හැමදාම ලංකාවෙ කෑම කාලා කාලා එපා වෙච්ච ඔයාට..
මෙන්න අපෙන්,
දිග නිවාඩුවකට පස්සෙ හොයල බලල රස බලන්න
ලෝකයේ සුප්‍රසිද්ධම කෑම ජාති ටිකක්.
බ්‍රසීලයේ ඇමසන් වනාන්තර ආශ්‍රිතව හැදෙන රසම රස පළතුරක් තමයි අකායි කියන්නෙ. මේ අකායි බෝල් එක හදන්නෙත් ඒ පළතුරු පොඩි කරල, ෆ්‍රීස් වෙන්න තියල ස්මූති එකක් වගේ. හැබැයි.. ඒක මේසෙට එවද්දී.. රස පදම දෙගුණ තෙගුණ වෙන්න ග්‍රැනෝලා සහ කෙසෙල් වලින් හදපු ටොපින් එකක් උඩින් දාලා ඒකට තව පළතුරු වර්ග, ගුරානා සිරප් එහෙමත් එකතු කරල.. පංකාදුවටම රස පදම ගලපනව.
මේක ලංකාවෙ රස බලනව නම් ඔයාට, මිරිස්සෙ ‘Squeeze Me’ රෙස්ටුරන්ට් එකට ගියා නම් හරියටම හරි..
මැලේසියාවේ ජාතික ආහාරය. හරියටම කිව්වොත් මේක මැලේසියන් රයිස් ඇන්ඩ් කරි එක. ඒකෙ තියෙන්නෙ මැලේසියන් බත් වර්ගයකුයි, තම්බපු බිත්තරයකුයි, හාල්මැස්සො එකතු කරපු විශේෂ සම්බෝලයකුයි මස් වර්ගයකුයි. ඒ මස් වර්ගය ඕන විදියකින් ගන්න පුලුවන් රටේ හැටියට. ගොඩක් දුරට.. රෝස්ට් චිකන්, සීෆුඩ් කරි වගේ ඒවා තමයි නැගල යන්නෙ.
ම්.. ලංකාවෙන් නාසි ලෙමාක් එකක් රස බලන්න.. ‘Nasi Lemak Corner’ එක තමයි හැබැයි අපිත් දන්න එකම තැන.
රස වෑහෙන මැදපෙරදික කෑමක්. සවානක් විදියට තමයි ගොඩක් දුරට මේසෙට එන්නෙ. ඒත් ඒකෙ තියෙන දේවල් දැක්කාම නම්.. සනික අත යනව වැඩේ පටන් ගන්න. හිතන්නකො යාළු මැදපෙරදිගටම ආවේණික වෙච්ච කුළුබඩු, මිරිස් අඩුම කුඩුම දාලා, ස්ටොක් එකක බත තම්බල, ලොකු රෝස්ට් චිකන් හරි රෝස්ට් ලැම්බ් හරි පලුවක් තියල, බටු මෝජුයි මල් ගෝවයි ව්‍යංජනයට හදල.. ෂැහ් බටර් ටිකක් වගේ එක්ක රස බලන්න ඕන. නැත්නම් ජෑම් එහෙමත් නරකම නෑ ආ..
ලංකාවෙ ඉතින් ටොප් මක්ලුබා එකක් රස බලනව නම් ‘Persian Cove’ එක තමයි.
ඉන්දියාව ආශ්‍රිතව රස ගැන්වුනු මේ චිකන් කරියට ගොඩක්ම ආස එංගලන්තෙ සුද්දො කියල තමයි ආරංචිය. කොහොම වුනත් මොකද, අපිටත් මේක නොම්මර එකටම සෙට්වෙනවනෙ. හොඳ හැටි මසාලා අඩුම කුඩුමවල පදම් කරපු චිකන් පොඩි පොඩි කෑලි තොගයක් බැටර්ඩ් කරියක උයල තමයි ටික්කා මසාලා හැදෙන්නෙ. ඒ වගේම තමයි මේකෙ රස ටොප් එකටම ගැලපෙන්නෙත් ගාලික් නාන් වගේ රොටි මොනවහරි එක්ක.
ම්.. ඉතින් ලංකාවෙන් මේවා රස බලනව නම් ඔයාලට පුලුවන් Mango Tree, Chola, Moti Mahal වගේ රෙස්ටුරන්ට් එකකට යන්න.
වෙජි යාළුවන්ට කියාපු කෑමක්. මොකද පාව් බාජි කියන්නෙ පාන්, රොටි වගේ දෙයක් එක්ක මේසෙට එන නොම්මර එකේ එළවළු ව්‍යංජනයක්. හරියටම කිව්වොත් ලංකාවෙ හත් මාලුව වගේ ඉන්දියාවෙ, මසාලා තුනපහ, මිරිස් අඩුම කුඩුම, ඇඹුල් සියල්ලම පදමටම දාලා ටිකක් හිඳෙන්න ඇරල හදන හොද්දක්. මේවා නම් ලංකාවෙ ගොඩක් හොයා ගන්න තියෙනව. ඒත් රසටම රස බලන්න යන්න Indian Chaat Corner, Chaat Kade, Shanmugas වගේ රෙස්ටුරන්ට් වලින් එකකට.
Monsoon Colombo හෝටලයෙන් විතරක්ම වගේ රස බලන්න පුලුවන් මේ විශේෂ රයිස් එක ඇත්තටම ටිකක් ගණන්. මොකද ඒක චීනෙට ආවේණික අඩුම කුඩුම වලින්මයි හදන්න තියෙන්නෙ. ලොකු දෙයක් නැතත් මේ රයිස් එකේ.. ඒකට එන චිකන් එක, වෙන්චැන්ග් කියල කියන්නෙ වෙනමම පදම් කරල තම්බන චිකන් එකක්. රස පංකාදුයි ඉතින්..
16 places for your next coffee date.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
A list of 15 places for your next day outing.
Where, how, and why to find love in the paradise island.
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Delete Comment