බර්ගර් කිංග්? රු. 400 අඩුවෙන් බඩ පැලෙන්න බර්ගර් කන්න කියාපු කඩ 5ක්.

යම්ම්… බර්ගර්ර්ර්…..! මරු නේ, කටට කෙල උනනව නේ. ඒකනෙ කියන්නේ…

ඉතිං ඔන්න, කාලෙකට පස්සෙ අපි ආයෙත් බර්ගර් ගැන පොඩි කතාවක් කියන්නයි ලෑස්තිය. හැබැයි මෙදා පාර වැඩේ ටිකක් වෙනස්. මොකද මේ ලැයිස්තුවෙ තියෙන්නෙ තනිකරම ඩබල් බර්ගර්. ඔය… ඩබල් චිකන්, ඩබල් බීෆ්, ඩබල් ක්‍රිස්පි වගේ. බාග වෙලාවට ඕන බර්ගර් එකක් ඩබල් චීස් කරල ගන්නත් පුලුවන් වෙයි. ඔය කොහොම වුනත් මේ හැම කඩයකින්ම, ඕන ඩබල් බර්ගර් එකක් අතේ තියෙන ගාණට ගන්න පුලුවන් කියල නම් ෂුවර්. මොකද අපේ කට්ටිය ගිහින් කාලා බලල ආපු තැන්නෙ.

එහෙනම් ලෑස්ති වෙන්නකො අද හෙටම, හවස් ජාමයක් අල්ලල බර්ගර් පාර්ටියක් දාන්න. පඩි ආපු දවස් ටික නිසා හිතේ හැටියට තෝර බේරගෙන, බඩ පැලෙනකම් කන්න පුලුවන්. අනික ලොකු වියදමකුත් නැති එකේ රස ජාති තොගයක් අරගෙන රස බලන්නත් පුලුවන්නේ…!

1. Burgers Hut

ඩබල් බීෆ්, ඩබල් චිකන්, ඩබල් ක්‍රිස්පි හැරුනාම ග්‍රිල්ඩ්, රෝස්ටඩ් වගේ රස වලිනුත් ඩබල් බර්ගර් කන්න කියාපු තැන. තියෙන්නෙ දෙහිවල, ඇලන් ඇවිනියු එකේ. ගණන් හිලව් ගත්තොත්, මෙයාලගෙ ඩබල් ක්‍රිස්පි ඒවා රු. 350-400 අතරෙ යන්නෙ. ඩබල් ග්‍රිල්ඩ් බර්ගර් උපරිම වුනොත් රු. 420ක් වගේ වෙයි. කොහොම වුනත් මදි නොකියන්න චීස්, මෙයොනිස් එහෙමත් දාන නිසා රස වගේම සුවඳත් පංකාදු පහට තියෙනව.

2. My Burger

නුගේගොඩ, හයිලෙවල් පාරෙ තියෙන මයි බර්ගර් එකෙන් කනව නම් ඉතිං ඩබල් ක්‍රිස්පි බර්ගර්ම තමයි. උණු උණුවෙ මේසෙට එද්දි සුවඳේ බෑ. චීස් එහෙමත් නියම ගාණට. වැඩේ කියන්නෙ, ඒ සුවඳට ආස හිතුනත් එක පාර කන්න බැරි තරම් ලොකුයි කියන්නකො. රු. 400ක් වුනාට ලොවෙත් පාඩු නම් නෑ. ඒ විතරක් නෙවෙයි මෙයාලගෙ ඩබල් බීෆ් බර්ගර් එකත් පට්ට රසයි හොඳද.

3. Royal Burger

ආයෙ කියන්න ඕන නෑනෙ, හැව්ලොක් ටවුන් රෝයල් ඉන්ස්ටිටියුට් එක ඉස්සරහ තියෙන රෝයල් බර්ගර් එක කොයි කවුරුත් දන්න කියන තැනක්. නෝමර් බර්ගර් වගේම මෙයාලගෙ ඩබල් ක්‍රිස්පි, ඩබල් බීෆ් වගේ බර්ගරුත් නැගලම යනව. මොකද රු. 380ට 400ට පට්ට ලාබයිනෙ. අනික බඩ පැලෙන්න කන්නත් පුලුවන්. චීස්, අඩුම කුඩුම ටිකත් රස පදමට. උණු උණුවෙ, මෙලෙක් වුනු චීස් එක්ක දුම් දාදා තඩි බර්ගර් එකක් මේසෙට එද්දි කොහොමද? කටට කෙල උනනව නේ…

4. Burger Queen

කළුබෝවිල, සරණංකර පාරෙ තියෙන බර්ගර් ක්වීන් එකේ නම් නැගලම යන්නෙ ඩබල් බීෆ් බර්ගර් එක තමයි. මොකද රස පදමට බැදල හදපු බීෆ් පැටී දෙකත් එක්ක චීස් පෙත්තකුත් තියෙනවනෙ. අනික ගාණත් රු. 300ක් වගේ වෙන්නෙ. එ් හැරුනාම ඩබල් ක්‍රිස්පි බර්ගර්, ඩබල් ෆ්‍රයිඩ් බර්ගර් වගේ ඒවත් තියෙනව, රු. 350 වගේ ගණන් වලට. වැඩේ තියෙන්නෙ බර්ගර් කිංග්ගෙ තරම්, බර්ගර් ක්වීන්ගෙ බර්ගර්ස් රස නැති එක තමයි.

5. Happy Burger

නුගේගොඩ හයිලෙවල් පාරෙ තියන මේ බර්ගර් කඩේ ඩබල් බර්ගර් නම් පට්ට සයිස්. වැඩිය ඕන නෑ, ඩබල් ක්‍රිස්පි චිකන් එක, එක්කෙනෙක්ට කාලා ඉවර කරන්න බැරි තරම්. කොටින්ම කියනව නම් චිකන් කෑල්ල, බනිස් එකෙනුත් එළියට එන සයිස්. හැබැයි චීස් නම් ටිකක් මදි. කියල දාගන්න වේවි. ඒ හැරුනාම මෙයාලගෙ ඩබල් බීෆ් බර්ගර් එහෙමත් හොඳ රහට තියෙනව. වැඩේ කියන්නෙ ඔක්කොමත් හරි මෙතන සර්විස් එක තමයි පොඩ්ඩක්…

ඒකෙන් මේකෙන් වැඩක් නෑ, අපේ බර්ගර් ෆෑන්ස්ලගෙන් දෙයක් තියෙනව ඉල්ලන්න. ඔයාලා දන්න මේ වගේ පට්ට සයිස් බර්ගර්, අඩු ගාණට දෙන කඩ තව තියෙනව නම් පහළින් කමෙන්ට් කරන්න. මොකද අපේ යාළුවො යන්න කලින්, අපි කොහොම හරි ගොඩ වෙලා කාලා එන්න ඕන. එතකොට හෙන ගැම්මෙ කියෙව්ව හැකිනෙ, හී…!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide