ඉස්කෝලේ යන කාලේ, බලපු මේ කාටූන් මතකද රාළේ?.

අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ කියනවනේ. අන්න ඒ වගේම තමයි අපේ සමහර අයටත් කාටූන් ගැන හිතෙන්නෙ. කසාද බඳින වයසේ හිටියත්, මෙයාලගේ කාටූන් බලන්න තියෙන ආසාව තවමත් අඩුවෙලා නැහැ.

90 දශකයේ දැකපු ඉංග්‍රීසි කාටූන් ගැන වගේම, සිංහල කාටූන් ගැනත් අපි කතා කළා ඔයාලට මතක ඇති. කොච්චර වයසට ගිහින් හිටියත්, අපි පොඩ්ඩෝ කාලේ බලපු විදියටම මේවා බලලා විනෝද වෙන්න අපට අදටත් පුළුවන්.

එහෙනම් බලන්නකෝ, අපි පොඩි කාලේ බලපු මේ කාටූන් ටිකත් ඔයාලට මතකයිද කියලා. මේවා අපට දැකගන්න ලැබුණේ 2000 අවුරුද්දෙන් පස්සේ.

1. දඟයා (Dennis the Menace)

“දඟයෝ!!!!

අය්යෝ! අදත් මොකක් හරි වැරද්දක්ද දන්නේ නැහැ “

විල්සන් මාමා "දඟයෝ" කියලා කෑගහද්දීම අපි දන්නවා දඟයා මොකාක් හරි වැරදි වැඩක් කරලයි කියලා. දඟයාගේ දඟ වැඩ, පොඩ්ඩාගේ හුරතල් කතා, මාගරට්ගේ පණ්ඩිතකම් අපේ මතකයේ අදටත් තියෙන්නේ අපි පොඩි කාලේ දැකපු මේ දඟයා කාටූන් එක නිසයි. The Adventures of Dennis කියන ප්‍රසිද්ධ ළමා කතාව පදනම් කරගෙන හදපු Dennis the Menace කාටූන් එකේ සිංහල හඬකැවීම තමයි "දඟයා" කාටූන් එක.

2. සූර පප්පා (Asterix)

කැලේ මැද ගමක් තියෙනවා – එහි පප්පලා රෑනක් ඉන්නවා

ගමට පප්පාගම කියනවා – එහෙ පප්පලා ජොලි වැඩ කරනවා

කාටූන්වල ඉන්ට්‍රෝ අතරින්, මේ සින්දුව තරම් අපි අතර ජනප්‍රිය වුණු තවත් සින්දුවක් නැති තරම්. සූර පප්පගේ නිර්භීත කතා, වෙද පප්පගේ වෙදකම් වගේම ජිම් පප්පා චූටි කුකූවත් අල්ලගෙන කරපු නාඩගම් අපට අදටත් හොඳට හිනාවෙවී බලන්න පුළුවන්. ප්‍රංශ කොමික් පොත් මාලාවක් වන The Adventures of Asterix මත නිර්මාණය වුණු Asterix කාටූන් එක තමයි, මේ විදියට සිංහලෙන් හඬකවලා සූර පප්පා කියන නමෙන් අපට දැකගන්න ලැබුණේ.

3. තොත්ත බබාලා (Baby Follies)

අහිංසක පුංචි බබා නම විකුණන – ඔක්කොම තොත්ත බබාලා

බබා වගේ හැසිරී රට වනසන – වැඩිහිටි තොත්ත බබාලා

පොඩි බබාලට ආස නැත්තේ කවුද? ඒත් බබාලවත් එපා වෙනවා අපේ සමහර ලොකු අයත් බබාලා වගේ හැසිරෙන්න ගත්තම. ඔන්න ඔය වගේ බබාලා ඉන්න තැනක් තමයි බබාලන්තේ කියන්නේ. බබා හැසිරීමෙන් තනතුරු ගන්න තැත් කරන, කාරිය පහර හරින  වගේම, වාසි ලබාගන්න හදන අයව හාස්‍යයට ලක් කරන කාටූන් එකක් තමයි මේ තොත්ත බබා කාටූන් එක.

4. ඥානකතා මල්ලි (Soreike! Anpanman)

ඥානෙ නොමැති අයට හදපු – හුස්ම පිඹල පන පොවාපු

අනුන්ගේ ගින්දර නිවාපු – ඥානකතා මල්ලියා

ඥානකතා මල්ලි කියන්නේ සාමාන්‍ය විදියට බේකරියක හැදුණත්, පස්සේ පණ ලැබුණ ඥානකතා එකක්. පිටි චූටි, පාන් මාමා, විස්කෝත්තා ; මේ තමයි ඥානකතා මල්ලිගේ යාළුවෝ. මේ හතරදෙනා එක්ක එකතුවෙලා මෙයාලාට වගේම ගමේ අයට කරදර කරන්න තැත් කරන අයව පරද්දන විදිහ තමයි ඥානකතා මල්ලි කාටූන් එකෙන් අපට දැකගන්න ලැබුණේ. ඇත්තම කිව්වොත් මේක ජපාන බසින් ලියවුණු කොමික් පොත් පෙළක් ඇසුරින් හැදුණු කාටූන් එකක්.

5. ස්කූබි ඩූ (Scooby Doo)

වෙඩි වගේ නිතරම රෙඩි පිට සිටින්නේ – අපි බැල්මෙන් හොල්මන් ගිනියම් කරන්නේ

කොහේද කොහේද කොහේද හොල්මන් තියෙන්නේ – කොහේද හොල්මන් තියෙන්නේ

2000න් පස්සේ වසර වලදී විකාශය වුණු, බොහොම ඉක්මනින් ජනප්‍රිය වෙච්ච කාටූන් එකක් තමයි ස්කූබි ඩූ. ශැගී, ෆ්‍රෙඩ්, වෙල්මා, සහ ඩැෆ්නි කියන ළමුන් කාණ්ඩයත් ඔවුන්ගේ සුරතලා වන ස්කූබි ඩූ නම් බල්ලාත් එකතුවෙලා විවිධ අභිරහස් විසඳන විදිය තමයි මේ කාටූන් එකේ කතාව වුණේ. මේකේ සිංහල හඬකැවීම්වල බොහොම හාස්‍යජනක කොටස් තිබුණ බව ඔයාලටත් මතක ඇති. මේ කාටූන් එක නිසාම, පසුකාලීනව බිහිවුණ ස්කූබි ඩූ චිත්‍රපටයත් බොහොම ප්‍රසිද්ධ වුණා.

6. කූඹිච්චී (Ferdy, the Ant)

කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරී

මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරී      

2000 වසරෙන් පස්සේ  අපට නරඹන්න ලැබුණ කාටූන් අතරින් ගොඩක්ම ජනප්‍රිය වෙච්ච කාටූන් එකක් විදියට කූඹිච්චී හඳුන්වන්න පුළුවන්. Ferdy, the Ant කාටූන් එකේ සිංහල හඬකැවීමක් වන කූඹිච්චී කාටූන් එකෙන් අපට දැකගන්න ලැබුණේ බොහොම හොඳ ගතිගුණ ඇති කළු කූඹිච්චියෙක් ගැන. ඒත් මේකේ ඔරිජිනල් කතාවේ නම් එයා කූඹියෙක්. එකමුතුකම, කඩිසරකම වගේ හොඳ පාඩම් බොහොමයක් මේ කාටූන් එකෙන් පෙන්වනු ලැබුවා.  

7. වූෆි (Woofy)

පුංචි අපේ බලු පැටියා – හිටපු හැටියේ පණ යනවා

ආයෙත් පණ නැති වෙනවා – වූෆි පුංචි මගේ පැටියා

මේ කාටූන් එකටත් වඩා අපි ආදරේ කලේ ඒකේ තේමා ගීතය ගායනා කරන කටහඬට. පුංචි බලු පැටියෙක්ව තමන්ගේ හොඳම යාළුවා කරගත්ත පුංචි එකෙක්ගේ තියෙන හුරතල් ගතිය මේ කතාවේ වගේම, එහි තේමා ගීතයේත් අඩුවක් නැතුවම තියෙනවා. වූෆි කියන්නේ පුංචි බලු පැටියෙක්. ඒත් මෙයා ඉන්න ගෙදර පුංචි දරුවා හැරුණාම අනිත් හැමෝම අය හිතාගෙන ඉන්නේ එයා සෙල්ලම් බඩුවක් කියලා. මොකද ඒ අම්මයි තාත්තයි කැමති නැහැ බලු පැටියෙක් ගෙදර ඉන්නවට. ඉතින් මේ දෙන්නගේ යාළුකම ගැන තමයි මේ කාටූන් එකෙන් කියවුණේ.

8. අපි රජ ඉබ්බෝ (Teenage Mutant Ninja Turtles)

ලෙනින්, රාජා, මෝනිස්, චූටි ; මේ තමයි රජ ඉබ්බෝ හතර දෙනා. මොළකාරයාගෙයි, සාකියාගෙයි මැර වැඩවලට බය නොවී මුහුණ දෙන මෙයාලා ගැන අපි දැක්කේ "අපි රජ ඉබ්බෝ කාටූන්" එකෙන්. මාස්ටර් මුසාචි කියන වයසක මීයෙක්ගෙන් තමයි මෙයාලා නින්ජා සටන් කලාව ප්‍රගුණ කළේ. කොච්චර සටන් මැද්දේ හිටියත්, මෝනිස්ගේ නම් ඔලුවේ තිබුණෙම සොසේජස්, චීස් දමාපු පීසා ගැනම විතරයි.

9. පැංචා (Kissyfur)

කැලේ ඉන්න සත්තු වටා ගෙතුණ කතාවක්  තමයි අපි පැංචා කාටූන් එකෙන් දැක්කේ. පැංචා කියන පුංචි වලස් පැටියත් ඔහුගේ මිතුරනුත් වගේම, මේ කතාවේ ඉඳපු හැලයා සහ සීදේවි කියන කිඹුල් ජෝඩුවත් අපට අමතක කරන්න බැහැ. හැලයාත්, සීදේවිත් කැලේ අයට කරදර කරද්දී, ඒ කරදර වලින් බේරෙන්න පැංචාත් එයාගේ යාළුවනුත් සමත් වෙන විදිය තමයි මේ කතාවේ අපට දැකගන්න ලැබුණේ.

10. සැප දුක හාරන මීයෝ

සැප දුක හාරන මීයෝ – මහා කඳු පෙරලන මීයෝ

පූස් සතුරා ඥාව් ඥාව් – හමුවේ නොසැලෙන මීයෝ

මීයෝ කියන්නේ ගෙදරකට එන්න පුළුවන් කරදරකාරම සත්තු වර්ගයක් කියලනේ අපි හැමෝම හිතන්නේ. එයාලව එළවන්න පූස් රාළහාමි කෙනෙක්ව එහෙම ගෙදරට  ගේන්න අපි පුරුදු වෙලා ඉන්නෙත් ඒකයි. ඒත් මිනිස්සුන්ට කරදර නොකරන, තමන්ගේ පාඩුවේ ජීවත් වෙන මීයෝ වටා ගෙතුන කතාවක් තමයි අපි "සැප දුක හාරන මීයෝ" කාටූන් එකෙන් අපි දැක්කේ. හොඳ ගුණයහපත් කම් තියෙන, විපතේදී ළඟ ඉන්න මීයෝ ගැන කියවුණු මේ කතාව අපට මුලින්ම නරඹන්න ලැබුණේ 2002 වසරේදී.

අපි ගෙවන මේ කළබලකාරී ජීවිතයෙන් පොඩ්ඩකට හැරිලා අපේ අතීතය දිහා බැලුවොත්, මේ වගේ තවත් කාටූන් ගණනාවක්ම ඔයාලගේ මතකෙට ඒවි. ළමා කාලයේ නටබුන් විදියට අපේ මනසේ රැඳිලා තිබුණත්, ඒවාට ජීවය දෙන්න මේ දාලා තියෙන කාටූන් වීඩියෝ ටික සමත් වේවි කියලා අපි හිතනවා. ඉතින් ඕවා බලන ගමන් මතක් වෙන තවත් කාටූන් එහෙම තියෙනවා නම්, පහතින් කමෙන්ට් කරන්න හොඳද.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Colombo Achieves Hotel Sustainability Basics Certification

Radisson Hotel Colombo proudly announces its certification in Hotel Sustainability Basics, a globally recognized framework

Trending

Celebrate Love This Valentine’s Day at Cinnamon Grand

Indulge in the ultimate romantic experiences this Valentine’s Day at Cinnamon Grand. From an exquisite

Trending

Love This Valentine’s Day at Cinnamon Lakeside

This Valentine's Day, immerse yourself in romance with an array of exclusive experiences at Cinnamon

Trending

Celebrate Valentine’s Day in Style at Cinnamon Red

Indulge in the ultimate romantic experiences this Valentine's Day at Cinnamon Grand. From an exquisite

Trending

Mount Lavinia Hotel Celebrates World Pizza Day with Special Guest Chef Roberto Radoni

Mount Lavinia Hotel’s celebration of World Pizza Day on February 9th was an unforgettable gastronomic

Trending

A Valentine’s Day to Remember at The Kingsbury

This Valentine’s Day, let your love story unfold at The Kingsbury, Colombo. Set against the

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide