වීක් එන්ඩ් එකට කෑම්පින්ග්! නැෂනල් පාර්ක් වල තියෙන ලස්සනම කෑම්ප් සයිට් 10ක්.

සැප්තැම්බර් 16, 17, 18. කට්ටිය රවුම් ගහන්න දත කට මැදගෙන ඉන්න වීක් එන්ඩ් එකක්. මොකද දවස් 3ක්ම තියෙනවනෙ. සමහරු නම් හෙටත් නිවාඩු දාලා දවස් 4කටම සෙට් වෙන්නයි ඉන්නෙ. කොහොම වුනත් මේ නිවාඩුව හරියට ප්ලෑන් කරෙ නැත්නම් නම් කපෝතියි. අවුරුද්දටම එන දිගම නිවාඩුවත් නිකරුණේ අපතේ යනව.

අන්න ඒ නිසයි අපි හිතුවෙ ඔයාලට සුපිරි අදහසක් දෙන්න, වෙන දෙයක් ගැන නෙවෙයි නිතරම වගේ කතා කරන කෑම්පින්ග් පාරක් ගැන. හැබැයි මෙදා සැරේ අපි කියන්න යන කෑම්පින්ග් සයිට් ටික නම් ටිකක් වෙනස්. මොකද මේව පිහිටල තියෙන්න නිකන් කැළේ නෙවෙයි. ජාතික වනෝද්‍යාන ඇතුලෙ. අපි හිතනව කට්ටිය අාස ඇති කියල, වන සත්තු පිරිච්ච කැළේක ගිණි මැලයක් ගහගෙන ටෙන්ට් එකක් ඇතුලෙ රැයක් ගත කරල එන්න. ඒ විතරක් නෙවෙයි දවල්ට සෆාරි ජීප් එකක නැගල හිතේ හැටියට සත්තු බලන්න යන්නත් පුලුවන්නෙ.

එක අතකින් ගත්තාම මේක ටිකක් ත්‍රාස ජනක අත් දැකීමක් තමයි. ඒත් අනිවාර්යයනේම අත් විඳින්න ඕන අත් දැකීමක්. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනව, නිවාඩුව අනිද්දා පටන් ගන්න නිසා මේ කෑම්ප් සයිට් ටික දැනටමත් බුක් කරලද දන්නෑ. ඒ නිසා පරක්කු නොවී අදම කෝල් කරන්න. ඔන්න නොම්මර ටිකත් පහලින් දාලා තියෙනව.

1. හෝර්ටන් තැන්න (0112 888585)

කෑම්ප් සයිට් 1 

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලඟම වගේ පිහිටල තියෙන මේ කෑම්ප් සයිට් එක තමයි හෝර්ටන් තැන්නෙ තියෙන ලස්සනම කෑම්ප් සයිට් එක. වට වෙලා තියෙන්නෙ බෙලිහුල් ඔයෙන් කැඩිල එන පුංචි අතු ගංගාවකට. ලස්සන පොඩි පොකුණකුත් ඉස්සරහින් තියෙන නිසා වට පිටාවත් හරිම ලස්සනයි. වැසිකිලි එහෙමත් ලඟ පාතම තියෙනව. හිමිදිරි උදයේ වගේම මළ හිරුගෙත් උපරිම ආශ්වාදය විඳින්න කියාපු තැන.

කෑම්ප් සයිට් 2

ලෝකාන්තයට යන පාරෙ පිහිටල තියෙන දෙවනි කෑම්ප් සයිට් එකත් හරිම ලස්සනයි. බේකර්ස් ඇල්ලෙන් එන පුංචි ඔය පාරකින් පෝෂණය වෙන චිමිනි පූල් එක තියෙන්නෙත් මේ කිට්ටුවෙන්මයි. කොටින්ම කියනව නම් නා කියා ගෙන සැපේ ඉන්න කියාපු කෑම්ප් සයිට් එක.

2. උඩවලවේ (0112 888585)

රෑනගල

ෆෝර් වීල් ජීප් එකකින් යන්න ඕන පට්ට ඕෆ් රෝඩ් ට්‍රැක් එකක්. අනික සද්ධන්තයො විමානෙ. යන පාර පවා ගස් පෙරලල බාගෙට වහල තියෙන්නෙ. හැබැයි ඉතින් අමාරුවෙන් හරි යා ගත්තොත් ගොඩ. වැඩේ කියන්නෙ පාන්දරට එන කරදර කාර රිළවුන්ගෙන් බඩු මුට්ටු ටික බේර ගන්න බැරි එක තමයි. කොහොම වුනත් රෑ ජාමෙට ගණිමැලයක් ගහල පොඩියට සිංදුවක් කියන්න නම් නියම තැන.

පංචධාර

 

වලවේ ගඟ අයිනෙ පිහිටල තියෙන මේ කෑම්ප් සයිට් එකට යන්න නම් ෆෝර් වීල් වාහන ඕන නෑ. අනික යන පාරෙ කරදර කාර අලි එහෙමත් මුණ ගැහෙනව අඩුයි. ඒත් මතක තියා ගන්න කෑම්ප් සයිට් එක අයිනෙන් හීන් සැරේ බැහැගෙන යන ගඟේ නම් තඩි කිඹුල්ලු ඉන්නව. ඒ නිසා නා ගන්න ගියත් හොඳ කල්පනාවෙන් ඉන්න ඕන. පංචධාරෙත් හරිම නිස්කලංක තැන. නිදහස් කල්පනාවක සොබා දහම රස විඳින්නත් පුලුවන්. ඒත් දවල් දවසට රජ කර රිළවුන්ගෙන් ඔයාලගෙ බඩු මුට්ටු ටික ආරක්ෂා කර ගන්න නම් ටෙන්ට් වල පිහිට පතන්න වෙයි.

3. යාල (0112 888585)

කොස් ගස් මංකඩ

බ්ලොක් වන් එකේ තියෙන ලස්සනම කෑම්ප් සයිට් එක කියල බය නැතුව කියන්න පුලුවන්. මොකද කුඹුක් ගස් වලින් වට වුනු මේ කෑම්ප් සයිට් එක පිහිටල තියෙන්නෙ මැණික් ගඟ අයිනෙ. දන්න විදියට නම් මේ හරියෙ කිඹුල්ලු නෑ. ඒත් පරිස්සමින්. වැසිකිලි එහෙමත් ලඟ පාතම තියෙන නිසා පවුලේ උදවිය එක්ක වුනත් යන්න පුලුවන්. විශේෂයෙන්ම කියන්න ඕන, ඔයාලා ෆෝර් වීල් ජීප් එකකුත් කතා කරගෙනම ගියොත් මැණික් ගඟෙන් එගොඩ වෙලා අනිත් බ්ලොක් එකක දෙකක වුනත් රවුමක් දාන්න පුලුවන්.

නුග සෙවණ

යාල බ්ලොක් ටූ කිව්වාම ඉතින් නුග සෙවණ තමයි. හැබැයි ඉතින් ඔය කියන තරම් නම් නුග ගස් නෑ. වැඩි හරියක්ම තියෙන්නෙ කුඹුක් ගස්. කොහොම වුනත් මේ කෑම්ප් සයිට් එක පිහිටල තියෙන්නෙත් මැණික් ගඟ අයිනෙමයි. යාල, පරණ ගං තොටින් බ්ලොක් ටූ එකට ඇතුල් වෙන්න නම් ෆෝර් වීල් ජීප් එකක් ඕන වෙනව. හැරත් නුග සෙවණ කෑම්ප් සයිට් එකේ ඉඳන් මිනිහා ගල් කන්ද, පිලින්නව වැලි කන්ද බලන්න යන්නත් ෆෝර් වීල් ජීප් එකක් ඕන වෙනව. ඒ නිසා මුල ඉඳන්ම ජීප් එකක ගමන ගියා නම් තමයි වටින්නෙ.

4. විල් පත්තු (0253 855961/ 855691/ 0252 257893)

මාර විල

විල් පත්තු වනෝද්‍යානයේ ප්‍රධාන පාරට කිට්ටුව තියෙන මාර විල කෑම්ප්  සයිට් එක ඉස්සරහින් තියෙන්නෙ මාර විල වැව. ඒ නිසා උදේට ඉර පායද්දි වගේම හවසට ඉර බහිද්දිත් මේ පැත්ත හරිම ලස්සනයි. රතු පාට වුනු වැව් ඉස්මත්තෙ කුරුල්ලො පිරිලා. ඒ විතරක් නෙවෙයි මුවො රංචු පිටින් වැව් ඉස්මත්තෙ. අතරින් පතර සද්ධන්තයෙකුත් බලා ගන්න බැරි කමක් නෑ. මහ විශාල කුඹුක් ගස් වටේට තියෙන නිසා මෙතන හරිම හෙවණයි. මාර විලේ, ලොකු කුඹුක් ගහක මුදුනෙ හදල තියෙන උඩ පැළත් සත්තු බලන්න හරිම ප්‍රයෝජනවත්. 

කොක් මොටේ

මල් වතු ඔයේ අතු ගංගාවක් වුනු මෝදර ගං ආරුව අද්දර පිහිටල තියෙන කොක් මොටේ කෑම්ප් සයිට් එකත් හරි ලස්සන තැනක්. විශේෂයෙන්ම කියන්න ඕන සනීපාරක්ෂක කටයුතු වලට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. රූස්ස ගස් වලින් වට වෙලා නැති වුනත් හරිම නිස්කලංක තැනක්. රෑ ජාමෙට ගණි මැලයක් ගහගෙන සිංදුවක් මුමුණන්නත් පුලුවන්. අනික කොක් මොටේ බංගලාවට තියෙන්නෙත් කිලෝ මීටර 3ක විතර දුරක්නෙ.

මාන විල

විල්පත්තු කැලේ ඇතුලටම වෙන්න තියෙන කෑම්ප් සයිට් එක තමයි මාන විල කෑම්ප් සයිට් එක. කොටින්ම කියනව නම් කිලෝ මීටර 40ක් විතර යන්න ඕන. මේකත් පිහිටල තියෙන්නෙ වැවක් ඉස්සරහ නිසා කුරුල්ලන්ගෙ ෆොටෝ ගන්න කියාපු තැන. අනික හවස් ජාමෙට මළ හිරු එළියෙන් හැඩ වෙන වැව් ඉස්මත්තෙ ලස්සන, කියල නිම කරන්න බැරි තරම්. 

5. ගල් ඔය (0632 242002)

නිල් ගල, මහ දොරොව්ව (0555 733260)

ලොකු පුරාවිද්‍යා වටිනා කමක් තියෙන නිල් ගල කන්ද ගැන සමහරු නම් අහලත් ඇතිනෙ. එහෙනම් ඒ ලස්සන කන්ද නගින්න ලෑස්ති වෙන්නකො. නිල් ගල කන්ද තියෙන්නෙ ගල් ඔය ජාතික වනා්ද්‍යානයෙ ඉඟිනියාගල පැත්තට වෙන්න, කිලෝ මීටර 10ක් විතර යන්න ඕන. ෆොර් වීල් ජීප් එකක් තිබුණ නම් තමයි වටින්නෙ. හරිම ලස්සන වට පිටාවකින් හෙබි මේ කඳු වැටිය වටේට තවත් කඳු කීපයක්ම තියෙනව. ඒ විතරක් නෙවෙයි ලංකා ඉතිහාසය පිරික්සන කෙනෙක්ටත් කරන්න වැඩ ඕන තරම් මේ කෑම්ප් සයිට් එකේ තියෙනව. අපි දන්න තරමින් සති ගාණක් වුනත් ඉඳගෙන බලන්න දේවල් තියෙන නිසා හොඳම වැඩේ තමයි මේ නිවාඩුවට ගිහින් සමරි ටුවර් එකක් දාගෙන එන එක.

කස්ස පොළ

මේ කෑම්ප් සයිට් එක තියෙන්නෙ සේනානායක සමුද්‍රයෙ එක අයිනකට වෙන්න. පට්ට ලස්සන තැනක්. කුරුල්ලො බලනව නම් ඔරුවක් අරගෙන වුනත් යන්න පුලුවන්. හැරත් හොඳට නාලා කාලා ඉන්නත් කියාපු තැන. හැබැයි මෙතනට යන්න නම් ෆෝර් වීල් ජීප් ඕන නෑ. මොකද පාර හොඳයි. හවස් ජාමෙට එහා ඉවුරෙ, ඉර බහින දිහා බලා ගෙන කල්පනා සාගරයෙ කිමිදෙද්දි කොහොමද?

ඔය ටික හැරුණාම කුමන, බුන්දල, කවුඩුල්ල වනෝද්‍යාන වලත් පට්ට ලස්සන කෑම්ප් සයිට් තියෙනව. ඒව ගැන අපි ඊලඟ නිවාඩුව ලං වුනාම කියන්නම්. එතකම් මේ ටිකේ රවුමක් දාලා එන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Trending.

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide