෙනකම්ම හොඳට හිතල, හොයල බලල ඕඩරයක් දාන්න අපූරුම අවස්ථාවක්. හැරත් රස පදමටම හැදෙන, රු. 1700න් වගේ ගාණ යන මෙයාලගෙ පීසා මෙනුවෙ..

වැඩේ තියෙන්නෙ මේ දවස්වල හැම ජාතියකින්ම ගන්න නැති එක තමයි. ඒ නිසා කෝල් එකක් දීලා හරියට අහල බලල ඕඩරේ දාන්න..

ඩිලිවරි ගාස්තු සහිතයි.

8. Park Street Trattoria (Gangaramaya – 0112327111, 0771052791)

සුපිරිම කියන්න බැරි වුනාට යාළු මෙයාලගෙත් පීසා හරිම රසයි. හැබැයි ගාණත් එක්ක බලද්දි තමයි.. පොඩ්ඩක් දෙපාරක් හිතන්න වෙන්නෙ. ඒ කොහොම වුනත්, හදිස්සියක් වුනොත් මතක තියාගන්නකො ට්‍රැටෝරියා එකත් උදේ 11 ඉඳන් හවස 6 වෙනකම්ම ඇරල කියල.

ඩිලිවරි ගාස්තු සහිතයි.

9. CASA Italia (Pitakotte – 0771697770, 0770735878)

ම්.. මෙයාලගෙත් ගාණෙ කේස් එක තමයි. මොකද පවුලකට ඇති වෙන්න මෙතනින් පීසා ගේනව නම් වියදම යනව රු. 2000න් එහා පැත්තෙ. හැරත් මෙයාලගෙ අවම ඕඩරෙත් රු. 2000යි තමයි. වැඩේ කියන්නෙ ඒ ගාණට ගන්න පුලුවනුත් එක පීසා එකයිනෙ. කොහොමහරි ඒකත් ඔලුවෙ තියාගෙන.. උදේ 11.30 ඉඳන් රෑ 9 වෙනකම්ම මෙතන ඇරල කියලත් ඔලුවෙ තියාගන්නකො.  

ඩිලිවරි ගාස්තු සහිතයි.

10. Pizza Hut

ඒ හැරුනාම රට පුරාම වගේ පීසා හට් ඇරලා. යුනියන් ප්ලේස්, හැව්ලොක් ටවුන්, දෙහිවල, රාජගිරිය, නුගේගොඩ, පැළවත්ත, මාලඹේ, කොට්ටාව, කඩවත, පේරාදෙණිය, නුවර. ඉතින් ඒවයෙනුත්.. ඔයාලා වෙනදට ඕඩරේ දාන විදියටම දාලා පීසා ගෙන්න ගන්න පුලුවන්.

11. Domino’s (7889)

තව.. ඩොමිනොස් පිසා ඇරල තියෙනව උදේ 11 ඉඳන් හවස 7 වෙනකම් දෙහිවල, රාජගිරිය, නුගේගොඩ, මහරගම, පැළවත්ත, මාලඹේ, මොරටුව, කොටහේන, ගම්පහ කියන ප්‍රදේශවල. ඒවයෙන් ඕඩර් දාන්නෙත් ඉස්සර විදියටම තමයිතියෙන්නෙ නම් වෙනද ක්‍රමයටම තමයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide