නිවාඩුවට රවුම් ගහන ඔයාට; රු. 500ට අඩුවෙන් වේල් 3 බඩට දාගන්න තවත් සුපිරි කඩ 6ක්.

පහුගිය අඟහරුවාදා අපි මේ ලිස්ට් එකේ පළවෙනි කොටස ඔයාලට ගෙනාවා මතක ඇතිනෙ. ඉතින් මේ අවුරුද්ද අහවර වෙන්න ඔන්න මෙන්න තියල අපි හිතුවා ඒකෙ දෙවනි කොටසත් ඔයාලට ගේන්න. මොකද ඉතින් ඕව හංගගෙන හිටිය කියල අපි යන කොට ගෙනියන්නයැ නේ… හැබැයි ඉතින් මේ ලිස්ට්වල අඩු පාඩු පුරවන එක, එතකොට ඔයාල දන්න අපි නොදන්න කඩ ලිස්ට් එකට එකතු කරන එක නම් ඔයාලගෙ යුතුකම හොඳද.

1. Dinemore

සබ්මැරීන් වලට හරියනම නම. හරියට ඩයින්මෝර් කිව්වාම සබ් වලටම අනන්‍යයි වගේ. ඒ තරමට මෙයාලගෙ සබ් ප්‍රසිද්ධයි වගේම රසත් උපරිමයි. මෙයාලගෙ ස්පයිසි චිකන් සබ් එකයි ටූනා සබ් එකයි නම් පට්ට රසයි. රු. 400ක් වගේ ගාණකට ගන්න පුළුවන් ඩයින්මෝර් සබ් එකේ තියෙන විශේෂත්වය තමයි මැද්දට දාන මස් කෑලි තොගයෙ ප්‍රමාණය. මෙලෙක් වුනු චීස් එක්ක මේසෙට එන මේ සබ්මැරීන් කනකොට බනිස් එකේ දෙපැත්තෙන් එළියට පනින තරමට මස්. හිතා ගන්න පුළුවන් නේ ඩයින්මෝර් සබ් එකේ සයිස් එක.

ඒ හැරුනාම කට්ටියට වැඩිය හුරු නැති ඒත් රස වෑහෙන ෂවර්මා එකකුත් ඩයින්මෝර් එකේ තියෙනව. හැබැයි ගාණ නම් රු. 350ක්, 400ක් වෙනව. මදි නොකියන්න මස් එකතු කරල හදන ෂවර්මා පිරවුමට අපි කැමති ගාණට චීසුත් එකතු කර ගන්න පුළුවන්. එකම අවුල සැර ගතිය ටිකක් මදි එක තමයි.

2. Sri Vihar

අවුරුදු 30ක 40කටත් වඩා ඉතිහාසයක් තියෙන බම්බලපිටියෙ ශ්‍රී විහාර් එකේ ඉස්සර නම ශාන්ති විහාර්. කොළඹ පැත්තෙ වාසය කරපු අයට නම් මේ නම අමුතුවෙන් කියන්න ඕන නැති තරම්. හැබැයි ඉතින් නම වෙනස් වුනා කියල මේ කඩේ කෑම වල රස නම් වෙනස් වෙලා නෑ. හැරත් වෙජිටේරියන් දවල් කෑම වේලකට කියාපු තැන. මෙයාලගෙ පේපර් තොසේ එකටයි සාම්බාරු හොද්දයි තමයි නැගලම යන්නෙ. ඇත්තටම ශ්‍රී විහාර් එකේ සාම්බාරු හොද්ද කොළඹ පැත්තෙ තියෙන හොඳම සාම්බාරු හොදි අතරින් එකක් කියල තමයි මගේ අදහස. රු. 300ක් වගේ පොඩි ගාණකට බඩ පැලෙන්න තෝසෙ, බත් කනව නම් මේක තමයි තැන.

3. New Banana Leaf

පට්ට රස රයිස් එකක් හිතේ හැටියට රස බලන්න කියාපු කඩයක් තමයි කොල්ලුපිටියෙ බනානා ලීෆ් එක. රු. 200කට 250කට මේසෙට එන මෙයාලගෙ එළවළු, බිත්තර ප්‍රයිඩ් රයිස්වල රස නම් මතක් වෙද්දිත් කටට කෙල උනන ගාණයි. තෙල් වගේම අජිනොමොටොත් අඩුවෙන්ම පාවිච්චි කරල හදන බනානා ලීෆ් එකේ ප්‍රයිඩ් රයිස් එකට එන මස් හොද්දයි චිලී පේස්ට් එකයිත් හරිම රසයි. රු. 350ක් වගේ ගාණක් වුනාට බනානා ලීෆ් එකේ චිකන් ප්‍රයිඩ් රයිස් එකත් පට්ට රසයි. ලොකු බැදපු චිකන් කෑල්ලක් එක්ක මේසෙට එන කීරි සම්බා හාලේ බතට පදමට එකතු වුනු ලීක්ස් කැරට් ටික ඇර නොතිය රයිස් එක බඩට දාගන්න දෙන්නෙ මාර සපෝට් එකක්.

4. Mongolian BBQ

දැල්ලන්ගෙන් හදන්න පුළුවන් සුපිරිම රයිස් එකක් හදන තැනක් තමයි බම්බලපිටිය එම්. සී. එකේ මොන්ගෝලියන් බාබාකියු කඩේ. මෙයාලා හදන්නෙ වෙනමම ජාතියක කෑම වුනාට කනවනම් කෙල හල හල කන්න පුළුවන් තරම් රස ඉස්සො, දැල්ලො මොන්ගෝලියන් රයිස් එකක් තියෙනව රු. 450කට. ඔය ගාණට කොළඹ පැත්තෙ තියෙන රසම සී ෆුඩ් මොන්ගෝලියන් එක කියල කට ඇරල කියන්න පුළුවන් තරම් මේ රයිස් එක රසයි. මොන්ගෝලියන් කුළුබඩු වල රසත් ටිකක් විතර අපේ ඒවගෙ රසට සමාන නිසා ලංකාවෙ අපිට කියාපු සී ෆුඩ් පාරක් තමයි මොන්ගෝලියන් බාබකියු එකේ තියෙන්නෙ.

5. Green Cabin

රු. 350ට 400ට බඩ පිරෙන්න ලම්ප්රයිස් කන්න කොළඹ පැත්තෙ හොඳ තැන් දෙකක් තියෙනව. එකක් තමයි කොල්ලුපිටියෙ ග්‍රීන් කැබින් එක. මෙයාලගෙ ලම්ප්රයිස් එක ඔරිජිනල් ලම්ප්රයිස් එකකට වඩා පොඩ්ඩක් විතර ලොකුයි. රස පදම නියමෙට හිටින්න හීනියට ලියල අරන් හදපු චිකන් එකයි, මදි නොකියන්න කුළුබඩු දාලා හදපු කූනිස්සො මැල්ලුමයි එක්ක ලම්ප්රයිස් එක නැගල යන්නෙ රස නහර පිස්සු වට්ටගෙන. කෙහෙල් කොලේ දිග ඇරියාම එන සුවඳ! දැනුනත් ඇති කටට කෙල උනන්න.

6. Hotel de Plaza

රවුම ගහල ඉවර වෙලා හැන්දෑ වෙද්දි කොහොමත් රෑ කෑමට තැනක් බලල ගැලපෙන්න එපැයි.

කොල්ලුපිටියෙ ප්ලාසා හෝටලේ කියන්නෙ අන්න ඒ වගේ රෑ කෑමට, අඩු ගාණට සුපිරි චීස් කොත්තුවක් කන්න කියාපු තැනක්. රු. 300ක් 400ක් වගේ ගාණකට අඩු නැතුව බැදපු චිකන්, මාළු මිරිස්, කැරට්, ලීක්ස් දාලා හදන ප්ලාසා හෝටලේ චීස් කොත්තුව එක්කෙනෙක්ට කන්න බැරි තරමට ලොකුයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ කොත්තුවෙ කිරි රස වැඩි කරන්න කිරි එකතු කරන එක තමයි. හැබැයි ඉතින් මෙලෙක් වුනු චීස් බේරි බේරි, කොත්තුව මේසෙ උඩට එද්දි නම් ඔය හැමදේම අමතක වෙනව. දඩ බඩ ගාලා ගිලලා දාන්නමයි හිත.

රෑටත් කාලා ඉවර වුනාට පස්සෙ ඉතින් තවත් රවුම් ගහන්න එපා. මොකද පාන්දර වුනොත් අල්ලන්න තියෙන්නෙ පිලාවූස් එකයි, නානාස් එකයි වගේ කඩ තමයි හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide