ලයන් බෲවරියේ අලුත් බාර්එක ගැන අපි කරුණු කීපයක් ලිව්වා. The Floor By O! (බලන්න මෙතැන හා මෙතැන). ඉන් පසුවත් අපි ෆ්ලෝ බයි ඕ! බලන්න ගියා. ඒ නිසා එකතු කරන්න දේ තිබෙනවා.
අපි ඇත්තෙන්ම කැමති ලන්දේසි රෝහලේ ඕ!බාර් එකට. එහි යම්, යම් අඩුපාඩු තිබෙනවා, කණ් අඩි පලන සංගීතය හා සතිඅන්තයේ ගොළුබෙලි සේවාව වගේ. බෲවරි බයි ඕ! තවමත් විශිෂ්ට බාර්එකක්. කාර්ය මණ්ඩලය මිත්‍රශීලීයි. එහි අසුන්ගන්න සුවිසල් අංගනයක් තිබෙනවා. වාතාවරණය සාමකාමීයි. කොටකලිසම් ඇඳගෙන, සෙරෙප්පු දාගෙන යන්නත්, බල්ලා රැගෙන යන්නත් පුළුවන්. කවුරුවත් ඔහුගේ පියා කවුරුද කියලා අහන්නේ නැහැ.
ෆ්ලෝ බයි ඕ! ඇත්තෙන්ම ඒ වගේ නැහැ. එහි ඇඳුම් පිළිවෙලක්, නැටුම්බිමක් මෙන්ම කරදරකරුවන්ව පළවාහරින්න බවුන්සර් කෙනෙකුත් ඉන්නවා. එය බාර් එකකට වඩා ක්ලබ් එකක් වගේ. එය එතරම් නරක දෙයක් නොවෙයි. එය රඳා පවතින්නේ ඔබ කෙබඳු කෙනෙක්ද යන්න මතයි. බෲවරි බයි ඕ! සාමාන්‍ය ස්ථානයක් වෙද්දී ෆ්ලෝ බයි ඕ! බැරෑරුම් තැනක්. ඔවුන් ගිනස් වාර්තාවක් පිහිටුවන්න උත්සාහ කරනවා වගේ සවිස්තරම කොක්ටේල් මෙනුව ඉදිරිපත් කරලා. ඔවුන්ගේ බිත්ති කපරාරු කර තිබෙන්නේ මිළ අධික විචිත්‍ර රිදීපැහැ මොසැයික් ටයිල්වලින්. මේ එකක්වත් නරක නැහැ. අමුතුයි.
ඒ වුණාට සේවාවන් හොඳ නැහැ. බදාදා දිනෙක අපි බාර්එක ළඟ විනාඩි 15ක් බලා සිටියා බිල එනතුරු. තුන්වරක් ඉල්ලුවාට පසුවයි කීවේ එය මේසයට එවන බව. ඒත්, පසුගිය සෙනසුරාදා විවෘතකිරීමට ගිය අපට විශිෂ්ට සේවාවක් දකින්න ලැබුණා. විවෘත කිරීමේ දිනය කියන්නේ බොහෝවිට ස්ථානයේ සැබෑ සාරය ප්රකාශවන දිනයක් නොවෙයි. ඒත්, එදා සිටි සෙනගින් කියැවුණේ ෆ්ලෝඑක ඇගේ සොයුරිය බෲවරි වගේම ජනප්‍රිය, සෙනගින් පිරුණු ස්ථානයක් වන්නට වාසනාව ඇති තැනක්ය කියලායි.
ඒත්, YAMUහි අපට නම්, ෆ්ලෝ කියන්නේ අපේ වර්ගයේ බාර්එකක් නොවෙයි. ඔබ හඬනඟා වාදනයවන සංගීතයට, පිළිවෙලට ඇඳීමට හා සාද ස්වරූපයට කැමතිනම්, ෆ්ලෝ බයි ඕ! ඔබට ගැලපෙන තැනක්. කෑම හොඳයි. ඔවුන් සතුව අති විශිෂ්ට රතු ගෘහස්ථ වයින් තිබෙනවා. ඉතා සෙමින් සිදුවන සේවාවන් ගැන කලකිරෙන්නේ නැතිව ඉන්නනම්, ඔබම ඔබට අවශ්‍ය දේ රැගෙන මේසයට ගොස් ඔවුන්ට බිල රැගෙන එන්න ඉඩහරින්න.