පැරණි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලය අලුත් නමක් ලබලා, අලුතෙන් හදලා. අපි ගියා එය බලන්න. තවම එහි විවෘත අලුත් ලොබිය හා බාර්එක විතරයි. අපට කියන්නනම් තිබෙන්නේ එහි නව පෙනුම බලාපොරොත්තුසුන් කරනසුළු බවයි.
මුලින්ම මේ නම. මොකක්ද මේ කිංස්බරි. එය ජාත්‍යන්තර හෝටල් ජාලයකුත් නොවෙයි. එහි දේශීය ඌරුවකුත් නැහැ. බ්‍රිතාන්‍ය රජුන්, රැජිනියන්, බෙරි ආදිය එක්ක සම්බන්ධ යටත්විජිත පාලනය මේ රටින් ඈත්වෙලා දැන් වසර 70කටත් වැඩියි. ඒ යටත්විජිත උරුමය හා සම්බන්ධ වෙමින් නම් තබන මේ රැල්ලේ තේරුම කුමක්ද?
ඇතුළත අලංකරණයනම් නමටත් වඩා කැතයි. එය හරියට බාල කැසිනෝහලක් වගේ. දැවමුවා, පුංචි විමසීම් කවුන්ටරය බාර්එකක් වගේ. කිංස්බරියට එන රජුන්ට, රැජිනියන්ට තබා ඇති සිංහාසන හරියට ප්‍රාථමික පාසලක ස්නෝවයිට් නාට්‍යයක රංගභාණ්ඩ වගෙයි. පොකුරු පහන් දිලිසෙන දේවලට කැමති තෙල් සල්ලිකාරයන් පවා ලජ්ජාවට පත්කරනසුළුයි.
අලංකරණය එහෙමවුණත්, ව්‍යූහාත්මක ගොඩනැඟීම්නම් සුන්දරබව පිළිගතයුතුයි. ඉදිරිපස දෙවන පෙළේ කැසිනෝහලක වගේවුණත් ඇතුළත බිත්ති කීපයක් බිඳදැමීම නිසා දැන් ලොබිය කෙළින්ම මුහුද දෙසට විවර වෙලා. මෙය දැවැන්ත සංවර්ධනයක්. ඇත්තෙන්ම ඒ මුහුදු දර්ශනය හරිම සුන්දරයි. ඒත්, ඒ වටා ඇති අලංකරණයන් සුන්දර නැහැ. එහි ඇති මාළු කුළුණ තත්වය තවත් නරක් කරනවා. මම මොකවත් කින්නේ නැහැ. ඔබම බලන්න.