මේ සති අන්තයෙ මොකද කරන්නෙ?.

1. Kadalla Exhibiton

කැදැල්ල ප්‍රදර්ශනය: ගෙවල් හදන්න හිතන් ඉන්න අයට, ගෙවල් හදාගෙන යන අයට වගේම ගෙවල් හදල ඉවර වෙලා ඉතිරි හැඩ වැඩ ටික දාන්න කල් බලන අයටත් ගොඩක්ම වටින ප්‍රදර්ශනයක්. ජුනි 03 සිකුරාදා ඒ කියන්නෙ අදින් පටන් ගන්න මේ ප්‍රදර්ශනය ජුනි 05 ඉරිදා වෙනකන්ම බෞද්ධාලෝක මාවතේ BMICH සම්මන්ත්‍රණ ශාලාවෙ පැවැත්වෙනව. එදාට අන්තර්ජාතික නව නිවාස සම්මුතීන්, නිවාස සැලසුම්කරණ, ඉදිකිරීම් කටයුතු වගේ ක්ෂේත්‍ර වල ප්‍රවීණයො ගොඩදෙනෙක් මෙතනට එක් රැස් වෙනව. ඉතින් මේ ප්‍රදර්ශනයට එන ඔයාලට එයාලව මුණගැහිල අතපසුවෙලා තිබුණු වැඩ ඉක්මනටම කර ගන්නෙ කොහොමද කියන එක ගැන හොඳ අදහස් ටිකක් ගන්නත් පුළුවන්වේවි.

2. SAARC Film Festival

චිත්‍රපට බලන්න අපි කවුරුත් ආසයිනෙ. අපූරු අවස්ථාවක් තියෙනව නොමිලේම ලස්සන චිත්‍රපට ටිකක් බලන්න. සාර්ක් සිනමා උලෙළ පටන් ගත්තෙ පහුගිය බදදා, ජුනි 01 බෞද්ධාලෝක මාවතේ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදි. ජුනි 05වෙනි ඉරිදා වෙනකන් පැවැත්වෙන මේ චිත්‍රපට උලෙළෙ ප්‍රදර්ශනය වුනු වගේම ප්‍රදර්ශනය වෙන්න තියෙන චිත්‍රපට ලැයිස්තුවත් පහලින් තියෙනව. ආසයි කියල හිතෙන චිත්‍රපටයක් තියෙනව නම් නිවිහැනහිල්ලෙ බලල එන්න.

3. Geek Up Live

වීඩියෝ කරන්න දන්නවද ?

නැද්ද ?

වීඩියෝ කරන්න ආසයිද ?

ඔව්ද ?

එහෙනම් එන්න ඉරිදා උදේ 10ට මාල‍ඹේ SAITM කැම්පස් එකට. අපේ රටෙන් බිහිවුනු සුපිරිම YouTube වාසීන් ගොඩ දෙනෙක් එදාට එක් රොක් වෙනව. වීඩියෝ කරන්නෙ කොහොමද, ඒව එඩිට් කරන්නෙ කොහොමද එතකොට එඩිට් කරපු වීඩියෝස් YouTube එකට දාන්නෙ කොහොමද, ඒ විතරක් නෙවෙයි ඒ වීඩියෝ වලින් සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලත් ඔයාලට එදාට දැනගන්න පුළුවන්. දන්නවද එදාට ලංකාවෙ ප්‍රසිද්ධම YouTubersලා Chanux Bro, Nawran, Sampath, Indika, Malinda, Gappiya කට්ටියත් එක්ක තව ගොඩ දෙනෙක් මුණ ගැහෙන්න ඔයාලට අවස්ථාව තියෙනව. මේ වැඩේට ඔයාලගෙන් සත පහක්වත් වියදම් වෙන්නෙ නෑ. හැබැයි සම්මන්ත්‍රණයට ඇතුල් වෙන්න නම් අඩුම තරමෙ සෙනසුරාදා දවස ඇතුලතවත් මේ ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන.

4. Colombo Food Festival

කොච්චර කෑවත් ලාවට හරි බඩගින්න කියන එක තියෙන අයට ඔන්න තියෙනව ඒ බඩගින්නත් නැති වෙනකන්ම කන්න කෑම පොළක්. මේක තියෙන්නෙ ජුනි 05 ඉරිදා උදේ 10 ඉඳන් රෑ 10 වෙනකම් විහාරමහාදේවී එළිමහන් රංග පීඨයෙ. රටේ නැති කෑම මෙතන ඇති. එහෙනම් කාලා එන්නකො.

5. Shades of Hope; Art Exhibition

හජාරා අසාද් අලි, ෂරි ජයවර්ධන, සඳලි පතිරණ, අනුෂ්ක ඩි සිල්වා එකතුවෙලා පවත්වන මේ චිත්‍ර ප්‍රදර්ශණය ජුනි 04 සහ ජුනි 05 දවස් දෙකේ උදේ 9 ඉඳන් හවස 7 වෙනකම් ලයනල් වෙන්ඩ්ට් කලාගාරයෙදි පැවැත්වෙනව. ‘බලාපොරොත්තුවේ සෙවණැලි’ තේමාව යටතේ සිතුවම් වුනු මනස්කාන්ත සිතුවම් 80කට වැඩි ප්‍රම‍ාණයක් මෙතනට යන ඔයාලට රසවිඳින්න පුළුවන්. ඒ අතරෙ හිත ගියපු සිතුවමක් ඔයාලා මිලදී ගත්තොත් ඒ සල්ලි ‘ලාදුරු රෝගීන්ගේ ජීවන තත්වය ඉහල නැංවීම හා පුනරුත්තාපනය සඳහා වූ සංවිධානයේ’ අරමුදලට තමයි බැර කෙරෙන්නෙ. ඇත්තෙන්ම හොඳ රස වින්දනයක් තුලින් පිංඅතේ වැඩක් කරගන්න මේක හොඳ අවස්ථාවක්.

6. Theravada & Sarvastivada Abhidharma Dialogue

ජුනි 04 වෙනිදා උදේ 8 ඉඳන් හවස 6 වෙනකම් හෝමාගම බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන්න නියමිත ‘ථෙරවාද සහ සර්වස්ථිවාද’ ධර්ම කතිකාවත, බුද්ධ ධර්මයේ පරතෙරට යන්න කැමති අයට නම් ලොකු උදව්වක් වේවි.  

7. Great Galle Beach Clean up

සොබාදහමට ආදරේ කරන ඔයාලට ලොකු සත්කාරයකට දායක වෙන්න අවස්ථාවක් උදාවෙලා තියෙනව. ජුනි 04 සෙනසුරාදා Greener Galle and Saving Sri Lanka Co-organisation, Good Market, Federation of Environmental Organisations, Moratuwa University Leos, Nature Group එකතු වෙලා ගාල්ල වෙරළ තීරය සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සංවිධානය කරල තියෙන්නෙ. උදේ 8 ඉඳන් 10.30 විතර වෙනකම් ගාලු කොටුව ප්‍රදීපාගාර වෙරළත් ඊට පස්සෙ ඒ අවට වෙරළ තීරයත් සුද්ද පවිත්‍ර කරන්න තමයි මෙයාල හිතාගෙන ඉන්න. සති අන්තයේ තමන්ගෙ නිදහස් වෙලාව මේ වගේ දෙයකට කැප කරන්න පුළුවන්නම් ඒක රටටත් හෙටටත් ගොඩක් ලොකු සේවයක් වේවි.   

8. Marians Unplugged

මේරියන්ස් අන්ප්ලග් කිව්වාම දශක ගාණක පරම්පරාවල් දන්නව. බටහිර ආභාෂය මුසු වෙච්ච සිංහල සංගීතය විනයගරුක විදියට ප්‍රේක්ෂකයින්ට ලබාදෙන අපූරු සංගීත සන්ධ්‍යාවක් තමයි. පැවැත්වෙන්නෙ රත්නපුර පුරහලේ. මේ ඉරිදා හවස 7ට තමයි පටන් ගන්නෙ. කෝකටත් කියල 6.30 වෙද්දිවත් යන්න.

9. Sigiriya Rally Cross

රේස් දාන්න නෙවෙයි, රේස් බලන්න කැමති අය ඉන්නව නම් ඔන්න යාළුවොත් එක්ක සෙට්වෙලා ජූනි 05 ඉරිදා උදෙන්ම යන්න සීගිරිය ගුවන් හමුදා රේස් පිටියට. ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි මෝටර්රථ ධාවන ක්‍රීඩා රියදුරන්ගේ සංගමයයි එකතු වෙලා 8වෙනි වතාවට පවත්වන කරන Sigiriya Rally Cross එක බලන්න. කාර් රේස් බලනව කියන්නෙ පොඩි පහේ ආතල් එකක්ද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

AMARI COLOMBO CELEBRATES ONYX HOSPITALITY GROUP’S 60TH ANNIVERSARY WITH A YEAR-LONG CAMPAIGN OF CURATED EXPERIENCES

Amari Colombo proudly marks the 60th Anniversary of ONYX Hospitality Group with the launch of

Highlights Trending

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

City of Dreams Presents Chef Suresh Pillai’s Exclusive Takeover at Indiya

The celebrated culinary visionary brings an immersive Kerala coastal tasting experience to Cinnamon Life at

Highlights Trending

The BLAC – Bagatelle

Written by Fathima Rukaiya, Tucked away in the heart of Colombo, BLAC Bagatelle is more

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide