ලෝක පරිසර දිනය වෙනුවෙන් සොබාදහමින් පණිවිඩයක්...

අපි ආශ්වාස කරන වාතය, කෑමට ගන්නා ආහාර, බීමට ගන්නා ජලය වගේ ම, පෘථිවිය අපට ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් කරන කාලගුණය.. මේ සියල්ල අයිති වන්නේ සොබාදහමට. උදාහරණයක් විදිහට, හැම වසරක ම අපේ වායුගෝලයේ ඔක්සිජන්වලින් හරි අඩකට වඩා නිපදවෙන්නේ මුහුදු ශාක විසින්. ඒ වගේ ම, වැඩුණු ගසක් කාබන් ඩයොක්සයිඩ් කිලෝ 22ක් පමණ උරා ගනිමින් ඒ වෙනුවට ඔක්සිජන් මුදා හරිමින්, අපේ වාතය පිරිසිදු කරනවා.

සොබාදහම කොයි තරම් අපිට ජීවත් වෙන්න අත්වැල් සැපයුවත්, අපි සොබාදහමට ඒ තරම් ආදරෙන් සලකන්නේ නැති බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඒක සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නෙ ඒ නිසයි. ඒ ගැන ලෝකයට ම මතක් කරලා දෙන ලෝක පරිසර දිනය අදයි.

ඉතිහාසය

ලෝක පරිසර දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ 1972 වසරේ එක්සත් ජාතීන්ගේ මහා සභාව විසින්. ඒ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති මානව පරිසර සමුළුවේ පළමු දිනයේ දී. ඒ අනුව ප්‍රථම වරට ජාත්‍යන්තර වශයෙන් පරිසර දිනයක් සැමරුණේ ඉන් දෙවසරකට පසුව 1974 දී. එදින එහි තේමාව වුණේ ‘Only One Earth’ යන්නයි.

එතැන් පටන් වසරක් පාසා පරිසර දිනය සැමරුවත්, එක වසරකට එක රටක් බැගින් කේන්ද්‍ර කර ගනිමින් ලෝක පරිසර දින වැඩසටහන නිල වශයෙන් පැවැත්වීම ආරම්භ වුණේ 1987 සිටයි. අප අවට පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා ගත යුතු පියවර පිළිබඳව ලෝ වටා ජනතාව දැනුවත් කිරීම හැම වසරක ම මේ දිනයේ දී සිදු වෙනවා. ඒ, විවිධ රටවල රජයන්, ව්‍යාපාර, ප්‍රකට පුද්ගලයන් සහ පුරවැසියන් ඒකරාශී කර ගනිමින්.

2020

මේ අවුරුද්දේ ලෝක පරිසර දිනය නිල වශයෙන් සැමරෙන්නේ කොලොම්බියාවේ දී. ජර්මනියත් ඒ හා අත්වැල් බැඳ ගන්නා බව සැලයි. කොරෝනා වසංගත පැතිරීම හේතුවෙන් වෙනදා මෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සමුළු සහ වැඩසටහන් පැවැත්විය නොහැකි නිසා, මෙවර ලෝක පරිසර දිනය වැඩි වශයෙන් සැමරෙනු ඇත්තේ සයිබර් අවකාශය ඔස්සේ.

මෙවර පරිසර දින තේමාව වන්නේ ‘ජෛව විවිධත්වය සමරමු’ යන්නයි. එය කාලීන වැදගත්කමකින් යුතු තේමාවක් බව එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවිය පවසනවා. ඒ, හේතු කීපයක් නිසා. පළමුවැන්න මෑතකදී බ්‍රසීලයේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඔස්ට්‍රේලියාවේ හට ගත් ලැව්ගිනි. දෙවැන්න නැගෙනහිර අප්‍රිකාවේ පැතිර ගිය පළගැටි බෝ වීමේ වසංගත තත්ත්වය. තුන්වැන්න මේ මොහොතේත් අපි ගෝලීය වශයෙන් මුහුණ දෙන කොරෝනා වසංගත තත්ත්වය.

මේ සියල්ලෙන් ම පැහැදිලි වෙන්නේ පැවැත්මේ දී මානවයා සහ පරිසරය අතර ඇති වන ගැටුම් සහගත ස්වභාවය. පෘථිවිය මත ජීවයට සහ මානව සංවර්ධනයට සහය දක්වන, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සහ ‘Time For Nature’ යන අදහස වටා, ඉහත කී තේමාව කේන්ද්‍ර ගත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම්ව සිටිනවා.

ජෛව විවිධත්වය

භූමිය මතුපිට සහ ජලය යට ඇති සමස්ත ජීවයට උපකාරී වන පදනම ජෛව විවිධත්වය යනුවෙන් හඳුන්වනවා. පිරිසිදු වාතය සහ ජලය, පෝෂ්‍යදායි ආහාර, විද්‍යාත්මක වටහා ගැනීම් සහ ඖෂධ මූලාශ්‍ර, ස්වාභාවික ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම් සහ කාලගුණික වෙනස් වීම් අවම කිරීම් යනාදිය අප වෙත සපයමින් එය මානව සෞඛ්‍යයේ සෑම අංශයකට ම බලපානවා. මෙකී ජාලයේ එක් අංගයක් හෝ වෙනස් කළහොත්, නැතහොත් ඉවත් කළහොත්, එය මුළුමහත් ජීවී පද්ධතියට ම බලපා, සෘණාත්මක ප්‍රතිවිපාක උද්ගත වීමට මඟ පාදනවා.

වන විනාශය, වනජීවීන් දඩයම් කිරීම, අධික කෘෂිකාර්මික කටයුතු, අධිවේගී කාලගුණික වෙනස් වීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ස්වභාව ධර්මය තම සීමාවන් කරා ළඟා වෙමින් ඉන්නවා. හැම වසරක ම අපි පෘථිවියෙන් ඉටු වෙතැයි බලාපොරොත්තු වෙන ඉල්ලීම් ප්‍රමාණය, පෘථිවියට ඉටු කළ හැකි ප්‍රමාණය මෙන් 1.6 ගුණයක්! අපි මේක දිගින් දිගට ම සිදු කළොත් සිදු වන ජෛව විවිධත්ව පරිහානිය විසින්, ආහාර හා සෞඛ්‍ය පද්ධති බිඳ වැටීම වැනි මිනිස් වර්ගයා කෙරෙහි දරුණු ලෙස බලපාන ප්‍රතිවිපාක ඇති කිරීමට ඉඩ තියනවා.

මේ එළඹිලා තියන කොරෝනා වසංගත තත්ත්වය විසින් අපට පැහැදිලි කරලා දුන්නු එක් දෙයක් තමයි, ජෛව විවිධත්වය විනාශ කළහොත් අපි මිනිස් ජීවිතයට පදනම් වුණු මුළු පද්ධතිය ම විනාශ කරනවා කියන එක. අද වන විට ඇස්තමේන්තු කර ඇති ආකාරයට සෑම වසරක ම ගෝලීය වශයෙන් කොරෝනා වෛරසයෙන් බිලියනයක් පමණ දෙනා රෝගී වීමටත්, මිලියනයක් පමණ මිය යෑමටත් ලක් වෙනවා. ඒ වගේ ම අලුතින් මිනිසුන්ට වැළඳෙන බෝ වන රෝගවලින් 75%ක් ම සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන ඒවා බව සොයාගෙන තියනවා.

ඉතින්, මෙය ස්වභාව ධර්මය විසින් අපිට එවපු පණිවිඩයක් නෙවෙයි ද?

Time For Nature!

සොබාදහම සමග අපට ඇති සබඳතා ගැන නැවත සිතා බැලීමට සහ පරිසර හිතකාමී වගකීම් සහගත ලෝකයක් නැවත ගොඩ නැඟීමට අපට අවස්ථාවක් ලබා දීමට කොරෝනා වෛරසය සමත් වුණා. සතුන්ගෙන් මිනිසුන්ට බෝ වන රෝග වැඩි වැඩියෙන් උද්ගත වෙනවා කියන්නෙ ම මිනිස් ක්‍රියාකාරකම්වල කුමක් හෝ වරදක් තියනව කියන එක.

ගෝලීය ජනගහනය බිලියන 10ක් බවට පත් වෙමින් ඇති මේ වෙලාවේ, ජීවීන්ගේ පැවැත්ම සිදු වන්නේ ජාලයක් වශයෙන් බව අප නැවත සිහියට නඟා ගැනීම අත්‍යවශ්‍යයි. එම ජාලය ක්‍රියාත්මක වන්නේ එක් සම්පූර්ණ පද්ධතියක් වශයෙන්. එනිසා මිනිසා සොබාදහමට වඩා ඉහළින් සිටින්නේ යැයි සිතා කටයුතු කිරීමෙන් වැළකී, අපිත් මේ පද්ධතියේ ම එක් කොටසක් පමණක් බව කල්පනාවට ගැනීම වැදගත් බව, මෙවර පරිසර දිනය අපට මතක් කරනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

A Review of The Commons Coffee House’s New Offerings

The Commons Coffee House, located on Flower Road in Colombo 7, has been around for

Highlights Kamu

Trending.

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Radisson Hotels in Sri Lanka Earn Safehotels Premium Certification

Radisson Blu Resort Galle, Radisson Hotel Colombo, and Radisson Hotel Kandy have proudly earned the

Trending

Yamu Guide.

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

9 Unique Wedding Venues in Sri Lanka

Say “Yes” differently - beyond the ballroom.  It’s 2025 and nowadays potential brides and grooms

Highlights Yamu Guide

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide