ගීතයක් පිටුපස සැඟවුණු කතාවක් – IV.

බොහොමයක් ගීත රචකයන්, අලුත් ගීත රචනා කරද්දී ජීවිතයේ කවදාක ම හරි ඔවුන් අහපු, දැකපු, විඳපු දේවල් ඈඳා ගන්න බව නොරහසක්. යොදාගන්න බස කොච්චර සරල වුණත්, මේවයේ හැංගිලා තියෙන තේරුම් හරිම ගැඹුරුයි. ඒ වගේ ගීත කිහිපයක් ගැන අපි පහුගිය දවස්වල ලිපි කීපයක් මඟින් කතා කළා ඔයාලට මතක ඇති.

අන්න ඒ වගේ තවත් ගීත කිහිපයක විස්තර කිහිපයක් සඳහන් කරන්න අපි කල්පනා කළා.

1. චන්ද්‍ර මණ්ඩලේ සැතැපුනු පුංචි සාවියේ

“”චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ – මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ

පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ – මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ””

ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා ඉගෙනගත්තේ ගාල්ල පැත්තේ ඉස්කෝලෙක. තමන්ගේ ගමේ ඉඳන්, ඉස්කෝලෙට සැතපුම් විස්සක විතර දුරක් තිබුණා. උදේ හවා හැමදාම මේ දුර ගාටන එක අමාරු නිසා, මේ කොලු ගැටයා ඉස්කෝලේ බෝඩිමේ නතරවෙලා තමයි ඉගෙනීම් කටයුතු කළේ.

හැම සති අන්තෙම ගෙදර යන ඔහු, වැස්සෙන් බේරෙන්න වගේම, ගිමන නිවාගන්න පාවිච්චි කළේ ඒ ගමන අතරමග තිබුණු වඩු මඩුවක්. මේ වඩුමඩුවේ වඩු රාළත්, ඔහුගේ තරුණ දියණියත් ජීවත්වුණේ එයටම ඈඳා හදපු පුංචි නිවසක. මේ වඩු රාළ, ගැටවර වියේ හිටි රත්න ශ්‍රී එක්කත් හරි හිතවත්. තමන්ගේ බිරිඳ මියගිය හැටිත්, ඉන්පස්සේ එකම දියණිය අමාරුවෙන් හදා වඩා ගත්ත හැටිත් ඔහු රත්න ශ්‍රී එක්ක විටින් විට පැවසුවා.

දවසක්දා මේ විදියට වඩු මඩුවට ගොඩවුණු ඔහුට දැකගන්න ලැබුණේ ඒ වඩු රාළ බොහොම දුකින් ඉන්න විදියයි. තරුණ රත්න ශ්‍රී මේ ගැන ඔහුගෙන් ඇහුවේ කුතුහලයෙන් යුතුවයි. බැලින්නම් වඩු රාළගේ තරුණ දියණිය, සිදාදියේ කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. මේ ගැන කියද්දී ඔහුගේ දෑසින් කඳුළු වැටෙන හැටි, යොවුන් තරුණයෙක් වුණු රත්න ශ්‍රීගේ මතකයේ තැන්පත් වුණේ, හරි අපූරු විදියට. මේ සිද්ධියෙන් වසර ගණනාවකට පස්සේ, ඒ මතකය ඔහු අතින් ගීතයකට පෙරලෙන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඇති. සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හඬ ඒකට එකතු වෙද්දී, දියණිය අහිමි වුණු පියෙකුගේ සිතිවිලි අතරට අපටත් යන්න අවස්ථාව ලැබෙනවා.

2. ඇසුරු සැණින් එක මොහොතකදී

“”ඇසුරු සැණින් එක මොහොතක දී – කාලය නැවතී යළි ඇරඹී

විශ්වය අලුතින් බිහි වේවා

ඔබේම වී මා

මඟේම වී ඔබ

අපේම වී අප ඉපදේවා””

මේක ටිකක් පරණ ගීතයක්. ඒත් එදා වගේම අදටත් අපි ඒකට ආදරය කරන්නේ, මේ ගීතයේ තියෙන සංවේදී පද මාලාව නිසාමයි.

ප්‍රසිද්ධ නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉඳලා තියනවා. ඔවුන් දකින බොහොමයක් අය හිතුවේ මේ දෙන්නා පෙම්වතුන් කියලයි. ඒත් යාළුකමකට එහා දෙයක් ඒ දෙන්නා අතරේ තිබිලා නැහැ.

කාලය ගත වුණා. මංගල යෝජනාවකින් මේ තරුණිය විවාහ වුණේ රැකියාවටත් සමුදෙන ගමන්මයි. ඔවුන් දෙන්නගේ මිත්‍රකම ගැන දැනගෙන ඉඳපු කුසුම් පීරිස් මහත්මියට මේක තරමක පුදුමයක් වුණා. ඒ ගැන මේ තරුණියගෙන් අහන්න ඇය තීරණය කළේ එකයි.

ඇත්තටම ඇය ඔහුට ආදරය කරලා. ඒත් තමන් ගැහැණු ළමයෙක් නිසා ඒ ගැන කියන්න ඇය මැලි වෙලා. ඔහුත් තමන් ගැන ඒ වගේ උනන්දුවක් නොපෙන්වපු නිසයි ඇය ගෙදරින් ගෙනාව යෝජනාවට කැමතිවෙලා තියෙන්නේ. කුසුම් මහත්මියට මේ තරුණිය ගැන ඇතිවුණේ හරිම දුකක්. රැකියාවෙන් ඇය අයින් වෙන දවසේ මේ තරුණයාව හොයාගත්ත කුසුම් මහත්මිය ඔහුටත් ඒ ගැන පැවසුවේ චෝදනාවක් එල්ල කරන විදියට. ඔහුගෙන් දැනගන්න ලැබුණු දෙයින් එතුමියගේ හිත තවත් කම්පා වුණා.

ඒ තරුණයා, තමන්ගේ මිතුරියට ආදරය කරලා තියෙන්නේ දැන අඳුනගත්ත දවස්වල ඉඳලා. ඒත් ඇගේ කැමැත්ත අහලා නැත්තේ, ඇය අකමැති වුණොත් මේ මිත්‍රත්වයත් ඉවරවෙන බව නිච්චියටම දැනගෙන ඉඳපු නිසයි. ඇය විවාහ වෙන බව ආරංචි වුණාම, ඔහු තරම් දුක්වුණු තවත් කෙනෙක් නැති තරම්. ඒත් දැන් මොනවා කරන්නද? ඒ දෙන්නම ප්‍රමාද වැඩියිනේ.

මාස කිහිපයකට පස්සේ, කුසුම් මහත්මියට මේ තරුණියව අහම්බෙන් මුණගැහුනා. අර තරුණයා තමන්ට කියපු දේ ගැන ඇයගේ මුවින් පිටවුණේ ඉබේටමයි. ඒක අහපු ඒ තරුණියට ඇති වුණේ හරිම දුකක්. ඇය කිව්වලු, “අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියන්න” කියලා. මේ වචන පෙළින් තමයි කුසුම් මහත්මිය “ඇසුරු සැණින් ගීතය”” ලියන්න මුළ පිරුවේ. යමුනා විනෝදිනීයන්ගේ හඬින් ඒ ගීතය තවත් හැඩ වුණා.

3. සුදු නෙළුම කෝ සොරබොර වැවේ

“”සුදු නෙළුම කෝ සොරබොර වැවේ – මල් සුවද දුන් මහියංගනේ

පුන්පොයදා පාළොස්වකේ  – මල් නෙලා විකුණු පන්සලේ””

පසුගිය දවසේ අපි අතරින් වියෝ වුණු අමරදේවයන්ගේ දයාබර කටහඬින් ගැයෙන මේ ගීතයට පාදක වුණේ 1981 අවුරුද්දේ ඔක්කම්පිටියේ දෙමටමල් විහාරය ආශ්‍රිතව සිද්ධවුණු දුක්බර සිදුවීමක්.

මොණරාගල දෙබටව ගමේ පුංචි දැරියක් ජීවත් වුණා. අවුරුදු 11ක් වයසැති ඇය ඉගෙනගත්තේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ. තරුණ රත්න ශ්‍රී විජේසිංහයන් ඇගේ පන්තියට එන ගුරුවරයෙක්. හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආව ගමන් ඇය කරන්නේ වැවෙන් මල් කඩාගෙන ගිහින් දෙමටමල් විහාරය අබියස විකුණන එකයි. ඒ වියදමින් තමන්ට ඕනේ පොත්පත් ගන්නත්, ඉතිරිය ගෙදරට දෙන්නත් ඇය පුරුදුවෙලා හිටියා.

වැහිබර නොවැම්බර්යේ දවසක මල් නෙලන්න ගිය ඇය නැවත ගෙදර ආවේ නැහැ. ඇගේ තාත්තත්, ගමේ තව වැඩිහිටියන් කිහිපදෙනෙකුත් එකතුවෙලා ඇයව හොයාගන්න පිටවුණේ මේ නිසයි. හුළු අතු පත්තුකරගෙන රෑ තිස්සේ වැව පුරා හෙව්වත්, ඇයව හොයාගන ලැබුණේ නැහැ. ඒත් පහුවෙනිදා උදේ ලිහී ගිය නෙළුම් මල් දෙකකුත් අත දරාගත්ත ඇගේ නිසසල මළසිරුර වැව අද්දරට පාවෙලා ඇවිත් තිබුණා.

ඉගෙනීමට දක්ෂ මේ පුංචි කෙල්ලගේ මරණය ගැන අහන්න ලැබුණු රත්න ශ්‍රී විජේසිංහයන් හරියට කම්පා වුණා. ඔහු කියන විදියට, ඇගේ දේහය තියන්නවත් ඉඩක් ඇගේ නිවසේ තිබිලා නැහැ. මුළු මරණ ගෙදරට ම ඉඳලා තියෙන්නේ දහ දොළොස්දෙනෙක් විතරයි. ඇගේ දේහයට අන්දලා තිබුණෙත් ඇය හැමදාම ඉස්කෝලෙට ඇඳපු පඬු ගැහුණු සුදු ගවුම් පොඩියයි.

ගීතයේ තාලය ආරක්ෂා වෙන විදියට විහාරයේත්, වැවේත් නම වෙනස් කරත්, ඒකට පාදක වුණු කතාන්දරයේ දුක්බර බව ගීතය අහන අපට අදටත් දැනෙනවා.

4. සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී

“”සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී

තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී””

ඒ 80 දශකයයි. මාතර කඹුරුපිටියේ සිංහල, බෞද්ධ පවුලක උපන් විනීතා, ආදරයෙන් බැඳුණේ උතුරුකරයෙන් ආ ද්‍රවිඩ ජාතික කඩවසම් තරුණයෙක් වුණු නඩේෂන් සමඟයි. මේ දෙන්නා රැකියාව කළේ කිරුළපන පොලිසියේ. මේ වාර්ගික ගැටලුව බොහොම තදින් තිබුණු වකවානුවක්. ඒ නිසාම, ඔවුන්ගේ ආදර සම්බන්ධයට පවුල් දෙකෙන්ම ලොකු විරෝධයක් එල්ල වුණා.

තමන්ගේ නෑදෑ සනුහරයේ විරුද්ධත්වය නොසලකා විවාහ වුණු විනීතාත්, නඩේෂනුත් පදිංචි වුණේ යාපනය ආශ්‍රිතවයි. යුද්ධයේ ගිනිදැල් තදටම ඇවිලෙමින් තිබුණු මේ සමයේ උතුරුකරයට ගිය ඔවුන්ට එල්. ටී. ටී. ඊ සංවිධානයේ කොටස්කරුවන් බවට පත්වෙන්න සිදුවුණා. නඩේෂන් එහි පොලිස් අංශයේ නායකයා බවටත්, විනීතා ප්‍රබල කොටි සාමාජිකාවක් බවටත් පත්වුණේ මෙහි ප්‍රතිඵලයක් විදියටයි.

ඔවුන්ගේ ආදර වෘතාන්තය පාදක කරගෙන රත්න ශ්‍රී විජේසිංහයන් ලියපු, ගුණදාස කපුගේ මහත්මයා ගායනා කරපු මේ ගීතය අහන්න අද විනීතා හෝ නඩේෂන් ජීවතුන් අතර නැහැ. කවුරුන් කොයි විදියට නිර්වචනය කළත්, ඔවුන් ආවේ ආදරය වගේම මරණයත් පතාගෙන ආ ගමනක්

කෙනෙක්ගේ අත්දැකීමක් අපටත් නොදැනීම අපට කියන්නට මේ ගේය පද රචනාවලට තියෙන්නේ හරි අපූරු හැකියාවක්. ගායකයාගේ හෝ ගායිකාවගේ හඬත්, ඒ හැඟීම් තේරුම්ගන්න ලොකු රුකුලක් දෙනවා.

ඔයාලා අහලා තියෙන, මේ වගේ තවත් පසුබිම් කතන්දර තියෙනවද? කමෙන්ට් එකක් දැම්මොත්, අපේ යාළුවන්ටත් දැනගන්න පුළුවන් නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide