කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි සැක නම් ඔබ කළ යුතු දේ.

ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා රෝගීන් සියයේ සීමාවට ආසන්න වෙමින් කියල ඔබ හැමෝම හොඳින් දන්නවා ඇති. දෑත් සේදීමේ ඉඳලා නිරෝධායනය වීම දක්වා සියලු ආරක්‍ෂිත පියවර ඔබ අනුගමනය කරමින් තිබුණත්, කොරෝනා වෛරසය මේ වෙද්දිත් ඔබේ ශරීරයට ඇතුළු වෙලා තියෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි, වෛරසය ශරීරගත වෙලා තිබුණු ඇතැමුන් නිරෝධායන කටයුතු පටන්ගන්නත් පෙර ඉඳන් ම අප අතර සමාජයේ සැරිසරමින් හිඳ තිබීම. අවාසනාවන්ත විදිහට, ඔවුන්ගෙන් සමහරු හිතාමතා නිරෝධායනය වීම මඟහැරිය බවට මෑතකදි අනාවරණය වුණා. තවත් සමහරු රෝගය ශරීරගත වී ඇති බව නොදැන සමාජගත වෙමින් සිටි බවට පුවත් පළ වුණා. රෝග ලක්ෂණ පහළ වෙන්නෙත් දින 14කට පසුව නිසා මේ නොදැනුවත්කම අප හැමෝටම අනතුරක්.

ඉතින් කාට කාට රෝගය වැළඳී ඇත්දැයි අපට අනුමාන කළ නොහැකි නිසා හැමෝම තම තමන් පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්. ඔබේ ශරීරයට වෛරසය ඇතුළු වෙලා කියල ඔබට සැකයක් තියනවා නම් අනුගමනය කළ යුතු පියවර ගැනයි අපි මේ ලිපියෙන් කියන්නේ.

කලබල වෙන්න එපා

මුලින් ම.. කලබල වීමෙන් වළකින්න. කලබල වුණොත් කිසිවක් විසඳගන්න බැරිව යනවා. COVID-19 ඉක්මනින් පැතිරෙනවා තමයි. හැබැයි නිසි වෙලාවට හඳුනාගත්තම, ප්‍රතිකාර ගත්තම බය වෙන්න දෙයක් නෑ.

වෙන් වෙන්න

ඉස්ඉස්සෙල්ලා ම ගත යුතු වැදගත් ම පියවර මේකයි. ඔබ අන් අයගෙන් වෙන් වෙන්න. නිවසේ ඔබට ම වෙන් වුණු කාමරයක් වෙන් කරගන්න. කිසිවෙක් සමග ඇසුරු කිරීමෙන් තොරව තනියම ඉන්න. හැම වෙලේ ම ෆේස් මාස්ක් එකක් පළඳින්න. ගෙදර අය සමග කතා කරන්න අවශ්‍ය විට පවා දුරකතනයෙන් කතා කරනවා නම් වඩාත් හොඳයි.

හැම විට ම පිරිසිදුව ඉන්න. තත්පර 20ක් පමණ සබන් යොදා දෑත් සේදීම හෝ ඇල්කොහොල් බේස් වුණු සැනිටයිසර් එකකින් දෑත් පිරිසිදු කිරීම අනිවාර්යයි. නොසේදූ දෑත්වලින් මුහුණ අතගෑමෙන් වළකින්න. 

රෝග ලක්ෂණ හඳුනගන්න

COVID-19 රෝගයේ නිශ්චිත රෝග ලක්ෂණ පහත පරිදියි.

  • උණ
  • වෙහෙස බව
  • වියළි කැස්ස

එහෙත් සමහර රෝගීන්ට ඇඟපත වේදනා, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අපහසුතා සහ පාචනය වැනි රෝග ලක්ෂණ ද හටගත හැකියි. මේවා මඳ වශයෙන් පටන්ගෙන ක්‍රමයෙන් වැඩි වනු ඇති.

පැය දෙකකට වරක් උණ බලා සටහන් කරගන්න. අනෙක් රෝග ලක්ෂණ ගැනත් අවධානයෙන් ඉන්න. COVID-19 සඳහා ම වෙන් වූ රජයේ දුරකතන මාර්ග වන 117 සහ 1999 පැය 24 ම ක්‍රියාත්මකයි. රෝග ලක්ෂණ ගැන ඔබට කිසියම් දෙයක් දැනගැනීමට අවශ්‍ය නම් මේ අංකවලට අමතා මහජන සෞඛ්‍ය නිලධාරීන්ගෙන් වැඩි විස්තර සහ උපදෙස් ලබාගන්න.

බෙදා ගන්න එපා

ඔබ විසින් පාවිච්චි කරන ලද කිසිවක් ඔබේ පවුලේ අයට අතපත ගාන්නට ඉඩ දෙන්න එපා. වෛරසය ඕනෑ ම දෙයක් මඟින් පැතිරිය හැකියි. ඔබේ කාමරයේ දොර අසල තබන ලද මේසයක් මත ඔබේ කෑම පිඟාන තබා යන්නැයි ඔවුන්ට කියන්න. එවිට ශාරීරික ස්පර්ශ වීම් හෝ ගැටීම් අවම කරගත හැකියි. පාවිච්චියෙන් පසු ඉවත දැමිය හැකි (උදා: කඩදාසි) පිඟන්, කෝප්ප සහ හැඳි ආදිය ඔබ වෙනුවෙන් භාවිත කරනවා නම් වඩාත් හොඳයි. පාවිච්චි කරන ලද ටිෂූ ආදියත් මේ විදිහට ම නිසි පරිදි බැහැර කළ යුතුයි.

තත්ත්වය සමනය වන තෙක් රෝගියාට ම වෙන් වූ නානකාමරයක් පාවිච්චි කළ හැකි නම් වඩාත් හොඳයි. ඒත් එවැන්නක් වෙන් කිරීමට අපහසු නම් සියලු දෙනා ම භාවිත කරන නානකාමරය රෝගියා සමගත් බෙදාගන්න සිදු වෙනවා. එහෙම අවස්ථාවලදී අන් අය නානකාමරය පාවිච්චි කළ යුත්තේ රෝගියා විසින් භාවිත කරන ලද සියලු දෑ මනාව පිරිසිදු කිරීමෙන් පසුවයි.

1990 අමතන්න

Photo credits: dailynews.lk

රෝග ලක්ෂණ දිගින් දිගට ම පවතිනවා නම් වහා ම 1990 අංකය අමතන්න. සුවසැරිය ගිලන් රථ සේවය හැකි ඉක්මනින් ඔබ වෙත ළඟා වෙනු ඇති. COVID-19 බවට සැක කෙරෙන රෝගීන් හැසිරවීම ගැන සහ ඔවුන් යා යුත්තේ කොහේද ආදී වශයෙන් ඔවුන්ට විශේෂ උපදෙස් සපයා තිබෙනවා. ඒ නිසා ඔබේ පවුලේ අයට හෝ ඔබේ වාහනයට රෝගියා නිරාවරණය කිරීමෙන් තොරව වගේ ම, යා යුත්තේ කොහෙටදැයි හිතමින් කාලය නාස්ති කිරීමෙන් තොරව රෝගියා රෝහල්ගත කිරීමට පහසුව සැලසෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide